uk

SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ Епізодів: 1897

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Обов'язково відвідайте сайт подкасту та підтримайте його автора: www.sbs.com.au

Автор

SBS

Категорія

News

Сайт подкасту

www.sbs.com.au

Останній епізод

29 жов 2026

Де слухати?

Подкасти в застосунку Replaio Radio Уже незабаром

Подкасти незабаром з'являться в застосунку. Встановіть уже зараз і першими побачте зовсім новий погляд на подкасти

Завантажити з Google Play Встановіть безкоштовно Android майже 10 млн завантажень · рейтинг 4,8 iOS незабаром

Епізоди

මව්බිමෙන් පුවත්: බොර තෙල් බැරලයකට ලංකාව ඩොලර් 286 ක් ගෙවපු කතාව / රටම කතා වෙන ලාල් කාන්තගේ වත්කම් බැරකම් 17.04.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාව ආරක්ෂක වියදම් ඩොලර් බිලියන 53 කින් වැඩි කරයි 17.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 17 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

වීසා අයදුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පවා පරීක්ෂා කරමින් තම රජයක් යටතේ ඔස්ට්‍රේලියාවට වීසා ලබාදීමේ ක්‍රියාවලියේ වෙනසක් සිදු කරන බව විපක්ෂ නායක කියයි 16.04.2026

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ඇන්ගස් ටේලර් තම පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්ති පිළිබඳව හඳුන්වා දීමක් සිදුකලා. මෙහිදී ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින්ට විසා ලබා දීමේදී දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් සංක්‍රමණ ප්‍රමාණය සීමා කිරීමටත් ඔහු අපේක්ෂා කරන බව පවසා සිටියා. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව වලින් විවේචන එල්ල වෙමින් පවතිනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න.

'අවුරුදු 20ක ඉඳන් හැම අවුරුද්දෙම අපි එනවා' - 2026 මෙල්බර්න් බක්මහ උළෙල ගැන සහභාගීවූවන් SBS සිංහලට දැක්වූ අදහස් 16.04.2026

තිස් වෙනි වරට පැවැත් වූ මෙල්බර්න් මෙවර බක්මහ උළෙල 2026 ගැන මෙයට සහභාගීවූවන් SBS සිංහලට දැක්වූ අදහස් වලට සවන් දෙන්න.

33 වෙනි වරට පැවැත්වෙන බ්‍රිස්බේන් බක් මහ උළෙලට සියල්ල සූදානම් - චානක අබේසිංහ 16.04.2026

ක්වීන්ස්ලන්ත සිංහල සංවිධානය 33 වෙනි වරටත් සංවිධාන කරන බ්‍රිස්බේන් බක් මහ උළෙල සිංහල අලුත් අවුරුදු උත්සවය එළඹෙන සතිඅන්තයේ අප්‍රේල් 18 වෙනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ක්වින්ස්ලන්ත සිංහල සංවිධානයේ සභාපති චානක අබේසිංහ මහතා.

අපේ වහරේ කතා අහුරක්: වෙස් වලාගෙන රටතොට විස්තර හොයන්න ගිය රාසිං රජ්ජුරුවන්ට ගොවියා දුන්න අපූරු උපදෙස 16.04.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ දෙවැනි රාජසිංහ රජතුමා ගැන ජනප්‍රවාදයේ එන අපූරු කතාවක්.

ඕස්ට්‍රේලියාවේ තිබෙන ආර්ථික පීඩනය ගැන සිඩ්නි ලාංකික ව්‍යාපාරික ප්‍රජාව SBS සිංහල සේවයට කියූ දෑ 16.04.2026

ලොව පුරා සහ ඕස්ට්‍රේලියාවේ මේ වනවිට තිබෙන ආර්ථික පීඩනය තම ව්‍යාපාර කටයුතු සඳහා බලපාන අයුරු ගැන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි වෙසෙන ලාංකික ව්‍යාපාරික ප්‍රජාව සමග SBS සිංහල සේවය සමග සිදු කල සාකච්චාවට සවන් දෙන්න

ලොව වටා: ඉන්දියාවේ මිලියන 1400ක ජන සංගණනය ඇරඹෙයි, ඉදිරි ඉරාන සාකච්චා සාර්ථක වේ යැයි ට්‍රම්ප් ඉඟි කරයි 16.04.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ජිලොන්ග් තෙල් පිරිපහදුවක විශාල ගින්නක් 16.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 16වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Australia’s unique wildlife: what makes it special and what’s at risk - ඔස්ට්‍රේලියාවේ සුවිශේෂී පරිසර පද්ධතිය සහ එයට එල්ලවී ඇති අවදානම් තත්වය ගැන තොරතුරු මෙන්න 15.04.2026

Australia is one of the most biodiverse places on Earth, home to wildlife and plant species found nowhere else on the planet. In this episode of Australia Explained you’ll learn about what makes Australia’s biodiversity so special, the threats it faces and how we can all help protect it. - ඔස්ට්‍රේලියාව කියන්නේ ජෛව විවිධත්වය අතින් අනූන රටක්. ඔස්ට්‍රේලියාවේ ඉතා සුවිශේෂී සත්ව සහ ශාක දැකගන්නට අපිට පු...

කැන්බරා අගනුවර සිංහල අලුත් අවුරුදු සැමරුමට සියල්ල සූදානම් - ඉරන්ත රාජපක්ෂ 15.04.2026

ඔස්ට්‍රේලියා අගනුවර භූමි ප්‍රදේශයේ (Australian Capital Territory- ACT) කැන්බරා අගනුවර ශ්‍රී ලංකා සංවිධානය ප්‍රමුඛව තවත් ප්‍රජා සහ ක්‍රීඩා සංගම් රැසකගේ දායකත්වයෙන් එළඹෙන අප්‍රේල් 18 වෙනි දා පැවැත්වෙන සිංහල අලුත් අවුරුදු උත්සව සූදානම ගැන සංවිධාන කමිටුව වෙනුවෙන් SBS සිංහල සේවය සමග අදහස් දැක්වීමට සහභාගී වූ ඉරන්ත රාජපක්ෂ මහතා.

රාජකීය ව‌ගේ පෙනෙන රාජකීය නොවන මේගන් සහ හැරීගේ ඕස්ට්‍රේලියානු ‘අත්හදා බැලීමේ’ සංචාරය 15.04.2026

මේ දිනවල කාගේත් කතාබහට සහ උනන්දුවට භාජනය වූ බ්‍රිතාන්‍යයේ සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරියගේ ඕස්ට්‍රේලියානු සංචාරය කෙනෙකුට රාජකීය සංචාරයක් ලෙස හිතෙන්නට පුලුවන්. නමුත් එය වාණිජ අත්හදා බැලීමක් ලෙසයි බ්‍රිතාන්‍ය රජ පවුල පිලිබද උනන්දුවක් දක්වන විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියානු වටිනාකම් වලට ගරු නොකරන සංක්‍රමණිකයින්ට තම රජයක් යටතේ ඔස්ට්‍රේලියාවේ රැඳීසිටීමට අවස්තාවක් නෑ, විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක් 15.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 15 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ලෝකයට දැන් බලපාන දරුණු කාලගුණ විපර්යාස ළඟදීම තවත් වේගවත් කරන බව අලුත්ම වාර්තාවක් හෙළි කරයි 14.04.2026

ලෝකය මේ වන විට වාර්තාගත උණුසුම්ම වසර 11 අත්විඳ තිබෙනවා. ලෝකය උණුසුම් වීම පමණක්ම නොව වඩා වැඩි ශක්තියක් ගබඩා කරන අතර දේශගුණික විපර්යාස වේගවත් කරන බවත් නව දේශගුණික වාර්තාවක් අනතුරු අඟවා තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.

මෙහේ ඉන්නේ වෙන ජාති ආගම් වල අය වුනත් අවුරුද්දට කැවිලි හදලා එයාලටත් දෙනවා, සිඩ්නි ලාංකිකයින්ගේ අවුරුදු සැමරුම් 14.04.2026

මවුබිමෙන් බොහෝ දුරින් සිටියත් ඕස්ට්‍රේලියාවේ අලුත් අවුරුදු සැමරුම දැනෙන සහ සිදු කරන අයුරු ගැන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි වෙසෙන ලාංකික ප්‍රජාව සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

සිංහල අලුත් අවුරුදු දවස අවුරුදු 70 ට සැරයක් දවසකින් පස්සට යන්නේ ඇයි? තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග කරන පැහැදිලි කිරීම 14.04.2026

සිංහල අලුත් අවුරුද්ද සෑම වසර 70 ට වරක් දවසකින් පහු වෙනි දවසට මාරු වෙන බව ඔබ දැන සිටියා ද? NASA ආයතනය ඇතුළු ලෝ ප්‍රකට අභ්‍යවකාශ හා තාරකා විද්‍යා අධ්‍යයන ආයතන හා විශ්වවිද්‍යාල රැසක සේවය කර ඇති ප්‍රකට තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග මහතා ඒ පිළිබඳ SBS සිංහල සේවයට දැක්වූ අදහස් ඇසුරෙන් සකස් කළ මේ වැඩසටහනට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා වෙත ලිංගික අතවර, හිරිහැර සහ වෙනස්කම් චෝදනා එල්ල වී ඇති පසුබිමක වසර 125 ක යුද හමුදා ඉතිහාසයේ පත් වූ පළමු හමුදාපතිනිය 14.04.2026

ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා Australian Defence Force (ADF) නායකත්ව ප්‍රතිසංවිධානයේ කොටසක් ලෙස, වසර 125 ක යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට හමුදාපතිනියක් පත් කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක හමුදා ඒකාබද්ධ හැකියාවන් පිළිබඳ වත්මන් ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් සුසන් කෝයිල් එළැඹෙන ජූලි මාසයේ සිට නව ඔස්ට්‍රේලියානු යුද හමුදාපතිනිය ලෙස පත් කර තිබෙනවා.

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීසී අග්නිදිග ආසියාවේ සංචාරයක 14.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 14 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

ගෝලීය වශයෙන් ප්‍රචලිත වෙමින් යන AI තාක්ෂණය හේතුවෙන්, ඔස්ට්‍රේලියාවේ ඇති 'data centres' ප්‍රමාණයද ඉහල දැමීමට යෝජනා 13.04.2026

AI තාක්ෂණය එහෙම නැතිනම් කෘතිම බුද්ධිය කියන මේ තාක්ෂණය ලොව පුරා ඉතාම වේගයෙන් පැතිරී යනවා. මේ තාක්ෂණයට පහසුකම් සලසන්න දත්ත ගබඩා කරන මධ්‍යස්ථාන එහෙම නැතිනම් data centres වල අවශ්‍යතාවයත් ඉහල ගිහින්. ඒ වගේම මේ සඳහා වන බලශක්ති ඉල්ලුමත් ඉහල යමින් පවතිනවා. ඔස්ට්‍රේලියාවේත් මේ දත්ත ගබඩා කරන data centres වැඩි වශයෙන් ඉදිකිරීමට ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා. මෙය තිරසාර විදියට සිදුකරන්න ඔස්ට්‍රේලියානු රජයත් මැදිහත්...

ලොව පුරා ජනප්‍රිය බොලිවුඩ් ගායිකා ආශා බෝස්ලේ වෙනුවෙන් SBS සිංහල වෙතින් පිදෙන ගීතමය උපහාරය 13.04.2026

සිංහල බසින්ද ගීතයක් අපට උරුම කළ , යුග ගණන් රසික හදවත් කට හඬින් සැනසූ,ලොව වැඩිම ගීත ගණනක් පටිගත කරන ලද කලාකරුවා ලෙස ගිනස් ලෝක වාර්තාවකට හිමි කම් කියන බොලිවුඩයේ හඬ නිහඬ වෙයි.

SBS සිංහල පුවත්: ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වේ. 13.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 13 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

AI වලින් වෛද්‍යවරුන්ට රෝගී සත්කාර තවත් වැඩිදියුණු කරන්න උරදෙන ඕස්ට්‍රේලියාවේ ලාංකික වෛද්‍යවරයා - චමීර රණතුංග 12.04.2026

ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන්ට සහාය වීම සහ රෝගී සත්කාර ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ AI යොදාගනිමින් නිර්මාණය කල ClinicTech ගැන සහ එය සොයාගැනීම ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

කාලීන විග්‍රහය: Super K ඉන්ෆ්ලුවන්සා වයිරසෙන් බේරෙන්න, දැන්ම එන්නත අරගන්න විශේෂඥයින් අනතුරු අඟවයි 12.04.2026

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ ඉන්ෆ්ලුවෙන්සා මරණ සංඛ්‍යාව වාර්තාගත් ලෙස ඉහළ ගිය අතර, එම තත්වය නැවත ඇතිවීම වැළැක්වීම සඳහා සෑම කෙනෙකුටම ඉන්ෆුලුවන්සා එන්නතක් ලබා ගන්නා ලෙස බෝවන රෝග විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු SBS සිංහල සේවයේ අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

ශ්‍රී ලාංකීය ආහාර පාන, අවුරුදු ක්‍රීඩා, සංගීත ප්‍රසංගයක් මෙන්ම මල්වෙඩි සංදර්ශනයකින්ද සමන්විතව 30 වෙනි වරට සංවිධානය වන මෙල්බර්න් බක්මහ උළෙලට සියල්ල සූදානම් 11.04.2026

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන සිංහල දෙමල අවුරුදු උත්සව අතරින් ජර්මාණු කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමයේ ඔස්ට්‍රේලියානු ශාඛාව විසින් සංවිධානය කෙරෙන මෙල්බර්න් බක්මහ උළෙලේට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා.දසදහසකට අධික පිරිසක් පසුගිය වසරවල මේ බක්මහ උළෙලට සහභාගී වූ බව සංවිධායකයින් පවසනවා. මෙවරත් එවැනිම ජනකායක් ඔවුන් අපේක්ෂා කරනවා. 30 වෙනි වරට පැවැත්වෙන මෙවර බක්මහ උළෙල ගැන සහ මේ වනවිට එහි සූදානම පිළිබඳව SB...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 06 - අප්‍රේල් 10 10.04.2026

අප්‍රේල් 6 වෙනිදා සිට අප්‍රේල් 10 වෙනිදා දක්වා ගෙවුණු සතියේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

Слухайте подкаст SBS Sinhala - SBS සිංහල වැඩසටහන у Replaio

Радіо та подкасти в одному застосунку - безкоштовно й без реєстрації. Встановіть уже сьогодні та не пропустіть запуск

Завантажити з Google Play

Replaio не є видавцем подкастів; назви шоу, обкладинки та аудіо належать їхнім авторам і поширюються через публічні RSS-канали