uk

Danula Wickramaarachchi

Danula Wickramaarachchi

Society SI ↓ Епізодів: 163

Interviews, Discussions & Documentaries

Обов'язково відвідайте сайт подкасту та підтримайте його автора: danula.me

Автор

Danula Wickramaarachchi

Категорія

Society

Сайт подкасту

danula.me

Останній епізод

5 лип 2026

Де слухати?

Подкасти в застосунку Replaio Radio Уже незабаром

Подкасти незабаром з'являться в застосунку. Встановіть уже зараз і першими побачте зовсім новий погляд на подкасти

Завантажити з Google Play Встановіть безкоштовно Android майже 10 млн завантажень · рейтинг 4,8 iOS незабаром

Епізоди

අපි දැකපු අනාගතය 24.12.2021

අන්තර්ජාලය ගැන අහලවත් නැති කාලයක 80, 90 දශක වල අපි Discovery, National Geographic, ආතර් සී ක්ලාක් මහතාගෙ පොත්, ටයි මාමාගේ වාර්තාමය වැඩසටහන්, මිහිර පත්තර, විජය පත්තර, Time Travelling චිත්‍රපට බලලා....... වර්තමානයේ මෙහෙම මෙහෙම වෙයි කියලා උපකල්පනය කළා. ඒත් ඇත්තටම ඒ දේවල් වුණාද?

මරණයට බයද? 22.12.2021

මැරෙන්න බයද? එහෙම නැත්නම් මැරෙන්න බය නැද්ද? මගේ පිළිතුර...

ඒත් අපි? 20.12.2021

සිතන්නට යමක්...

කාවණ්තිස්ස රජු සහ දුටුගැමුණු විජයග්‍රහණය 13.12.2021

අපි පාසලේදි ඉගෙන ගත්තෙ කාවණ්තිස්ස රජතුමා කියන්නෙ එළාරගෙන් අපේ රට මුදවා ගන්න කිසිම උවමනාවක් නොතිබුණු, යම්තාක් ආකාරයකට දුර්වල පාලකයෙක් කියලයි. ඒත් ඇත්තටම ඒක එහෙමද? අද වැඩසටහන ඒ ගැනයි.

සඳකඩ පහණ සහ පරණවිතානයන් 27.11.2021

සඳකඩ පහණෙන් නිරූපණය වෙන්නෙ සංසාර චක්‍රයයි. එහෙම තමයි අපි පාසල් සහ දහම් පාසල් පෙළ පොත් වලින් ඉගෙන ගත්තෙ. ඒත් ඇත්තටම සඳකඩ පහණෙන් සංසාර චක්‍රය නිරූපණය වෙනවද? කවුද එහෙම කිව්වෙ? ඇයි එහෙම කිව්වෙ? අපිත් ඒකම පිළිගන්න ඕනද? අද වැඩසටහන ඒ ගැනයි.

පොසොන් භක්ති ගීත එපා 23.11.2021

පොසොන් පෝයට අපිට නිතරම ඇහෙන වචනයක් තමයි "භක්ති ගීත" කියලා කියන්නෙ. එහෙමත් නැත්නම් "බැති ගී" කියලත් කියනවා....  ඇත්තටම ඒ කර්තව්‍යයට මේ වචනය භාවිතා කරන එක හරිද? අද වැඩසටහන අන්න ඒ ගැනයි.

පොළොන්නරු රාජධානියේ බිඳ වැටීම 21.11.2021

ක්‍රි.ව. 1070ත් 1232ත් අතර ලංකාවේ රාජධානිය වුණු පොළොන්නරු රාජධානියේ පරිහාණිය සහ බිඳ වැටීම, ඉන්දියාවේ කාලිංග දේශයේ මාඝගේ ආක්‍රමණයත් එක්ක සිද්ධ වුණා කියලා තමයි පාසල් යන කාලයේ අපි ඉගෙන ගත්තෙ. ඒත් ඇත්තටම පොළොන්නරු රාජධානියේ පරිහාණිය සහ බිඳ වැටීම ආරම්භ වුණේ මාඝගේ ආක්‍රමණය නිසාද? නැත්නම් ඊටත් හුග කාලෙකට කලින්ද? අද වැඩසටහන ඒ ගැනයි.

තිස්ස - අශෝක රජවරුන්ගේ මිතුදම 20.11.2021

ලංකාවේ තිස්ස රජතුමා, ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයා වෙත තමන්ගේ බෑණා වුණු අරිට්ඨ ඇමතිවරයා ප්‍රධාන දූත පිරිසක් යැව්වාය කියලා කියවෙනවා. ඉතිහාසයේ සඳහන් වෙන්නෙ මේ පිරිස යැව්වේ ලංකාව සහ ඉන්දියාව අතරේ තියෙන මිත්‍රත්වය ශක්තිමත් කරගන්න කියලා. ඒත් ඇත්තටම ඒක එහෙමද? අද වැඩසටහනෙන් අපි කතා කරන්නෙ ඒ ගැනයි.

අභයගිරි ආරාම පූජාව 17.11.2021

වළගම්බා රජතුමාගේ අභයගිරි ආරාම පූජාව තමයි ලංකාවේ පළවෙනි පුද්ගලික ආරාම පූජාව වෙන්නෙ. ඒ පූජාව නිසා ලංකාවේ නිකාය භේදයක් ඇති වෙනවා....... මේ අපි පාසල් සහ දහම් පාසල් පෙළ පොත් වලින් ඉගෙන ගත්තු කරුණු. ඒත් ඇත්තටම ඒක එහෙමද? අද වැඩසටහන ඒ ගැනයි.

අනුරාධපුර ඇතුළු නුවර 02.11.2021

විජයාවතරණයෙන් පස්සෙ ලංකාවේ පළවෙනි රාජධානිය නිර්මාණය කරන්නෙ පණ්ඩුකාභය රජතුමයි. ඒ තමයි අනුරාධපුර රාජධානිය. මේ රාජධානියේ ඇතුළත ප්‍රදේශය (ඇතුළු නුවර) පස්සෙ කාලයේ එක එක රජවරු සංවර්ධනය කරනවා. ඒ අතරින් කුටකන්නතිස්ස, වසභ වගේ රජවරු ප්‍රධානයි.   අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඇතුළු නුවර නටබුන්, අනුරාධපුරයේ සාම්ප්‍රදායික අටමස්ථාන වන්දනාවේ යන අයගෙ නම් අවධානය දිනා ගන්න සමත් වෙලා නෑ. ඒත් පුරාවිද...

ථූපාරාම විහාර සංකීර්ණය 10.10.2021

ථූපාරාමය කිව්වම අපි හුග දෙනෙක්ට මතක් වෙන්නෙ චෛත්‍යයක් විතරයි. ඒත් චෛත්‍යය හැරුණම, ථූපාරාමය කියන්නෙ සුවිශාල ආරාම සංකීර්ණයක් කියලා මතක් වෙන්නෙ බොහොම ටික දෙනෙක්ටයි. මේකට ප්‍රධානම හේතුව වෙන්නෙ අපේ ගොඩක් අය අනුරාධපුරයේ ගියාම සම්ප්‍රදායික අටමස්ථාන වන්දනාවට විතරක් කොටු වෙලා ඉන්න එක. ඉතින් අපි තීරණය කළා ථූපාරාම විහාර සංකීර්ණයේ ථූපාරාම චෛත්‍යය හැරුණු කොට, විහාර සංකීර්ණයේ අපිට වර්තමානයේ දැක බලා ගන්න පුලුවන්...

අභයගිරි ආරාම සංකීර්ණය 26.09.2021

අභයගිරි විහාරයේ ඉතිහාස කතාව ඔයාලා දැනටමත් දන්නවා. ඒ කියන්නෙ මේ විහාරය වළගම්බා රජතුමා නිර්මාණය කළා කියලත්, එහෙම නිර්මාණය කළේ ගිරි කියන නිගන්ඨයාගේ ආරාමය තිබුණු තැන කියලත්, කුපික්කලතිස්ස හිමියන් ඇතුළු මහා සංඝරත්නයට විහාරය පූජා කළා කියලත්, මහා විහාරයේ භික්ෂූන්ගේ විරෝධතා මතු වුණා කියලත්, ඒ විරෝධය “පසු කාලෙක” නිකායවල් විදිහට වෙන් වෙන්ව කටයුතු කරන්න හේතු වුණා කියලත්, අභයගිරිය කේන්ද්‍ර කරගෙන ලොකු අධ්‍යාපන...

අපේ වාපි ශිෂ්ටාචාරය 11.09.2021

රජරට ශිෂ්ටාචාරය කියලා හදුන්වන්නෙ අනුරාධපුර සහ පොළොන්නරුව රාජධානි දෙක පිහිටි කලාපයට. ඒ වගේම ඒ රාජධානි දෙක කේන්ද්‍ර කරගෙන නිර්මාණය වුණු ප්‍රෞඩ ශිෂ්ටාචාරයට.  අද කාලයේ බොහෝ අය පාලකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ පටු අරමුණු ඉෂ්ට කර ගැනීම් සහ පුද්ගලික වාසි ලබා ගැනීම්. ඒත් අතීතයේ අය පාලකයින්ගෙන් බලාපොරොත්තු වුණේ බුදු දහමට අනුග්‍රහය ලබා දීම සහ රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම. රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම කියන කා...

හිරෝහිතෝ අධිරාජ්‍යයාගේ සහෝදරයා ලංකාවට... 31.08.2021

අද වැඩසටහනෙන් අපි කියන්න යන්නෙ එක්දහස් නවසිය බර ගණන්වල අපේ රටේ සිද්ධ වුණු අප්‍රසිද්ධ කතාවක්.

පරිගණක ක්‍රීඩාවෙන් ලංකා ඉතිහාසය | Empire Total War 29.08.2021

දේවානම්පියතිස්ස රජතුමා අශෝක අධිරාජ්‍යයා වෙත රාජ්‍යතාන්ත්‍රික ධූත පිරිසක් යැවීම, පහර දීමට පෙර යටත් වීමක්ද? එළාර රජු පරාජය කිරීමේ සැබෑ නියමුවා දුටුගැමුණු රජු නෙවේද? මොකක්ද මේ වළගම්බා රජතුමාගේ නීතිමා ක්‍රමය? රජකම ලැබුණට පස්සෙ මහා විජයබාහු රජතුමා ඇත්තටම මොකද කළේ? තොප්පිගල මෙහෙයුමට යොදා ගත්තේ මහා විජයබාහු රජතුමාගේ සැලසුමක්ද? පාලකයා මැරුණොත් රටට වෙන දේ? සීතාවක රාජධානියේ පරිහාණියට බලපෑවේ, පළවෙනි රාජසිංහ...

Responsive Web Developing : 20 Things to Concern (In Sinhala) 23.08.2021

මෙය, eLearning.lk වෙත Responsive Web Developing විෂය සම්බන්ධව මා විසින් නිර්මාණය කළ පාඩම් මාලාවක කොටසකි. මෙහිදී Responsive Web Development එකකදී අවධානය යොමු කළ යුතු, සිහියේ තබා ගත යුතු, කරුණු සහ උපදෙස් 20 ක් පිළිබඳව පැහැදිලි කෙරේ.

Band of Brothers වැරදියි? 22.08.2021

අද අපි කතා කරන්නෙ දෙවන ලෝක යුද්ධය පදනම් කරගෙන නිර්මාණය වුණු සුප්‍රකට Band of Brothers  කතා මාලාවේ තිබෙන ඓතිහාසික වරද්දා ගැනීම් කිහිපයක් ගැනයි.

ලුසිටානියා සිද්ධිය - දෙවන කොටස 08.08.2021

පසුගිය වැඩසටහනෙන් අපි සාකච්ඡා කළා ලුසිටානියා නෞකාවට ප්‍රහාරයක් එල්ල වුණු විදිහ සහ නෞකාව මුහුදු බත් වුණේ කොහොමද කියලා. දැන් අපි ඒ කතාවෙ දෙවෙනි කොටසට පිවිසෙමු. මේ වැඩසටහනේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ලුසිටානියා නෞකාව මුහුදු බත් වීම සම්බන්ධව නඩු විභාගය පැවැත්වුණු විදිහ සහ ලුසිටානියා ඛේදවාචකයේ ගෝලීය ප්‍රතිපල ගැනයි.

පාට මාරු කරන නැව් 11.07.2021

“ආපෝ මේ නැවේ කැත”. එහෙම නේද හිතුනෙ? ඒ වුණාට ඔයාලා දන්නවද මේ වගේ කැත විදිහට තීන්ත ගාපු නැව් දහස් ගණනක්, මේ කැත පෙනුම නිසා ලෝක යුද්ධවලදි බේරිලා තියෙනවා කියලා?

කරතොට ධර්මාරාම හිමි සහ බාරස කාව්‍ය 07.07.2021

අද අපි කතා කරන්නේ කරතොට ශ්‍රී ධර්මාරාම හාමුදුරුවන් සහ බාරස කාව්‍ය ගර්භ චක්‍රය ගැනයි | කරතොට ශ්‍රී ධර්මාරාම හාමුදුරුවන් ගැන සීයා එකතු කළ ලිපි : https://photos.app.goo.gl/7CiwVeLRPP9d4zFA6

ලුසිටානියා සිද්ධිය - පළමු කොටස 25.06.2021

අද වැඩසටහනෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ලුසිටානියා ඛේදවාචකය ගැනයි. මේ සිද්ධිය පළවන ලෝක යුද්ධය තරම් ඈත අතීතයකට යනවා.​ ​දෙවන ලෝක යුද්ධයට සාපේක්ෂව, පළවන ලෝක යුද්ධය වැඩි පිරිසකගේ අවධානයට ලක්වෙලා නැති නිසා, ලුසිටානියා ඛේදවාචකය ගැන හුග දෙනෙක් දැනුවත් වෙලා නැහැ කියන එකයි අපේ අදහස…

ඓතිහාසික මූලාශ්‍ර වර්ගීකරණය 22.06.2021

අද වැඩසටහන, ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යනය කරන්න අපට උපකාරී වන මූලාශ්‍ර වර්ගීකරණය කරගන්නා ආකාරය ගැනයි.

Four Funnel Liners (Sinhala) 20.06.2021

අද වැඩසටහන අපේ පසුගිය වැඩසටහනට පුංචි පසුවදනක් වෙනවා වගේම අපේ ඉදිරි වැඩසටහන් මාලාවකට පුංචි පෙරවදනක් වෙනවා. අද වැඩසටහනෙන් අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ එන්ගලන්තයේ White Star Line සහ Cunard Line නෞකා සමාගම් අතරේ පැවති තරගය ගැනයි | සැළකිය යුතුයි : පසුගිය වැඩසටහනේදී අපි සුළුවෙන් කතා කළ Carpathia නෞකාව නිර්මාණය කරන්නේද Cunard Line සමාගමෙනි, Cunard Line යන්න "කර්නාඩ් ලයින්" ලෙසද "කියුනාඩ් ලයින්" ලෙසද...

SS Californian (Sinhala) 19.06.2021

අද වැඩසටහන සුප්‍රසිද්ධ Titanic ඛේදවාචකයේ තිරය පිටුපස වුණු සිදුවීමක් ගැනයි | නිවැරදි කිරීමයි - Titanic සහ SS Californian නෞකා දෙක අතර තිබූ දුර ප්‍රමාණය කිලෝ මීටර 10ක් ලෙස කියවූ අතර එය කිලෝ මීටර 32ක් ලෙස නිවැරදි විය යුතුයි.

කිත්සිරිමෙවන් රජමහා විහාරය 19.06.2021

බුදුන් වහන්සේ කැළණි පුරවරයට වැඩම කිරීම කියන මාතෘකාව ගත්තොත්, අපි හැමෝටම මුලින්ම මතකයට නැගෙන්නේ කැළණිය රජමහා විහාරයයි. ඒත් කැළණිය රජමහා විහාරය ආසන්නයේ, ප්‍රධාන මාර්ගයේම දකින්න ලැබුණත් කිත්සිරිමෙවන් රජමහා විහාරය ගැන මතක් වෙන්නෙ සහ මේ විහාරස්ථානය ගැන දන්නෙ බොහොම සුළු පිරිසක් විතරයි. ඒ නිසා අද වැඩසටහන අපි කිත්සිරිමෙවන් රජමහා විහාරය වෙනුවෙන් වෙන් කළා.

Слухайте подкаст Danula Wickramaarachchi у Replaio

Радіо та подкасти в одному застосунку - безкоштовно й без реєстрації. Встановіть уже сьогодні та не пропустіть запуск

Завантажити з Google Play

Replaio не є видавцем подкастів; назви шоу, обкладинки та аудіо належать їхнім авторам і поширюються через публічні RSS-канали