SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1903 Folgen

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Besuch unbedingt die Website des Podcasts und unterstütze die Macher: www.sbs.com.au

Autor

SBS

Kategorie

News

Podcast-Website

www.sbs.com.au

Neueste Folge

30. Okt 2026

Wo hören?

Podcasts in der App Replaio Radio Bald verfügbar

Podcasts kommen bald in die App. Installiere sie jetzt und erlebe als Erster einen ganz neuen Blick auf Podcasts

Bei Google Play herunterladen Kostenlos installieren Android fast 10 Mio. Downloads · Bewertung 4,8 iOS bald

Folgen

සිංහල අවුරුද්දට කිරිබත් වගේ චීන අවුරුද්දට අපි ඩම්ප්ලින්ස් කනවා - ඇඩිලේඩ් නුවර සිංහල කතා කරන චීන තරුණිය දර්ශනී චීන අලුත් අවුරුද්ද ගැන අපිට කිව්ව දේ 17.02.2026

චන්ද්‍ර මාස ක්‍රමය අනුව යෙදෙන චීන අලුත් අවුරුද්ද එහෙම නැත්නම් 2026 වසරේ වසන්ත උත්සවයේ පළමු දිනය අද යි. චිනයේ සහ ශ්‍රී ලංකාවේ දී සිංහල භාෂාව හැදෑරූ චීන ජාතික Zhang Zhe (දර්ශනී) දැන් ජීවත් වෙන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර. මේ ඇය සමඟ චීන අලුත් අවුරුද්ද ගැන SBS සිංහල සිදු කල කතාබහයි.

SBS සිංහල පුවත්: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වට්ටම් දෙනබව පවසමින් පාරිභෝගිකයින් නොමග යැවූ බවට Coles ආයතනයට චෝදනා 17.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 17 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

නීති පිළිසරණ: දික්කසාද නීතිය - දරුවන් සහ දේපළ වල නීතිමය හිමිකාරිත්වය කාට ද? 16.02.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ තෙවැනි කොටස.

කාලීන විග්‍රහය: Capital Gains Tax නැවතත් කරළියට, සංශෝධන සිදු කිරීම පිළිබඳ ආර්ථික විශේෂඥයන්ගෙන් විවිධ මත 16.02.2026

මෑතක සිදු වූ පොලි අනුපාත ඉහළ යාමත් සමඟ ෆෙඩරල් රජය වෙත වෘත්තීය සමිති සහ ආර්ථික විශේෂඥයන්ගෙන් යම් පීඩනයක් එල්ල වෙමින් පවතිනවා. ඒ ප්‍රාග්ධන ලැබීම් මත වූ බදු ක්‍රමය හෙවත් Capital Gains Tax සතු 50%ක බදු ප්‍රතිලාභය වෙනස් කරන ලෙසටයි. එම ප්‍රතිපත්තිය ධනවත් ඕස්ට්‍රේලියානුවන්ගේ වාසියට පවතින බවත් එය බදු ගෙවීම මග හරවන ක්‍රමවේදයක් බවත් විචාරකයන් පවසනවා. නිවාස සැපයුම ඉහළ දැමීම කෙරෙහි රජය අවධානය යොමු කරන බව භාණ්...

ඕස්ට්‍රේලියාවට හරි Visitor කෙනෙක් විදියට එන්නේ මෙහෙමයි 16.02.2026

ඔබ ඕස්ට්‍රේලියාවට පැමිණෙද්දී 'Genuine Visitor ' කෙනෙක් බව ඔප්පු කිරීමට දන සිටිය යුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

පාතාල ක්‍රියාකාරකම් නිසා ජනතාව පීඩා විඳින බවට සජිත් ගෙන් චෝදනා/ IMF සංවිධානයේ කළමණාකාර අධ්‍යක්ෂකවරිය ලංකාවේ සංචාරයක 16.02.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහන විශාල ප්‍රතිසංසකරණ වලට ලක්කිරීමට ලිබරල් පක්ෂයෙන් සැලැස්මක් 16.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 16 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

සුව මනස: මානසික සෞඛ්‍යය බිඳ වැටෙනවා කියලා දැන ගන්නෙ කොහොම ද? 15.02.2026

යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන මානසික සෞඛ්‍ය බිඳවැටීමක් හඳුනා ගන්නා ආකාරය පිළිබඳවයි.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, පෙබ 09 - පෙබ 13 13.02.2026

පෙබරවාරි 09වන දා සිට 13වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: තව අවුරුදු 100 කින් රේඩියෝවට මොනවා වෙයි ද? ගුවන්විදුලි තරු අපිට කිව්ව දේ 13.02.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.

