SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ Epizody: 1869

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Určitě navštivte web podcastu a podpořte jeho tvůrce: www.sbs.com.au

Autor

SBS

Kategorie

News

Web podcastu

www.sbs.com.au

Nejnovější epizoda

22. říj 2026

Kde poslouchat?

Podcasty v aplikaci Replaio Radio Už brzy

Podcasty míří do aplikace už brzy. Nainstaluj si ji teď a jako první uvidíš úplně nový pohled na podcasty

Stáhnout z Google Play Nainstaluj zdarma Android téměř 10 mil. stažení · hodnocení 4,8 iOS už brzy

Epizody

'Hack' කරන්න අමාරු ශක්තිමත් Password එකක් හදාගන්නේ කොහොමද? 16.10.2026

අලුත් පාස්වර්ඩ් එකක් හදන්න ගියාම, කැපිටල් අකුරක් යොදන්න, අංකයක් යොදන්න, විශේෂ සංකේතයක් භාවිතාකරන්න, කියලා ඔබටත් කියනවා නේද? නමුත් මේ නීති ප්‍රකාශකළ ආයතනයම දැන් කියන්නේ, සංකීර්ණකමට වඩා පාස්වර්ඩ් එකේ දිග වැදගත් කියලයි. එහෙනම් වර්තමානයේ ඔබේ ගිණුම් ආරක්ෂා කරගන්න හොඳ පාස්වර්ඩ් එකකට ඇත්තටම වැදගත් දේවල් මොනවාද? ඒ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල පුවත්: සංක්‍රමණික කාන්තාවන් තුන්ලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් සිය කුසලතා මට්ටමට වඩා පහළ රැකියා වල නිරත වන බවට අගමැතිගෙන් හෙළිදරව්වක් 15.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 16 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast

එගොඩ මෙගොඩ නෑකම් අලුත් කරන්න සැරසෙන Spirit of Tasmania 15.10.2026

ටස්මේනියා දූපතත් වික්ටෝරියා ප්‍රන්තයත් බාස් සමුද්‍ර සන්දිය හරහා සම්බන්ධ කරන මගී ප්‍රවාහන විශාල නෞකා සේවයක් වන Spirit of Tasmania හි නවතම සේවා යාවත්කාලීන කිරීමක් පිළිබඳ මේ කෙටි වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast

ලංකාවෙන් එන දක්ෂ සංක්‍රමණිකයින්ට කෙටි කාලයකින් ‘Company Sponsorship’ ලැබුණත්, මේ වගේ වැරදි නිසා 'PR' ගමන අසීරු වෙන්න පුළුවන් 15.10.2026

‘The Road to Australia – ඔස්ට්‍රේලියාවට මග’ Facebook ප්‍රජාවේ නිර්මාතෘ සහ වර්තමානයේ ඇඩ්මින්වරුන් ලෙස කටයුතු කරන වන වරුණ සෙනෙවිරත්න සහ සුරංග ප්‍රසාද් සමඟ SBS සිංහල සේවය ඉදිරිපත් කරන 'ඔස්ට්‍රේලියාවට හරි පාරෙන්' මේ විශේෂ සාකච්ඡා මාලාවේ දෙවන කොටසයි මේ. ලංකාවෙන් එන දක්ෂ නිපුනතා සංක්‍රමණිකයින් අතින් සිදුවන ඇතැම් අතපසුවීම් හේතුවෙන් ඔවුනට පහසුවෙන් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට ඇති අවස්තාව අහිමි...

පළමු නිවස මිල දී ගන්න ඉන්න අයට ඔස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවරින් ලැබෙන මේ වාසි ගැන දන්නවා ද? 15.10.2026

නිවාස සිහිනය සැබෑ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට කැන්බරා අගනුවරින් ලැබෙන මේ වාසි ගැන පැහැදිලි කරන්නේ ලියාපදිංචි ණය තැරැව්කරු ෆයිසාල් දේවා මහතා. මේ වැඩසටහන ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ’ මාසික විශේෂාංගය වෙනුවෙන් සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast #sbssinhala

අපේ වහරේ කතා අහුරක්: ලොකු හාමුගේ කෝප්පෙ 15.10.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ වලව්වකට ගොඩවැදුනු හිඟන මනුස්සයෙක් ගැන රස කතාවක්. #sbsaudiopodcast

ඥානසාර හිමිගේ සිවුර ගැන ඇතිවූ කතාබහෙන් පසු ශ්‍රී ලංකාවේ බන්ධනාගාර නීතිවල වෙනසක් 15.10.2026

සිරදඬුවමක් විඳින ස්වාමින් වහන්සේ නමක් උසාවියට රැගෙන යද්දී, සිවුරෙන්ද රැගෙන යන්න ඕනෑ? නැත්නම් බන්ධනාගාර ඇඳුමෙන්ද? පහුගිය දවස්වල ශ්‍රී ලංකාවේ මේ ගැන ලොකු කතාබහක් ඇතිවුණා. දැන් ඒ සම්බන්ධ බන්ධනාගාර නියෝග වෙනස් කරන්න පියවර ගෙන තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන්

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවට ස්මාර්ට් කන්නාඩි ආනයනය වසරකට තහනම් කරන්න, Greens පක්ෂය කියයි 14.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 15 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

ඉහළ ම ඉතුරුම් පොලී අනුපාතය සියයට 6ක් දක්වා, නිවාස මිල පහළ යාම නුදුරේ දී නතර විය හැකි බවට අනාවැකි 14.10.2026

ඕස්ට්‍රේලියාවේ සමහර බැංකු ගිණුම්වල සාමන්‍ය ඉතුරුම් පොලී අනුපාතය සියයට හයක මට්ටමට ළඟා වී තිබේ. එම මට්ටමේ පොලී අනුපාතයක් දක්නට ලැබී ඇත්තේ දශකයකටත් වැඩි කාලයකට පසුව බව Canstar ආයතනයේ පර්යේෂණයක් හෙළි කරයි. realestate.com.au වෙබ් අඩවියේ නව නිවාස දැන්වීම්වල ප්‍රමුඛස්ථානය සිඩ්නි මෙල්බර්න් වෙත. වැඩිදුර විස්තර සඳහා සවන් දෙන්න. #sbsaudiopodcast

'ඔස්ට්‍රේලියාවේ නීති කවුන්සිලය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර අවබෝධතාව දැනුම හුවමාරුවට වගේම අභියෝග වල දී සහයෝගය පිණිසත් හේතු වේවි' - නීතිඥ රජීව් අමරසූරිය 14.10.2026

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ඔස්ට්‍රේලියාවේ නීති කවුන්සිලය විශේෂ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබුණා. ඒ පසුගිය දා නිමාවට දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත් වූ LAWASIA සමුළුව අතරතුර දීයි. මේ ඒ පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්. #sbsaudiopodcast

සුව දිවිය: ලැජ්ජාව හෝ බය නිසා ඔබත් ලිංගික සෞඛ්‍ය ගැන නොසලකා හරිනවා ද? 14.10.2026

යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ පළමු වැනි කොටස. #sbsaudiopodcast

අන්දරේයි, හාමිනෙයි, මහ රැජිනයි ඇඩිලේඩ් වේදිකාවට 14.10.2026

ඉංග්‍රීසි බසින් නිපදවූ ළමා ප්‍රහසනයක් වන ‘Andare’s Wife and the Queen’ ඇඩිලේඩ් හි දී වේදිකාගත වීමට නියමිතයි. මෙම නිර්මාණය ඇඩිලේඩ් හි Robins Academy යේ නිර්මාතෘ හා අධ්‍යක්ෂිකා නැටලි රොබින්ස් මහත්මියගේ නිෂ්පාදනයක්. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast

නිව්කාසල් නගරයේ ජනකායක් අතරට මෝටර් රථයක් කඩා වැදුණු සිද්ධියේ 18 හැවිරිදි රියදුරාට තවත් චෝදනා 14.10.2026

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ, සිඩ්නි නුවරට උතුරින් පිහිටි නිව්කාසල් නගරයේ, NRL රග්බි ලීග් කණ්ඩායමකට සමුදීමට රැස්ව සිටි පිරිසක් අතරට මෝටර් රථයක් කඩා වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ රියදුරාට දැන් නව චෝදනා එල්ල කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ කෙටි විශේෂාංගයෙන් #sbsaudiopodcast

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ඉහල උද්දමන තත්වය 2027 වසරේදීත් පවතිනු ඇති බවට අනාවැකි 14.10.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 14වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන විග්‍රහය: අනාගත දරු උපතකට ඩිම්බ අධිශීත තත්ත්වයේ තැබීම, වියදම සහ ගැටලු 13.10.2026

ඕස්ට්‍රේලියාවේ ජාතික උපත් අනුපාතය පහත වැටෙමින් තිබේ. එසේ ම ඕස්ට්‍රේලියානුවන් දෙමව්පිය සිහිනය කල් දැමීමේ ප්‍රවණතාවක් ද පවතියි. ඩිම්බ පරීක්ෂණ සහ අනාගතයේ දී දරු සම්පතක් ලබාගැනීම වෙනුවෙන් ඩිම්බ අධිශීත කිරීමට යොමු වන කාන්තාවන්ගේ සංඛ්‍යාවත් මෑත වසරවල දී කැපී පෙනෙන ලෙස ඉහළ ගොසින්. ඩිම්බ තැන්පත් කිරීම සහ භාවිතයට නොගන්නේ නම් ඒවා බැහැර කිරීම පිළිබඳ ප්‍රාන්ත සහ ටෙරිටරි පුරා වෙනස් නෛතික තත්ත්ව පවතියි. මෙවර කා...

'භාෂා ඉගෙන ගන්න දරුවන්ට රජය විශාල වැදගත්කමක් ලබා දෙනවා', NSW සිංහල භාෂා පාසල් යාන්ත්‍රණය පිළිබඳ ඔබට කියන රේණු ලියනගේ 13.10.2026

නිව් සවුත් වේල්ස් සිංහල සංස්කෘතික හමුවේ අධ්‍යාපන ඒකකය සංවිධානය කළ ළමා විවධ ප්‍රසංගයක් සැප්තැම්බර් 26වෙනි දා සාර්ථකව පැවැත්වුණා. එය නිමිති කරගත් මේ විශේෂාංගය ප්‍රාන්තයේ සිංහල භාෂා අධ්‍යාපනය, ඉගෙනුම් ක්‍රියාවලිය, අමතර ක්‍රියාකාරකම් සහ ප්‍රාන්ත රජය භාෂා ඉගැන්වීමට දක්වන සක්‍රිය දායකත්වය පිළිබඳවයි. #sbsaudiopodcast

පර්ත් ගමේ සුළු කවියා - කිවිඳු සුනිල් ගෝවින්නගේ මතක සැමරුම 13.10.2026

පර්ත් නුවර ජීවත්ව සිට සමුගත් ප්‍රවීණ සාහිත්‍යවේදී ආචාර්ය සුනිල් ගෝවින්නගේ මහතා පිළිබඳ ආචාර්ය දිල්හානි කපු ආරච්චිලාගේ මහත්මිය ගෙන එන මතකානුස්මරණය. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ බටහිර ඔස්ට්‍රේලියා වාර්තාකාරිණී දුලාංජලී විජේතිලක ‘පර්ත් තතු මංජරී’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast

නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ ප්‍රසංගයක දී හෝ ඉසව්වක දී ලංකාවේ ගීත ගයන්න, සංගීතය වාදනය කරන්න අවසර ගන්න ඕන ද? 13.10.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ වැඩසටහන ඔස්ට්‍රේලියාව තුල බලපැවැත්වෙන බුද්ධිමය දේපළ හා ප්‍රකාශන හිමිකම් නීති සහ ක්‍රමවේද පිළිබඳවයි. #sbsaudiopodcast

ඔස්ට්‍රේලියාවේ අගනුවර කැන්බරා මීට වසර දහස් ගණනකට පෙර භාවිතා වුනේ මොනවාට ද කියලා දන්නවා ද? 13.10.2026

ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ’ මාසික විශේෂාංගය වෙනුවෙන් සම්පාදනය කල ප්‍රභාශ්‍රී හේරත් ඉදිරිපත් කරන මේ වැඩසටහනට සවන් දෙන්න. #sbsaudiopodcast #sbssinhala

SBS සිංහල පුවත්: සෞඛ්‍ය, ආබාධිත සහ ප්‍රජා සේවා ක්ෂේත්‍රවල සේවකයන් 460,000කට වැඩි පිරිසකට වැටුප් වැඩිවීමක් 12.10.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 13වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

'Credit Card' එකෙන් ATO බදු ගෙවීමට ඇති අවස්ථාව 2027 ජූනි දක්වා දිගු කරයි 12.10.2026

ATO ආයතනයේ බදු බිල්පත් 'Credit Card' මගින් ගෙවීමේ අවස්ථාව 2027 ජූනි දක්වා ලබාදෙන බවට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසනවා. මීට පෙර 2026 දෙසැම්බර් සිට Credit Card ගෙවීම් නවතා දැමීමට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) සැලසුම් කළත්, කුඩා ව්‍යාපාර හිමියන් සහ ව්‍යාපාරික කණ්ඩායම් කිහිපයක විවේචන හමුවේ එම තීරණය කල් දමා තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා #sbsaudiopodcast

How laws are made, and how they affect you | How Australia Works - නීතියක් හැදෙන්නේ මෙහෙමයි | How Australia Works 12.10.2026

How are laws made in Australia? Through Wurundjeri Elder Uncle Dave Wandin’s story of the Birrarung, also known as the Yarra River, learn how an idea becomes a bill, passes through Victoria’s parliament and receives royal assent, the formal approval that makes it law. - Birrarung හෙවත් යාරා නදිය පිළිබඳ වුරුන්ජරි වැඩිහිටියෙකු වන අන්කල් ඩේව් ගෙන එන කතාව ඕස්ට්‍රේලියාවේ නීති සම්පාදනය පිළිබඳ ඔබට පැහැදි...

ඕස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න යනවනම්, නොකරම ඉන්න ඕනේ වැරදි මෙන්න 12.10.2026

දේපළක් මිලදී ගැනීමේදී ගැනුම්කරුවන් සිදු කරන විශාලතම වැරදි සහ ඒවා මගහරිමින් මුදල් ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න ගැන SBS සිංහල සේවය සිදු කල මේ සාකච්ඡාවට සවන් දෙන්න.

ක්වීන්ස්ලන්තයේ පාසල් අවසන් වසර QCE විභාගයට පළමු වැනි වරට පැවැත්වෙන සිංහල විභාගයට සූදානම් වන සිසුන් දැක්වූ අදහස් 12.10.2026

ක්වීන්ස්ලන්තයේ පාසල් අවසන් වසර විභාගය QCE SEE යටතේ පළමු වරට පැවැත්වෙන සිංහල භාෂා විභාගයට පෙනී සිටින සිසු දරුවන් සහ බ්‍රිස්බේන් හි යශෝධරා සිංහල පාසලේ ආචාර්යවරු විභාග පෙර සූදානම පිළිබඳ දක්වන අදහස්. මෙම වැඩසටහන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ SBS සිංහල වාර්තාකරු බුද්ධික ගමගේ ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික විශේෂාංගයට සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast #sbssinhala

SBS සිංහල WorldWatch: ඉන්දීය රජයට යළි කැරපොතු ප්‍රශ්නයක්? 12.10.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast

Poslouchej podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන v Replaio

Rádio a podcasty v jedné aplikaci - zdarma a bez registrace. Nainstaluj si ji ještě dnes a nepropásni premiéru

Stáhnout z Google Play

Replaio není vydavatelem podcastů; názvy pořadů, obálky a audio patří jejich autorům a šíří se přes veřejné RSS kanály