SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
SBS සිංහල පුවත්: මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සහ ජීවන වියදම් තවත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම් 16.09.2026 6:17
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 16වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න
කාලීන: මෙම වසන්තයේදී සෘතුමය රෝග ගැන ඔබ දැනගත යුතුම දේවල් 15.09.2026 11:51
ඕස්ට්‍රේලියාව මේ වනවිට වසන්ත සමයට අවතීර්ණ වෙමින් සිටින අතර මේ නිසා seasonal illnesses හෙවත් සෘතුමය රෝග සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් හා ආරක්ෂාකාරීව සිටින ලෙස විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
අවුරුදු පතා වැළඳෙන විවිධ influenza රෝග ප්‍රභේද වලින් දරුවන් සහ වැඩිහිටියන්ව ආරක්ෂා කරගන්නේ කොහොමද? 15.09.2026 11:03
පසුගිය මාස වල දී ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් ඔස්ට්‍රේලියාව පුරාම වාර්තා වුනා. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවයේ උතුරු භූමි ප්‍රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්’ මාසික විශේෂාංගය වෙත වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ සමඟ සිදු කල සාකච්ඡාවක් ඇසුරෙන් සම්පාදනය කල වැඩසටහනක්. #sbsaudiopodcast #sbssinhala
නීති පිළිසරණ: ලංකාවේ රියදුරු බලපත්‍රයෙන් ඔස්ට්‍රේලියාවේ කොතරම් කාලයක් රිය පදවන්න පුළුවන් ද? වාහන modify කරන්න අවසර තියෙනවා ද? මොනවා ද මේ penalty units? 15.09.2026 6:44
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ අටවෙනි සහ අවසාන වැඩසටහන. #sbsaudiopodcast #sbssinhala
ලොව ප්‍රධාන පෙළේ තාක්ෂණික බලවතුන් අමනාප කරමින් ඕස්ට්‍රේලියාවේ ATO එකෙන් තීරණයක් 15.09.2026 2:03
ඕස්ට්‍රේලියාව ඇපල්, ගූගල්, මයික්‍රොසොෆ්ට් සහ ඇමේසන් වැනි තාක්ෂණික දැවන්තයින්ට බදු අයකිරීම සිද්ධ කරන අතර ඕස්ට්‍රේලියානු බදු දෙපාර්තමේන්තු තීරණ ගැන ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් මේ වනවිට එතරම් කැමැත්තක් නොදක්වන බවට වාර්තා වේ.මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
දෙමව්පිය සෞඛ්‍ය රක්ෂණාවරණය ආශ්‍රිතව මෙල්බර්න්වලින් ඇසෙන කතාවක්, 'ඕස්ට්‍රේලියාවට මග' සමූහයේ වරුණ සෙනවිරත්න 15.09.2026 11:58
ඕස්ට්‍රේලියාවට පැමිණෙන ඔබේ දෙමව්පියන්ගේ සෞඛ්‍ය රක්ෂණාවරණය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ ඇයි? 'ඕස්ට්‍රේලියාවට මග' ෆේස්බුක් සමූහයේ ඇඩ්මින් කෙනෙකු ලෙස කටයුතු කරන වරුණ සෙනවිරත්න ඔහුගේ දෙමව්පියන් මුහුණ දුන් පෞද්ගලික අත්දැකීමක් SBS සිංහල සේවය සමඟ බෙදා ගත්තේ මේ ලෙසින්. #sbsaudiopodcast
SBS සිංහල පුවත්: යෝජිත 'One Nation' පක්ෂ ශිෂ්‍ය වීසා කප්පාදුවෙන් ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 53ක ආර්ථික පාඩුවක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් 15.09.2026 5:41
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 15වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
ඔස්ට්‍රේලියාවේ 'Social Media' නීති තද වෙයිද? ඒවා ජනතා නිදහස සීමා කරයිද? 14.09.2026 6:33
ඔබ 'Facebook', 'Instagram' හෝ 'TikTok' හරහා වැඩසටහන් නැරඹීමේදී ඒ සමාජ මාධ්‍ය ජාලා ඔබට පෙන්වන්නේ මොනවාද කියලා තීරණය කරන්නේ ඇත්තටම ඔබද? නැත්නම් ඒ අදාළ සමාජමාධ්‍ය ජාලයේ ඇති 'algorithm' එකද? දැන් ඔස්ට්‍රේලියානු රජය ගෙන එන්න සූදානම් වන 'Digital Duty of Care' නව නීති යෝජනාවෙන්, social media සමාගම් අපට පෙන්වන වැඩසටහන් 'content' සම්බන්ධයෙන් විශාල වෙනසක් කරන්න යෝජනා කර තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් විපක්ෂය...
අපේ ඇස් ගැන මේ දේවල් නොසලකා හැරියොත්, පැය කීපයකින් පවා අපේ පෙනීම අහිමි වෙන්න පුළුවන්, හරිම විස්තරේ මෙන්න 14.09.2026 13:05
අපගේ ඇස් සම්බන්ධයෙන් කිසිවිටෙකත් නොසලකා නොහැරිය යුතු අනතුරු ඇඟවීම් සංඥා පිළිබඳව වන සාකච්ඡාවට සවන් දෙන්න
SBS සිංහල WorldWatch: ලෝක දේශපාලනයේ මීළඟ දිශානතිය තීරණය කරන්නේ BRICS ද? 14.09.2026 17:24
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast #sbssinhala
‘Superannuation’ මුදල් කලින් ලබාගැනීමට ඉඩ සැලසීමට One Nation පක්ෂය ගෙනා යෝජනාව ගැන ඔබ දැනුවත්ද? 14.09.2026 6:00
ඔබේ නිවාස කුලිය හෝ නිවාස ණය ගෙවාගන්න අමාරු නම්, ඔබේ විශ්‍රාම කාලය වෙනුවෙන් එකතු වන ඔබේ Superannuation මුදල්වලින් කොටසක් දැන්ම ලබාගන්න කැමතිද? One Nation පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති අලුත් යෝජනාවකින් කියන්නේ, වසර තුනක් දක්වා ඔබේ අනාගත Superannuation මුදල් වලින් කොටසක් කෙළින්ම ඔබේ අතට ලබාදිය යුතු බවයි. මේ යෝජනාව ගැන තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
SBS සිංහල පුවත්: 750,000කට වැඩියෙන් සංක්‍රමණය අඩු කරන වන් නේෂන් සැලැස්ම එළිදකියි 14.09.2026 5:11
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 14වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
කාලීන විග්‍රහය: විශ්වයේ රහස් සොයමින් නැන්සි ග්‍රේස් රෝමන් දුරේක්ෂය අභ්‍යවකාශයට 13.09.2026 5:20
අපි මේ විශ්වයේ තනි වෙලා ද? ඒ පැනයට පිළිතුරු සෙවීමේ තවත් පියවරක් නාසා ආයතනය ඉදිරියට තබා අවසන්. ඒ නව අභ්‍යවකාශ දුරේක්ෂයක් දියත් කිරීමත් සමඟින්. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි. #sbsaudiopodcast
ක්වීන්ස්ලන්ත සැරිසර: පළමු වැනි QCE සිංහල විභාගයට සූදානම් වන සිසුන්, Gladstone හි ඔනෙලි, නිකිණි හා නිතිකගේ අත්දැකීම් සහ 'සරලාංග 2026' ගැන මෙවර විශේෂාංගයෙන් 12.09.2026 27:53
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast
කැන්බරා අඬහැරේ: The Canberra Times හොඳම ණය තැරැව්කරුවන් අතරට තේරුණු දේවා, ස්වතන්ත්‍ර ගීයක මිහිර ගෙනෙන රිතිනි සහ අගනුවර ඉතිහාසය මෙවර විශේෂාංගයෙන් 12.09.2026 26:06
ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය සැප් 07 - සැප් 11 11.09.2026 7:07
සැප්තැම්බර් 07වන දා සිට සැප්තැම්බර් 11වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. #sbsaudiopodcast
තරුෂි එක්ක තරු කතා: මම විශේෂ විදිහට ජීවත්වෙන කෙනෙක් නෙවෙයි සාමාන්‍ය විදිහට කාලා බීලා හිනාවෙලා ඉන්න කැමති කෙනෙක් - පබෝදා සන්දීපනී 11.09.2026 9:13
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast
ක්‍රීඩා විග්‍රහය: 'උප නායකත්වය ඉවත් කිරීම ගැන තේරීම් කමිටුවෙන් අහන්න' - කමිදු / තේරීම් ගැන ඇමතිගේ නොසතුට / රුමේෂ් තරංග යුරෝපා කිරුළට අතේ දුරින් 11.09.2026 9:00
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast
ඕස්ට්‍රේලියාවේ දී ජීවිතය කවිකම් කළ යසසි මල්මීවල, 'Coming of Age' එළිදැක්වීම මේ සතිඅන්තයේ 11.09.2026 7:05
ලේඛිකා යසසි මල්මීවලගේ කුළුඳුල් කෘතිය 'Coming of Age', ඕස්ට්‍රේලියාවේ දී එළිදැක්වීම සැප්තැම්බර් 13වන ඉරිදා සිඩ්නි සිංහල සංස්කෘතික කේන්ද්‍ර පරිශ්‍රයේ දී පැවැත්වෙනවා. ඒ පිළිබඳ යසසි දැක් වූ අදහස්වලට ඔබත් සවන් දෙන්න. #sbsaudiopodcast
SBS සිංහල පුවත්: සමාජ මාධ්‍ය ඇල්ගොරිදම් අක්‍රිය කිරීමට පරිශීලකයින්ට ඉඩ සලසන නීති කෙටුම්පත එළිදක්වයි - විපක්ෂයේත් එක්සත් ජනපදයේත් විරෝධය 11.09.2026 4:48
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 11 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
ඔස්ට්‍රේලියාවත් යුද්ධයකට ඇද දැමූ ‘9/11’ ප්‍රහාරයට වසර 25යි 10.09.2026 6:49
අමෙරිකාවේ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 3,000කට ආසන්න පිරිසක් මියගොස් මේ වසරට වසර 25ක් සපිරෙනවා. ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ යුද්ධවලට ඔස්ට්‍රේලියාවත් ඇද දැමූ එම ප්‍රහාරයෙන් පසු ලෝකය ත්‍රස්තවාදයට මුහුණ දුන් ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. නමුත් හිටපු අගමැති ජෝන් හොවාඩ් සහ ආරක්ෂක විශේෂඥයන් පවසන්නේ, අද පවතින තර්ජන එදාටත් වඩා සංකීර්ණ බවයි. මේ පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන විශේෂාංගයට සවන් දෙ...
නිවාස මිල පහළ ගියොත් ඔබේ 'Home Loan' එකට මොකද වෙන්නේ? ‘Negative Equity’ ගැන දැනගත යුතු දේ 10.09.2026 8:16
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල පහළ යාම ගැන මේ දිනවල වැඩි කතාබහක් තිබෙනවා. මෙම තත්ත්වය අඩු තැන්පතුවකින් නිවසක් මිලදී ගත් කෙනෙකුට කුමන ආකාරයකට බලපාන්න පුළුවන්ද? 'Negative Equity' තත්ත්වයක් ඇති වුණොත් 'home loan' එක 'refinance' කිරීම හෝ නිවස විකිණීම වැනි දෑ සඳහා අවස්තාවක් නොමැතිද? #sbsaudiopodcast
අපේ වහරේ කතා අහුරක්: කොටි වලිගේ අල්ලා ගත්තා වගේ කියන කතාව හැදුණේ මෙන්න මෙහෙමයි 10.09.2026 3:04
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ යාළුවෝ දෙන්නෙකුයි කොටියෙකුයි පැටලුණු රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302...
SBS සිංහල පුවත්: සැප්තැම්බර් 11 සිට ඔක්තෝබර් 6 දක්වා Sydney Ferries ජාලයේ Opal යන්ත්‍ර අක්‍රිය කෙරේ 10.09.2026 5:16
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 10වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
ඕස්ට්‍රේලියාවේ පෙට්‍රල් හොරු වැඩි වෙලා, අධික ජීවන වියදම ලොකුම හේතුවක් 09.09.2026 3:17
ඕස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම සහ පහත වැටෙන වැටුප් හේතුවෙන් පෙට්‍රල් සොරකම් කිරීමේ සිදුවීම් ඉහල ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් සිදු කල නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ඉහළ යන ඉන්ධන මිලට වඩා ජීවන වියදම් පීඩනය සහ වැටුප් වර්ධනය නොවීම මෙම සොරකම් සඳහා හේතු වී ඇති බවයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds