SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Обов'язково відвідайте сайт подкасту та підтримайте його автора: www.sbs.com.au
Де слухати?
Подкасти в застосунку Replaio Radio Уже незабаромПодкасти незабаром з'являться в застосунку. Встановіть уже зараз і першими побачте зовсім новий погляд на подкасти
Епізоди
SBS සිංහල WorldWatch: කිසිදු ගිවිසුමක් එකඟතාවක් නොමැතිව අවසන් වූ චීන ජනපතිගේ ඇමෙරිකානු සංචාරය අතිශය සාර්ථකයි කියන්නේ ඇයි? 28.09.2026 14:59
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast
විනිසුරුවරුන්ගේ විශ්රාම වයස වෙනස් කළ ශ්රී ලංකාවේ 22 වැනි සංශෝධනය 28.09.2026 3:39
විනිසුරුවරයෙකුගේ සේවා කාලයට අවුරුදු දෙකක් එකතු කිරීම කුඩා වෙනසක් මෙන් හැඟෙන්නට පුළුවන්. නමුත් මේ යෝජනාව හේතුවෙන් ශ්රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව විශාල විවාදයක් ඇතිවුණා. විරෝධතාද පැවැත්වුණා. ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සම් 67ක් පවා ඉදිරිපත් වුණා. නමුත් ඒ සියල්ල අවසානයේ, 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය නීතියක් බවට පත්වී තිබෙනවා. මෙහිදී සංශෝධනය වූ කරුණු මොනවාද? මෙයට ඇතැම් පාර්ශව වලින් දැඩි වි...
SBS සිංහල පුවත්: කාඩ්පත් ගෙවීම්වල දී අමතර ගාස්තු අය කිරීම ඔක්තෝබර් 1වන දා සිට තහනම් 28.09.2026 5:15
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
කාලීන විග්රහය: ක්රීඩිකාවක වීමේ සිහිනය සැබෑවක් නොවුණත් ක්රීඩා පිටියෙන් ඉවතට නොගිය නේහා කුමාර් 27.09.2026 7:55
නේහා කුමාර්ට NRLW ජාතික කාන්තා රග්බි ලීග් තරගාවලිය පිළිබඳ දැන්වීමක් අහම්බෙන් දකින්න ලැබුණා. මේ තරඟාවලිය පිළිබඳ වැඩි අවබෝධයක් නැති බව ඇය තේරුම් ගත්තා. ෆීජියානු- ඉන්දීය සම්භවයක් ඇති ඔස්ට්රේලියානු ජාතික නේහා කාන්තා රග්බි ලීග් ක්රීඩාව වෙනුවෙන්ම “Watch Her Footy” ඇරඹුවේ එලෙසින්. #sbsaudiopodcast
Tassie මංසල: කෙළිබිමෙත් එපිටත් එකසේ ක්රියාශීලී හෝබාර්ට් සිංහයෝ, ටැසී කාලගුණ අනතුර? නෑකම් අලුත් කරන්න සැරසෙන Spirit of Tasmania ගැන මෙවර විශේෂාංගයෙන් 26.09.2026 18:46
ඔස්ට්රේලියාවේ ටස්මේනියා ප්රාන්තයේ ශ්රී ලාංකේය ප්රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් නුමායා බුලත්සිංහල ගෙන එන ‘Tassie මංසල’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast #sbssinhala
සුන්දර ඩාවින්: නිවාස වෙළඳපළ උණුසුම ඩාවින් වල නැද්ද? ඔස්ට්රේලියාවේ හෙද වෘත්තියේ අත්දැකීම් ගැන හෙද නිලධාරිනී මුදිතා දැක්වූ අදහස් මෙවර විශේෂාංගයෙන් 26.09.2026 37:56
ඔස්ට්රේලියාවේ උතුරු භූමි ප්රදේශයේ ශ්රී ලාංකේය ප්රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය සැප් 21 - සැප් 25 25.09.2026 6:58
සැප්තැම්බර් 21වන දා සිට සැප්තැම්බර් 25වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. #sbsaudiopodcast
අඳුර පරදා ආලෝකයෙන් එකලු වන දීපාවලියේ පස්දින සැමරුම් හැඩවෙන්නේ මෙහෙමයි 25.09.2026 15:52
ආලෝකයේ උත්සවය ලෙස හැඳින්වෙන දීපාවලී සංස්කෘත භාෂාවේ “දීප්” සහ “ආවලි” යන වචන දෙකෙන් බිහි වූ නමකි. “දීප්” යන්නෙන් ආලෝකයත්, “ආවලි” යන්නෙන් පේළියත් අදහස් කරයි. අඳුර පරදා ආලෝකය ජයගැනීම යන සුන්දර පණිවිඩය රැගත් දීපාවලි සැමරුමේ විවිධත්වයත්, දින පහක් පුරා සිදු කෙරෙන චාරිත්ර පිළිබඳවත් තොරතුරු රැගත් මේ විශේෂාංගයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: ‘එපා තවත් ඔබ මා රවටන්නට’ ගීතය හැදුණ විදිහත් හරිම දෛවෝපගතයි - වසන්තා තිලකාංගනී 25.09.2026 7:38
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast
ක්රීඩා විග්රහය: එංගලන්ත පිටියේ කුසල්ගේ වික්රම / ආසියානු ක්රීඩා කාන්තා ක්රිකට් රිදී පදක්කම දිනූ සිංහ ධේනුවන් / ශ්රී ලංකා ක්රිකට් නව පනතට කැබිනට් අනුමැතිය 25.09.2026 8:58
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS සිංහල පුවත්: මෙඩිකෙයාර් දත්ත පද්ධතියට අනවසරයෙන් පිවිසුණු OpenAI සමාගමට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමට ඕස්ට්රේලියානු ෆෙඩරල් රජය සැරසේ 25.09.2026 5:14
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 25 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
පාස්කු ඉරිදා ප්රහාරයේ ප්රධාන නඩුවක තීන්දුව, වැඩිම සිර දඬුවම වසර 260ක් 24.09.2026 4:44
2019 පාස්කු ඉරිදා ප්රහාරයේ එක් ප්රධාන නඩුවක තීන්දුව ලබා දුන්නා. ඒ අනුව ශ්රී ලංකාවේ කතෝලික පල්ලි සහ හෝටල් ඉලක්ක කරගමිනින් සිදු කළ බෝම්බ ප්රහාරවලට ආධාර අනුබලදීම සහ කුමන්ත්රණය ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම් නියම වුණා. #sbsaudiopodcast
'අම්මා රූපවාහිනියේ ප්රවෘත්ති කියනවා වැඩසටහන් නිෂ්පාදනය කරනවා දැකපු පුංචි කාලේ ඉඳලා මටත් මාධ්යයට පිවිසෙන්න ලොකු කැමැත්තක් තිබුනා' - නුමායා බුලත්සිංහල 24.09.2026 26:21
SBS සිංහල සේවයේ ටස්මේනියා ප්රාන්ත වාර්තාකාරිණිය ලෙස කටයුතු කරන නුමායා බුලත්සිංහල ඇගේ ඔස්ට්රේලියා ජීවිත අත්දැකීම් සහ මාධ්ය හා කලා ලෝකයට ඇති ඇගේ සබැඳියාව පිළිබඳ දැක් වූ අදහස්. #sbsaudiopodcast #sbssinhala
අපේ වහරේ කතා අහුරක්: ගැට හැත්තෑවක් දාලා මෙල්ල කරපු යකා 24.09.2026 5:29
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ යන්ත්ර මන්ත්ර ගුරුන්නාන්සේ කෙනෙකුට යකෙක් නිසා වුන ඇබැද්දියක් ගැන කතාවක්. #sbsaudiopodcast #sbssinhala
