SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
SBS සිංහල Newsflash අගෝ 26: කුඩා ව්යාපාරවල සේවකයන්ට රාජකාරි වේලාවෙන් පිට ඇමතුම් නොසලකා හැරීමේ අයිතිය අද සිට 26.08.2025 4:23
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 26වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
වංචාවලින් ආරක්ෂා වීමට අනුගමනය කළ හැකි පහසු පියවර තුනක් පිළිබඳ දැනුවත් වෙමු 25.08.2025 3:40
අගෝස්තු 25 සිට 29වන දා දක්වා කාලය ඔස්ට්රේලියාව විසින් වංචා පිළිබඳ දැනුවත් කිරීමේ සතිය හෙවත් Scam Awareness Week ලෙස නම් කර තිබෙනවා. වංචාවලට හසු නොවී පියවර තුනකින් ආරක්ෂා වීම පිළිබඳ Services Australia වෙබ් අඩවිය තොරතුරු සපයා තිබෙනවා. මෙම කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන් උදෙසා වන නව වැඩසටහනක් පිළිබඳ සෞඛ්ය අමාත්යවරයාගෙන් නිවේදනයක්: කාලීන විග්රහය 25.08.2025 8:43
ඕස්ට්රේලියාවේ ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්යාව වැඩි වෙමින් පවතින අතර ඒ නිසා National Disability Insurance Scheme හෙවත් NDIS වැඩසටහන මත පීඩනයක් ඇති කර තිබෙනවා. මීට ප්රතිචාර වශයෙන් රජය විසින් මෙම දරුවන්ව NDIS සිට "Thriving Kids" නම් නව වැඩසටහනකට මාරු කිරීමේ සැලැස්මක් ප්රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත්, දෙමාපියන් සහ ඔටිසම් වෙනුවෙන් පෙනී සිටින්නන් පවසන්නේ එය ප්රසිද්ධියේ ප්රකාශයට පත් කරන...
SBS සිංහල Newsflash අගෝ 25: ඕස්ට්රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන්ට 5%ක තැම්පතුවකින් නිවසක් ගන්න රජයෙන් සහාය 24.08.2025 5:23
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 25 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
'ලංකාවේ ප්රජාතන්ත්රවාදය ගැන අද ප්රශ්නාර්ථයක් තියෙනවා', හිටපු ජනපති මෛත්රී කියයි: මවුබිමෙන් පුවත් අගෝ 18 24.08.2025 8:20
අද - අගෝස්තු මස 25 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්යවේදී මනෝජ් උදටියාවල ශ්රී ලංකාවේ සිට වාර්තා කරයි
'මේ සතියේ ඔස්ට්රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, අගෝ 18 - අගෝ 22 22.08.2025 8:00
අගෝස්තු 18 සිට අගෝස්තු 22 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න
දින තුනක් පුරා පැවති ෆෙඩරල් රජයේ ඵලදායිතා සමුළුව අවසන් වෙයි: කාලීන විග්රහය 22.08.2025 7:18
ඕස්ට්රේලියාවේ ඵලදායිතාව වැඩි දියුණු කිරීම පිළිබඳ ජාතික සමුළුවක් කැන්බේරා හි දී පැවැත්වුණා. රටේ ප්රමුඛ පෙළේ ආර්ථික විද්යාඥයන්, ව්යාපාරික නායකයන් සහ වෘත්තීය සමිති මේ සඳහා සහභාගී වුණා. අගෝස්තු 19වන දා ඇරඹි මෙම සමුළුව දින තුනක් අවසානයේ, එනම් අගොස්තු 21වන දා අවසන් වුණා. දියුණු ආර්ථිකයක් ඇති අනෙකුත් බොහෝ රටවල මෙන් ඕස්ට්රේලියාවද මෑත දශක කිහිපය තුළ අඩු ඵලදායිතා වර්ධනයක් දැක තිබෙනවා. මෙම සමුළුව අවසානය...
අයිස්, කොකේන් සහ හෙරොයින් වැනි මත්ද්රව්ය භාවිතාව ඔස්ට්රේලියාව පුරා වාර්තාගත ලෙස ඉහල යයි 22.08.2025 4:12
ඕස්ට්රේලියානුවන් තුල අයිස්, කොකේන් සහ හෙරොයින් යන මත්ද්රව්ය භාවිතාව වාර්තාගත ලෙස ඉහල ගොස් ඇති බව වාර්තා වනවා. 2023 සිට 2024 දක්වා වන වර්ෂයක කාලය තුල ඩොරල් බිලියන ගණනක නීති වොරෝධී මත්ද්රව්ය භාවිතා කිරීම ඕස්ට්රේලියානුවන් පෙළඹී ඇති බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
SBS සිංහල Australian highlights අගෝ 22: 'Childcare' වල ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක් අද පැවැත්වේ 22.08.2025 4:59
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 22වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ඕස්ට්රේලියාවේ වීසා වලට PTE සහ IELTS ඇතුළු ඉංග්රීසි භාෂා පරීක්ෂණ ලකුණු අලුතින් වෙනස් වුනේ මෙහෙමයි 22.08.2025 9:23
2025 අගෝස්තු 7 වන දින සිට PTE සහ IELTS ඇතුළු ඕස්ට්රේලියානු වීසා සඳහා වන ඉංග්රීසි ලකුණු මට්ටම වෙනස් වීම සිදු වූ අතර ඉංග්රීසි පරීක්ෂණ අපේක්ෂකයින් මෙම අලුත් වෙනස්කම් ගැන දැනගත යුතු දේ ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
'සමහර නිලධාරීන්ට මැරෙන්නත් ඕනේ වුනේ ක්රීඩා සංගම් ඇතුලෙමයි', නි. ඇමති සුගත් කියයි: අගෝ 22: ක්රීඩා විග්රහය 22.08.2025 8:07
මේ සතියේ ඕස්ට්රේලියාවේ සහ ශ්රී ලංකාවේ ක්රීඩා ක්ෂේස්ත්ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්රීඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්රීඩා විග්රහයට" සවන්දෙන්න
'ලංකාවේ දේශපාලන තත්වය ගැන රටේ ජනතාව ඉන්නේ නොසතුටෙන්', හිටපු ජනපති මෛත්රී කියයි: මවුබිමෙන් පුවත් අගෝ 22 22.08.2025 8:29
අද - අගෝස්තු මස 22 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්යවේදී මනෝජ් උදටියාවල ශ්රී ලංකාවේ සිට වාර්තා කරයි
වසර 76ක් පැරණි ඊශ්රායල ඔස්ට්රේලියා මිතුදම් පළුදු වන ලකුණු: කාලීන විග්රහය 21.08.2025 9:14
ඔස්ට්රේලියාව සහ ඊශ්රායලයේ වසර 76 පුරා පවතින සබඳතාවලට හානි පැමිණෙන තත්වයක් ඇතිවී තිබෙනවා. පලස්තීනය වෙනම රාජ්යයක් ලෙස පිළිගැනීමට තීරණය කිරීම සහ ඊශ්රායල දේශපාලකයකුට විසා ලබාදීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්වය උද්ගත වී තිබෙනවා. යුදෙව් විරෝධී මත ප්රචලිත කිරීම සම්බන්ධයෙන් ඕස්ට්රේලියානු රජයට ඊශ්රායලය චෝදනා එල්ල කර සිටිනවා. වෙස්ට් බෑන්ක් ප්රදේශයේ රාජතාන්ත්රික සේවයේ නියුතු ඕස්ට්රේල...
විද්යා හා තාක්ෂණ අංශයෙන් පර්යේෂණ උපාධියකට ඕස්ට්රේලියාව තෝරා ගැනීම පිළිබඳ පර්යේෂිකාවක් SBS සිංහලට කියූ දේ 21.08.2025 5:33
පර්යේෂණ අංශයේ උපාධි සඳහා ලොව පුරා ශිෂ්යයන් සහ පර්යේෂකයන්ගේ ඉහළ තේරීමක් ලෙස ඕස්ට්රේලියාව අනාදිමත් කාලයක සිට පවතිනවා. මෙහි දී කලා, වාණිජ සහ විද්යා යන සියලු ක්ෂේත්රවලට අදාළ පර්යේෂණ සිදු කෙරෙනවා. විද්යා හා තාක්ෂණ අංශයෙන් සිය ආචාර්ය උපාධිය සඳහා ඕස්ට්රේලියාව තෝරා ගත් ශිෂ්යාවියක මේ සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීමකට සවන් දෙන්න.
SBS සිංහල Newsflash අගෝ 21: ඕස්ට්රේලියාවේ මාර්ග අනතුරු මරණ සංඛ්යාව ඉහළට 21.08.2025 4:21
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 21වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
අපි රුසියා යුක්රේන සටන් විරාමය ගුවනින් නිරීක්ෂණය කරනවා, ඇමරිකා ජනපති ට්රම්ප් කියයි: 'ලොව වටා' 21.08.2025 8:14
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්රවෘති ජාලයේ මාධ්යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
ශිෂ්ය වීසා ලබාදීමේ ක්රියාවලියේ ඇති ප්රමාදයන් ගැන ඇතැම් ජාත්යන්තර ශිෂ්ය වීසා අයදුම් කරුවන් කලකිරීමෙන් 20.08.2025 4:26
ඔස්ට්රේලියාවට වසරකට පැමිණෙන අන්තර්ජාතික ශිෂ්යයින්ගේ ප්රමාණය ඉහල දැමීමට රජය කටයුතු කරන බවට පසුගියදා නිවේදනය කර තිබුනා. කෙසේ උවත් ශිෂ්ය වීසා ලබා දීමේදී මේ වන විටත් යම් ප්රමාදයක් දක්නට ලැබෙන බව ඇතැම් ශිෂ්යයින් පවසනවා. මේ තත්වය පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
සිල්ලර භාණ්ඩ බිල්පත් අගය අඩුම ප්රාන්තය නොදර්න් ටෙරිටරියයි, වැඩිම අගය ටස්මේනියාවෙන්: වාර්තාවක් කියයි 20.08.2025 5:09
ඔබ වෙළඳපොළෙන් මිල දී ගන්නා බඩු භාණ්ඩවල මිල පෙරට වඩා වැඩි බවක් ඔබට හැඟෙනවා ඇති. පසුගිය වසර තුළ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක සතියක සිල්ලර භාණ්ඩ බිලෙහි සාමාන්ය අගය 11% කින් ඉහළ ගොස් ඇති බවත්, එය ඩොලර් 216 සිට ඩොලර් 240 දක්වා වැඩිවීමක් බවත් මෑත කාලීනව කරන ලද Canstar Blue සමීක්ෂණයකින් පෙන්නුම් කරනවා. එම වියදම වසරකට ඩොලර් 12,480ක් දක්වා අගයක් ගන්නා අතර එය 2021දී එවැනි පවුලක් විසින් ගෙවූ මුදලට වඩා ඩොලර් 3...
SBS සිංහල Newsflash අගෝ 20: ඊශ්රායලයට එරෙහිවූ බවට ඊශ්රායල අගමැතිගෙන් ඕස්ට්රේලියානු අග්රාමාත්යවරයාට චෝදනා 20.08.2025 4:47
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 20වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
වීසා මාරු කරමින් ඕස්ට්රේලියාවේ දිගු කලක් රැඳී සිටීම වැලක්වීමට රජය ගෙන ඇති ක්රියාමාර්ග ගැන තොරතුරු මෙන්න 19.08.2025 10:18
විවිධ වීසා වලට මාරු වෙමින් ඔස්ට්රේලියාව තුල දිගු කලක් රැඳී සිටීමට ඇතැම් පිරිස් කටයුතු කරනවා. ඉතින් මේ තත්වය වලක්වන්න ඕස්ට්රේලියානු රජය නව නීති හඳුන්වා දීමට පසුගිය කාලයේ කටයුතු කළා. මේ සම්බන්ධයන් පවතින වර්තමාන තත්වය පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න
SBS සිංහල Newsflash අගෝ 19: E- bikes පදින බොහෝ පිරිසක් නිසි වේග සීමාව ඉක්මවන බවට අනාවරණයක් 19.08.2025 5:12
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 19වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
විෂාදය සඳහා ගන්නා ඖෂධ නැවත්වීමේදී ඇතිවන අතුරු ආබාධ ගැන අධ්යනයකින් තොරතුරු හෙළි කරයි: කාලීන විග්රහය 19.08.2025 10:08
විෂාදය එහෙම නැතිනම් Depression කියන තත්වය සඳහා ඖෂධ ලබා ගන්නා රෝගියකු එම ඖෂධ ලබා ගැනීම නැවත් උවහොත් ඇතිවන විවිධ අතුරු අබාධ සම්බන්ධයෙන් අධ්යයනයක් සිදුකර තිබෙනවා. 17,828 පමණ පිරිසක් යොදා ගෙන සිදුකල පරීක්ෂණ 50ක පමණ දත්ත උපයෝගී කරගෙන මෙම අධ්යයනය කිරීමට කටයුතු කර තිබෙනවා. මෙයට සහභාගී වූ පිරිසෙන් වැඩි දෙනා කාන්තාවන් වන අතර මෙම පිරිසේ සාමාන්ය වයස් සීමාව අවුරුදු 44ක් ලෙස සඳහන් වනවා. මෙහිදී හඳුනාගත් කරුණ...
ඕස්ට්රේලියාවට ආවේනික 'Laughing Kookaburra' ගැන ඔබ නොදන්නා අපූරු තොරතුරු 19.08.2025 11:08
ඔස්ට්රේලියාව යනු ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මෙම රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්රේලියාව නිවහන වේ. මේ හේතුවෙන් ඕස්ට්රේලියාවෙන් හමුවන ඕස්ට්රේලියාවට ආවේනික 'Laughing Kookaburra' පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව
A beginner’s guide to owning a pet in Australia - ඕස්ට්රේලියාවේ සුරතල් සතෙකුගේ හිමිකරුවෙකු වෙන්න සිතනවා නම් ඔබ දැනගත යුතු සියල්ල: Australia Explained 19.08.2025 10:49
Bringing a pet into your home can fill it with joy and companionship – but it also comes with important responsibilities. In Australia, new pet owners need to be aware of legal requirements, along with essential tips for training and caring for their animals. - සුරතල් සතුන් බොහෝ ඕස්ට්රේලියානුවන්ගේ ජීවිතයේ ආදරණීය කොටසක් වනවා, ඕස්ට්රේලියාවේ සෑම නිවාස තුනෙන් දෙකක පමණ පිරිසට ඔවුන්ගේ නිවසේ සුරතල් සතක...
ප්රණීත අල ව්යංජනයකට ඕස්ට්රේලියානු වෙළඳපොළෙන් ගත හැකි අල වර්ගය පිළිබඳ National Potato Day අබියස දැනගමු 18.08.2025 7:29
අගෝස්තු 19 වෙනිදා ඕස්ට්රේලියාව National Potato Day සමරනවා. ඒ හා සමගාමිව ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ අල ආශ්රිත ආහාර කලාව, වෙනස්කම්, අල ඉවීමේ දී භාවිත කළ හැකි රස රහස් සහ ඕස්ට්රේලියානු වෙළඳපොළෙන් මිල දී ගත හැකි අල වර්ග පිළිබඳ කළ සාකච්ඡාවට සවන් දෙන්න.
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds