SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Besuch unbedingt die Website des Podcasts und unterstütze die Macher: www.sbs.com.au
Wo hören?
Podcasts in der App Replaio Radio Bald verfügbarPodcasts kommen bald in die App. Installiere sie jetzt und erlebe als Erster einen ganz neuen Blick auf Podcasts
Folgen
සිවු හැවිරිදි Gus Lamont දරුවාගේ අතුරුදහන් වීමට සම්බන්ධ සැකකරු හඳුනා ගනී 10.02.2026 2:57
දකුණු ඕස්ට්රේලියාවේ දුරස්ථ නගරයක ජීවත් වූ සිවු හැවිරිදි ගස් ලැමොන්ට් දරුවාගේ අතුරුදහන් වීම මේ වන විට අපරාධ පරීක්ෂණයක් බවට පත් කර තිබෙනවා. දරුවා දැනට ජීවතුන් අතර නොමැති බවට විශ්වාස කරන බවත් පොලීසිය නිවේදනය කළා.
නීති පිළිසරණ: දික්කසාද නීතිය - අනියම් සබඳතාවක් හෙළි වුණා කියලා ඕස්ට්රේලියාවේ දී දික්කසාද වෙන්න පුළුවන් ද? 10.02.2026 6:36
ඕස්ට්රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ දෙවැනි කොටස.
SBS සිංහල පුවත්: ඔස්ට්රේලියාවේ ජාතික ධජයට හානි සිදුකරන පුද්ගලයින්ට සිරදඬුවම් දෙන්න යෝජනාවක් 09.02.2026 5:15
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: හිටපු ඕස්ට්රේලියානු ක්රිකට් ක්රීඩක ශ්රීමත් දොන් බ්රැඩ්මන්ගේ හිස් වැසුම ඩොලර් ලක්ෂ ගණනකට වෙන්දේසි වේ 09.02.2026 7:31
හිටපු ඔස්ට්රේලියානු ක්රිකට් ක්රීඩක ශ්රීමත් ඩොනල්ඩ් බ්රැඩ්මන් (ඩොන් බ්රැඩ්මන්) පැලඳී හිස්වසුමක් පසුගියදා පැවති වෙන්දේසියකදී ඩොලර් 460,000ක මුදලකට අලෙවි වී තිබුනා. ඔස්ට්රේලියානු ක්රිකට් ක්රීඩකයින් පළඳින මේ හිස්වසුම බැගී ග්රීන් කියල හඳුන්වනවා. මේ වගේ ක්රීඩාවට සම්බන්ධ විශේෂ මතක සටහන් විශාල මුදල් ප්රමාණයන්ට ලොව පුරා අලෙවි වනවා අපට දැකගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔස්ට්රේලියානු සුපිරි දඟපන්දු යව...
ඕස්ට්රේලියාවෙන් ඇවිත් ලංකාවේ ත්රිරෝද 800 ට වඩා හසුරුවන Tom Cornish ගේ කතාව 09.02.2026 9:15
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් මුදා ගැනීමේ හා සහන සේවා කටයුතු වල ස්වේච්ඡාවෙන් නිරත වූ ඕස්ට්රේලියානු ජාතික තරුණ ව්යවසායකයෙක් වන Thomas Cornish සමඟ SBS සිංහල සේවය කළ කතාබහක් ඇසුරෙන් ගෙනෙන විශේෂාංගය.
මව්බිමෙන් පුවත්: මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීමට දෙමළ මන්ත්රීවරුන්ගේ විරෝධය / ටිල්වින් හා ජයශංකර් අතර හමුවක් 09.02.2026 8:40
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ලිබරල් පක්ෂය සහ නැෂනල්ස් පක්ෂය නැවත එක් වෙයි 09.02.2026 5:05
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 09වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: සියවැනි උපන්දිනය සමරන රූපවාහිනි යන්ත්රයේ කතාන්දරය 08.02.2026 7:13
රූපවාහිනිය සොයා ගත්තේ ජෝන් ලොගී බෙයාර්ඩ් නම් ස්කොට්ලන්ත ජාතික මහත්මයෙකු බව අපි පාසල් යන කාලේ දී ඉගෙන ගත්තා. ඒ නිපදවීමට අවුරුදු 100ක් ගත වෙලා. අද ඔබේ ආලින්දයේ තිබෙන විවිධ මාදිලිවලට අයත් රූපවාහිනී යන්ත්ර සියවසකට පෙර ජෝන් ලොගී බෙයාර්ඩ් හැඳින්වූයේ ටෙලිවයිසර් යන නමින්. පළමු වරට මේ තිරයේ පෙන්වා තියෙන්නේ බෝනික්කෙකුගේ හිසක්. නූතන රූපවාහිනී තිරයක ඇති සුපැහැදිලි දසුනක් විදියට නම් නෙවෙයි මේ බෝනික්කව පෙනිලා...
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, පෙබ 02 - පෙබ 06 06.02.2026 5:38
පෙබරවාරි 02වන දා සිට පෙබරවාරි 06වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: සත්ය සිදුවීමක් ඇසුරෙන් හදපු නිසා මේ චිත්රපටයට වැඩි බරක් තියෙනවා - චමින්ද ජයසූරිය 06.02.2026 7:41
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
සුව මනස: ශරීර සෞඛ්යය වගේම ඇයි අපි මානසික සෞඛ්යයත් යහපත් මට්ටමේ තියෙනවා ද කියලා දැන ගන්න ඕන? 06.02.2026 5:35
යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්යය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන මානසික සෞඛ්යය බිඳවැටීමකට හේතු හඳුනා ගන්නා ආකාරය පිළිබඳවයි.
ක්රීඩා විග්රහය: ජනපති NCC ක්රීඩාංගණයට ගොස් T20 ලෝක කුසලාන පුහුණුවීම් වල නිරත ශ්රී ලංකා කණ්ඩායම දිරිමත් කරයි 06.02.2026 8:49
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට විරුද්ධව ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් / ශ්රී ලංකාවේ පළමු විගණාකාධිපතිනිය පත් වේ 06.02.2026 8:50
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ඉන්දුනීසියාව සහ ඕස්ට්රේලියාව අතර අද ඓතිහාසික ආරක්ෂක ගිවිසුමත් අත්සන් තැබේ 06.02.2026 4:40
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 06 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
Public transport in Australia: breaking down the basics - ඔස්ට්රේලියාවේ පොදු ප්රවාහන සේවා වල යන ඔබ මේ මූලික කරුණු ගැන දැනුවත්ද? 05.02.2026 10:46
Like in most countries, public transport in Australia is the cheapest way to get around. It includes trams, buses, trains and ferry services. And each state or territory has its own transport network. However, navigating Australia’s public transport system with ease requires knowing the basics around how it works and what to expect. - ලෝකයේ බොහෝමයක් රටවල් වල වගේම ගමන් බිමන් යාම සඳහා ඔස්ට්රේලියාවේ...
ශ්රී ලංකාවෙන් එපිට පළමු වරට නිදහස් දිනය ගත කළ ANU ශ්රී ලාංකික සිසු සංසදයේ සභාපතිනිය, පහන්දි සිල්වා 05.02.2026 5:29
ඊයේ දිනයේ ශ්රී ලංකාව සිය 78වන නිදහස් දිනය සැමරුවා. ඊට සමගාමීව ඕස්ට්රේලියාවෙන් එපිට නිදහස් දිනය පළමු වරට ගත කළ ශිෂ්යයාවක වන පහන්දි සිල්වා සිය අත්දැකීම් SBS සිංහල සේවය සමඟ බෙදාගත්තා. විවිධ සංස්කෘතිකාංග බහුසංස්කෘතික සමාජයක් තුළ සැමරීම පිළිබඳව ද ඇය සිය අදහස් පළ කළා.
අපේ වහරේ කතා අහුරක්: කොළඹ ඉඳන් දවස් ගණන් පරංගින්ව කෝට්ටේ එක්කන් ගිය හැටි 05.02.2026 5:17
අපේ පැරැණ්නෝ දවස් ගාණක් කොළඹ ඉදලා කොට්ටේ ට පරංගි එක්කන් ගිහින් මේ අවුරුද්දට අවුරුදු 424 ක් විතර වෙනවා. සාහිත්යවේදී අශෝක පියරත්න ගෙනෙන අපේ වහරේ කතා අහුරෙන් අද කියන්නේ පරංගි ගිය ඒ කෝට්ටේ ගමන ගැන.
ලොව වටා: Air India සේවය Boeing 787 ගුවන් යානා පරීක්ෂා කරද්දී, Melania Trumpගේ ජීවිතය ගැන චිත්රපටියක් එලියට 05.02.2026 8:15
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: Capital Gains Tax ක්රමයට අදාළ වත්මන් ප්රතිපත්තිය වෙනස් නොකරන බවට මුදල් අමාත්යවරිය කියයි 04.02.2026 4:42
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 05වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: සමාජ මාධ්ය නොමැතිව නිවාඩුව ගත කළ ඕස්ට්රේලියානු පාසල් දරුවෝ 04.02.2026 6:40
පසුගිය දෙසැම්බර් 10වන දා සිට ඕස්ට්රේලියාවේ වයස අවුරුදු 16න් පහළ පරිශීලකයන්ට සමාජ මාධ්ය තහනම් වූ බව ඔබ දන්නවා. මෙවැනි තහනමක් පැන වූ පළමූ රට ඕස්ට්රේලියාවයි. නව නීතිය බලාත්මක කර මාසයකට වැඩි කාලයක් ගත වෙලා. එහි ඵලදායිතාව පිළිබඳ රජය, සමාජ මාධ්ය විෂය ක්ෂේත්රයේ විශේෂඥයන් සහ තරුණ ප්රජාව අතර විවිධ මත තිබෙනවා. ඉතින් සමාජ මාධ්යයන්ගෙන් ඈත් වෙලා පාසල් නිවාඩු කාලයේ ඕස්ට්රේලියාවේ දරුවන් තමන්ගේ අමතර කාලය...
නිවාස ණය පොලි අනුපාත ඉහල යාම මේ වසරේ නැවතත් සිදුවිය හැකි බවට විශේෂඥයින් මත පල කරයි 04.02.2026 8:12
වසර දෙකකට පසුව ඕස්ට්රේලියානු මහබැංකුව ඕස්ට්රේලියාවේ පොලි අනුපාත ඉහල දමන්න කටයුතු කළා. ඒ අනුව 3.6%ක පැවති පොලී අනුපාතය 3.85%දක්වා ඉහල දමා තිබෙනවා. මේ ඉහල යාම ඍජුවම නිවාස ණය පොලී ඉහල යාමට බලපානු ඇති බවට මේ වන විට පෙනෙන්නට තිබෙනවා. සාමාන්යයෙන් මේ වගේ පොලි අනුපාත ඉහල යන චක්රයක් ආරම්භ වූ විට අනුපාත ඉහල යාම් කිහිපයක් සඳහාම එය බලපාන බවට විශේෂඥයින් මත පල කර සිටිනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද ක...
SBS සිංහල පුවත්: පෙබරවාරි මාසයේදී නිවාස ණය පොලී අනුපාත ඉහල දැමීමට ප්රධාන බැංකු හතරම සූදානම් වේ 04.02.2026 5:42
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 04 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
1948 ලංකාව ඉංග්රීසින්ගෙන් නිදහස් කරගන්න, අභීත හෙළයින් කළ නිදහස් අරගලයේ ඉතිහාසය 03.02.2026 13:15
ශ්රී ලංකාවේ 78 වෙනි නිදහස් සැමරුම වෙනුවෙන් ලක්දිව නිදහස සොයා ගිය ඉතිහාස ගමනේ අමරණීය මංසලකුණු ගැන SBS සිංහල සේවයේ මතක සැමරුම.
ඕස්ට්රේලියානු මහ බැංකුව වසර දෙකකට පසු පොලී අනුපාතය සියයට 3.85 දක්වා වැඩි කරයි 03.02.2026 2:46
ඩොලර් 600,000 ක ණයක් සහිත හිමිකරු-පදිංචිකරු වන නිවාසයක අවම මාසික ණය වාරිකය ඒ අනුව ඩොලර් 90 කින් වැඩි වනු ඇතැයි පුරෝකතනය කෙරේ.
නීති පිළිසරණ: දික්කසාද නීතිය - ඕස්ට්රේලියාවේ දී දික්කසාද වෙන්න ඔප්පු කරන්න ඕන එකම හේතුව දන්නවා ද? 03.02.2026 5:56
ඕස්ට්රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ පළමු කොටසයි.
Ähnliche Podcasts
Replaio ist kein Herausgeber von Podcasts; die Namen der Sendungen, Cover und Audioinhalte gehören ihren Autoren und werden über öffentliche RSS-Feeds verbreitet