SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Besuch unbedingt die Website des Podcasts und unterstütze die Macher: www.sbs.com.au
Wo hören?
Podcasts in der App Replaio Radio Bald verfügbarPodcasts kommen bald in die App. Installiere sie jetzt und erlebe als Erster einen ganz neuen Blick auf Podcasts
Folgen
තවමත් එන්නතක් නැති නිසා මාරාන්තික විය හැකි, Nipah වෛරසයෙන් ආරක්ෂා වෙන්න ඔබ දැන සිටියම යුතු දේ මෙන්න 03.02.2026 9:19
මේ දිනවල වල ඉන්දියාවෙන් මාරාන්තික වෛරසයක් හඳුනාගෙන තිබෙන අතර එය Nipah වෛරසය ලෙස හැඳින්. මෙම වෛරසයේ ව්යාප්තිය පිළිබඳව ලෝකයේ බොහෝ රටවල් සහ ඕස්ට්රේලියානු බලධාරීන් විශාල අවධානයක් යොමු කර තිබීම හේතුවෙන් ඕස්ට්රේලියාව සහ දකුණු ආසියාව අතර සංචාරය කරන පිරිස දැන සිටිය යුතු කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න
SBS සිංහල පුවත්: පොලී අනුපාත ගැන තීරණය කෙරෙන ඕස්ට්රේලියානු මහබැංකුවේ රැස්වීම අද 03.02.2026 4:36
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 03 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: 'Child support' දීමනා ලබා දීමේදී අක්රමිකතා සිදුවී ඇති බව ඔම්බුඩ්ස්මන්වරයා කියයි 02.02.2026 8:08
ළමුන් රැකබලා ගැනීම් වෙනුවෙන් ගෙවන Child Support දීමනා ගෙවීමේදී යම් අක්රමිකතා සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වනවා. Services ඔස්ට්රේලියා ආයතනය නීතියට පිටින් යමින් වසර හයක් පුරාවට නීති ප්රකාරව ළමුන් රැකබලාගන්නා ඇතැම් දෙමාපියන්ට ලැබිය යුතු දීමනා ගෙවීම් පහර ඇති බවට ඔම්බුඩ්ස්මන්වරයා සඳහන් කරනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
ඔස්ට්රේලියාවේ ධනවත්කම අතින් ඉහලින්ම ඉන්න වයස් කාණ්ඩ ගැන තොරතුරු මෙන්න 02.02.2026 6:24
1946 -1964 කාලයේ ඉපදුන පිරිස් 'baby boomers' පරම්පරාව කියල හඳුන්වනවා. මේ වයස් කාණ්ඩ වල ඉන්න අය තමයි මේ වනවිටත් ඕස්ට්රේලියාවේ වැඩිම ධනයකට හිමිකම් කියනපරම්පරාව විදියට සැලකෙන්නේ. මේ පරම්පරාවේ පුද්ගලයකුගේ වත්කමේ සාමාන්ය ඩොලර් මිලියන $2.375ක් වෙනවා. කොහොම උනත් මීට පස්සේ ඉපදුන 'GenX' කියල හඳුන්වන පරම්පරාව ඒ කියන්නේ 1965ත් -1980ත් අතර කාලයේ ඉපදුනු පරම්පරාව ධනවත් බව අතින් 'baby boomers' පරම්පරාවේ අයට ඉත...
ඕස්ට්රේලියාවේ උසස් පෙළ ATAR ඉහළ සාමාර්ථයකින් සමත් නොවුණොත් මොකද කරන්නෙ? 02.02.2026 9:01
අධ්යාපන ප්රතිසංස්කරණ සහ විෂය මාලා නවීකරණය කිරීම පිළිබඳ ශ්රී ලංකාවේ වැඩි වශයෙන් මේ දින වල කතාබහ වන පසුබිමක ඕස්ට්රේලියාව තුල ක්රියාත්මක පාසල් අධ්යාපන ක්රමවේදය පිළිබඳ කරුණු සොයා බැලීමට SBS සිංහල සේවය කටයුතු කළා. මේ ඒ පිළිබඳ වික්ටෝරියා ප්රාන්තයේ පාඨශාලාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන සහන් ප්රනාන්දු මහතා සමඟ අප පැවැත්වූ සාකච්ඡාව.
මව්බිමෙන් පුවත්: ශිරන්ති FCIDය ට නාමල් CIDය ට කැඳවයි / අවම පිරිවැයකින් ජාතික නිදහස් දින සැමරුමට රජයේ අවධානය 02.02.2026 7:30
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: පුරස්ථි ග්රන්ථි පිළිකා සඳහා ඖෂධ ප්රතිලාභ යෝජනා ක්රමය යටතේ සහන මිලට ඖෂධ 01.02.2026 4:57
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 02 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජන 26 - ජන 30 30.01.2026 6:55
ජනවාරි 26වන දා සිට ජනවාරි 30වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: සිංහල සිනමාවේ අනාගතය කොයිබට ද? 30.01.2026 9:32
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
ක්රීඩා විග්රහය: ශ්රී ලංකාව 19 න් පහල ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ තරග දෙකම ජය ගනී 30.01.2026 8:42
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: කිසිම දරුවෙකුට පාසල් අධ්යාපනය මඟ ඇරෙන්න දෙන්නෙ නෑ - ජනපති / පාර්ලිමේන්තු නි. මහලේකම්වරයාගේ වැඩ තහනම අනීතිකයි - විපක්ෂය 30.01.2026 8:15
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: මාරාන්තික නිපා වෛරසයේ පැතිරීම පිළිබඳව ඕස්ට්රේලියානු රජය අවධානයෙන් 30.01.2026 5:24
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 30 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ඔස්ට්රේලියාවට එන 'Heat waves' ප්රමාණය ඉහල යමින් ඇති බවට අනතුරු ඇඟවීම් 29.01.2026 7:20
ඔස්ට්රේලියාවේ ග්රීෂ්ම ඍතුව විශාල පරිවර්තනයකට ලක්වෙනවා කියල අපිට පෙනෙන්නට තියෙනවා. ඔස්ට්රේලියාවට සෑම වසර පහකට වරක්ම දැඩි උණුසුමක් ඇතිකරන තාප තරංගවල බලපෑමට මුහුණ දෙන්න ඉදිරියේදී සිදුවනු ඇති බවට නවතම අධ්යයන වාර්තාවකින් තොරතුරු හෙළිකරනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් ජනවාරි මාසයේදී තාප තරංග ඇතිවීමේ සම්භාවිතාව පස්ගුණයකින් පමණ ඉහල ගිය බව ලෝකය පුරා සිදුවන කාලගුණ සිදුවීම්වල හේතු විද්යාත්මකව විශ්ලේෂණය ක...
ඕස්ට්රේලියාව හෝ ලංකාව නියෝජනය කිරීමේ සිහිනය මට තියෙනවා, U16 Nationals ක්රිකට් තරඟාවලියට ගිය ස්වෛරී රාජපක්ෂ 29.01.2026 7:42
ක්රිකට් අපට ගොඩක් සමීපයි. ක්රිකට් මතක අවුස්සන දෙයක්. සතුට ගෙන දෙන දෙයක්. ක්රිකට් තරඟයක් නරඹන්න, සෙල්ලම් කරන්න අපි කොච්චර ආසා කරනවා ද? ඉතින් ක්රිකට් එක්ක බැඳී ඇති අපේ මේ සතුට තවත් වැඩි කරන චරිතයක් එක්කයි අද විශේෂ කතාබහක් ඔබ වෙත ගෙන එන්නේ. මේ ස්වෛරී රේචනා රාජපක්ෂ. පසුගියදා ඕස්ට්රේලියාවෙ පැවති වයස අවුරුදු 16න් පහළ ජාතික කාන්තා ක්රිකට් ශූරතාවලියේ කැන්බෙරා පිල නියෝජනය කරමින් ඇය තරඟ වැදුණා.
අපේ වහරේ කතා අහුරක්: කලුවා මාරපන ගියා වගේ කිව්වාට ඇත්තට ම කලුවා ඇයි මාරපන ගියේ කියලා දැන ගෙන හිටියා ද? 29.01.2026 6:10
වග විභාග නොකර වැඩ කරන්න ගිහින් අමාරුවෙ වැටෙන අය දැක්කාම අපේ පැරැණ්නන්ට මතක් වෙන්නෙම කලුවා ව. සාහිත්යවේදී අශෝක පියරත්න ගෙනෙන අපේ වහරේ කතා අහුරෙන් මාරපන ගිය කලුවා ගැනයි අද කතාව.
ලොව වටා: යුරෝපා සංගමය ඉන්දියාව සමග ඓතිහාසික වෙළඳ ගිවිසුමක් අත්සන් කරද්දී, ඇමරිකා යුධ නෞකාවක් ඉරානයට ලං වෙයි 29.01.2026 8:29
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ලැව්ගිනි අවදානම තවත් මාස කිහිපයක් දක්වා පැවතිය හැකි බවට අනාවැකි 29.01.2026 4:39
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 29වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
දවසේ කාලගුණ අනාවැකියේ මග නොහැර අවධානය දිය යුතු වායු ගුණාත්මකභාව පිළිබඳ දැනගමු 28.01.2026 5:39
ගත වූ සති අන්තයේ ලැව්ගිනි නිසා හටගත් දුම මෙල්බර්න්, ගීලොන්ග්, බෙලරීන් අර්ධද්වීපය, බැලරැට් සහ ඔට්වේස් පෙදෙස් පුරා පැතිරුණා. ඒ අනුව වායු ගුණාත්මකභාව පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් වුණා. IQAir දත්තවලට අනුව පසුගිය ඉරිදා මෙල්බර්න් ලොව හයවෙනි වායු ගුණාත්මකභාවයෙන් අඩු පෙදෙස බවයි කියවුණේ. මේ තත්ත්වය එදින ම පහව ගියත් කාලගුණ කාර්යාංශය පැවසුවේ සමහර පෙදෙස්වල දුම රැඳී තිබෙන්න පුළුවන් බවයි. මේ වන විට heatwave අනතු...
මේ අවුරුද්දේ ඔබේ ආර්ථික තත්වය උසස් කරගන්න පුළුවන් සරල ක්රම 10ක් මෙන්න 28.01.2026 8:48
ඔස්ට්රේලියාවේ ජීවත්වන බොහෝ දෙනා නත්තල් උත්සව සමය සහ නිවාඩු කාලය තුළ අධික ලෙස වියදම් කරන්න පෙළඹෙනවා . තෑගි මිලදී ගැනීම්, ආහාර, සංචාර කටයුතු ,විවිධ සැමරුම් උත්සව වගේ දේවල් නිසා බොහෝ විට අධික වියදමක් දැරීමට බොහෝ දෙනාට සිදුවෙනවා. මේ සියල්ල අවසන් වෙලා ජනවාරි මාසයේ නැවතත් සුපුරුදු ජීවිතයට එනවිට ඔබට ආර්ථික වශයෙන් යම් පීඩනයක් එල්ල වෙන්න පුළුවන්. ණය බර අධිකව ඔබට දැනෙන්න පුළුවන්. මේ නිසා ඔබට දැඩි ආතතියක් ද...
SBS සිංහල පුවත්: පර්ත් නුවර රැලියකට බෝම්බ ප්රහාරයක් සැලසුම් කලබවට සැක කෙරෙන පුද්ගලයා පිලිබඳ විමර්ශන තවදුරටත් 28.01.2026 5:23
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ඕස්ට්රේලියානුවන්ගේ පිහිනීමේ හැකියාව පහත වැටෙමින් තිබෙන බව හෙළි වේ 27.01.2026 10:37
ඕස්ට්රේලියාවේ මෙවර ගිම්හානය ආරම්භයේ සිට දියේ ගිලීමෙන් පුද්ගලයින් 30කට අධික පිරිසක් මිය ගොස් තිබේ. මෙම දශකය අවසන් වන විට දියේ ගිලීමේ මරණ සියයට 50 කින් අඩු කිරීමේ ජාතික උත්සාහයන් ශක්තිමත් කිරීමට Australian Water Safety Council මගින් නව ඕස්ට්රේලියානු ජල ආරක්ෂණ උපාය මාර්ගයක් නිකුත් කර තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්රහයෙන්.
පීනන්න පුළුවන් ද? නැත්නම් ඔබේ දරුවාට පීනන්න උගන්වන්න හිතනවා ද? එහෙනම් මේ තොරතුරු ගැන දැනුවත් වීම අත්යවශ්යයි 27.01.2026 8:57
ඕස්ට්රේලියාව තුල දියේ ගිලීම් නිසා සිදු වන අනතුරු ඉහළ යාම් වාර්තා වනවා. නිසි පරිදි පිහිනීමට ඉගෙන ගත් අය මෙන්ම නුපුහුණු අයත් මෙසේ අනතුරු වලට බඳුන් වන බව පෙනී යනවා. වික්ටෝරියා ප්රාන්තයේ පිහිනුම් උපදේශකයෙක් සහ පුහුණුව ලත් ජීවිතාරක්ෂකයෙකු වන සංජය අමරසේකර මහතා සමග SBS සිංහල සේවය සිදු කල මේ කතා බහට සවන් දීමෙන් පිහිනීමට හැකියාව ඇති නැති සියලු දෙනාට වැදගත් වන මේ තොරතුරු පිළිබඳ දැනුම්වත් වන්න.
මව්බිමෙන් පුවත්: මනුෂ්යත්වය තේරුම් නොගත් තාක්ෂණවේදීන්ගෙන් ඵලක් නෑ, අගමැති හරිනි කියයි 27.01.2026 10:14
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්රාන්තය ඇතුළු ඕස්ට්රේලියාවේ ප්රාන්ත කිහිපයකට අද දැඩි උණුසුම් කාලගුණ තත්වයක් 27.01.2026 5:22
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
ඕස්ට්රේලියානු දිනයට සමගාමීව The Order of Australia රාජ්ය ගෞරව සම්මාන ලද විශිෂ්ටයෝ 26.01.2026 6:56
The Order of Australia, මේ ඕස්ට්රේලියාවේ ඉහළම රාජ්ය ගෞරව සම්මාන උළෙලයි. සෑම වසරක ම ඕස්ට්රේලියානු දිනයට (Australian Day) සමගාමීව මේ සම්මාන පිරිනැමීම සිදු කෙරෙනවා. එහි දී විවිධ ක්ෂේත්රවල දස්කම් දැක් වූ ඔස්ට්රේලියානුවන්ගේ සේවය සහ කැපවීම ඇගයීමට ලක් වෙනවා. ඉතින් මෙවර 1000කට ආසන්න පිරිසකට ගෞරව සම්මාන හිමි වුණා. ඒ අතර ශ්රී ලාංකිකයන් දෙදෙනෙකුත් ඉන්නවා. SBS සිංහල සේවය විශේෂ සාකච්ඡාවක් සිදු කළා ඉන් එක...
Ähnliche Podcasts
Replaio ist kein Herausgeber von Podcasts; die Namen der Sendungen, Cover und Audioinhalte gehören ihren Autoren und werden über öffentliche RSS-Feeds verbreitet