SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au

Auteur

SBS

Categorie

News

Website van de podcast

www.sbs.com.au

Nieuwste aflevering

9 okt. 2026

Waar luisteren?

Podcasts in de app Replaio Radio Binnenkort beschikbaar

Podcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts

Download het op Google Play Gratis installeren Android bijna 10 mln downloads · beoordeling 4,8 iOS binnenkort

Afleveringen

ඕස්ට්‍රේලියාවේ පෙට්‍රල් හොරු වැඩි වෙලා, අධික ජීවන වියදම ලොකුම හේතුවක් 09.09.2026

ඕස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම සහ පහත වැටෙන වැටුප් හේතුවෙන් පෙට්‍රල් සොරකම් කිරීමේ සිදුවීම් ඉහල ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් සිදු කල නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ඉහළ යන ඉන්ධන මිලට වඩා ජීවන වියදම් පීඩනය සහ වැටුප් වර්ධනය නොවීම මෙම සොරකම් සඳහා හේතු වී ඇති බවයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

Prostate cancer in Australia: Testing, treatment and support - ඔස්ට්‍රේලියාවේ පිරිමින් අතර බහුල පුරස්ථි ග්‍රන්ථි පිළිකාව කල්තියා කොහොමද? පරීක්ෂණ, ප්‍රතිකාර සහ ඔස්ට්‍රේලියාවේදී ලැබෙන සේවා ගැන දැනුවත් වෙමු 09.09.2026

About one in five Australian men will be diagnosed with prostate cancer in their lifetime. Understanding the prostate, your risk and the options for testing can help with early detection and treatment. In this episode of Australia Explained, learn about prostate cancer, PSA testing, treatment and support. - ඔස්ට්‍රේලියාවේ සෑම පිරිමින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ පුරස්ථි ග්‍රන්ථි පිළික...

හෘදයාබාධයකට ලක් වූ පියෙකු පිළිබඳ පර්ත්වලින් ඇසෙන කතාව, සෞඛ්‍ය රක්ෂණාවරණය ආශ්‍රිත ජීවන අත්දැකීමක් 09.09.2026

උපාධි උත්සවයක්, දරු උපතක්, ඕස්ට්‍රේලියාවේ සංචාරයක්; මේ ඔබේ දෙමව්පියන්ගේ ඕස්ට්‍රේලියානු ගමන ගැන ඔබ දකින සිහින අතරින් කිහිපයක්. සතුටින් පිරි කාලයක් උදෙසා වීසා 600 කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාවට පැමිණෙන ඔබේ දෙමව්පියන්ට සෞඛ්‍ය රක්ෂණාවරණයක් අත්‍යවශ්‍ය ද? සිය දියණියගේ දරු උපතට පැමිණි පියෙකු අනපේක්ෂිත හෘදයාබාධයකට ලක් වනවා. මාමණ්ඩියගේ රෝහල්ගත කිරීම සහ ඉන් පසු මුහුණ දීමට සිදු වූ තත්ත්වය පිළිබඳ අත්දැකීම මෙලෙස අ...

සුව දිවිය: මෙනින්ජයිටිස් නැතිනම් මොළේ උණ රෝගයෙන් ආරක්ෂා වෙන්නේ කොහොම ද? 09.09.2026

යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන මෙනින්ජයිටිස් රෝගය හා ඉන් ආරක්ෂා වීම සඳහා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳවයි. #sbsaudiopodcast

ඕස්ට්‍රේලියාවේ ජාතික ධජයට ගිනි තැබීම ෆෙඩරල් වරදක් කිරීමේ ලිබරල් සන්ධාන යෝජනාව 09.09.2026

ඕස්ට්‍රේලියාවේ ජාතික ධජය පිළිස්සීම ෆෙඩරල් වරදක් කිරීමේ නව යෝජනා මාලාවක් ලිබරල් සන්ධානය යෝජනා කරනවා. එය ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කෙරෙනු ඇති. ජාතික ධජය මෙන් ම යුද ස්මාරක ඇතුළු ඕස්ට්‍රේලියාවේ ඉතිහාසය විද්‍යමාන කරන සැමරුම්වලට හානි පැමිණවීමට එරෙහි නීති ද මෙම යෝජනාවට ඇතුළත්.

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ 'regional' ප්‍රදේශ වලට සංක්‍රමණිකයින් ගැනීම ඉහල දමන්නැයි ඉල්ලීම් 09.09.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 09වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන: ආයු කාලය කෙටි කරන Motor Neurone Disease වැළඳීමේ අවදානම, ජීවත් වන ප්‍රදේශය අනුව වෙනස් වන බව හෙළි වෙයි 08.09.2026

ඕස්ට්‍රේලියාව තුළ සිදුවන රිය අනතුරු මරණ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට සමාන වාර්ෂික මරණ සංඛ්‍යාවක් වාර්තා කරන Motor Neurone Disease හෙවත් MND තත්වය පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.

සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් සිඩ්නි නුවර දී එළිදකින පොත් තුනක් 08.09.2026

සාහිත්‍ය මාසය වෙනුවෙන් නිව්සවුත් වේල්ස් ප්‍රාන්ත සිංහල සංස්කෘතික හමුව යටතේ ක්‍රියාත්මක සිංහල ලේඛක සංසදයේ සහයෝගයෙන් සිඩ්නි නුවර දී එළිදැක්වෙන ග්‍රන්ථ තුනක් පිළිබඳ එම සංසදයේ සභාපති නිහාල් එම් රූපසිංහ මහතා SBS සිංහල සේවය වෙත දැක් වූ අදහස්. #sbsaudiopodcast

නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ දී ලියාපදිංචි නොකල වාහනයක් පදවන්න පුළුවන් ද? රියදුරු බලපත්‍රයක් දරන්න පුළුවන් උපරිම වයසක් තියෙනවා ද? 08.09.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ හත්වැනි වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Th...

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි කාන්තාවක් හතු මිනී පෙට්ටියක අවසන් ගමන් යයි 08.09.2026

ඕස්ට්‍රේලියානු කාන්තාවක් ඉතිහාසයේ පළමු වරට හතු වලින් සෑදූ මිනී පෙට්ටියක අවසන් ගමන් ගොස් තිබේ. මෙම මිනී පෙට්ටි, දිලීර ජාල සහ හෙම්ප් භාවිතයෙන් දින හතක් වැනි ඉතා කෙටි කාලයකින් නිර්මාණය කෙරෙන අතර මෙය සම්පුර්ණයෙන්ම පස් බවට පත් වීමට ගත වන්නේ දින 45ක් වැනි කාලයක්. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ පළපුරුදු වෘත්තීය කාර්මිකයන් සඳහා නොමිලේ වෘත්තීය සුදුසුකම් වැඩසටහනක් 08.09.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 08වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

මත්ද්‍රව්‍ය භාවිතයට පෙර ඒවා පරීක්ෂා කරන ‘Pill Testing’ සේවාව පුළුල් කිරීමට NSW රජය සූදානම් 07.09.2026

'Pill testing' හෙවත් මත් පෙතිවල අඩංගු දේ පරීක්ෂා කර එහි තිබෙන ද්‍රව්‍ය මොනවාද කියලා සොයා බලා, ඒ පිළිබඳ තොරතුරු ලබා දීම ඕස්ට්‍රේලියාව තුල සිදු වනවා. සංගීත සැණකෙළි සඳහා ඇතැම් පිරිස් නීත්‍යානුකූල නොවන විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ඒමටත් ඒවා භාවිතා කිරීමටත් කටයුතු කරනවා. මේ මත්ද්‍රව්‍ය වල අඩංගු දෑ පිළිබඳව මේවා භාවිතා කරන අයට ඇති අවබෝධය අඩු වීම ප්‍රධාන ගැටළුවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙවැනි අවස්ථා අවම කිරීම...

හදිසියේම මාස ගණනකට අපේ ජීවිතය කෙටි කරන MND රෝගය ගැන නොදන්න තොරතුරු මෙන්න 07.09.2026

මොළයේ සහ සුෂුම්නාවේ ස්නායු වලට හානි සිදු කරන Motor neurons disease හෙවත් MND තත්වය සම්බන්ධයන් වන සාකච්ඡාවට සවන් දෙන්න

මෙතෙක් නොමිලේ ලබාදුන් COVID එන්නත අවසන්, ඔක්තෝබර් 1 සිට ඕස්ට්‍රේලියානුවන්ට තවත් අලුත් වියදමක් 07.09.2026

ඕස්ට්‍රේලියානුවන්ට ළඟදීම, මේ දක්වා නොමිලයේ ලබාදුන් COVID-19 එන්නතට මුදලක් ගෙවීමට සිදු වන බව වාර්තා වේ. මේ අනුව ඔක්තෝබර් 1 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිත වෙනස්කම් හේතුවෙන් ඇතැම් ඕස්ට්‍රේලියානුවන්ට නව සෞඛ්‍ය වියදමකට මුහුණ දීමට සිදුවේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

ඕස්ට්‍රේලියාවේ රථවාහන වෙළෙඳපොළෙන් නව වාර්තාවක් 07.09.2026

අගෝස්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ රථවාහන අලෙවියේ වාර්තාගත වෙනසක් දක්නට ලැබෙනවා. මේ කෙටි විස්තරය ඒ පිළිබඳවයි.

SBS සිංහල පුවත්: සමාජ මාධ්‍ය ඇල්ගොරිතමවලින් ඉවත් වීමට පරිශීලකයන්ට අවස්ථාව සලසන නව කෙටුම්පතක් ඉදිරි දෙසතියේ 07.09.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 07වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

පියවරුන්ගේ දිනය: වික්ටෝරියා ප්‍රාන්තයේ ඉතිහාසය වෙනස් කළ ෂෝන් රෙස්නික් 06.09.2026

ශ්‍රී ලංකාවේ පියවරුන්ගේ දිනය ජූනි මාසයේ සැමරුවා. ඕස්ට්‍රේලියාවට ඒ දිනය උදා වෙන්නේ සැප්තැම්බරයේ වසන්ත සමයත් සමඟින්. අපි පීතෘත්වය පිළිබඳ විවිධ කතා අසනවා. අපේ අත්දැකීම් බෙදාගන්නවා. මේ කතාන්දර එකිනෙකට වෙනස්. පියෙකු වීමේ මාවතත් මේ සමඟ ම වෙනස් විය හැකියි. වික්ටෝරියා ප්‍රාන්තයේ ඉතිහාසය වෙනස් කරමින් ආදරණිය පියෙකු වූ ඕස්ට්‍රේලියානුවකු පිළිබඳවයි මේ විශේෂාංගය.

ඇසිදිසි ඇඩිලේඩ්: පාපැදියට කඳු තරණයට පෙම් බැඳි වෙදදුරු සරත්, අලි කතන්දරයක් කියන බුද්ධිමා සහ නෙත්මි සමඟ රාජකීය ඇඩිලේඩ් දැක්මේ තොරතුරු මෙවර විශේෂාංගයෙන් 05.09.2026

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවයේ කුමුදිණි සිල්වා ගෙන එන ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SB...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝ 31 - සැප් 04 04.09.2026

අගෝස්තු 31වන දා සිට සැප්තැම්බර් 04වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: රියැලිටි තරගයෙන් ඉවත් වෙනකොටම මට ආපු ආරාධනාව ගැන හිතා ගන්නත් බැරි වුනා - සියුමිණි ඔපයන්ගි 04.09.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your televi...

ක්‍රීඩා විග්‍රහය: හැට්‍රික් චමරි / ශ්‍රී ලංකාවට ICC කාන්තා චැම්පියන්ස් කුසලාන සත්කාරකත්වය අහිමි වුනේ ඇයි? / රුමේෂ් තරංගගේ දියමන්ති ලීගය 04.09.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday,...

නේපාල ගංවතුරෙන් අතුරුදන් වූ ඔස්ට්‍රේලියානුවන් අතර ශ්‍රී ලාංකික පසුබිමක් ඇති පවුලක් 04.09.2026

නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ඔස්ට්‍රේලියානුවන් අතර බටහිර සිඩ්නිහි ජීවත් වූ ශ්‍රී ලාංකික පසුබිමක් සහිත පවුලක්ද සිටින බවට තොරතුරු වාර්තා වනවා. ඒ පිළිබඳව ගෙන එන මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න

SBS සිංහල පුවත්: සිය රජයක් යටතේ දුම්කොළ නිෂ්පාදන බද්ද සියයට 80 කින් අඩු කිරීමට සැලසුම් කරනවා - විපක්ෂ නායක ඇන්ගස් ටේලර් 04.09.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 04 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your...

පිරිමිකම පිළිබඳ වැරදි මත නිසා ඔස්ට්‍රේලියාවේ පාසල් ළමුන් අතර ස්ත්‍රී විරෝධී අදහස් ඉහළ යන බවට අනතුරු ඇඟවීමක් 03.09.2026

පිරිමිකම, පිරිමින්ගේ අයිතිවාසිකම් සහ සබඳතා වැනි කරුණු වටා ගොඩනැගුණු කණ්ඩායම් වල මතවාද සහ අන්තර්ජාල ක්‍රියාකාරීන්ගේ මතවාද හේතුවෙන් කාන්තාවන් පිලිබඳ ඔබේ දරුවාගේ අකාල්ප වලට විශාල බලපෑමක් විය හැකි බව ඔබ දැන සිටියාද? ඔස්ට්‍රේලියාවේ පාසලක සිදුවූ එක් සිදුවීමකදී සිසුවෙක් ගුරුවරියක දෙසට මේසයක් විසි කිරීමට උත්සාහ කල අතර ඇය දෙසට පුටු විසි කිරීමටද කටයුතු කර තිබෙනවා. මෙය එක් ගුරුවරියකට සිදුවූ හුදෙකලා සිදුවීමක්...

ඔස්ට්‍රේලියාවේදී පළමු රැකියාව සොයාගන්න ජාත්‍යන්තර සිසුන්ට නොමිලේ සහාය දෙන ‘Pay It Forward’ වැඩසටහන 03.09.2026

‘Pay It Forward’ වැඩසටහන ඔස්ට්‍රේලියාවේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට සූදානම් වන ජාත්‍යන්තර සිසුන්ට, ක්ෂේත්‍රයේ පළමු රැකියාව සොයාගැනීම, වෘත්තීය මඟපෙන්වීම ලබාගැනීම සහ අවශ්‍ය වෘත්තීය සබඳතා ගොඩනගාගැනීම සඳහා නොමිලේ උපදේශන සේවා (Mentoring) ලබාදෙන වැඩසටහනක්. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සහ එයින් ජාත්‍යන්තර සිසුන්ට ලැබෙන ප්‍රායෝගික ප්‍රතිලාභ පිළිබඳව, ‘Pay It Forward’ වැඩසටහනේ උපදේශකවරියක් වන හිමාලි ද ස...

Luister naar de podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන in Replaio

Radio en podcasts in één app - gratis en zonder account. Installeer vandaag nog en mis de lancering niet

Download het op Google Play

Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds