SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Jul 11, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

SBS සිංහල පුවත්: ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වේ. 13.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 13 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

AI වලින් වෛද්‍යවරුන්ට රෝගී සත්කාර තවත් වැඩිදියුණු කරන්න උරදෙන ඕස්ට්‍රේලියාවේ ලාංකික වෛද්‍යවරයා - චමීර රණතුංග 12.04.2026

ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන්ට සහාය වීම සහ රෝගී සත්කාර ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ AI යොදාගනිමින් නිර්මාණය කල ClinicTech ගැන සහ එය සොයාගැනීම ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

කාලීන විග්‍රහය: Super K ඉන්ෆ්ලුවන්සා වයිරසෙන් බේරෙන්න, දැන්ම එන්නත අරගන්න විශේෂඥයින් අනතුරු අඟවයි 12.04.2026

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ ඉන්ෆ්ලුවෙන්සා මරණ සංඛ්‍යාව වාර්තාගත් ලෙස ඉහළ ගිය අතර, එම තත්වය නැවත ඇතිවීම වැළැක්වීම සඳහා සෑම කෙනෙකුටම ඉන්ෆුලුවන්සා එන්නතක් ලබා ගන්නා ලෙස බෝවන රෝග විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු SBS සිංහල සේවයේ අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

ශ්‍රී ලාංකීය ආහාර පාන, අවුරුදු ක්‍රීඩා, සංගීත ප්‍රසංගයක් මෙන්ම මල්වෙඩි සංදර්ශනයකින්ද සමන්විතව 30 වෙනි වරට සංවිධානය වන මෙල්බර්න් බක්මහ උළෙලට සියල්ල සූදානම් 11.04.2026

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන සිංහල දෙමල අවුරුදු උත්සව අතරින් ජර්මාණු කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමයේ ඔස්ට්‍රේලියානු ශාඛාව විසින් සංවිධානය කෙරෙන මෙල්බර්න් බක්මහ උළෙලේට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා.දසදහසකට අධික පිරිසක් පසුගිය වසරවල මේ බක්මහ උළෙලට සහභාගී වූ බව සංවිධායකයින් පවසනවා. මෙවරත් එවැනිම ජනකායක් ඔවුන් අපේක්ෂා කරනවා. 30 වෙනි වරට පැවැත්වෙන මෙවර බක්මහ උළෙල ගැන සහ මේ වනවිට එහි සූදානම පිළිබඳව SB...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 06 - අප්‍රේල් 10 10.04.2026

අප්‍රේල් 6 වෙනිදා සිට අප්‍රේල් 10 වෙනිදා දක්වා ගෙවුණු සතියේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

ඇමෙරිකාවට කළින් චීනේ හඳ අල්ලා ගනියි ද? Artemis II චන්ද්‍ර ගවේශන මෙහෙයුම ගැන තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග කියන දේ 10.04.2026

NASA ආයතනය ඇතුළු ලෝ ප්‍රකට අභ්‍යවකාශ හා තාරකා විද්‍යා අධ්‍යයන ආයතන හා විශ්වවිද්‍යාල රැසක සේවය කර ඇති ප්‍රකට තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග මහතා Artemis II චන්ද්‍ර ගවේශන මෙහෙයුම සහ සිය තාරකා විද්‍යා හා අභ්‍යවකාශ නිරීක්ෂණ වෘත්තීය අත්දැකීම් ගැන SBS සිංහල සේවය සමග කල කතාබහ.

තරුෂි එක්ක තරු කතා: මේ රජුන් පරදින වසරයි - කිවිපති කල්‍යාණී හේරත් මැණිකේ / නෑසී යන විරල රබන් පද, ජන ගී රැක ගන්න - විශාරද චන්ද්‍රා රණතුංග 10.04.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.

ක්‍රීඩා විග්‍රහය: ඉතිහාසයේ පළමු වතාවට යාපනයට පාපන්දු ජාතික ශූරතාව / ශ්‍රී ලංකා හොකී පිල ආසියානු ක්‍රීඩා උ‌ළෙලට / ඔස්ට්‍රේලියානු තණතීරු වල අභියෝගයට සූදානම් 16 හැවිරිදි ශ්‍රී ලංකා යොවුන් පිලේ නායිකා චමුදි ප්‍රමෝදා 10.04.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට / කොටුව දුම්රිය ස්ථානය නවීකරණ වැඩපිළිවෙළ ඇරඹේ 10.04.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම ලබන ජුනි මාසය තෙක් තහවුරු බවට රජයෙන් සහතිකයක් 10.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: සෞඛ්‍ය පද්ධතියත් අන්තර්ජාලයත් අතර දෝලනය වන හෙට දවස, අනුමත නොකළ පෙප්ටයිඩ පිළිබඳ කතාව 09.04.2026

අනුමත නොකළ පෙප්ටයිඩ භාවිතය ප්‍රචලිත වී තිබුණේ සීමිත දෙනෙක් අතරේ පමණයි. නමුත් මේ වන විට ආයු කාලය වැඩි කරගැනීමටත් ඒවා භාවිත කරන පරිසරයක් අද නිර්මාණය වෙලා. අන්තර්ජාලයේ දී හමුවන ඉන්ෆ්ලුවන්සර් ප්‍රජාව වෙත බොහෝ දෙනා සවන් දෙනවා. අන්තර්ජාලයේ තිබෙන ෆෝරමවල ලියවෙන දේ ගැන අවධානය යොමු කරනවා. සාමාන්‍ය වෛද්‍ය සත්කාර නොතකා අනුමත නොකළ දේවලට ජනතාව යොමු වෙන්නේ ඇයි? අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

Adelaide අවුරුදු උදානය 2026 ට සියල්ල සූදානම් - කුමුදිණි සිල්වා 09.04.2026

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් නුවර ශ්‍රී ලංකා බෞද්ධ විහාරය සහ සිංහල බෞද්ධ පාසල සංවිධාන කරන අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 12 වෙනි ඉරිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා වාර්තාකාරිය කුමුදිණි සිල්වා ගෙනෙන සටහනක්.

2026 සිංහල අලුත් අවුරුදු ඔස්ට්‍රේලියා නැකත් සීට්ටුව 09.04.2026

2026 වසරේ ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම හා භූමි ප්‍රදේශයකටම අනුව සැකසූ සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව. මෙම නැකත් සීට්ටුව මෙල්බර්න් හි ආයුර්වේද වෛද්‍ය සහ ජ්‍යොතිෂ විශාරද ස්ටැන්ලි ධර්මකුමාර සහ ජ්‍යොතිෂ විශාරද ධනංජය ඈපා යන මහත්වරුන් විසින් සම්පාදිතයි.

SBS සිංහල පුවත්: ඇමරිකා ඉරාන සටන් විරාමයක් තිබුනත් ඕස්ට්‍රේලියාවේ ඉන්ධන මිළ මාස ගණනකටවත් අඩු නොවන ලකුණු 08.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 9වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

How to buy Indigenous art and craft ethically in Australia - ව්‍යාජ නිර්මාණ වලට හසු නොවී ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාවගේ සැබෑ කලා නිර්මාණ මිලදී ගන්නේ කොහොමද? 08.04.2026

Buying Aboriginal and Torres Strait Islander art can be meaningful, but how do you know if it's real and ethical? Fake art is still a problem in Australia, and protections are still developing. This guide helps you understand what to look for, what questions to ask, and where to buy safely. By choosing carefully, you can support First Nations artists and their communities. - ඔස්ට්‍රේලියාවේ මුල්පුර...

ලංකාවේ අවුරුදු නැකත් සීට්ටුවේ අවුල ඔස්ට්‍රේලියාවේ නැකත් සීට්ටුවට බලපානවා ද? 08.04.2026

සිංහල අලුත් අවුරුද්දේ දී ප්‍රමුඛත්වයක් ගන්නා සම්ප්‍රදාය වන්නේ නැකත් චාරිත්‍රයයි. මේ පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි ජ්‍යොතිෂඥයෙකු සහ ආයුර්වේද වෛද්‍යාචාර්යවරයෙක් වන ස්ටැන්ලි ධර්ම කුමාර මහතා සමඟ SBS සිංහල සේවය සිදු කල මේ කතාබහට සවන් දෙන්න.

SBS සිංහල පුවත්: හිටපු ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා සාමාජිකයෙකු යුද අපරාධ චෝදනා මත අත්අඩංගුවට 08.04.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 8වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

නීති පිළිසරණ: ART review application එකේ තමන්ට සිදු වුණු අසාධාරණ ගැන හෝ දුක්ගැනවිලි කියන්න පුළුවන් ද? 07.04.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන පරිපාලන තීන්දු සමාලෝචන විනිශ්චය සභාව නැතහොත් Administrative Review Tribunal (ART) හා සම්බන්ධ ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡාවේ තුන් වන සහ අවසාන වැඩසටහනයි.

මට කවදාවත් මම තනි වෙලා කියලා දැනිලා නැහැ, Mardi Gras Fair Day පිළිබඳ මතක අතර අනාගත අපේක්ෂාවක් 07.04.2026

Mardi Gras Fair Day, ඕස්ට්‍රේලියාවේ Mardi Gras සැමරුම් සමයේ ආරම්භයේ සිදු වන මේ සුවිශේෂ අවස්ථාවට දස දහස් ගණනක් ජනතාව සිඩ්නි වික්ටෝරියා උද්‍යානයට එකතු වෙනවා. සංගීතය, විවිධ නැටුම්-ගැයුම්, කෑමබීම වගේ ම, ඒ සියල්ලට වඩා සතුටකින් මේ දවස පිරිලා. මෙවරත් Fair Day සාර්ථකව පැවැත්වුණා. දහස් ගණනක් දෙනා අතරේ ශ්‍රී ලාංකික මිතුරියක් SBS සිංහල සේවය සමඟ අදහස් බෙදාගත්තා. Sydney Gay and Lesbian Mardi Gras උත්සව සමය අවස...

සිඩ්නි නුවර Sunfest 2026 අලුත් අවුරුදු සැණකෙළියට සියල්ල සූදානම් - තනූජා ජයසිංහ 07.04.2026

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර සංවිධාන වන Sydney Sunfest 2026 සිංහල අලුත් අවුරුදු උත්සවය පිළිබඳ SBS සිංහල සේවයට අදහස් දක්වන්නට එක් වුණේ නිව් සවුත් වේල්ස් ශ්‍රී ලංකා සංස්කෘතික හමුවේ වත්මන් සභාපතිනිය වන තනූජා ජයසිංහ

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමය අතර ඩොලර් බිලියන 10 ක වෙළඳ සහ ආරක්ෂක ගිවිසුමක් 07.04.2026

ඕස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමය ඩොලර් බිලියන 10 ක වෙළඳ සහ ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා තිබේ. තීරුබදු ඉවත් කිරීම සහ සයිබර් මෙන්ම සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා මෙම ගිවිසුමට ඔවුන් එළඹ ඇති බව සඳහන් වේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න

SBS සිංහල පුවත්: 'E-Bikes' අළෙවිය ඔස්ට්‍රේලියාව තුල සීග්‍රයෙන් ඉහල යයි 07.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 7වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: HIV වෛරසය සඳහා වන නව ඖෂධයක් සිම්බාබ්වේ රාජ්‍යය පුරා බෙදා හරී 06.04.2026

HIV වෛරසය සඳහා වන නව ඖෂධයක් සිම්බාබ්වේ රාජ්‍යයට හඳුන්වා දී තිබෙනවා. HIV වෛරසය හේතුවෙන් දශක දෙකක් පුරා එම ජනතාව දැඩි පීඩාවට පත් වුණා. කෙසේ වුවත් අන්තර්ජාතික සහනාධාර කප්පාදුවක් සිදුවී ඇති නිසා මෙම ඖෂධය අත්හදා බැලීම නිසියාකාරව සිදුනොවනු ඇති බවටද මත පල වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

වැඩි පොලී අනුපාත නිසා ගෙදර Mortgage එක හිරවෙලාද, එහෙනම් තීරණයක් ගන්න කලින් මේ දේවල් ගැනත් දැනගන්න 06.04.2026

ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉතා ඉහල මට්ටමක තිබෙන අතර මෙලෙස පොලී අනුපාත ඉහළ යන විට ඔබේ mortgage හෙවත් නිවාස ණය ගෙවීම් කිරීමට ඔබ අරගල කරන්නේ නම් කළ යුතු දේවල් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

'තමාගේ ඉන්දීය සංචාරයෙන් පසුව වෛද්‍යවරු සමග සාකච්චා කරන්න සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද කියයි/ UNP හැර අනිත් දේශපාලන පක්ෂ සමග එකතුවෙන්නේ නෑ - මරික්කාර් කියයි 06.04.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.