uk

SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ Епізодів: 1859

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Обов'язково відвідайте сайт подкасту та підтримайте його автора: www.sbs.com.au

Автор

SBS

Категорія

News

Сайт подкасту

www.sbs.com.au

Останній епізод

20 жов 2026

Де слухати?

Подкасти в застосунку Replaio Radio Уже незабаром

Подкасти незабаром з'являться в застосунку. Встановіть уже зараз і першими побачте зовсім новий погляд на подкасти

Завантажити з Google Play Встановіть безкоштовно Android майже 10 млн завантажень · рейтинг 4,8 iOS незабаром

Епізоди

සුව දිවිය: ලැජ්ජාව හෝ බය නිසා ඔබත් ලිංගික සෞඛ්‍ය ගැන නොසලකා හරිනවා ද? 14.10.2026

යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ පළමු වැනි කොටස. #sbsaudiopodcast

අන්දරේයි, හාමිනෙයි, මහ රැජිනයි ඇඩිලේඩ් වේදිකාවට 14.10.2026

ඉංග්‍රීසි බසින් නිපදවූ ළමා ප්‍රහසනයක් වන ‘Andare’s Wife and the Queen’ ඇඩිලේඩ් හි දී වේදිකාගත වීමට නියමිතයි. මෙම නිර්මාණය ඇඩිලේඩ් හි Robins Academy යේ නිර්මාතෘ හා අධ්‍යක්ෂිකා නැටලි රොබින්ස් මහත්මියගේ නිෂ්පාදනයක්. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast

නිව්කාසල් නගරයේ ජනකායක් අතරට මෝටර් රථයක් කඩා වැදුණු සිද්ධියේ 18 හැවිරිදි රියදුරාට තවත් චෝදනා 14.10.2026

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ, සිඩ්නි නුවරට උතුරින් පිහිටි නිව්කාසල් නගරයේ, NRL රග්බි ලීග් කණ්ඩායමකට සමුදීමට රැස්ව සිටි පිරිසක් අතරට මෝටර් රථයක් කඩා වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ රියදුරාට දැන් නව චෝදනා එල්ල කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ කෙටි විශේෂාංගයෙන් #sbsaudiopodcast

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ඉහල උද්දමන තත්වය 2027 වසරේදීත් පවතිනු ඇති බවට අනාවැකි 14.10.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 14වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන විග්‍රහය: අනාගත දරු උපතකට ඩිම්බ අධිශීත තත්ත්වයේ තැබීම, වියදම සහ ගැටලු 13.10.2026

ඕස්ට්‍රේලියාවේ ජාතික උපත් අනුපාතය පහත වැටෙමින් තිබේ. එසේ ම ඕස්ට්‍රේලියානුවන් දෙමව්පිය සිහිනය කල් දැමීමේ ප්‍රවණතාවක් ද පවතියි. ඩිම්බ පරීක්ෂණ සහ අනාගතයේ දී දරු සම්පතක් ලබාගැනීම වෙනුවෙන් ඩිම්බ අධිශීත කිරීමට යොමු වන කාන්තාවන්ගේ සංඛ්‍යාවත් මෑත වසරවල දී කැපී පෙනෙන ලෙස ඉහළ ගොසින්. ඩිම්බ තැන්පත් කිරීම සහ භාවිතයට නොගන්නේ නම් ඒවා බැහැර කිරීම පිළිබඳ ප්‍රාන්ත සහ ටෙරිටරි පුරා වෙනස් නෛතික තත්ත්ව පවතියි. මෙවර කා...

'භාෂා ඉගෙන ගන්න දරුවන්ට රජය විශාල වැදගත්කමක් ලබා දෙනවා', NSW සිංහල භාෂා පාසල් යාන්ත්‍රණය පිළිබඳ ඔබට කියන රේණු ලියනගේ 13.10.2026

නිව් සවුත් වේල්ස් සිංහල සංස්කෘතික හමුවේ අධ්‍යාපන ඒකකය සංවිධානය කළ ළමා විවධ ප්‍රසංගයක් සැප්තැම්බර් 26වෙනි දා සාර්ථකව පැවැත්වුණා. එය නිමිති කරගත් මේ විශේෂාංගය ප්‍රාන්තයේ සිංහල භාෂා අධ්‍යාපනය, ඉගෙනුම් ක්‍රියාවලිය, අමතර ක්‍රියාකාරකම් සහ ප්‍රාන්ත රජය භාෂා ඉගැන්වීමට දක්වන සක්‍රිය දායකත්වය පිළිබඳවයි. #sbsaudiopodcast

පර්ත් ගමේ සුළු කවියා - කිවිඳු සුනිල් ගෝවින්නගේ මතක සැමරුම 13.10.2026

පර්ත් නුවර ජීවත්ව සිට සමුගත් ප්‍රවීණ සාහිත්‍යවේදී ආචාර්ය සුනිල් ගෝවින්නගේ මහතා පිළිබඳ ආචාර්ය දිල්හානි කපු ආරච්චිලාගේ මහත්මිය ගෙන එන මතකානුස්මරණය. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ බටහිර ඔස්ට්‍රේලියා වාර්තාකාරිණී දුලාංජලී විජේතිලක ‘පර්ත් තතු මංජරී’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast

නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ ප්‍රසංගයක දී හෝ ඉසව්වක දී ලංකාවේ ගීත ගයන්න, සංගීතය වාදනය කරන්න අවසර ගන්න ඕන ද? 13.10.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ වැඩසටහන ඔස්ට්‍රේලියාව තුල බලපැවැත්වෙන බුද්ධිමය දේපළ හා ප්‍රකාශන හිමිකම් නීති සහ ක්‍රමවේද පිළිබඳවයි. #sbsaudiopodcast

ඔස්ට්‍රේලියාවේ අගනුවර කැන්බරා මීට වසර දහස් ගණනකට පෙර භාවිතා වුනේ මොනවාට ද කියලා දන්නවා ද? 13.10.2026

ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ’ මාසික විශේෂාංගය වෙනුවෙන් සම්පාදනය කල ප්‍රභාශ්‍රී හේරත් ඉදිරිපත් කරන මේ වැඩසටහනට සවන් දෙන්න. #sbsaudiopodcast #sbssinhala

SBS සිංහල පුවත්: සෞඛ්‍ය, ආබාධිත සහ ප්‍රජා සේවා ක්ෂේත්‍රවල සේවකයන් 460,000කට වැඩි පිරිසකට වැටුප් වැඩිවීමක් 12.10.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 13වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

'Credit Card' එකෙන් ATO බදු ගෙවීමට ඇති අවස්ථාව 2027 ජූනි දක්වා දිගු කරයි 12.10.2026

ATO ආයතනයේ බදු බිල්පත් 'Credit Card' මගින් ගෙවීමේ අවස්ථාව 2027 ජූනි දක්වා ලබාදෙන බවට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසනවා. මීට පෙර 2026 දෙසැම්බර් සිට Credit Card ගෙවීම් නවතා දැමීමට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) සැලසුම් කළත්, කුඩා ව්‍යාපාර හිමියන් සහ ව්‍යාපාරික කණ්ඩායම් කිහිපයක විවේචන හමුවේ එම තීරණය කල් දමා තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා #sbsaudiopodcast

How laws are made, and how they affect you | How Australia Works - නීතියක් හැදෙන්නේ මෙහෙමයි | How Australia Works 12.10.2026

How are laws made in Australia? Through Wurundjeri Elder Uncle Dave Wandin’s story of the Birrarung, also known as the Yarra River, learn how an idea becomes a bill, passes through Victoria’s parliament and receives royal assent, the formal approval that makes it law. - Birrarung හෙවත් යාරා නදිය පිළිබඳ වුරුන්ජරි වැඩිහිටියෙකු වන අන්කල් ඩේව් ගෙන එන කතාව ඕස්ට්‍රේලියාවේ නීති සම්පාදනය පිළිබඳ ඔබට පැහැදි...

ඕස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න යනවනම්, නොකරම ඉන්න ඕනේ වැරදි මෙන්න 12.10.2026

දේපළක් මිලදී ගැනීමේදී ගැනුම්කරුවන් සිදු කරන විශාලතම වැරදි සහ ඒවා මගහරිමින් මුදල් ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න ගැන SBS සිංහල සේවය සිදු කල මේ සාකච්ඡාවට සවන් දෙන්න.

ක්වීන්ස්ලන්තයේ පාසල් අවසන් වසර QCE විභාගයට පළමු වැනි වරට පැවැත්වෙන සිංහල විභාගයට සූදානම් වන සිසුන් දැක්වූ අදහස් 12.10.2026

ක්වීන්ස්ලන්තයේ පාසල් අවසන් වසර විභාගය QCE SEE යටතේ පළමු වරට පැවැත්වෙන සිංහල භාෂා විභාගයට පෙනී සිටින සිසු දරුවන් සහ බ්‍රිස්බේන් හි යශෝධරා සිංහල පාසලේ ආචාර්යවරු විභාග පෙර සූදානම පිළිබඳ දක්වන අදහස්. මෙම වැඩසටහන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ SBS සිංහල වාර්තාකරු බුද්ධික ගමගේ ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික විශේෂාංගයට සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast #sbssinhala

SBS සිංහල WorldWatch: ඉන්දීය රජයට යළි කැරපොතු ප්‍රශ්නයක්? 12.10.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast

නත්තල් තෑගි සහ ලිපි භාර ගන්නා අවසන් දින Australia Post ප්‍රකාශයට පත් කරයි 12.10.2026

ඕස්ට්‍රේලියාවේ නත්තල් සමයේ තැපැල් සේවා ඉතා කාර්යබහුලයි. ඒ ඔබේ ආදරණීයයන්ට තෑගි සහ ලිපි ලබා දීම වෙනුවෙන්. 2025 දී Australia Post මඟින් බෙදා හැරුණු පාර්සල් සංඛ්‍යාව මිලියන 111 ඉක්මවා ගියා. මෙම වසරේත් එවැනි ම තත්ත්වයක් උදා වනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ අනුව නත්තලට පෙර ඔබේ තෑගි බෙදා හැරීම වෙනුවෙන් Australia Post අවසන් දින ප්‍රකාශයට පත් කළා. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි. #sbsaudiopodcast

SBS සිංහල පුවත්: සමාජ මාධ්‍ය ඇල්ගොරිතමවලින් ඉවත් වීමේ ඉඩ සලසන නීති සම්මත වන ලකුණු, අද පාර්ලිමේන්තුව රැස්වෙයි 12.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන විග්‍රහය: 'The Sound of Music' නමින් කෞතුකාගාරයක්, සංගීතමය නගරයක් තවත් හැඩවෙයි 11.10.2026

ඔස්ට්‍රියාවේ සැල්ස්බර්ග් නගරය මේ දිනවල තවත් අපූරු සංගීත මතකයකින් ජීවමාන වෙලා. ඒ 1965 වසරේ තිරගත වූ “The Sound of Music” චිත්‍රපටය නිසා. ලොව පුරා ඉමහත් ජනාදරයට පත් වූ මේ චිත්‍රපටය වෙනුවෙන් ජනතාවට විවෘත කළ නව කෞතුකාගාරයත්, වොන් ට්‍රැප් පවුලේ සැබෑ කතාන්දරයත් මෙවර කාලීන විග්‍රහයෙන්. #sbsaudiopodcast

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ඔක් 05 - ඔක් 09 09.10.2026

ඔක්තෝබර් 05වන දා සිට ඔක්තෝබර් 09වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

ක්වීන්ස්ලන්ත සැරිසර: බ්‍රිස්බේන් ශ්‍රී ලංකා දිනයට සියල්ල සූදානම්, විසි වසර සපුරන Agricola සහ Toowoomba මල් සැණකෙළිය ගැන තොරතුරු මෙවර විශේෂාංගයෙන් 09.10.2026

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast

තරුෂි එක්ක තරු කතා: අපි කොච්චර උත්සහ කලත් සමහර දේවල් අපේ දෛවයේ ලියැවිලා නෑ - යුරේනි නොෂිකා 09.10.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast

ක්‍රීඩා විග්‍රහය: ශ්‍රී ලංකා පාපන්දු වික්‍රම / ඕස්ට්‍රේලියාවේ දී අකලංක පීරිස් අලුත් කල පිහිනුම් වාර්තා / ‘ලංකාවේ ක්‍රීඩාව වැ‌ටිලා තියෙන්නෙ’ - ක්‍රීඩා ඇමති සුනිල් 09.10.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast

ඩොලර් 50ක දුම්වැටි පැකට්ටුව ඩොලර් 20කට? මිල අඩු කළොත් නීතිවිරෝධී දුම්වැටි ජාවාරම නවත්වන්න පුළුවන්ද? 09.10.2026

ඔස්ට්‍රේලියාවේ දුම්වැටි මිල ඉහළ යද්දී, අඩු මිලට විකුණන නීතිවිරෝධී දුම්වැටි වෙළඳපොළත් වේගයෙන් වර්ධනය වෙලා. ඒ නිසා රජයට ලැබිය යුතු බදු ආදායම අහිමි වෙනවා විතරක් නෙවෙයි. නීත්‍යනුකූලව ව්‍යාපාර කරන කඩ හිමියන්ට තර්ජන, කප්පම් ඉල්ලීම් සහ ප්‍රචණ්ඩ ප්‍රහාරවලටත් මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. මේ දුම්වැටි ජාවාරම නවත්වන්න දුම්වැටි සඳහා වන බදු අඩුකරන්න යෝජනා වනවා. නමුත් ඒ හරහා රට තුල දුම්වැටි භාවිතාව ඉහල යාම පිළි...

SBS සිංහල පුවත්: දෙසැම්බර් 01 වැනිදා සිට ක්‍රෙඩිට් කාඩ් ඔස්සේ සිදු කරන ගෙවීම් භාර නොගැනීමට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය තීරණය කරයි 08.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 09 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast

වසරකට සංක්‍රමණිකයන් ලක්ෂයක් පමණයි? ලිබරල් සන්ධානයේ නව සැලැස්ම ගැන පක්ෂ විපක්ෂ මත 08.10.2026

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අඩු කරන්න ඕනද? එහෙම නම් ඒ කොපමණ ප්‍රමාණයකින්ද? මේ ගැන දේශපාලන වාදය දැන් තවත් උණුසුම් වෙලා. සංක්‍රමණ ප්‍රතිපත්තියක් හෙළි කළ නවතම ප්‍රධාන පක්ෂය ලිබරල් සන්ධානයයි. තමන් බලයට පත්වුණොත්, වසරකට සිදුවන ශුද්ධ විදේශ සංක්‍රමණය පුද්ගලයන් ලක්ෂයක් දක්වා සීමා කරන බවයි ඔවුන්ගේ යෝජනාව. මෙය ඇත්තටම ප්‍රායෝගිකද? මේ පිළිබඳව පක්ෂ විපක්ෂ මත මේ වන විට පල වෙමින් තිබෙනවා. මේ...

Слухайте подкаст SBS Sinhala - SBS සිංහල වැඩසටහන у Replaio

Радіо та подкасти в одному застосунку - безкоштовно й без реєстрації. Встановіть уже сьогодні та не пропустіть запуск

Завантажити з Google Play

Replaio не є видавцем подкастів; назви шоу, обкладинки та аудіо належать їхнім авторам і поширюються через публічні RSS-канали