SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au

Auteur

SBS

Categorie

News

Website van de podcast

www.sbs.com.au

Nieuwste aflevering

15 okt. 2026

Waar luisteren?

Podcasts in de app Replaio Radio Binnenkort beschikbaar

Podcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts

Download het op Google Play Gratis installeren Android bijna 10 mln downloads · beoordeling 4,8 iOS binnenkort

Afleveringen

පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ගාස්තු අප්‍රේල් 01 වැනිදා සිට ඉහළ යන්නේ මෙන්න මෙහෙමයි 20.02.2026

2017 වසරෙන් පසු විශාලතම සෞඛ්‍ය රක්ෂණ වාරික වැඩි වීම ෆෙඩරල් රජය විසින් අනුමත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සියයට 4.41 ක සාමාන්‍ය අගයකින් වාරික වැඩි වීම අප්‍රේල් 1 වන දින සිට ක්‍රියාත්මක වනවා.

ක්‍රීඩා විග්‍රහය: අන්තිම පන්දු වාරය යැවීමට මහීශ් තීක්ෂණ යොදාගැනීමට නායකයා ගත් තීරණය නිවැරදියි - කුසල් මෙන්ඩිස් 20.02.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: ඝාතනය වූ නීතිඥවරයා ගැන පොලිස් විමර්ශනයක් සිදු වෙමින් තිබුණා - අමාත්‍ය විජේපාල / රක්ෂිත බන්ධනාගාරය වෙනුවට සැකකරුවන් නිවාස අඩස්සියට 20.02.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: පෝලීන් හැන්සන්ට රාමසාන් සමයේ දී සිඩ්නි ලකෙම්බා ප්‍රදේශයට පැමිණෙන්නයි මුස්ලිම් ප්‍රජාව ඉල්ලයි 20.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

How to recover from bushfires - ඔස්ට්‍රෙලියාව්දී ලැව්ගිනි තත්වයකට ඔබ මුහුණ දුන්නොත් නැවත ජීවිතය ගොඩනගා ගන්නේ කොහොමද? 19.02.2026

Australia’s hot, dry climate and unique landscapes make it one of the most bushfire-prone countries in the world. As climate change drives higher temperatures and drier conditions, we can expect more frequent and more intense bushfires in the future. But once the fire is out, how do you return home safely, find support, and look after yourself? - ඕස්ට්‍රේලියාවේ පාරිසරික තත්වයන් සහ උණුසුම් කාලගුණික...

සමාජ මාධ්‍ය සැබෑ රේඩියෝ කලාවට තර්ජනයක් නෙවෙයි - ලෝක රේඩියෝ දිනය වෙනුවෙන් SBS සිංහල ගුවන්විදුලියට ආ DJ අරා අරවින්ද ලොකුගේ 19.02.2026

Exclusive: ශ්‍රී ලාංකේය වාණිජ ගුවන්විදුලි කේෂ්ත්‍රයේ යුග පෙරළියකට දායක වූ වසර ගණනාවක් අඛණ්ඩව ජනප්‍රියම නිවේදකයාට හිමි ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ නිවේදක අරවින්ද ලොකුගේ SBS සිංහල සේවයේ සජීව ගුවන්විදුලි වැඩසටහන සමඟ සිදු කල කතාබහ.

Superannuation විශ්‍රාම අරමුදල් කිහිපයක් පවත්වාගෙන යාමෙන් කීයක් පාඩු වෙනවා ද කියලා දන්නවා ද? 19.02.2026

ඕස්ට්‍රේලියානුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට තමන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල නැතිනම් Superannuation ගිණුමේ නම කුමක් දැයි මතකයෙන් පිළිතුරු දිය නොහැකි බව නවතම සමීක්ෂණයක් හෙළි කරනවා.

අපේ වහරේ කතා අහුරක්: පඬිතුමාට ඒදණ්ඩේ යන්න බැරි උනාට පාරුවේ ගියා කියලා දැනගෙන උන්නා ද? 19.02.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ පණ්ඩිතයා පාරුවේ ගිය කතාව ගැනයි.

ලොව වටා: රුසියා යුක්‍රේන සාම සාකච්ඡා වල ප්‍රගතියක් එද්දී, බංග්ලාදේශයේ නව අගමැති තාරික් රහ්මාන් බලයට එයි 19.02.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ISIS එක්වූ සටන්කරුවන්ගේ පවුල් සාමාජිකයින්ගෙන් එක් අයෙකුට ඕස්ට්‍රේලියාව තාවකාලිකව තහනම් වෙයි 19.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 19 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ මීළඟ අගමැති පුටුවට මාන බලන ලිබරල් පක්ෂ නව නායක ඇන්ගස් ටේලර් 18.02.2026

වසර 81 ක ඉතිහාසය තුල ඕස්ට්‍රේලියාවේ ලිබරල් පක්ෂයේ නායකත්වයට පත් පළමු කාන්තාව වූ සුසන් ලීගේ මාස නවයක ධුර කාලය අවසන් කරමින් තීරණාත්මක අභ්‍යන්තර රහස් ඡන්දයකින් ඇන්ගස් ටේලර් ලිබරල් පක්ෂ නායකත්වයට පත් වුණා. අද කාලීන විග්‍රහය විමසා බැලෙන්නේ ලිබරල් පක්ෂ නායකත්වයට පත් වූ ඇන්ගස් ටේලර් පිළිබඳවයි.

SBS සිංහල පුවත්: පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික ගාස්තු අප්‍රේල් මාසයේ සිට ඉහලට 18.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 18 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියානුවන්ගේ වියදම වැඩි කරමින්, ඕස්ට්‍රේලියාවේ සෑම දිනකම බන්ධනාගාරගතවන පිරිස ඉහලට 17.02.2026

ඕස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් දෛනිකව බන්ධනාගාරගත වෙන පිරිස වසර අටකට පසු එහි ඉහළම මට්ටමට පැමිණ තිබෙනවා. ඵලදායිතා කොමිසමේ අලුත්ම දත්ත වලට අනුව, 2024-2025 මූල්‍ය වර්ෂය තුළ සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයින් 45,000 ක් පමණ සිර ගතවීමට ලක්ව තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.

ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ ගිය පවුල් ඒකක මොනවා ද? වැඩියෙන් ම වියදම් වෙන්නේ මොනවා ට ද? සියලු විස්තර මෙන්න 17.02.2026

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) නව දත්ත වලට අනුව, 2025 දෙසැම්බර් කාර්තුව දක්වා ගෙවුණු වසර තුළ සියලුම වර්ගයේ ගෘහ ඒකක සඳහා ජීවන වියදම් ඉහළ ගොස් තිබෙනවා.

සිංහල අවුරුද්දට කිරිබත් වගේ චීන අවුරුද්දට අපි ඩම්ප්ලින්ස් කනවා - ඇඩිලේඩ් නුවර සිංහල කතා කරන චීන තරුණිය දර්ශනී චීන අලුත් අවුරුද්ද ගැන අපිට කිව්ව දේ 17.02.2026

චන්ද්‍ර මාස ක්‍රමය අනුව යෙදෙන චීන අලුත් අවුරුද්ද එහෙම නැත්නම් 2026 වසරේ වසන්ත උත්සවයේ පළමු දිනය අද යි. චිනයේ සහ ශ්‍රී ලංකාවේ දී සිංහල භාෂාව හැදෑරූ චීන ජාතික Zhang Zhe (දර්ශනී) දැන් ජීවත් වෙන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර. මේ ඇය සමඟ චීන අලුත් අවුරුද්ද ගැන SBS සිංහල සිදු කල කතාබහයි.

SBS සිංහල පුවත්: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වට්ටම් දෙනබව පවසමින් පාරිභෝගිකයින් නොමග යැවූ බවට Coles ආයතනයට චෝදනා 17.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 17 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

නීති පිළිසරණ: දික්කසාද නීතිය - දරුවන් සහ දේපළ වල නීතිමය හිමිකාරිත්වය කාට ද? 16.02.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ තෙවැනි කොටස.

කාලීන විග්‍රහය: Capital Gains Tax නැවතත් කරළියට, සංශෝධන සිදු කිරීම පිළිබඳ ආර්ථික විශේෂඥයන්ගෙන් විවිධ මත 16.02.2026

මෑතක සිදු වූ පොලි අනුපාත ඉහළ යාමත් සමඟ ෆෙඩරල් රජය වෙත වෘත්තීය සමිති සහ ආර්ථික විශේෂඥයන්ගෙන් යම් පීඩනයක් එල්ල වෙමින් පවතිනවා. ඒ ප්‍රාග්ධන ලැබීම් මත වූ බදු ක්‍රමය හෙවත් Capital Gains Tax සතු 50%ක බදු ප්‍රතිලාභය වෙනස් කරන ලෙසටයි. එම ප්‍රතිපත්තිය ධනවත් ඕස්ට්‍රේලියානුවන්ගේ වාසියට පවතින බවත් එය බදු ගෙවීම මග හරවන ක්‍රමවේදයක් බවත් විචාරකයන් පවසනවා. නිවාස සැපයුම ඉහළ දැමීම කෙරෙහි රජය අවධානය යොමු කරන බව භාණ්...

ඕස්ට්‍රේලියාවට හරි Visitor කෙනෙක් විදියට එන්නේ මෙහෙමයි 16.02.2026

ඔබ ඕස්ට්‍රේලියාවට පැමිණෙද්දී 'Genuine Visitor ' කෙනෙක් බව ඔප්පු කිරීමට දන සිටිය යුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

පාතාල ක්‍රියාකාරකම් නිසා ජනතාව පීඩා විඳින බවට සජිත් ගෙන් චෝදනා/ IMF සංවිධානයේ කළමණාකාර අධ්‍යක්ෂකවරිය ලංකාවේ සංචාරයක 16.02.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහන විශාල ප්‍රතිසංසකරණ වලට ලක්කිරීමට ලිබරල් පක්ෂයෙන් සැලැස්මක් 16.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 16 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

සුව මනස: මානසික සෞඛ්‍යය බිඳ වැටෙනවා කියලා දැන ගන්නෙ කොහොම ද? 15.02.2026

යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන මානසික සෞඛ්‍ය බිඳවැටීමක් හඳුනා ගන්නා ආකාරය පිළිබඳවයි.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, පෙබ 09 - පෙබ 13 13.02.2026

පෙබරවාරි 09වන දා සිට 13වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: තව අවුරුදු 100 කින් රේඩියෝවට මොනවා වෙයි ද? ගුවන්විදුලි තරු අපිට කිව්ව දේ 13.02.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.

ක්‍රීඩා විග්‍රහය: කුසල් මෙන්ඩිස් T20 ලකුණු 2500 පසු කරයි - දසුන් ශානකගේ වේගවත් අර්ධ ශතක වාර්තාවක් 13.02.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

Luister naar de podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන in Replaio

Radio en podcasts in één app - gratis en zonder account. Installeer vandaag nog en mis de lancering niet

Download het op Google Play

Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds