SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Jul 11, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

නීති පිළිසරණ: Visa application එක reject වුණා ද? ඒ තීරණය ආපහු සලකා බලන්න කියන ART review application එකක් දාන්නෙ මෙන්න මෙහෙමයි 29.03.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන පරිපාලන තීන්දු සමාලෝචන විනිශ්චය සභාව නැතහොත් Administrative Review Tribunal (ART) හා සම්බන්ධ ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡාවේ දෙවන වැඩසටහනයි.

Super-K ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදයට ඕස්ට්‍රේලියාවේ අපි ගන්න Flu vaccine එකෙන් බලපෑමක් තියෙනවද, විස්තරේ මෙන්න 29.03.2026

ඕස්ට්‍රේලියාවේ 2026 ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගැනීමේ වැදගත්කම සහ හඳුනාගත් "Super-K" ඉන්ෆ්ලුවෙන්සා වෛරස ප්‍රභේදය ගැන තොරතුරු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 23 - මාර්තු 27 27.03.2026

මාර්තු 23වන දා සිට 27වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

'රණවිරුවා' යෙදුම ලේඛන කලාවට හඳුන්වා දුන් ඇගයීම් නොලද ජන හදවතේ පත්තරකාරයා - චන්ද්‍රසිරි දොඩන්ගොඩ 27.03.2026

කෘතහස්ත පුවත්පත් කලාවේදියෙක්, නවකතා හා කෙටිකතාකරුවෙක් සහ කවියෙක් ලෙස දශක ගණනාවක් ජන හදවත් දිනූ චන්ද්‍රසිරි දොඩන්ගොඩ සූරීන් දැයෙන් සමුගෙන මාර්තු 27 වෙනිදා ට වසර 8 ක් පිරීම නිමිත්තෙන් SBS සිංහල සේවය ඔහු පිළිබඳ ගෙනෙන ගුණානුස්මරණ ප්‍රත්‍යාවලෝකනයයි.

තරුෂි එක්ක තරු කතා: අද හැදෙන ගීත නිකං ක්ෂණික නූඩ්ල්ස් වගේ - දීපිකා ප්‍රියදර්ශනී 27.03.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.

ක්‍රීඩා විග්‍රහය: මැරෙන්න කලින් ඉටුවූ සනත්ගේ බලාපොරොත්තුව - අන්තර් පාසල් රග්බි අවසන් වටයේ තරග හෙට සිට - කිංග්ස්වුඩ් හා ත්‍රිත්ව ලැබූ මහා ක්‍රිකට් ජය 27.03.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: සහල් හිඟයක් නෑ, කීරි සම්බා වල විතරයි පුංචි කේස් එකක් තියෙන්නෙ - නි.ඇමති නාමල් / රුසියාවෙන් රාජ්‍යතාන්ත්‍රික ලෙස ඉන්ධන ලබා ගැනීමට අවධානය - ඇමති නලින්ද 27.03.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව පුරා ඉන්ධන සැපයුම් ස්ථාන 470 ක අවම වශයෙන් එක් ඉන්ධන වර්ගයක හිඟයක් - සලාක ක්‍රමය හෝ ඉන්දියාවෙන් රුසියානු ඉන්ධන මිලදී ගන්නැයි විපක්ෂයෙන් ආණ්ඩුවට බලපෑම් 27.03.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 27 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: වගා කටයුතු සඳහා යූරියා වැනි පොහොර හිඟ වීමෙන් ඔස්ට්‍රේලියාවේ අහාර නිෂ්පාදනයත් අවදානම් තත්වයක 26.03.2026

මැද පෙරදිග පවතින යුධමය වාතාවරණය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම යන කාරනා හේතුවෙන් සමස්ථ ලෝකයටම බලාන බලශක්ති හිඟයක් ඇතිවෙමින් පවතිනවා. මෙය දශක ගණනාවකින් ඇතිවන බරපතල බලශක්ති හිඟයක් බව විශේෂඥයින් පවසනවා. නමුත් මේ හරහා ඉන්ධන හිඟයකට එහා ගිය බලපෑම් ලෝකයටම දැනෙන්නට පටන් ගෙන තිබෙනවා. වගාකටයුතු වලදී භාවිතා කරන පොහොර ප්‍රවාහනයටත් බාධා එල්ල වී තිබෙනවා. මේ නිසා කෘෂිකර්මාන්තයටත් දැඩි බාධා එල්ල වී ආහාර හිඟයක...

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තාක්ෂණික හුවමාරුව හා කේෂ්ත්‍ර අතර සබඳතා දියුණු කිරීම මගේ අරමුණයි - බටහිර ඔස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා ගරු කොන්සල් චිරන්ත වීරවර්ධන 26.03.2026

බටහිර ඔස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා ගරු කොන්සල් ලෙස ඉංජිනේරු චිරන්ත වීරවර්ධන මහතා පත් වීම් ලැබුවා. මේ SBS සිංහල සේවය ඔහු සමඟ පැවති කෙටි කතාබහ ඇසුරෙන් ‍සැකසූ විශේෂාංගයක්.

අපේ වහරේ කතා අහුරක්: තණකොළ කපන්න කිතුලට ගිය ගුඩ්ඩා පොල් කට්ටක් අරන් ගියේ ඇයි කියලා දන්නවා ද? 26.03.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ කිතුල් ගහට නැගලා ඉද්දි අයිතිකාරයාගේ අතටම අහු වුණු ගුඩ්ඩා ගැනයි.

ලොව වටා: ට්‍රම්ප් ගේ සාම සැලැස්මෙන් ලෝක තෙල් මිල පහතට / ළමුන් අනතුරේ දැම්මා යැයි Meta වලට චෝදනා 26.03.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඔක්තෝබර් සිට වික්ටෝරියානු නිවැසියන්ට පැය 3ක් විදුලිය නොමිලයේ 26.03.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 26වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Think before you pack: Australia’s customs and biosecurity rules explained - ඕස්ට්‍රේලියාවට ගෙන එන ගමන් බෑගයේ පෙර සූදානම: රේගු සහ ජෛව ආරක්ෂණ රීති පිළිබඳ දැනුවත් වෙමු 25.03.2026

Customs is generally the first point of contact for people entering Australia. Our Border Force Officers are there waiting. They ensure that we don’t bring in prohibited goods that could threaten Australia’s unique environment, economy and communities. Before you zip up your suitcase, here’s what you need to know about what can—and can’t—cross the border, and what’s at stake if biosecurity rules a...

ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අගයන AAUT ජාතික උළෙලේ සම්මාන ලද ආචාර්ය චමිත් විජේනායක 25.03.2026

ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉගැන්වීම වෙනුවෙන් ජාතික මට්ටමෙන් ඇගයීම් සහ සම්මාන පිරිනැමීම් සිදු වෙනවා. එවැනි සම්මානයක් ලෙහෙසියෙන් විශ්වවිද්‍යාලයක ඉගැන්වීමේ කර්තව්‍යයේ නිරත වන්නෙකුට හිමි වෙන්නෙ නැහැ. ඉගැන්වීම් රටා තුළින් විද්‍යාර්ථීන් තුළ වෙනසක් ඇති කළ, තමන්ට වඩා පියවර කිහිපයක් ඔවුන්ව ඉහළින් ඔසවා තැබූ ආචාර්යවරුන්ටයි එවැනි ගෞරවයක් හිමි වන්නේ. ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල පද්ධතිය තුළ එවන්...

උසස් අධ්‍යාපනයට ඔස්ට්‍රේලියාවට එන්න අවස්තාව ලැබෙන 'Australia Awards' ශිෂ්‍යත්වය ගැන තොරතුරු මෙන්න 25.03.2026

ඔබ විදෙස් රටක උසස් අධ්‍යාපනය ලබන්න සිහින දකින කෙනෙක්ද ? එසේනම් Australia Awards කියන මේ ශිෂ්‍යත්ව ඔබට ඉතා වටිනා අවස්තාවක් වෙන්න පුළුවන්. ඔස්ට්‍රේලියානු රජයෙන් 2027 වසර සඳහා පිරිනමන මේ ශිෂ්‍යත්ව ශ්‍රී ලාංකික වෘත්තිකයන් සඳහාද මේ වනවිට විවෘත කර තිබෙනවා. මෙය පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රධානයක් ලෙස තමයි ක්‍රියාත්මක වන්නේ. ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන කටයුතු සඳහා දායකත්වයක් ලබා දිය හැකි වෘත්තිකයන් නිර්මාණය කිරීමට...