ක්‍රීඩා විග්‍රහය: කුසල් මෙන්ඩිස් T20 ලකුණු 2500 පසු කරයි - දසුන් ශානකගේ වේගවත් අර්ධ ශතක වාර්තාවක් 13.02.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: ‌ඓතිහාසික කැන්ගරු ගමන්මග සිහි කරමින් Qantas ලංකාවට / ආකර්ශනීය පොදු ප්‍රවාහන සේවාවකට Lanka Metro Transit අගෝස්තුවේ දී 13.02.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

කාලීන විග්‍රහය: ලෝක ගුවන් විදුලි දිනය අදයි, ඕස්ට්‍රේලියාවේ බහුභාෂා සන්නිවේදක සඟයා වන SBS ආ ගමන් මග මෙහෙමයි 13.02.2026

අද ලෝක ගුවන් විදුලි දිනය. වර්තමානයේ රූප මාධ්‍යයන් සහ අනෙකුත් ඩිජිටල් මෙවලම් සමඟ සන්නිවේදනය නව යුගයක් කරා එළැඹ තිබෙනවා. නමුත් තවමත් නොවෙනස්ව ගුවන් විදුලිය ඔබේ සමීපතමයෙකු වෙලා ඉන්නවා. අද දවසේ කතා කරන්නේ SBS පිළිබඳවයි. SBS පසුගිය වසරේ සිය 50වෙනි උපන්දිනයත් සැමරුවා. SBS, ඕස්ට්‍රේලියාවේ රජයට අනුබද්ධිත බහුසංස්කෘතික සහ බහුභාෂා මාධ්‍ය ආයතනයයි. ඉතින් ඒ භාෂා සමූහයට SBS සිංහල සේවයත් අයත්. අද ලෝක ගුවන්විදුලි...

SBS සිංහල පුවත්: ලිබරල් පක්ෂයේ සහ ෆෙඩරල් විපක්ෂයේ නව නායකයා ඇන්ගස් ටේලර් - නියෝජ්‍ය නායිකාව ජේන් හියුම් 12.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 13 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: පොලිස් සෝදිසි කිරීම් වලට ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික ප්‍රජාවන් වැඩිවශයෙන් ලක්වන බවට තොරතුරු 12.02.2026

ඔස්ට්‍රේලියාවේ පොලිසිය වරෙන්තු රහිතව සිදුකරන සෝදිසි කිරීම් වලදී සුදු ජාතිකක ප්‍රජාවට වඩා වැඩිවශයෙන් වෙනත් සංස්කෘතික පසුබිම් වලින් එන පිරිස් සෝදිසි කිරීමට පෙළඹෙන බවට නවතම අධ්‍යයනයකින් තොරතුරු හෙළිවෙනවා. සුදු ජාතිකයකුට වඩා ඔස්ට්‍රේලියාවේ ඉන්න වෙනත් ජාතිකයකු පොලිසිය විසින් සෝදිසි කිරීමේ හැකියාව තුන්ගුනයකටත් වඩා වැඩි බව මේ අධ්‍යයනයෙන් තොරතුරු හෙළි කරනවා. විශේෂයෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ සුදුජාතික බහුත...

අපේ වහරේ කතා අහුරක්: තිරුවා නැති වෙලේ ගෙට රිංගන්න ගිය රජතුමාට වෙච්ච දේ 12.02.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ තිරුවා අඹගමු ගිය කතාව ගැනයි.

ලොව වටා: Epstein හෙළිදරව්ව නිසා බ්‍රිතාන්‍ය අගමැතිට බලපෑම් එද්දී, ජපාන අගමැතිනිය වැඩි කැමැත්තෙන් යලි ධූරයට 12.02.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ නිවාස කුලී ගාස්තුව දැරිය නොහැකි තත්ත්වයක 12.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියාවේ සරම්ප වැළඳීමේ ඉහළ යාමක්, විශේෂඥයන්ගෙන් එන්නත්කරණය පිළිබඳ අවධාරණයක් 11.02.2026

ඕස්ට්‍රේලියාවේ සරම්ප වැළඳීමේ ඉහළ යාමක් පිළිබඳව සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කරනවා. 2026 වසරේ පමණක් මේ වන විට සරම්ප රෝගී තත්ත්වයන් 22ක් වාර්තා වී තිබෙනවා. වැඩිම සංඛ්‍යාවක් ක්වීන්ස්ලන්තයෙන් ද, දෙවනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ද තෙවනුව වික්ටෝරියාවෙන් ද පිළිවෙලින් රෝගීන් 8ක් 7ක් සහ 5ක් හඳුනා ගෙන තිබෙනවා. බටහිර සහ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තවලින් එක් රෝගියෙකු බැගිනුයි වාර්තා වී ඇත්තේ. සෞඛ්‍ය බලධාරීන්...

අභියෝග ඉදිරියේ සිහිනය අත නොහැර ඉලක්ක කරා යාමට හැකි බව මම අත්දැකීමෙන් දන්නවා, ANSTO විද්‍යාඥ රුවිනි ඒකනායක 11.02.2026

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පෙබරවාරි 11වන දා International Day of Women and Girls in Science ලෙස නම් කර තිබෙනවා. ඒ විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරත කාන්තා පිරිස වෙනුවෙනුයි. ඊට සමගාමිව SBS සිංහල සේවය විසින් ඕස්ට්‍රේලියාවේ පර්යේෂණ කටයුතුවල නියැලෙන විද්‍යාඥවරියක සමඟ කතාබහක නිරත වුණා. ඇය නමින් ආචාර්ය රුවිනි ඒකනායක. රජයේ පර්යේෂණ මධ්‍යස්ථානයක් වන Australian Synchrotronහි රුවිනි විද්‍යාඥවරියක ලෙස සේ...

මෙන්න ඕස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් ගෙවන රැකියා සහ ප්‍රාන්ත ගැන විස්තර 11.02.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන රැකියා කරන ඔබේ වැටුප කීය ද? කොයි තරම් මහන්සි වෙලා වැඩ කලත් ලැබෙන වැටුප මදි ද? නැත්නම් ඔබ කරන රැකියාවේ හැටියට, ජීවත් වෙන ප්‍රාන්තය, නගරය හැටියට ඔබට ලැබෙන වැටුප හරි ද කියලා හිතිලා තියෙනවා ද? අපි මේ හොයලා බලන්න යන්නෙ ඕස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්ත අනුව සහ කරන රැකියාව අනුව ලැබෙන වේතනය කීයක් වෙනවා ද කියලා.

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමවේදය අවභාවිතා වන බවට සෙනට් සභික මැට් කැනවන්ගෙන් චෝදනා 11.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 11 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

ගොඩක් රස්නේ දවසට සුරතලා ගැන ලොකු අවධානයක් යොමු කරන එක කොයිතරම් වැදගත්ද, තොරතුරු මෙන්න 10.02.2026

Heatwaves හෙවත් "තාප තරංග" වල බලපෑම සුරතල් සතුන්ගේ සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන සෑම හිමිකරුවෙකුම දැනගත යුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවේ පළමු කොටසට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ළමුන්ගේ ළමා කාලය සොරාගන්නා, රුධිර පිළිකා වලින් පිඩා විඳින ඕස්ට්‍රේලියානු ළමුන් ගණන ඉහලට 10.02.2026

ඉදිරි දශකය වනවිට වසරකට ළමුන් 400 කට වැඩි පිරිසකට රුධිර පිළිකා රෝග තත්වයකට මුහුණ දිය හැකි බව Leukaemia Foundation අනතුරු අඟවනවා. රුධිර පිළිකාවෙන් පීඩාවට පත් පවුල් වලට පර්යේෂණ සහ සහාය සේවා සඳහා අරමුදල් ලබා දෙමින් World's Greatest Shave Campaign ව්‍යාපෘතිය හරහා ඩොලර් මිලියන 12 ක් රැස් කිරීමට පදනම මේ වනවිට උත්සහ කරමින් සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.

How does IVF work in Australia? - සාර්ථක දරු පිළිසිඳ ගැනීමකට උදව් වෙන 'IVF' තාක්ෂණය ඔස්ට්‍රේලියාවේදී භාවිතා වෙන්නේ මෙහෙමයි 10.02.2026

Did you know that IVF is not the first, but in fact the last step in a sequence of fertility treatments? In Vitro Fertilisation is regulated by state and territory laws. It can also be expensive and emotionally challenging. Here’s what to expect when aiming to start a pregnancy with IVF in Australia. - 'In Vitro Fertilisation' එහෙම නැතිනම් IVF ලෙස කෙටියෙන් හඳුන්වන මේ තාක්ෂණය දරුවන් අපේක්‍ෂාවෙන් ඉන...

Höre den Podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන in Replaio

Radio und Podcasts in einer App - kostenlos und ohne Anmeldung. Installiere sie noch heute und verpasse den Start nicht

Bei Google Play herunterladen

Replaio ist kein Herausgeber von Podcasts; die Namen der Sendungen, Cover und Audioinhalte gehören ihren Autoren und werden über öffentliche RSS-Feeds verbreitet