SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ Epizody: 1875

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Určitě navštivte web podcastu a podpořte jeho tvůrce: www.sbs.com.au

Autor

SBS

Kategorie

News

Web podcastu

www.sbs.com.au

Nejnovější epizoda

23. říj 2026

Kde poslouchat?

Podcasty v aplikaci Replaio Radio Už brzy

Podcasty míří do aplikace už brzy. Nainstaluj si ji teď a jako první uvidíš úplně nový pohled na podcasty

Stáhnout z Google Play Nainstaluj zdarma Android téměř 10 mil. stažení · hodnocení 4,8 iOS už brzy

Epizody

SBS සිංහල පුවත්: විපක්ෂයේ යෝජිත සංක්‍රමණ වැඩසටහන හරහා ඔස්ට්‍රේලියාවේ සේවක හිඟය උග්‍ර විය හැකි බවට චෝදනා 07.10.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 07වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන විග්‍රහය: ජනගහනය වර්ධනය කරගන්න ඕස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් අවශ්‍යමද? 06.10.2026

ඕස්ට්‍රේලියාව මේ වනවිට වයස්ගත වන ජනගහනය සහ රජයේ වියදම් සම්බන්ධයෙන් පවතින දැඩි පීඩනයකට මුහුණ දෙමින් සිටී. නවතම Intergenerational Report මගින් ඕස්ට්‍රේලියාවේ ජනගහනය අඛණ්ඩව වර්ධනය වනු ඇති බව පුරෝකථනය කර ඇතත් එම වර්ධනය ප්‍රධාන වශයෙන් සිදුවනු ඇත්තේ සංක්‍රමණ හරහා වන බව හෙළිව තිබේ. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

ඔස්ට්‍රේලියාවේ දී ඕනෑම ක්‍රීඩාවක් කරනකොට දැනෙන්නෙ ජාත්‍යන්තර ඉසව්වකදී වගේ, ඒ තරම් විවිධත්වයෙන් යුතු ක්‍රීඩකයන් හා හැකියාවන් අපිට මුණ ගැහෙනවා 06.10.2026

ඔස්ට්‍රේලියාවේ අගනුවර භූමි ප්‍රදේශයේ විවෘත බැඩ්මින්ටන් තරගාවලිය (ACT Open 2026) පසුගිය දා කැන්බරා නුවර දී පැවැත්වුනා. ඒ සඳහා සහභාගීවී සිටි ශ්‍රී ලාංකික පසුබිමක් සහිත ක්‍රීඩකයින් SBS සිංහල සමග දැක්වූ අදහස් ඇතුළත් පළමු වැඩසටහනට සවන් දෙන්න. #sbsaudiopodcast

නැටුමෙන් දිනූ ඩාවින් නුවර අනුහස් සහ සදීප 06.10.2026

NT Performing Arts Awards 2026 - ජනතා සම්මානය දිනූ ශ්‍රී ලාංකික වෙස් නර්තන ශිල්පී අනුහස් රත්නායක සහ Lankan Dance Academy විදුහල්පති සදීප සඳරුවන් සමඟ කතාබහක්. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ උතුරු භූමි ප්‍රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast #sbssinhala

සංක්‍රමණිකයින් නිසා වසරකට ඕස්ට්‍රේලියාවේ ඩොලර් බිලියන 35ක් රටින් එලියට, මේ නිසා රටේ ආර්ථීකේට වෙන බලපෑම මෙන්න 06.10.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන සංක්‍රමණිකයන් තමා පැමිණි විදේශ රටවලට ඩොලර් බිලියන ගණනින් මුදල් යැවීම සිදු කරයි. ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට මෙයින් අදහස් වන්නේ කුමක්ද? මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

SBS සිංහල පුවත්: රජයෙන් ලබාදෙන නිවාස සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ පොරොත්තු ලේඛනයේ සිටින පවුල් සංඛ්‍යාව 40,000 ඉක්මවයි 05.10.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 06වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

වෙනස් වන ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රජාවන්ට ගැළපෙන ලෙස SBS භාෂා සේවා නැවත සලකා බලයි 05.10.2026

SBS මාධ්‍ය ආයතනය ඕස්ට්‍රේලියාවේ විවිධ භාෂා කතාකරන ප්‍රජාවන්ට ඔවුන්ගේ භාෂාවලින් ඕස්ට්‍රේලියානු පුවත්, තොරතුරු සහ වැඩසටහන් ඉදිරිපත් කරනවා. 1975දී භාෂා අටකින් ආරම්භ වූ SBS ගුවන්විදුලිය අද භාෂා 60කට වැඩි සංඛ්‍යාවකින් වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඕස්ට්‍රේලියාවේ ජනගහනය, ජනතාව කතාකරන භාෂා සහ ඔවුන් මාධ්‍ය භාවිත කරන ආකාරය නිරන්තරයෙන් වෙනස් වන නිසා, මේ වෙනස්කම් අනුව SBS භාෂා සේවාද නිරන්තරයෙන් සමාලෝචනය කෙරෙනවා....

Why power is split, and how that protects you | How Australia Works - බලය බෙදා තිබීමෙන් ඔබ රැකෙන්නේ මෙහෙමයි | How Australia Works 05.10.2026

After receiving a fine for not wearing his motorbike helmet correctly, Hugo decides to have the matter heard in court. His story explains how Parliament, government and the courts have different roles, and how some official decisions can be questioned. - නිසි පරිදි යතුරුපැදි හෙල්මටය පැළඳ නොසිටීමෙන් හියුගෝට දඩ මුදලක් නියම වීමත් සමඟ ඔහු එය අධිකරණය වෙත ගෙන ගියා. පාර්ලිමේන්තුව, රජය සහ අධිකරණ සතු භූමික...

අපේ ඇස් හොඳින් ආරක්ෂා කරගන්න ඕස්ට්‍රේලියාවේදී අපට ගන්න පුළුවන් හොඳම ප්‍රතිකාර මෙන්න 05.10.2026

ඇස් ආශ්‍රිතව ඕස්ට්‍රේලියාවේ සිද්ධ කරන ප්‍රතිකාර සහ මේ සම්බන්ධයෙන් ලබාගත හැකි සේවාවන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු පිළිබඳව වන සාකච්ඡාවට සවන් දෙන්න

SBS සිංහල WorldWatch: ප්‍රශ්නගත Fly Dubai යානයේ සැකකාර ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සම්බන්ධය විමර්ශනයට 05.10.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast

ඔස්ට්‍රේලියාවේ එකම නගරය අසල වේලාවන් දෙකක්, 'Daylight Saving' නිසා ඇතිවන අමුතු ගැටලුව 05.10.2026

ඊයේ අලුයම 2ට, Victoria, New South Wales, Tasmania, South Australia සහ ACT ප්‍රදේශවල ඔරලෝසු පැයකින් ඉදිරියට ගියා. ඒ කියන්නේ අලුයම 2 එකවරම 3 බවට පත්වුණා. නමුත් කුවීන්ස්ලන්ත ප්‍රාන්තය Daylight Saving අනුගමනය කරන්නේ නැහැ. මේ නිසා NSW ප්‍රාන්තයේ Tweed Heads සහ ඊට යාබද කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ Coolangatta අතර දැන් පැයක කාල වෙනසක් තිබෙනවා.මේ අසල්වැසි නගරදෙකේ ජනතාව පැයක කාල වෙනසක් සමග දැන් කාලය ගත කරනවා. ම...

SBS සිංහල පුවත්: වන් නේෂන් පක්ෂය වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණ ප්‍රචාරණ කටයුතු අරඹයි 04.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 05වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන විග්‍රහය: 2026 වසරේ Daylight Saving Time (DST) ඇරඹෙයි 04.10.2026

ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්ත සහ ටෙරිටරිවල Daylight Saving Time ඇරඹුණා. මෙහි ඉතිහාසය, වේලාව වෙනස් කිරීමට හේතුව සහ මානසික සෞඛ්‍යය පිළිබඳ උද්ගත වී ඇති අදහස් මෙවර කාලීන විග්‍රහයෙන්. #sbsaudiopodcast

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය සැප් 28 - ඔක් 02 02.10.2026

සැප්තැම්බර් 28වන දා සිට ඔක්තෝබර් 02වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. #sbsaudiopodcast

ඇසිදිසි ඇඩිලේඩ්: ලාංකික පූජක ගරු වින්සන්ට් පියතුමා, අන්දරේයි හාමිනෙයි වේදිකාවට ගේන Robins Academy, සුවින්යා සහ සවෙයින්යාගේ ගැයුම් හා සාම පාගමන 02.10.2026

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවයේ කුමුදිණි සිල්වා ගෙන එන ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast

තරුෂි එක්ක තරු කතා: මගේ චිත්‍රපට SBS On Demand ඔස්සේ ඔස්ට්‍රේලියාව තුළ ප්‍රදර්ශනය වන්නේ දශක කිහිපයකට පසුවයි - ප්‍රසන්න විතානගේ 02.10.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast

ක්‍රීඩා විග්‍රහය: ආසියානු ක්‍රීඩා උලෙළේ එකම රන් පදක්කම රුමේෂ්ගෙන් / සීශෙල්ස් පරදා ශ්‍රී ලංකාවට පාපන්දු තරගාවලි ජයක් / ක්‍රිකට් නව පනත ගැන ICC ය දැනුවත් ද? 02.10.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast

ශිෂ්‍ය වීසා නීති වෙනස්කම් අද සිට, පවුලේ සාමාජිකයන් පසුව එක් කිරීම නවතියි 02.10.2026

ඔක්තෝබර් 02වන දා (අද) සිට ක්‍රියාත්මක ශිෂ්‍ය වීසා වෙනස්කම් පිළිබඳව SBS සිංහල සජීව ගුවන් විදුලි විකාශයේ දී කළ කෙටි පැහැදිලි කිරීමකි. #sbsaudiopodcast

SBS සිංහල පුවත්: හරිත පක්ෂයේ නව නායකයා ඩේවිඩ් ෂූබ්‍රිජ් - රජය සමඟ වඩා ඵලදායී ප්‍රවේශයකින් කටයුතු කරන්නයි අගමැතිගෙන් ඔහුට ඇරයුම් 02.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 02 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාතය 4.6 දක්වා වැඩි වෙයි, වසර 15කට පසු වාර්තා වන ඉහළ ම අගය 01.10.2026

ඕස්ට්‍රේලියාවේ මහබැංකුව මේ වසරේ සිව්වන වරටත් පොලී අනුපාත ඉහළ නැංවීමක් සිදු කළා. ඒ අනුව අඟහරුවාදා සිදු කළ පදනම් අංක 25ක ඉහළ දැමීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාතය සියයට 4.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර 15කට පසු වාර්තා වන ඉහළ ම පොලී අනුපාත අගය බව සඳහන්. ලිබරල් සන්ධානය පවසන්නේ රජයේ වියදම් ඉහළ යාම උද්ධමනයට බලපා ඇති බවයි. කෙසේ වෙතත් ලේබර් පක්ෂය පෙන්වා දෙන්නේ මැදපෙරදිග යුදමය තත්ත්වය එයට හේතුව ලෙසයි....

අපේ වහරේ කතා අහුරක්: උණට අලුත් හෙදකමක් ඉගෙන ගත්ත ගබිරිස් 01.10.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ මෝඩ ගබිරිස් උන්දෑ උණ ගැනුණු දරුවෙකුට කරපු ගොඩ වෙදකමක ඇබැද්දියක් ගැන රස කතාවක්. #sbsaudiopodcast

පළමු වරට පැවැත්වෙන ආදි සිසුවියන්ගේ සුහද තරගයක් පිළිබඳ කියන ශිවානි ධීරාජ් සහ නාලිකා පද්මසේන 01.10.2026

ශ්‍රී ලංකාවේ යාපනයේ චුණ්ඩික්කුලි බාලිකා පාසලේ නිව් සවුත් වේල්ස් ආදී සිසුවියන්ගේ කණ්ඩායම සුහද දැල්පන්දු තරඟයක් සංවිධානය කර තිබෙනවා. මෙම තරඟයට කොළඹ, මහනුවර, බණ්ඩාරවෙල, මඩකලපුව, යාපනය යනාදී දිස්ත්‍රික්ක රැසක පාසල් නියෝජනය කරමින් ආදී සිසුවියන් සහභාගී වීමට නියමිතයි. ඒ පිළිබඳව SBS සිංහල සේවය සමඟ අදහස් දැක්වීමකට චුණ්ඩික්කුලි බාලිකා පාසල් ආදී සිසු සංසදයේ සභාපතිනි ශිවානි ධීරාජ් සහ Sri Lankan Australian Wom...

ඔස්ට්‍රේලියාවේ ජාතික උද්භිද උද්‍යානය National Arboretum ගැන මේ තොරතුරු දන්නවා ද? 01.10.2026

ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ’ මාසික විශේෂාංගය වෙනුවෙන් සම්පාදනය කල ප්‍රභාශ්‍රී හේරත් ඉදිරිපත් කරන මේ වැඩසටහනට සවන් දෙන්න. #sbsaudiopodcast #sbssinhala

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ නිවාස මිලගණන් ඉතිහාසගත අවපාතයකට 01.10.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 01වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න

ටස්මේනියාවේ සංචාරයේ යන්න හිතනවා ද? එහෙනම් Cataract Gorge සුන්දරත්වය විඳගන්න අමතක කරන්න එපා 30.09.2026

ටස්මේනියාවේ ලොන්සෙස්ටන් නුවර කැටරැක්ට් දෝරුව ගැන මේ කෙටි වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast #sbssinhala

Poslouchej podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන v Replaio

Rádio a podcasty v jedné aplikaci - zdarma a bez registrace. Nainstaluj si ji ještě dnes a nepropásni premiéru

Stáhnout z Google Play

Replaio není vydavatelem podcastů; názvy pořadů, obálky a audio patří jejich autorům a šíří se přes veřejné RSS kanály