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් 24.03.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 25වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

නීති පිළිසරණ: මොකක්ද පරිපාලන තීන්දු සමාලෝචන විනිශ්චය සභාව Administrative Review Tribunal (ART) කියලා කියන්නෙ? 24.03.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන පරිපාලන තීන්දු සමාලෝචන විනිශ්චය සභාව නැතහොත් Administrative Review Tribunal (ART) හා සම්බන්ධ ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡාවේ පළමු වැඩසටහනයි.

SBS සිංහල පුවත්: වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවල රජයේ පාසල් ගුරුවරු අද වැඩ වර්ජනයක 24.03.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 24වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ස්වදේශික සහ බහු සංස්කෘතික ප්‍රජාවේ එකමුතුවට ලොකු සේවයක් කල Auntie Rhoda ජීවිත සැරියට සමු දෙයි 23.03.2026

SBS මාධ්‍ය ආයතනයේ සේවය කල ස්වදේශික වැඩිහිටියෙකු වූ Auntie Rhoda Roberts පසුගියදා තම ජීවන දිවියට සමු දුන්නා. Widjabul Wia-bal කාන්තාවක් වන Auntie Rhoda මියයන විට 66 වැනි වියේ පසු වුණා. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ළමුන් සමාජ මාධ්‍ය භාවිතාවෙන් මුදවාගන්න ඔස්ට්‍රේලියාව ගෙන ආ නීති තවත් රටවල් ක්‍රියාත්මක කරන්න සැරසෙයි 23.03.2026

2025 දෙසැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාව බාල වයස්කාර ළමුන්ගේ සමාජමාධ්‍ය භාවිතාව අවම කිරීමේ අරමුණින් ඒ සඳහා තහනමක් පනවන්න කටයුතු කළා. මේ ආකාරයට තහනමක් පනවපු ලොව පලවෙනි රට විදියට ඔස්ට්‍රේලියාව සැලකෙනවා. කොහොම උනත් මේ වනවිට ලොව අනෙකුත් රටවල් මේ ආකාරයේ තහනම් කිරීම් හඳුන්වා දෙන්න සූදානම් වෙනවා. ස්පාඤ්ඤය, ඩෙන් මාර්කය වගේම ඉන්දුනීසියාවත් මේ වගේ තහනමක් හඳුන්වා දෙන්න කටයුතු කරමින් සිටිනවා. මේ ගැන වැඩිදුර තොරතු...

සුව මනස: ශ්‍රී ලාංකීය ප්‍රජාව තුල ඇති ඇතැම් වැරදි මත හා පිළිගැනීම් නිසාත් මානසික සෞඛ්‍ය බිඳ වැටෙන්න පුළුවන් 23.03.2026

යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන අපේ ජන ප්‍රජාව තුල පවතින ඇතැම් වැරදි මත හා පිළිගැනීම් නිසා මානසික සෞඛ්‍ය අයහපත් විය හැකි ආකාරය පිළිබඳවයි.

මව්බිමෙන් පුවත්: සම්පූර්ණ ඉන්ධන මිල ඉහළයාම ජනතාව මත පැටෙව්වේ නෑ, ඇමති නලින්ද කියයි/ පම්පෝරි නැතුව දැන් ඉඳලම පැයක් දෙකක් විදුලිය කපන්න, විපක්ෂයෙන් ඉල්ලීමක් 23.03.2026

ගෙවුණු සති අන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවට තෙල් ගෙන එන ඉන්ධන ටැංකි 6ක පැමිණීම නවතියි 23.03.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 23වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවට පැමිණීම නවතන නීතියට විශේෂඥ විවේචන, ස්වදේශ කටයුතු ඇමතිගෙන් පැහැදිලි කිරීමක් 22.03.2026

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීති කාලානුරූපීව වෙනස් වෙනවා. ඕස්ට්‍රේලියාවට පැමිණෙන තාවකාලික විසා බලපත්‍රයක් ඇති ප්‍රජාවට අදාළව ෆෙඩරල් රජය විසින් හඳුන්වා දුන් නීතිය මෑතක වූ එවැනි වෙනස්කමක්. මේ මගින් සමහර රටවලට සහ වීසා කාණ්ඩවලට අයත් ප්‍රජාවට තාවකාලික තහනමක් බල පැවැත්වෙනවා. අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ විශේෂඥයන් මේ ක්‍රියාව දැඩි විවේචනයකට ලක් කරනවා. ඔවුන්ගේ මතවාද සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා...

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.