SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ Epizody: 1875

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Určitě navštivte web podcastu a podpořte jeho tvůrce: www.sbs.com.au

Autor

SBS

Kategorie

News

Web podcastu

www.sbs.com.au

Nejnovější epizoda

23. říj 2026

Kde poslouchat?

Podcasty v aplikaci Replaio Radio Už brzy

Podcasty míří do aplikace už brzy. Nainstaluj si ji teď a jako první uvidíš úplně nový pohled na podcasty

Stáhnout z Google Play Nainstaluj zdarma Android téměř 10 mil. stažení · hodnocení 4,8 iOS už brzy

Epizody

SBS සිංහල පුවත්: සෞඛ්‍ය, ආබාධිත සහ ප්‍රජා සේවා ක්ෂේත්‍රවල සේවකයන් 460,000කට වැඩි පිරිසකට වැටුප් වැඩිවීමක් 12.10.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 13වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

'Credit Card' එකෙන් ATO බදු ගෙවීමට ඇති අවස්ථාව 2027 ජූනි දක්වා දිගු කරයි 12.10.2026

ATO ආයතනයේ බදු බිල්පත් 'Credit Card' මගින් ගෙවීමේ අවස්ථාව 2027 ජූනි දක්වා ලබාදෙන බවට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසනවා. මීට පෙර 2026 දෙසැම්බර් සිට Credit Card ගෙවීම් නවතා දැමීමට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) සැලසුම් කළත්, කුඩා ව්‍යාපාර හිමියන් සහ ව්‍යාපාරික කණ්ඩායම් කිහිපයක විවේචන හමුවේ එම තීරණය කල් දමා තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා #sbsaudiopodcast

How laws are made, and how they affect you | How Australia Works - නීතියක් හැදෙන්නේ මෙහෙමයි | How Australia Works 12.10.2026

How are laws made in Australia? Through Wurundjeri Elder Uncle Dave Wandin’s story of the Birrarung, also known as the Yarra River, learn how an idea becomes a bill, passes through Victoria’s parliament and receives royal assent, the formal approval that makes it law. - Birrarung හෙවත් යාරා නදිය පිළිබඳ වුරුන්ජරි වැඩිහිටියෙකු වන අන්කල් ඩේව් ගෙන එන කතාව ඕස්ට්‍රේලියාවේ නීති සම්පාදනය පිළිබඳ ඔබට පැහැදි...

ඕස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න යනවනම්, නොකරම ඉන්න ඕනේ වැරදි මෙන්න 12.10.2026

දේපළක් මිලදී ගැනීමේදී ගැනුම්කරුවන් සිදු කරන විශාලතම වැරදි සහ ඒවා මගහරිමින් මුදල් ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න ගැන SBS සිංහල සේවය සිදු කල මේ සාකච්ඡාවට සවන් දෙන්න.

ක්වීන්ස්ලන්තයේ පාසල් අවසන් වසර QCE විභාගයට පළමු වැනි වරට පැවැත්වෙන සිංහල විභාගයට සූදානම් වන සිසුන් දැක්වූ අදහස් 12.10.2026

ක්වීන්ස්ලන්තයේ පාසල් අවසන් වසර විභාගය QCE SEE යටතේ පළමු වරට පැවැත්වෙන සිංහල භාෂා විභාගයට පෙනී සිටින සිසු දරුවන් සහ බ්‍රිස්බේන් හි යශෝධරා සිංහල පාසලේ ආචාර්යවරු විභාග පෙර සූදානම පිළිබඳ දක්වන අදහස්. මෙම වැඩසටහන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ SBS සිංහල වාර්තාකරු බුද්ධික ගමගේ ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික විශේෂාංගයට සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast #sbssinhala

SBS සිංහල WorldWatch: ඉන්දීය රජයට යළි කැරපොතු ප්‍රශ්නයක්? 12.10.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast

නත්තල් තෑගි සහ ලිපි භාර ගන්නා අවසන් දින Australia Post ප්‍රකාශයට පත් කරයි 12.10.2026

ඕස්ට්‍රේලියාවේ නත්තල් සමයේ තැපැල් සේවා ඉතා කාර්යබහුලයි. ඒ ඔබේ ආදරණීයයන්ට තෑගි සහ ලිපි ලබා දීම වෙනුවෙන්. 2025 දී Australia Post මඟින් බෙදා හැරුණු පාර්සල් සංඛ්‍යාව මිලියන 111 ඉක්මවා ගියා. මෙම වසරේත් එවැනි ම තත්ත්වයක් උදා වනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ අනුව නත්තලට පෙර ඔබේ තෑගි බෙදා හැරීම වෙනුවෙන් Australia Post අවසන් දින ප්‍රකාශයට පත් කළා. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි. #sbsaudiopodcast

SBS සිංහල පුවත්: සමාජ මාධ්‍ය ඇල්ගොරිතමවලින් ඉවත් වීමේ ඉඩ සලසන නීති සම්මත වන ලකුණු, අද පාර්ලිමේන්තුව රැස්වෙයි 12.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන විග්‍රහය: 'The Sound of Music' නමින් කෞතුකාගාරයක්, සංගීතමය නගරයක් තවත් හැඩවෙයි 11.10.2026

ඔස්ට්‍රියාවේ සැල්ස්බර්ග් නගරය මේ දිනවල තවත් අපූරු සංගීත මතකයකින් ජීවමාන වෙලා. ඒ 1965 වසරේ තිරගත වූ “The Sound of Music” චිත්‍රපටය නිසා. ලොව පුරා ඉමහත් ජනාදරයට පත් වූ මේ චිත්‍රපටය වෙනුවෙන් ජනතාවට විවෘත කළ නව කෞතුකාගාරයත්, වොන් ට්‍රැප් පවුලේ සැබෑ කතාන්දරයත් මෙවර කාලීන විග්‍රහයෙන්. #sbsaudiopodcast

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ඔක් 05 - ඔක් 09 09.10.2026

ඔක්තෝබර් 05වන දා සිට ඔක්තෝබර් 09වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

ක්වීන්ස්ලන්ත සැරිසර: බ්‍රිස්බේන් ශ්‍රී ලංකා දිනයට සියල්ල සූදානම්, විසි වසර සපුරන Agricola සහ Toowoomba මල් සැණකෙළිය ගැන තොරතුරු මෙවර විශේෂාංගයෙන් 09.10.2026

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast

තරුෂි එක්ක තරු කතා: අපි කොච්චර උත්සහ කලත් සමහර දේවල් අපේ දෛවයේ ලියැවිලා නෑ - යුරේනි නොෂිකා 09.10.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast

ක්‍රීඩා විග්‍රහය: ශ්‍රී ලංකා පාපන්දු වික්‍රම / ඕස්ට්‍රේලියාවේ දී අකලංක පීරිස් අලුත් කල පිහිනුම් වාර්තා / ‘ලංකාවේ ක්‍රීඩාව වැ‌ටිලා තියෙන්නෙ’ - ක්‍රීඩා ඇමති සුනිල් 09.10.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast

ඩොලර් 50ක දුම්වැටි පැකට්ටුව ඩොලර් 20කට? මිල අඩු කළොත් නීතිවිරෝධී දුම්වැටි ජාවාරම නවත්වන්න පුළුවන්ද? 09.10.2026

ඔස්ට්‍රේලියාවේ දුම්වැටි මිල ඉහළ යද්දී, අඩු මිලට විකුණන නීතිවිරෝධී දුම්වැටි වෙළඳපොළත් වේගයෙන් වර්ධනය වෙලා. ඒ නිසා රජයට ලැබිය යුතු බදු ආදායම අහිමි වෙනවා විතරක් නෙවෙයි. නීත්‍යනුකූලව ව්‍යාපාර කරන කඩ හිමියන්ට තර්ජන, කප්පම් ඉල්ලීම් සහ ප්‍රචණ්ඩ ප්‍රහාරවලටත් මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. මේ දුම්වැටි ජාවාරම නවත්වන්න දුම්වැටි සඳහා වන බදු අඩුකරන්න යෝජනා වනවා. නමුත් ඒ හරහා රට තුල දුම්වැටි භාවිතාව ඉහල යාම පිළි...

SBS සිංහල පුවත්: දෙසැම්බර් 01 වැනිදා සිට ක්‍රෙඩිට් කාඩ් ඔස්සේ සිදු කරන ගෙවීම් භාර නොගැනීමට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය තීරණය කරයි 08.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 09 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast

වසරකට සංක්‍රමණිකයන් ලක්ෂයක් පමණයි? ලිබරල් සන්ධානයේ නව සැලැස්ම ගැන පක්ෂ විපක්ෂ මත 08.10.2026

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අඩු කරන්න ඕනද? එහෙම නම් ඒ කොපමණ ප්‍රමාණයකින්ද? මේ ගැන දේශපාලන වාදය දැන් තවත් උණුසුම් වෙලා. සංක්‍රමණ ප්‍රතිපත්තියක් හෙළි කළ නවතම ප්‍රධාන පක්ෂය ලිබරල් සන්ධානයයි. තමන් බලයට පත්වුණොත්, වසරකට සිදුවන ශුද්ධ විදේශ සංක්‍රමණය පුද්ගලයන් ලක්ෂයක් දක්වා සීමා කරන බවයි ඔවුන්ගේ යෝජනාව. මෙය ඇත්තටම ප්‍රායෝගිකද? මේ පිළිබඳව පක්ෂ විපක්ෂ මත මේ වන විට පල වෙමින් තිබෙනවා. මේ...

ඔස්ට්‍රේලියාවේ 'Skilled Visa' අයදුම්පත් සඳහා නව ප්‍රමුඛතා ක්‍රමයෙන් වැඩි ප්‍රමුඛතාව හිමිවන්නේ කාටද? 08.10.2026

ඔස්ට්‍රේලියාවේ 'skilled visa' අයදුම්පත් සැකසීම සඳහා නව ප්‍රමුඛතා ක්‍රමයක් සැප්තැම්බර් 19 වැනිදා සිට ක්‍රියාත්මක වී තිබෙනවා. මේ නව ක්‍රමය යටතේ කුමන වෘත්තීන් සහ අයදුම්කරුවන්ට වැඩි ප්‍රමුඛතාවක් ලැබෙයිද, දැනටමත් ඉදිරිපත් කර ඇති අයදුම්පත් සඳහා ගතවන කාලයට (processing time) බලපෑමක් ඇතිවිය හැකිද, සහ 'skilled visa' එකක් බලාපොරොත්තුවෙන් සිටින අය දැන් දැනගත යුතු වැදගත් කරුණු මේ සාකච්ඡාවෙන් විමසා බලනවා. #sbsa...

කැන්බරා අඬහැරේ: ගීයට, රංගනයට පෙම් බැඳි ඉඳුනිල්, අගනුවර ක්‍රිකට් සැමරුම් උණුසුම, අභිමාන්ගේ ගී අබිමන් සමඟ ජාතික කෞතුකාගාරය ගැන තොරතුරු මෙවර විශේෂාංගයෙන් 08.10.2026

ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast

අපේ වහරේ කතා අහුරක්: කාගේ වහලා උනාම මොකද? 08.10.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ වෙළෙන්දෙක් ළඟ උන්න බූරු වහලෙක් සහ සොරු මුලක් ගැන රස කතාවක්. #sbsaudiopodcast

SBS සිංහල පුවත්: යෝජිත සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳ විපක්ෂ නායකගෙන් තවත් පැහැදිලි කිරීම් 07.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 08වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

ඕස්ට්‍රේලියාවේ හොර ඩොලර් නෝට්ටු හරියටම හොයාගන්නේ මෙහෙමයි 07.10.2026

ඕස්ට්‍රේලියාවේ Counterfeit cash නොහොත් ව්‍යාජ මුදල් සංසරණය පසුගිය වසර අටක කාලය තුළ ඉහළම මට්ටමට පැමිණ තිබෙන බව වාර්තා වේ. මේ හේතුවෙන් ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගැනීමට දැනසිටීම වැදගත් බව ඕස්ට්‍රේලියානු මහා බැංකුව ව්‍යාපාරිකයින්ට සහ සාමාන්‍ය වැසියන්ට සඳහන් කර සිටී. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

Breast screening: What to expect and why it matters - පියයුරු පිළිකාව කලින් හඳුනාගැනීමට උපකාරී වන 'Breast Screen' පරීක්ෂාව ගැන දැනගත යුතු දේ මෙන්න 07.10.2026

Regular breast screening can help find breast cancer early, before you notice any signs or symptoms. Screening is free for eligible women or people at risk of breast cancer. It takes about 20 minutes, once every two years, and it’s an effective way to take charge of our health. Let’s take a closer look at why a breast screen is nothing to be anxious about. - පියයුරු පිළිකාව, පිටතින් දැකීමට හෝ අතින...

‘මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුනේ මේ තෝරා ගැනීමයි’ - ඩාවින් හෙද නිලධාරිනී මුදිතා වර්ණපුර 07.10.2026

ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තියේ අත්දැකීම් පිළිබඳ රාජකීය ඩාවින් රෝහලේ හෙද නිලධාරිනී මුදිතා වර්ණපුර මහත්මිය සමඟ සිදු කල මෙම සාකච්ඡාව SBS සිංහල සේවයේ උතුරු භූමි ප්‍රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast

ටස්මේනියාවේ සතිඅන්තය සුන්දර කරන Street Eats Franko සහ Salamanca Market වීදි සල්පිල් වෙළඳපළ 07.10.2026

ටස්මේනියාවේ Street Eats Franko සහ Salamanca Market වීදි සල්පිල් වෙළඳපළ ගැන මේ කෙටි වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast #sbssinhala

ඕස්ට්‍රේලියාවේ වෙබ් අඩවි ලියාපදිංචිය වෙනස් කිරීමට යෝජනා, ක්‍රියාත්මක වුණොත් කුමක් වේවි ද? 07.10.2026

auDA තුළ සිදුවෙමින් පවතින ප්‍රතිපත්ති වෙනසක් නිසා ඕස්ට්‍රේලියානු වෙබ් අඩවි මිලියන ගණනක් අන්තර්ජාලයෙන් ඉවත් වීමට සිදුවිය හැකි බවට විශේෂඥ මත ඉදිරිපත් වෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් කලබලයට පත් නොවී තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කරන ලෙසත් අදහස් අසන්න ලැබෙනවා. අපේක්ෂිත වෙනස සහ එහි පසු තත්ත්වය පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.

Poslouchej podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන v Replaio

Rádio a podcasty v jedné aplikaci - zdarma a bez registrace. Nainstaluj si ji ještě dnes a nepropásni premiéru

Stáhnout z Google Play

Replaio není vydavatelem podcastů; názvy pořadů, obálky a audio patří jejich autorům a šíří se přes veřejné RSS kanály