SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1841 avsnitt

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au

Skapare

SBS

Kategori

News

Poddens webbplats

www.sbs.com.au

Senaste avsnittet

15 okt 2026

Var kan du lyssna?

Poddar i appen Replaio Radio Kommer snart

Poddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar

Ladda ned på Google Play Installera gratis Android nästan 10 mn nedladdningar · betyg 4,8 iOS snart

Avsnitt

ශ්‍රී ලංකාවට යථා තත්ත්වයට ඒමට දීර්ඝ කාලයක් ගත වේවි - ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් SBS සිංහල සේවය සමඟ පැවති සාකච්ඡාව 29.12.2025

ශ්‍රී ලාංකීය ප්‍රජාව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් වූ අවස්ථාවේ දී විවිධ ආකාරයෙන් ආධාර උපකාර ලබා දීමට මුල් අවස්ථාවේ දී ම ඉදිරිපත් වූ රටවල් අතර ඕස්ට්‍රේලියානු රජය සහ ජනතාව ප්‍රමඛත්වයේ පසු වනවා. මේ ව්‍යසනකාරී අවස්ථාවේ දී ලබා දෙන සහයෝගය සහ දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය පිළිබඳ SBS සිංහල සේවය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාව ඇසුරෙන් සැක...

මව්බිමෙන් පුවත්: ත්‍රස්තවාදය නිර්වචනය නොකළ එකම රට ලංකාව - සරත් වීරසේකර / බෙහෙත් ගෙන්නලා තියෙන්නෙ 2024 දීපු ටෙන්ඩරේකින් - අමාත්‍ය වසන්ත 29.12.2025

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල Newsflash දෙසැ 29: ආරක්ෂාව සහතිකයි, බියකින් තොරව නව වසර සමරන්න, නිව් සවුත් වේල්ස් අගමැති ජනතාවට දන්වයි 29.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 29 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සුවිශේෂී ට්‍රෑම් රථ ආසන වල සැඟවුණු කතාව 28.12.2025

මෙල්බර්න් නගරයේ ට්‍රෑම් සේවාවට වසර 140කට වැඩි ඉතිහාසයක් තිබෙනවා. දිනපතා අඩුම තරමින් පුද්ගලයන් ලක්ෂ පහකට ආසන්න පිරිසක් මෙල්බර්න් ට්‍රෑම් රථ භාවිතා කරනවා. අද SBS සිංහල සේවයේ කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ මෙල්බර්න් ට්‍රෑම් රථ වල ඔබ ඉඳගෙන ගමන් කරන මගී ආසන පිළිබඳ සැඟවුණු කතාවයි.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, දෙසැ 22 - දෙසැ 26 26.12.2025

දෙසැම්බර් 22වන දා සිට දෙසැම්බර් 26වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

තරුෂි එක්ක තරු කතා: නත්තල ගැන කලා ලෝකයේ තරු දැක්වූ අදහස් 26.12.2025

අද තරු කතාව වෙන්වන්නේ අසිරිමත් නත්තල වෙනුවෙන් ශ්‍රී ලාංකීය කලා ලෝකයේ තරු දැක්වූ අදහස් සහ සුබ පැතුම් වෙනුවෙනුයි.

ක්‍රීඩා විග්‍රහය: මේ වෙලාවේ ලොකු ලොකු වෙනස්කම් කරන එක සුදුසු නෑ - නව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය 26.12.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: නත්තල වෙළඳ උත්සවයක් නෙවෙයි - අගරදගුරු / සුනාමි ව්‍යසනයේ 21 වෙනි ජාතික සුරක්ෂිත දින සැමරුම පැරෑලියේ දී 26.12.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල Newsflash දෙසැ 26: ඉදිරි සති දෙකක කාලයක් සඳහා සිඩ්නි නාගරික ප්‍රදේශවල විරෝධතා තහනම් 25.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 26 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

'ආගමක් තියෙන්නේ ආරක්ෂා කරන්න නෙමෙයි, මිනිසුන්ව ජීවත් කරවන්න' ඕස්ට්‍රේලියාවේ ටෙරන්ස් පියතුමන්ගේ නත්තල් පණිවිඩය 25.12.2025

සාමයේ කුමරු ලෙස හඳුන්වන ජේසු තුමන්ගේ උපත සමරන මේ නත්තලේ බහු සංස්කෘතික සමාජයක් තියෙන ඔස්ට්‍රේලියාව වගේ රටක වර්තමානයේ පවතින සාමය සහ සංහිඳියාව පිලිබඳ කතා කිරීම ඉතාම වැදගත් වනවා. ආගමකින් විය යුත්තේ මිනිසුන් ජීවත් කරවීම බව වික්ටෝරියා ප්‍රාන්තයේ ශාන්ත බෙනඩික් දේවස්ථානයේ වගේම ශාන්ත ස්කොලස්ටිකා දේවස්ථානයේද සහකාර පූජක තුමන් ලෙස කටයුතු කරන ටෙරන්ස් ශානක පියතුමන් SBS සිංහල සේවයට පවසා සිටියා. ඒ වගේම ඕස්ට්‍රේලි...

අපේ වහරේ කතා අහුරක්: නත්තල් ගහට කුරුමානම් අල්ලපු පූසාගේ කතාව 25.12.2025

අද නත්තල්. ජාති ආගම් භේදයක් නැතිව හැම ගෙදරකම වගේ නත්තල් ගස් හැදිලා ඇති. සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ නත්තල ගැන රස කතාවක්.

ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමේ දී නිරෝධායනයට ලක් වූ පිණි මුවන් නිසා තෑගි කරත්තය අදින්න නත්තල් සීයාට කැන්ගරුවන්ගේ උදව් ලැබුණා ලු 25.12.2025

ලොව පුරා අති විශාල පිරිසක් සමරනු ලබන අසිරිමත් නත්තල ලෝකේ දකුණු අර්ධ ගෝලයේ ඉන්න ඕස්ට්‍රේලියානුවන් සමරන අකාරය ගැන රසවත් තොරතුරු මේ විශේෂාංගයෙන් දැන ගන්න.

ඕස්ට්‍රේලියාවේ නත්තල් කෑම මේසය ශ්‍රී ලංකාවේ සැමරුමට සාපේක්ෂව වෙනස් වන අයුරු සූපවේදී ඇසකින් 24.12.2025

විවිධ ආහාරපාන වර්ග නත්තල් සැමරුමේ අනිවාර්ය අංගයක්. මේ ආකාරයට පිළියෙළ කරන නත්තල් ආහාරපාන රටවල අනුව වෙනස් වීමට පුළුවන්. ඉතින් ඕස්ට්‍රේලියාවේ නත්තල් කෑම වර්ග සහ ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නත්තල් කෑම පිළිබඳ SBS සිංහල සේවය ගෙන එන කතාබහට ඔබත් සවන් දෙන්න.

අපි හැමෝම දකින නත්තල් ගහ ගැන අපි නොදන්නා රසවත් ඉතිහාස කතාව මෙන්න 24.12.2025

හැම දෙසැම්බර් මාසයකම අපේ නිවෙස්වල, සාප්පු සංකීර්ණ වල නගර චතුරශ්‍රවල වල වගේම අපගේ වෙරළ තීරයන්හි පවා නත්තල් ගස අපට දිස්වන දෙයක්. නමුත් මේ නත්තල් ගසේ අප නොදන්නා වසර දහස් ගණනක ඉතිහාසය ගැන දැනගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.

How to cope during a heatwave in Australia - Australia Explained: ඕස්ට්‍රේලියාවේදී දරුණු ජීවිත අවදානමක් ගෙනෙන heatwave වලට මුහුණ දෙන්නේ කොහොමද 24.12.2025

Summer in Australia can be very hot, and as our climate continues to warm, heatwaves are expected to become more frequent and more intense. In this episode of Australia Explained, we cover what a heatwave is, why they pose such a significant risk to human health, who is at most risk, and how to best prepare to cope with a heatwave. - ඔස්ට්‍රේලියාව තුළ heatwaves වැඩි වශයෙන් තිබීමත් සමඟ ඒවායෙන් ඇතිව...

SBS සිංහල Newsflash දෙසැ 24: අගමැති සහ විපක්ෂ නායිකාවගේ නත්තල දින පණිවිඩ ප්‍රකාශයට පත් කරයි 24.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 24 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ තරුණ දරුවන් වඩාත්ම කනස්සල්ලට පත්ව තිබෙන දෑ පිළිබඳ සමීක්ෂණයකින් හෙළි කර ගත් කරුණු 23.12.2025

ඉහළ යන ජීවන වියදම ගැන කවරදාටත් වඩා ඕස්ට්‍රේලියාවේ තරුණ ප්‍රජාව අතර කනස්සල්ල වර්ධනය වී ඇති බව නවතම සමීක්ෂණයක් හෙළි කරනවා. පසුගිය වසරවල සමීක්ෂණ ප්‍රතිඵලවලට සාපේක්ෂව ඔවුන් එතෙක් දැරූ දේශගුණික විපර්යාස පිළිබඳ කනස්සල්ල පහත වැටී ඇති අතර මානසික සෞඛ්‍යය බිඳ වැටීම් පිළිබඳ ඔවුන් අතර ඇති කනස්සල්ල තවමත් විශාල බලපෑමක් ඇති කරන සාධකයක් ලෙස පෙනී යනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.

මම ජීවත් වෙන්නෙ අවුරුදු දෙකයි කියලා මාව පන්සලට දෙන්න කියලා මිනිස්සු අම්මාට කියලා තිබුණා - සාගර විද්‍යාඥ මහාචාර්ය චරිත පට්ටිආරච්චි 23.12.2025

සාගර විද්‍යාඥ මහාචාර්ය චරිත පට්ටිආරච්චි 2025 බටහිර ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය විද්‍යා සම්මාන උළෙලේ වසරේ විද්‍යාඥයා සම්මානය (Western Australia Premier’s Science Awards 2025: Scientist of the Year) සඳහා නිර්දේශ වී තිබුණා. එහි දී ඔහු මහජන මනාප සම්මානය (People’s Choice Award) දිනා ගත්තා. ශ්‍රී ලංකාවේ සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය නිර්මාණය කිරීමෙහි ලා ප්‍රමුඛ කර්තව්‍යයක් ඉටු කළ මහාචාර්ය පට්ටිආරච්චි මහතා...

SBS සිංහල Newsflash දෙසැ 23: ඕස්ට්‍රේලියාවේ ගෑස් මිලගණන් ඉදිරියේදී අඩුවන ලකුණු 23.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 23 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: බොන්ඩායි ප්‍රහාරයට සතියයි - ජනතාව සතු ගිනි අවි මිල දී ගැනීමට ඕස්ට්‍රේලියානු රජයේ සැරසේ 22.12.2025

බොන්ඩායි වෙරළේ සිදු වූ සමූහ ඝාතන ප්‍රහාරයෙන් පසු, ජනතාව සතු වූ ගිනි අවි රජය විසින් මිල දී ගැනීමේ ජාතික යෝජනා ක්‍රමයක් ස්ථාපිත කරන බව අගමැති ඇන්තනි ඇල්බනීස් පසුගිය සතියේ දී ප්‍රකාශයට පත් කළා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.

‘ඕස්ට්‍රේලියාවේ සිටින සියලුම විදේශීය සිසුන්ගේ ආරක්ෂාව සහතිකයි’ - සහකාර අමාත්‍ය ජුලියන් හිල් SBS සිංහල සේවය සමඟ පැවති සාකච්ඡාව 22.12.2025

මෑතක දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජයේ පුරවැසි, රේගු සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය සහ ජාත්‍යන්තර අධ්‍යාපන සහකාර අමාත්‍ය ජුලියන් හිල් සිය සංචාරය පිළිබඳ හා බොන්ඩායි ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර සිසුන් හා බහු සංස්කෘතික සමාජය අත්විඳින තත්ත්වයන් පිළිබඳ SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්.

මව්බිමෙන් පුවත්: ප්‍රශ්නගත එන්නත නිපද වූ ඉන්දීය සමාගමේ අනෙක් එන්නත් ද අත්හිටුවයි / ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයක 22.12.2025

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

කාලීන විග්‍රහය: මේ නිවාඩු කාලයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන අයට ලැව්ගිනි ගැන සැලකිලිමත් වන ලෙසට උපදෙස් 22.12.2025

ලැව්ගිනි බහුල මේ ග්‍රීෂ්ම ඍතුවේ දී තවත් ලැව්ගිනි හානි ඉදිරියේ දී අපේක්ෂා කල හැකි බව විශේෂඥයන් පවසනවා. විශේෂයෙන්ම මේ නිවාඩු කාලයේ සංචාරය කිරීමට ඔබ බලාපොරොත්තු වනවා නම් ලැව්ගිනි අවදානම ගැන සැලකිලිමත් වීම වැදගත් වනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල Newsflash දෙසැ 22: බොන්ඩායි ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සිහිපත් කිරීමේ උත්සවයට විශාල පිරිසක් එක්වේ 22.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 22 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, දෙසැ 15 - දෙසැ 19 19.12.2025

දෙසැම්බර් 15වන දා සිට දෙසැම්බර් 19වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

Lyssna på podden SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio och poddar i en och samma app - gratis och utan konto. Installera redan idag och missa inte premiären

Ladda ned på Google Play

Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden