SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
SBS සිංහල පුවත්: ග්රේස් ටේම්ගෙන් අගමැති සමාව ඉල්ලයි - බියගුලු පලා යාමකැයි ග්රේස්ගෙන් සටහනක් 27.02.2026 5:02
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 27 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ඔස්ට්රේලියාවේ LGBTIQ+ ප්රජාවේ පිරිස් රැකියා ස්ථානවලදී හිංසනයට ලක්වීමේ සිදුවීම් ඉහලට 26.02.2026 9:25
ඔස්ට්රේලියාවේ වෛරී සහගත ප්රකාශයන් පිළිබඳව වන සිදුවීම් පසුගිය කාලයේ ඉහල ගොස් තිබෙනවා. ඔස්ට්රේලියානු සමාජයේ ඉන්න LGBTIQ+ ප්රජාවන් රැකියා ස්ථාන තුලදී විවිධ හිංසනයන්ට ලක්වන බවටත් මේ වනවිට එම ප්රජාවන්ගෙන් තොරතුරු වාර්තා වනවා. මෙවැනි සිදුවීම් වලක්වන්න නව නීති හඳුන්වාදිය යුතු බවට මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශේෂඥයින්ගේ මතය වෙලා තියෙනවා. මේ ගැන සම්පූර්ණ තොරතුරු දැනගන්න අද කාලීන විග්රහයට සවන් දෙන්න
2023 සහ 2025 අතර වැඩිම ප්රතිශතයකින් ඕස්ට්රේලියාවට සංක්රමණය වූ නිපණතා සහිත වූවන් ශ්රී ලංකාවෙන් 26.02.2026 6:26
ශුද්ධ විදේශ සංක්රමණය දත්ත අනුව 2023-24 සහ 2024-25 වර්ෂ අතර වැඩිම ප්රතිශතයකින් සංක්රමණික සංඛ්යාවක් ඉහළ ගොස් ඇත්තේ ශ්රී ලාංකික නිපුණතා සහිත ප්රජාවයි. 2023-24 මූල්ය වසරේ දී ඔස්ට්රේලියාවට සංක්රමණය වූ ශ්රී ලාංකිකයින් සංඛ්යාව 4688 ක්. නමුත් 2024-25 මූල්ය වර්ෂයේ දී එය 75.7% කින් වැඩි වී 8235 ක ශ්රී ලාංකික නිපුනතා සංක්රමණිකයින් මෙටට පැමිණ තිබෙනවා.
අපේ වහරේ කතා අහුරක්: පොල් මුඩු වෙදා බෙහෙත් දුන්න හැටි දන්නවා ද? 26.02.2026 5:51
අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ පොල් මුඩු වෙදෙක් ගැන කතාවක්.
ලොව වටා: ට්රම්ප් ඇමරිකානු ඉතිහාසයේ වාර්තාවක් තබමින් දිගම කතාව කරද්දී, ජපානයේ Punch තරුවක් වෙයි 26.02.2026 8:01
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: සුපිරි වෙළඳසැල් ජාලයක් විසින් සිදු කරන නොමඟ යැවීමක් පිලිබඳ පාරිභෝගික කොමිසම අධිකරණයට කියයි 26.02.2026 5:29
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 26වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
මෑතකාලීන ශිෂ්ය වීසා ප්රතික්ෂේප වීම් සහ අභියාචනා සිදු කිරීමේ ක්රියාවලිය පිළිබඳ දැනුවත් වෙමු 25.02.2026 10:59
2026 වසරේ මේ තාක් ඕස්ට්රේලියානු අධ්යාපන සිහිනය සැබෑ කරගත් ශිෂ්ය ප්රජාවක් සිටිනවා. ඒ වගේ ම වීසා ප්රතික්ෂේප වීම් පිළිබඳවත් සිය අත්දැකීම් ෆේස්බුක් වැනි සමාජ මාධ්ය අවකාශ ඔස්සේ බෙදාගන්නා පිරිස් වැඩි වශයෙන් ගත වූ මාස දෙකට දැකගන්න පුළුවන්. මේ මෑතකාලීන තත්ත්වය පිළිබඳව ඕස්ට්රේලියාවේ ලියාපදිංචි සංක්රමණ උපදේශකවරයෙකු සමඟ ගෙන එන සාකච්ඡාවට ඔබත් සවන් දෙන්න.
ATM සහ බැංකු කාඩ්පත් වෙනුවට phone එකෙන් කරන ගෙවීම් නියාමනය කරන්නැයි බැංකු සහ මූල්ය සමාගම් ඉල්ලයි 25.02.2026 3:35
ඕස්ට්රේලියාවේ මූල්ය ගෙවීම් පද්ධතිය පිළිබඳ පාර්ලිමේන්තු විමර්ශන සභා රැස්වීමේ දී iPhone මගින් සිදු කරන ඩිජිටල් ගෙවීම් සඳහා Apple සමාගම සතු ඒකාධිකාරය බිඳ දමන ලෙසට රජයට මූල්ය හා බැංකු කේෂත්රයෙන් පීඩනයක් එල්ල කෙරුණා.
SBS සිංහල පුවත්: ආරක්ෂාව පිළිබඳ එල්ල වූ තර්ජනයක් හේතුවෙන් කැන්බරා නිල නිවසින් ඉවත් වූ අග්රාමාත්ය ඇන්තනී ඇල්බනීසි යලි ආරක්ෂිතව නිල නිවසට 25.02.2026 5:14
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 25 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ඕස්ට්රේලියානු විශ්වවිද්යාල වල ජාතිවාදය දැඩිව පැතිරී ඇති බව හෙළි වෙයි 24.02.2026 15:02
ඕස්ට්රේලියාවේ විශ්වවිද්යාලවල racism හෙවත් වර්ගවාදය පිළිබඳ පළමු ජාතික වාර්තාව වනවිට නිකුත් කොට තිබෙනවා. මේ ඔස්සේ ඕස්ට්රේලියාවේ විශ්ව විද්යාලවල වර්ගවාදය පුළුල් හා ක්රමානුකූල ගැටලුවක් බව සොයාගෙන තිබෙන බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්රහයෙන්.
ශ්රී ලංකාවෙන් ලැබුණු නිදහස් අධ්යාපනය නිසයි අද මම මෙතන ඉන්නෙ - Officer of the Order of Australia ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ මහාචාර්ය ඉලියතම්බි අම්බිගරාජා 24.02.2026 9:57
SBS Sinhala Exclusive: ඕස්ට්රේලියාවේ ඇති ඉහළ ම රාජ්ය ගෞරව සම්මාන උළෙල වන ඕස්ට්රේලියානු විධානයේ (The Order of Australia) ගෞරව සම්මාන උළෙලේ දී 2026 වසරේ Officer of the Order of Australia AO ගෞරව සම්මානයට පාත්ර වූ UNSW හි ප්රකට ශ්රී ලාංකීය මහාචාර්ය ඉලියතම්බි අම්බිගරාජා මහතා SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස් ඇසුරෙන් සැකසූ විශේෂාංගය.
නීති පිළිසරණ: දික්කසාද නීතිය - ඕස්ට්රේලියාවේ දී දික්කසාද නඩු කියන්න කොච්චර කාලයක් යනවා ද? 24.02.2026 6:42
ඕස්ට්රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ සිව්වැනි කොටස.
පොලී අනුපාතික ඉහළ යන වෙලාවක ඔබේ ප්රතිචාරය මොකද්ද? වියදම් කපනවා ද? පොලිය lock කර ගෙන තව ණය ගන්නවා ද? 24.02.2026 6:35
මේ දිනවල පොලී අනුපාතික ඉහළ යන ප්රවණතාවයක් තිබියදීත්, ඔස්ට්රේලියානුවන් වියදම් අඩු කරනවා වෙනුවට තව තව ණය ගන්න යොමු වීමේ ප්රවණතාවක් දක්නට ලැබෙනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු දැනගන්න SBS සිංහල සේවයේ මෙම කෙටි පොඩ්කාස්ට් විශේෂාංගයට සවන් දෙන්න
SBS සිංහල පුවත්: ඕස්ට්රේලියාවේ පළමු අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීමේ පූර්ව සංවර්ධන අදියර ඇරඹේ 24.02.2026 4:57
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 24 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
ඉදිරි දින කිහිපයේ මෙල්බර්න්වලට ඇද හැළෙන ඉහළ ම වර්ෂාපතනය අද, සිඩ්නි නුවරට හෙට දිනයේ තද වැසි සහ සුළං 23.02.2026 4:59
ගිම්හාන කාලයේ අවසන් දින කිහිපය තමයි මේ ගත වෙන්නේ. ඒත් එක්කම ඕස්ට්රේලියාවේ බොහෝ පෙදෙස් තද වැසි සහ අකුණු සහිත කාලගුණ තත්ත්වයකට මුහුණ දෙන්න සූදානම් වෙනවා. හදිසි ගංවතුර, තද සුළං සහ ජන ජීවිතයට බාධා ඇති විය හැකි බවට පුරෝකථනයක් තිබෙනවා. මධ්යම ඔස්ට්රේලියාවට ඉහළින් නිවර්තන අවපාතයක් මේ අයහපත් කාලගුණය ඇති කරනවා. මේ ගතවන සතිය පුරා ඒ තත්ත්වය පවතිනු ඇති බව කාලගුණික කාර්යාංශය කියනවා. මේ අතර, රටේ ප්රධාන භාණ්ඩ...
කාලීන විග්රහය: ඔස්ට්රේලියාවේ ඉහළ යන බලහත්කාර විවාහ වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පාසල් වල සහාය අවශ්යයි 23.02.2026 6:53
ඔස්ට්රේලියාවේ පාසල් සිසුන් බලහත්කාරයෙන් විවාහ කර දීම පිළිබඳ පොලිස් වාර්තා ඉහළ ගොස් තිබෙනවා. නව වසරක ආරම්භයේදී සිසුන් පාසල වෙත නැවත පැමිණෙන විට, ඔවුන් බලහත්කාරයෙන් විවාහ කර දීමේ සලකුණු ඇත්දැයි පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස ඔස්ට්රේලියානු ෆෙඩරල් පොලිසිය පාසල් වලින් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු SBS සිංහල සේවයේ අද කාලීන තොරතුරු විග්රහයෙන්.
අපිටත් වඩා අපේ සුරතලුන්ට රස්නේ දැනෙන බව දන්නවද, වැඩි විස්තර මෙන්න 23.02.2026 10:24
Heatwaves හෙවත් "තාප තරංග" වල බලපෑම සුරතල් සතුන්ගේ සෞඛ්යයට බලපාන ආකාරය ගැන සෑම හිමිකරුවෙකුම දැනගත යුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවේ දෙවන කොටසට සවන් දෙන්න.
සුව මනස: මානසික ගැටළුවක් ආවා ම අපි කාට ද මුලින් ම කතා කරන්න ඕන? 23.02.2026 5:20
යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන මානසික සෞඛ්ය බිඳවැටීමක දී ඔබ ලබා ගත යුතු වෘත්තීය උපදෙස් හා යොමු විය යුතු ක්රියාමාර්ග පිළිබඳවයි.
මව්බිමෙන් පුවත්: බුද්ධාගමට හා මහා සංඝරත්නයට සිදු කරන අපහාස වලට එරෙහිවයි සඟ සමුළුව පැවැත්වුණේ - මන්ත්රී මාදුගොඩ / පටු අරමුණින් කරන සමුළු වල අරමුණු ඉටු වෙන්නෙ නෑ - නි.ඇමති වටගල 23.02.2026 7:45
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ලිබරල් සන්ධාන රජයක් යටතේ සංක්රමණ සංඛ්යාව අඩු කරන බව විපක්ෂ නායක ටේලර් කියයි 23.02.2026 5:19
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 23වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: දශක දෙකක සාකච්ඡා වලින් පසුව ඉන්දියාව යුරෝපය සමග සුවිශේෂී වෙළඳ ගිවිසුමකට එළඹෙයි 22.02.2026 8:41
යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර ඉතාම සුවිශේෂී වෙළඳ ගිවිසුමක් පසුගියදා ඇති උනා. මේ සඳහා වසර දෙකක පමණ කාලයක ඉඳලා දෙපාර්ශවය සාකච්ඡා පැවැත් වූවා. ඇමරිකානු සම්බාධක හේතුවෙන් වෙළඳ ගනුදෙනු සඳහා වන එකඟතා ඇතිකර ගැනීම සඳහා මේ ප්රබල ආර්ථිකයන් දෙකම මේ වනවිට කටයුතු කරමින් ඉන්නවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
ලෝක මව් භාෂා දින විශේෂාංගය - අවුරුදු 36 ට අධික කාලයක් දරුවන්ට මව්බස ඉගැන්වූ අපේ කාලේ දුයිෂෙන් ගුරු යුවළ 20.02.2026 10:06
ජාත්යන්තර මව් භාෂා දිනය පෙබරවාරි 21 වෙනිදා ට යෙදෙනවා. දශක තුනකට අධික කාලයක් සිංහල භාෂා ගුරුවරු ලෙස ශ්රී ලංකාවේ ජාතික පාසල් ගුරු සේවයේ නිරත වූ ජනහිත විජයබණ්ඩාර මහතා සහ තමරා ගුණතිලක මහත්මිය SBS සිංහල සේවය සමඟ මව් භාෂාවේ වටිනාකම සහ සිය ගුරු ජීවිතය පිළිබඳ දැක්වූ අදහස්.
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, පෙබ 16 - පෙබ 20 20.02.2026 9:21
පෙබරවාරි 16වන දා සිට 20වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: අඩුවෙන් අවස්ථාව ලැබෙන නිසා ද මන්දා මම ගායනයට වඩා රංඟනයට තමා වඩාත්ම කැමති - අමන්ද්යා 20.02.2026 9:06
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
පුද්ගලික සෞඛ්ය රක්ෂණ ගාස්තු අප්රේල් 01 වැනිදා සිට ඉහළ යන්නේ මෙන්න මෙහෙමයි 20.02.2026 4:13
2017 වසරෙන් පසු විශාලතම සෞඛ්ය රක්ෂණ වාරික වැඩි වීම ෆෙඩරල් රජය විසින් අනුමත කිරීමේ ප්රතිඵලයක් ලෙස සියයට 4.41 ක සාමාන්ය අගයකින් වාරික වැඩි වීම අප්රේල් 1 වන දින සිට ක්රියාත්මක වනවා.
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds