SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
ගෝල්ඩ් කෝස්ට් නගරයේ ශ්‍රී ලාංකික අපිත් සිංහල අලුත් අවුරුදු සැමරුමට සූදානම් - ප්‍රභාෂ් බෝධිනායක 17.04.2026 9:04
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සුන්දර වෙරළාසන්න නගරයක් වන ගෝල්ඩ් කෝස්ට් පුරවරයටත් සිංහල අලුත් අවුරුදු අසිරිය එළඹ තිබෙනවා. ගෝල්ඩ් කෝස්ට් ශ්‍රී ලංකා සංසදයේ සභාපති ප්‍රභාෂ් බෝධිනායක මහතා SBS සිංහල සේවය සමඟ එළඹෙන අප්‍රේල් 19 වෙනි ඉරිදා පැවැත්වීමට නියමිත බක් මහ උළෙල අලුත් අවුරුදු උත්සවය පිළිබඳ මෙසේ අදහස් බෙදා ගත්තා.
තරුෂි එක්ක තරු කතා: මේ කේෂ්ත්‍රයේ ඉන්න සෑම අතින් පරමාදර්ශී චරිතය කවුද කියලා තව ටිකක් හිතලා බලන්න ඕන - සමනලී ෆොන්සේකා 17.04.2026 8:35
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
උතුරු ක්වීන්ස්ලන්තයේ කෑන්ස් නගරයේ සිංහල අලුත් අවුරුදු උත්සවයට සියල්ල සූදානම් - රොෂාන් කත්තිරි 17.04.2026 6:25
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ උතුරු කෙළවරක පිහිටි සුන්දර වෙරළාසන්න කෑන්ස් නගරයේ ශ්‍රී ලංකා සංසදය එළඹෙන අප්‍රේල් 18 වෙනි සෙනසුරාදා සූර්ය මංගල්‍යය වාර්ෂික සිංහල අලුත් අවුරුදු උත්සවය පවත්වන්න සූදානම්. මේ ඒ පිළිබඳ සිංහල සේවයට අදහස් දැක්වීමට එකතු වූ කෑන්ස් ශ්‍රී ලංකා සංසදයේ සභාපති රොෂාන් කත්තිරි මහතා.
ක්‍රීඩා විග්‍රහය: ඔස්ට්‍රේලියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රනින් රිදියෙන් දිනූ පැරා ක්‍රීඩක නුවන් හා ප්‍රදීප් / පාකිස්තාන සුපිරි ලීගය හොල්ලන කුසල් මෙන්ඩිස් / ගවුට් ගවුට් ගෙන් ලෝක වාර්තාවක් 17.04.2026 8:51
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
වෙස්ටර්න් සිඩ්නි විශ්වවිද්‍යාලයේ අවුරුදු උත්සවය හෙටයි, අවුරුදු ක්‍රීඩා බොහොමයි 17.04.2026 9:04
වෙස්ටර්න් සිඩ්නි විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකේය සිසු සංසදය විසින් වාර්ෂිකව සංවිධානය කරන අවුරුදු උළෙලේ මෙවර දිගහැරුම හෙට දවසේ, එනම් අප්‍රේල් 18 වෙනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ අදහස් දැක් වූ සංසදයේ සභාපති නිසල් නිමේෂට ඔබත් සවන් දෙන්න. අවුරුදු උත්සවයට එන්න.
මව්බිමෙන් පුවත්: බොර තෙල් බැරලයකට ලංකාව ඩොලර් 286 ක් ගෙවපු කතාව / රටම කතා වෙන ලාල් කාන්තගේ වත්කම් බැරකම් 17.04.2026 8:14
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාව ආරක්ෂක වියදම් ඩොලර් බිලියන 53 කින් වැඩි කරයි 17.04.2026 4:52
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 17 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
වීසා අයදුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පවා පරීක්ෂා කරමින් තම රජයක් යටතේ ඔස්ට්‍රේලියාවට වීසා ලබාදීමේ ක්‍රියාවලියේ වෙනසක් සිදු කරන බව විපක්ෂ නායක කියයි 16.04.2026 8:49
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ඇන්ගස් ටේලර් තම පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්ති පිළිබඳව හඳුන්වා දීමක් සිදුකලා. මෙහිදී ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින්ට විසා ලබා දීමේදී දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් සංක්‍රමණ ප්‍රමාණය සීමා කිරීමටත් ඔහු අපේක්ෂා කරන බව පවසා සිටියා. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව වලින් විවේචන එල්ල වෙමින් පවතිනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න.
'අවුරුදු 20ක ඉඳන් හැම අවුරුද්දෙම අපි එනවා' - 2026 මෙල්බර්න් බක්මහ උළෙල ගැන සහභාගීවූවන් SBS සිංහලට දැක්වූ අදහස් 16.04.2026 9:27
තිස් වෙනි වරට පැවැත් වූ මෙල්බර්න් මෙවර බක්මහ උළෙල 2026 ගැන මෙයට සහභාගීවූවන් SBS සිංහලට දැක්වූ අදහස් වලට සවන් දෙන්න.
33 වෙනි වරට පැවැත්වෙන බ්‍රිස්බේන් බක් මහ උළෙලට සියල්ල සූදානම් - චානක අබේසිංහ 16.04.2026 7:59
ක්වීන්ස්ලන්ත සිංහල සංවිධානය 33 වෙනි වරටත් සංවිධාන කරන බ්‍රිස්බේන් බක් මහ උළෙල සිංහල අලුත් අවුරුදු උත්සවය එළඹෙන සතිඅන්තයේ අප්‍රේල් 18 වෙනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ක්වින්ස්ලන්ත සිංහල සංවිධානයේ සභාපති චානක අබේසිංහ මහතා.
අපේ වහරේ කතා අහුරක්: වෙස් වලාගෙන රටතොට විස්තර හොයන්න ගිය රාසිං රජ්ජුරුවන්ට ගොවියා දුන්න අපූරු උපදෙස 16.04.2026 7:31
අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ දෙවැනි රාජසිංහ රජතුමා ගැන ජනප්‍රවාදයේ එන අපූරු කතාවක්.
ඕස්ට්‍රේලියාවේ තිබෙන ආර්ථික පීඩනය ගැන සිඩ්නි ලාංකික ව්‍යාපාරික ප්‍රජාව SBS සිංහල සේවයට කියූ දෑ 16.04.2026 7:06
ලොව පුරා සහ ඕස්ට්‍රේලියාවේ මේ වනවිට තිබෙන ආර්ථික පීඩනය තම ව්‍යාපාර කටයුතු සඳහා බලපාන අයුරු ගැන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි වෙසෙන ලාංකික ව්‍යාපාරික ප්‍රජාව සමග SBS සිංහල සේවය සමග සිදු කල සාකච්චාවට සවන් දෙන්න
ලොව වටා: ඉන්දියාවේ මිලියන 1400ක ජන සංගණනය ඇරඹෙයි, ඉදිරි ඉරාන සාකච්චා සාර්ථක වේ යැයි ට්‍රම්ප් ඉඟි කරයි 16.04.2026 10:00
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ජිලොන්ග් තෙල් පිරිපහදුවක විශාල ගින්නක් 16.04.2026 4:59
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 16වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Australia’s unique wildlife: what makes it special and what’s at risk - ඔස්ට්‍රේලියාවේ සුවිශේෂී පරිසර පද්ධතිය සහ එයට එල්ලවී ඇති අවදානම් තත්වය ගැන තොරතුරු මෙන්න 15.04.2026 11:43
Australia is one of the most biodiverse places on Earth, home to wildlife and plant species found nowhere else on the planet. In this episode of Australia Explained you’ll learn about what makes Australia’s biodiversity so special, the threats it faces and how we can all help protect it. - ඔස්ට්‍රේලියාව කියන්නේ ජෛව විවිධත්වය අතින් අනූන රටක්. ඔස්ට්‍රේලියාවේ ඉතා සුවිශේෂී සත්ව සහ ශාක දැකගන්නට අපිට පු...
කැන්බරා අගනුවර සිංහල අලුත් අවුරුදු සැමරුමට සියල්ල සූදානම් - ඉරන්ත රාජපක්ෂ 15.04.2026 8:39
ඔස්ට්‍රේලියා අගනුවර භූමි ප්‍රදේශයේ (Australian Capital Territory- ACT) කැන්බරා අගනුවර ශ්‍රී ලංකා සංවිධානය ප්‍රමුඛව තවත් ප්‍රජා සහ ක්‍රීඩා සංගම් රැසකගේ දායකත්වයෙන් එළඹෙන අප්‍රේල් 18 වෙනි දා පැවැත්වෙන සිංහල අලුත් අවුරුදු උත්සව සූදානම ගැන සංවිධාන කමිටුව වෙනුවෙන් SBS සිංහල සේවය සමග අදහස් දැක්වීමට සහභාගී වූ ඉරන්ත රාජපක්ෂ මහතා.
රාජකීය වගේ පෙනෙන රාජකීය නොවන මේගන් සහ හැරීගේ ඕස්ට්‍රේලියානු ‘අත්හදා බැලීමේ’ සංචාරය 15.04.2026 4:04
මේ දිනවල කාගේත් කතාබහට සහ උනන්දුවට භාජනය වූ බ්‍රිතාන්‍යයේ සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරියගේ ඕස්ට්‍රේලියානු සංචාරය කෙනෙකුට රාජකීය සංචාරයක් ලෙස හිතෙන්නට පුලුවන්. නමුත් එය වාණිජ අත්හදා බැලීමක් ලෙසයි බ්‍රිතාන්‍ය රජ පවුල පිලිබද උනන්දුවක් දක්වන විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියානු වටිනාකම් වලට ගරු නොකරන සංක්‍රමණිකයින්ට තම රජයක් යටතේ ඔස්ට්‍රේලියාවේ රැඳීසිටීමට අවස්තාවක් නෑ, විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක් 15.04.2026 5:20
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 15 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: ලෝකයට දැන් බලපාන දරුණු කාලගුණ විපර්යාස ළඟදීම තවත් වේගවත් කරන බව අලුත්ම වාර්තාවක් හෙළි කරයි 14.04.2026 10:23
ලෝකය මේ වන විට වාර්තාගත උණුසුම්ම වසර 11 අත්විඳ තිබෙනවා. ලෝකය උණුසුම් වීම පමණක්ම නොව වඩා වැඩි ශක්තියක් ගබඩා කරන අතර දේශගුණික විපර්යාස වේගවත් කරන බවත් නව දේශගුණික වාර්තාවක් අනතුරු අඟවා තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.
මෙහේ ඉන්නේ වෙන ජාති ආගම් වල අය වුනත් අවුරුද්දට කැවිලි හදලා එයාලටත් දෙනවා, සිඩ්නි ලාංකිකයින්ගේ අවුරුදු සැමරුම් 14.04.2026 7:47
මවුබිමෙන් බොහෝ දුරින් සිටියත් ඕස්ට්‍රේලියාවේ අලුත් අවුරුදු සැමරුම දැනෙන සහ සිදු කරන අයුරු ගැන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි වෙසෙන ලාංකික ප්‍රජාව සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
සිංහල අලුත් අවුරුදු දවස අවුරුදු 70 ට සැරයක් දවසකින් පස්සට යන්නේ ඇයි? තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග කරන පැහැදිලි කිරීම 14.04.2026 9:07
සිංහල අලුත් අවුරුද්ද සෑම වසර 70 ට වරක් දවසකින් පහු වෙනි දවසට මාරු වෙන බව ඔබ දැන සිටියා ද? NASA ආයතනය ඇතුළු ලෝ ප්‍රකට අභ්‍යවකාශ හා තාරකා විද්‍යා අධ්‍යයන ආයතන හා විශ්වවිද්‍යාල රැසක සේවය කර ඇති ප්‍රකට තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග මහතා ඒ පිළිබඳ SBS සිංහල සේවයට දැක්වූ අදහස් ඇසුරෙන් සකස් කළ මේ වැඩසටහනට සවන් දෙන්න.
ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා වෙත ලිංගික අතවර, හිරිහැර සහ වෙනස්කම් චෝදනා එල්ල වී ඇති පසුබිමක වසර 125 ක යුද හමුදා ඉතිහාසයේ පත් වූ පළමු හමුදාපතිනිය 14.04.2026 4:19
ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා Australian Defence Force (ADF) නායකත්ව ප්‍රතිසංවිධානයේ කොටසක් ලෙස, වසර 125 ක යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට හමුදාපතිනියක් පත් කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක හමුදා ඒකාබද්ධ හැකියාවන් පිළිබඳ වත්මන් ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් සුසන් කෝයිල් එළැඹෙන ජූලි මාසයේ සිට නව ඔස්ට්‍රේලියානු යුද හමුදාපතිනිය ලෙස පත් කර තිබෙනවා.
SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීසී අග්නිදිග ආසියාවේ සංචාරයක 14.04.2026 5:13
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 14 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
ගෝලීය වශයෙන් ප්‍රචලිත වෙමින් යන AI තාක්ෂණය හේතුවෙන්, ඔස්ට්‍රේලියාවේ ඇති 'data centres' ප්‍රමාණයද ඉහල දැමීමට යෝජනා 13.04.2026 7:43
AI තාක්ෂණය එහෙම නැතිනම් කෘතිම බුද්ධිය කියන මේ තාක්ෂණය ලොව පුරා ඉතාම වේගයෙන් පැතිරී යනවා. මේ තාක්ෂණයට පහසුකම් සලසන්න දත්ත ගබඩා කරන මධ්‍යස්ථාන එහෙම නැතිනම් data centres වල අවශ්‍යතාවයත් ඉහල ගිහින්. ඒ වගේම මේ සඳහා වන බලශක්ති ඉල්ලුමත් ඉහල යමින් පවතිනවා. ඔස්ට්‍රේලියාවේත් මේ දත්ත ගබඩා කරන data centres වැඩි වශයෙන් ඉදිකිරීමට ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා. මෙය තිරසාර විදියට සිදුකරන්න ඔස්ට්‍රේලියානු රජයත් මැදිහත්...
ලොව පුරා ජනප්‍රිය බොලිවුඩ් ගායිකා ආශා බෝස්ලේ වෙනුවෙන් SBS සිංහල වෙතින් පිදෙන ගීතමය උපහාරය 13.04.2026 6:29
සිංහල බසින්ද ගීතයක් අපට උරුම කළ , යුග ගණන් රසික හදවත් කට හඬින් සැනසූ,ලොව වැඩිම ගීත ගණනක් පටිගත කරන ලද කලාකරුවා ලෙස ගිනස් ලෝක වාර්තාවකට හිමි කම් කියන බොලිවුඩයේ හඬ නිහඬ වෙයි.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.