Neon Media
සෙනසුරු අතුරුදහන් - Senasuru Athurudahan
රටක දියුණුවට අත්‍යවශ්‍යම සාධකයක් වන ආකල්පමය වෙනසක් කරා ලාංකීය තාරුණ්‍යය යා යුතු අවස්ථාවක ඔවුන්ට ඒ සඳහා නව අදහස් මෙන්ම දැක්මක් ලබා දෙන වැඩසටහනක් ලෙස ‘සෙනසුරු අතුරුදහන්’ වැඩසටහන හැඳින්විය හැක. ආකාශ වස්තූන් විසින් ඉරණම තීරණය කළ යුගයක් අවසන් කර දැක්මක් සහිත පරපුරක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි. Hosted on Acast. See acast.com/privacy for more information.
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
යුක්තිය තුළ සාධාරණත්වය තිබිය යුතුයි | Neon Podcast | Saliya Pieris 09.02.2024 41:49
අල්ලස් හා දූෂණ සංස්කෘතිය වෙනස් කිරීමට කළ යුත්තේ කුමක් ද, නීතිය සැමට සමාන ද, නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගැන සෑහීමකට පත් විය හැකි ද සහ එම ආයතන කෙරෙහි මහජන විශ්වාසය ඇති කිරීමට නම් කුමක් කළ යුතු ද කියලා දැනගන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් සහභාගී වූ ‘සෙනසුරු අතුරුදහන්’ සම්පූර්ණ වැඩසටහන නරඹන්න. Hosted on Acast. See acast.com/privacy for more information.
ලංකාවේ බැංකු පද්ධතිය ස්ථායී ද? | Neon Podcast | Sujeeva Rajapakse 09.02.2024 59:11
ලංකාවේ බැංකු පද්ධතියේ ගුණාත්මක බව ගිලිහී යාමට හේතු, ආර්ථික අර්බුදය සමග ඉදිරිය මොන වගේ වෙයි ද යන මාතෘකා ඇතුළු බැංකු ක්ෂේත්‍රය සම්බන්ධ තවත් වැදගත් තොරතුරු රැසක් දැනගන්න මහජන බැංකුවේ සභාපති ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ සහභාගී වූ ‘සෙනසුරු අතුරුදහන්’ වැඩසටහන නරඹන්න. Hosted on Acast. See acast.com/privacy for more information.
තරුණ පරපුර ආකල්පමය වශයෙන් දුර්වල ඇයි? | Neon Podcast | Mahendra Jayasekara 09.02.2024 53:14
තාරුණ්‍යයේ තීන්දු තීරණ ගැනීමේ සහ විශ්ලේෂණාත්මක හැකියාව දුර්වල ඇයි, ළමයෙක්ට ස්වාධීනව හැදෙන්න නොදීම තුළ සමාජයට වන බලපෑම, වැඩිහිටියන්ගේ මග පෙන්වීම සහ අධ්‍යාපන ක්‍රමය තරුණ, තරුණියන්ගේ ආකල්පවලට බලපාන ආකාරය ඇතුළු තරුණ පරපුර පිළිබඳ වෙනස්ම ආකාරයේ සාකච්ඡාවක් සිදු කරන්න කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මෙවර ‘සෙනසුරු අතුරුදහන්’ වැඩසටහනට සහභාගී වුණා. මේ තරුණ පරපුර ගැන ඔහු දැක්වූ අදහස්… Hosted on...
AI විශේෂඥයෙකුගෙන් AI ගැන හෙළිදරව්වක් | Neon Podcast | Senasuru Athurudahan | Romesh Ranawana 12.01.2024 1:14:06
කෘත්‍රිම විඥානය (Artificial intelligence) නිසා කොළඹ පාසලක දරුවන්ටත්, ගමේ පාසලක දරුවන්ටත් එක වගේ ගුණාත්මක බවකින් අධ්‍යාපනය ලබා දෙන හැටි, අවම සේවක සංඛ්‍යාවකින් ආයතනවල වැඩ කටයුතු කෙරෙන හැටි වගේම කෘත්‍රිම විඥානයේ ධනාත්මක සහ සෘණාත්මක බලපෑම් ගැන වැඩි විස්තර දැනගන්න Dialog Axiata PLC හි දත්ත විශ්ලේෂණය සහ කෘත්‍රිම විඥානය පිළිබඳ ප්‍රධානී රොමේෂ් රණවන සහභාගී වූ මේ වැඩසටහන නරඹන්න. Hosted on Acast. See acast.c...
ඉහළ ප්‍රතිලාභ ලැබෙන කොටස් වෙළඳ පොළ ආයෝජනය | Neon Podcast | Senasuru Athurudahan | Rajeeve Bandaranaike 12.01.2024 37:08
Hosted on Acast. See acast.com/privacy for more information.
මොකක්ද මේ ණය ශ්‍රේණිගත කිරීම කියන්නේ? | Neon Podcast | Senasuru Athurudahan | Maninda Wickramasinghe 12.01.2024 43:51
ස්වාභාවික සම්පත් සහිත රටක් වුණ ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, ණය ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව අසතුටුදායක තත්ත්වයක තිබෙන හේතු සහ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී සලකා බැලිය යුතු කරුණු ආදිය ගැන දැනුවත් වෙන්න Fitch Ratings Lanka Limited හි ජාතික ප්‍රධානී මනින්ද වික්‍රමසිංහ මහතා සහභාගී වුණ මෙම වැඩසටහන නරඹන්න. Hosted on Acast. See acast.com/privacy for more information.
රැල්ලට බය නැති ව්‍යවසායකයෙක් වෙන හැටි | Neon Podcast | Senasuru Athurudahan | Randhula De Silva 12.01.2024 1:08:22
හැමදාම ඉතිහාසය අලුත් කළේ වෙනස්ම විදියට හිතපු මිනිස්සු. සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයක් ඇතුළෙ ඒකට කොටු නොවී, රාමුවෙන් පිට හිතන මිනිස්සු අලුත් දේවල් ලෝකෙට දුන්නා. Good Life X හි නිර්මාතෘ රන්දුලා ද සිල්වා මහත්මිය සමග නිර්මාල් ද සිල්වා කළ මේ වැඩසටහන ව්‍යවසායකයෙක් විදියට වෙනසක් කරන්න හිතන ඔයා අනිවාර්යෙන්ම බලන්න ඕන වැඩසටහනක්. Hosted on Acast. See acast.com/privacy for more information.
සිස්ටම් චේන්ජ් එකකට විසඳුම ප්‍රතිව්‍යුහගතකරණය ද? | Neon Podcast | Senasuru Athurudahan 12.01.2024 1:05:12
ජනතා බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කළොත් පාඩු පිට පාඩු ලබන එක නතර කරන්න පුළුවන් ද? ඒ ගැන වැඩිදුර දැනගන්න කොළඹ නැව් තටාකාංගණයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ සහ විධායක නිලධාරී මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති මංගල යාපා සමග නිර්මාල් ද සිල්වා සිදු කළ මේ වැඩසටහන නරඹන්න. Hosted on Acast. See acast.com/privacy for more information.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.