ලේබර්, ලිබරල්, වන් නේෂන්, ග්රීන්ස් සංක්රමණ සැලසුම් සැකෙවින් 24.09.2026 7:43
ලේබර් රජය, ලිබරල් සන්ධානය, වන් නේෂන් පක්ෂය සහ ග්රීන්ස් පක්ෂය සංක්රමණය සම්බන්ධයෙන් දරන ස්ථාවරය පිළිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන්. #sbsaudiopodcast
SBS සිංහල පුවත්: දරාගන්න බැරි ජීවන වියදම් එක්ක නිවාස අහාර සහ රැකියාව ගැන ඕස්ට්රේලියානුවන්ගේ බය තවත් වැඩිවෙලා 24.09.2026 5:01
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 24වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න #sbssinhala #sbspodcast
What are Indigenous Protected Areas in Australia? - ආදිවාසී ජනතාව රැකබලා ගන්නා ඔස්ට්රේලියාවේ මේ විශේෂ භූමි ප්රදේශ ගැන ඔබ දැනුවත්ද? 23.09.2026 6:48
National parks, nature reserves, marine sanctuaries and Indigenous Protected Areas protect different environments and operate under different rules. What makes an Indigenous Protected Area different, and how can you find out whether you are welcome to visit? - ඔස්ට්රේලියාවේ ස්වභාවික සුන්දරත්වය බලන්න යන ගමනකදී, ජාතික වනෝද්යාන, ස්වභාවික රක්ෂිත සහ සාගර වගේම 'Indigenous Protected Areas' එහෙමත් නැත්න...
ප්රජා ක්රීඩාවේ සිට ජාතික කණ්ඩායමක් දක්වා ගමනක් යන ටච් ෆුට්බෝල්, කීත් සහ චරිත් ඔබට කියන කතාව 23.09.2026 14:10
ඕස්ට්රේලියාවේ උපත ලැබූ ටච් ෆුට්බෝල් මේ වන විට ශ්රී ලංකාවේ ජනප්රිය වෙමින් පවතින ක්රීඩාවක්. ප්රජා ක්රීඩාවක් ලෙස ද ප්රචලිත ටච් ෆුට්බෝල් ඔස්සේ ශරීර සුවතාවට අමතරව නව මිතුරන් හඳුනා ගැනීම ද සිදු කෙරෙනවා. ඒ පිළිබඳව තොරතුරු ගෙන එන මේ විශේෂාංගයේ අදහස් දැක්වීම Sri Lanka Touch Footy Club Sydney සභාපති කීත් රොසයිරෝ සහ ලේකම් චරිත් ෆොන්සේකාගෙන්. ශ්රී ලංකාව තුළ ජාතික මට්ටමේ ක්රීඩාවක් ලෙස ටච් ෆුට්බෝල් හඳු...
සුව දිවිය: අතදරුවන් සහ වැඩිහිටියන්ට වැඩි අවදානමක් ඇති RSV රෝගයෙන් ආරක්ෂා වෙන්නේ කොහොම ද? 23.09.2026 6:21
යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන Respiratory syncytial virus (RSV) රෝගය හා ඉන් ආරක්ෂා වීම සඳහා ඇති ප්රතිශක්තිකරණ එන්නත් පිළිබඳවයි. #sbsaudiopodcast #sbssinhala
සැප්තැම්බර් මාසයේදී තවත් පොලී අනුපාත වැඩිවීමක්? ප්රධාන බැංකු හතරම අනාවැකි පළ කරයි 23.09.2026 5:06
ඉන්ධන මිල නැවතත් ඉහළ යනවා. නිවාස ණයක් තිබෙනවා නම් එහි වාරිකයට දැනටමත් විශාල පීඩනයක් එල්ල කරනවා. මේ අතර සැප්තැම්බර් මාසයේ පොලි අනුපාත නැවත ඉහල දැමීමක් පිළිබඳව අනාවැකි පළවන්නට පටන් අරන්. මේ මාසයේ ඕස්ට්රේලියානු මහා බැංකුව පොලී අනුපාත නැවතත් ඉහල දමයිද? මේ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන්.
SBS සිංහල පුවත්: නිවසක් මිලදී ගැනීමට 'Superannuation' මුදල් යොදාගැනීමේ යෝජනාව ගැන ලිබරල් සන්ධාන විපක්ෂය තුළ පරස්පර අදහස් 22.09.2026 6:16
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 23වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
කාලීන: One Nation පක්ෂ ජාත්යන්තර ශිෂ්ය වීසා සීමා වලට, ඕස්ට්රේලියානු විශ්වවිද්යාල වලින් විරෝධය 22.09.2026 15:46
වසර තුනක් තුළ ඕස්ට්රේලියාවේ අධ්යාපනය හැදෑරීමට ජාත්යන්තර සිසුන්ට සහ උපාධිධාරීන්ට ලබා ෙදන ස්ථාන ලක්ෂ ගණනකින් කප්පාදු කිරීමට One Nation පක්ෂ යෝජනා කර තිබෙනවා. කෙසේ නමුත් එම පක්ෂයේ සංක්රමණ සැලැස්මට එරෙහිව විශ්වවිද්යාල ක්ෂේත්රය සිය විරෝධය පළ කරනවා. මෙවර කාලීන විග්රහය ඒ පිළිබඳවයි.
ඔස්ට්රේලියාවේ ව්යවස්ථාව සංශෝධන කරන්න නම් අනිවාර්යයෙන් ම ජනමත විචාරණයකට යොමු කරන්නේ ඇයි? සම්මානිත මහාචාර්ය සූරි රත්නපාල කරන පැහැදිලි කිරීම 22.09.2026 19:31
ශ්රී ලංකාවේ ව්යවස්ථාව යළිත් වතාවක් සංශෝධනය කිරීමට සූදානම් වන පසුබිමක ඔස්ට්රේලියාවේ ව්යවස්ථා සංශෝධන ක්රියාවලිය හා යහපත් ආණ්ඩුකරණයට රටක මූලික නීතියේ ඇති වැදගත්කම පිළිබඳ ක්වීන්ස්ලන්ත විශ්ව විද්යාලයේ නීතිය පිළිබඳ සම්මානිත මහාචාර්ය සූරි රත්නපාල මහතා SBS සිංහල සේවය සමග දැක්වූ අදහස් වලට සවන් දෙන්න. #sbsaudiopodcast #sbssinhala
නීති පිළිසරණ: ඔස්ට්රේලියාවේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්රමවේද පිළිබඳ සම්පූර්ණ වැඩසටහන 22.09.2026 30:24
ඕස්ට්රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ කොටස් අටම ඇතුළත් සම්පූර්ණ වැඩසටහන. #sbsaudiopodcast #sbssinhala
ඕස්ට්රේලියාවේ BYD Shark රථයක් හැක් කරයි, හැකර්වරයාම කරන භයානක හෙළිදරව්ව මෙන්න 22.09.2026 4:04
BYD Shark 6 රථයක් වැඩි වෙහෙසකින් තොරව හැක් කල හැකි බව ABC ආයතනයේ Four Corners මගින් කල නවතම විමර්ශනයකින් හෙළිව තිබේ. මේ ඔස්සේ රථයේ බ්රේක්, කැමරා වැනි වඩාත් වැදගත් පද්ධති වලට වඩා ඉතා පහසුවෙන් Headlights පාලනය කිරීම, දොරවල් අගුලු දැමීම වැනි සාමාන්ය පාලනය හැකර්වරයකුට ගත හැකි බවත් එය ආරක්ෂාව සහ පුද්ගලිකත්වය ගැන ගැටළුවක් වන බවත් ඔවුන් සඳහන් කරයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
Схожі подкасти
Replaio не є видавцем подкастів; назви шоу, обкладинки та аудіо належать їхнім авторам і поширюються через публічні RSS-канали