SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au
Var kan du lyssna?
Poddar i appen Replaio Radio Kommer snartPoddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar
Avsnitt
අපේ වහරේ කතා අහුරක්: පඬිතුමාට ඒදණ්ඩේ යන්න බැරි උනාට පාරුවේ ගියා කියලා දැනගෙන උන්නා ද? 19.02.2026 4:32
අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ පණ්ඩිතයා පාරුවේ ගිය කතාව ගැනයි.
ලොව වටා: රුසියා යුක්රේන සාම සාකච්ඡා වල ප්රගතියක් එද්දී, බංග්ලාදේශයේ නව අගමැති තාරික් රහ්මාන් බලයට එයි 19.02.2026 7:59
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ISIS එක්වූ සටන්කරුවන්ගේ පවුල් සාමාජිකයින්ගෙන් එක් අයෙකුට ඕස්ට්රේලියාව තාවකාලිකව තහනම් වෙයි 19.02.2026 5:19
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 19 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ඕස්ට්රේලියාවේ මීළඟ අගමැති පුටුවට මාන බලන ලිබරල් පක්ෂ නව නායක ඇන්ගස් ටේලර් 18.02.2026 8:08
වසර 81 ක ඉතිහාසය තුල ඕස්ට්රේලියාවේ ලිබරල් පක්ෂයේ නායකත්වයට පත් පළමු කාන්තාව වූ සුසන් ලීගේ මාස නවයක ධුර කාලය අවසන් කරමින් තීරණාත්මක අභ්යන්තර රහස් ඡන්දයකින් ඇන්ගස් ටේලර් ලිබරල් පක්ෂ නායකත්වයට පත් වුණා. අද කාලීන විග්රහය විමසා බැලෙන්නේ ලිබරල් පක්ෂ නායකත්වයට පත් වූ ඇන්ගස් ටේලර් පිළිබඳවයි.
SBS සිංහල පුවත්: පුද්ගලික සෞඛ්ය රක්ෂණ වාරික ගාස්තු අප්රේල් මාසයේ සිට ඉහලට 18.02.2026 5:30
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 18 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ඕස්ට්රේලියානුවන්ගේ වියදම වැඩි කරමින්, ඕස්ට්රේලියාවේ සෑම දිනකම බන්ධනාගාරගතවන පිරිස ඉහලට 17.02.2026 11:13
ඕස්ට්රේලියාවේ සාමාන්යයෙන් දෛනිකව බන්ධනාගාරගත වෙන පිරිස වසර අටකට පසු එහි ඉහළම මට්ටමට පැමිණ තිබෙනවා. ඵලදායිතා කොමිසමේ අලුත්ම දත්ත වලට අනුව, 2024-2025 මූල්ය වර්ෂය තුළ සාමාන්යයෙන් දිනකට පුද්ගලයින් 45,000 ක් පමණ සිර ගතවීමට ලක්ව තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්රහයෙන්.
ඕස්ට්රේලියාවේ ජීවන වියදම් ඉහළ ගිය පවුල් ඒකක මොනවා ද? වැඩියෙන් ම වියදම් වෙන්නේ මොනවා ට ද? සියලු විස්තර මෙන්න 17.02.2026 4:53
ඕස්ට්රේලියානු සංඛ්යාලේඛන කාර්යාංශයේ (ABS) නව දත්ත වලට අනුව, 2025 දෙසැම්බර් කාර්තුව දක්වා ගෙවුණු වසර තුළ සියලුම වර්ගයේ ගෘහ ඒකක සඳහා ජීවන වියදම් ඉහළ ගොස් තිබෙනවා.
සිංහල අවුරුද්දට කිරිබත් වගේ චීන අවුරුද්දට අපි ඩම්ප්ලින්ස් කනවා - ඇඩිලේඩ් නුවර සිංහල කතා කරන චීන තරුණිය දර්ශනී චීන අලුත් අවුරුද්ද ගැන අපිට කිව්ව දේ 17.02.2026 10:08
චන්ද්ර මාස ක්රමය අනුව යෙදෙන චීන අලුත් අවුරුද්ද එහෙම නැත්නම් 2026 වසරේ වසන්ත උත්සවයේ පළමු දිනය අද යි. චිනයේ සහ ශ්රී ලංකාවේ දී සිංහල භාෂාව හැදෑරූ චීන ජාතික Zhang Zhe (දර්ශනී) දැන් ජීවත් වෙන්නේ දකුණු ඕස්ට්රේලියාවේ ඇඩිලේඩ් නුවර. මේ ඇය සමඟ චීන අලුත් අවුරුද්ද ගැන SBS සිංහල සිදු කල කතාබහයි.
SBS සිංහල පුවත්: අත්යවශ්ය භාණ්ඩ සඳහා වට්ටම් දෙනබව පවසමින් පාරිභෝගිකයින් නොමග යැවූ බවට Coles ආයතනයට චෝදනා 17.02.2026 5:19
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 17 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
නීති පිළිසරණ: දික්කසාද නීතිය - දරුවන් සහ දේපළ වල නීතිමය හිමිකාරිත්වය කාට ද? 16.02.2026 4:41
ඕස්ට්රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ තෙවැනි කොටස.
කාලීන විග්රහය: Capital Gains Tax නැවතත් කරළියට, සංශෝධන සිදු කිරීම පිළිබඳ ආර්ථික විශේෂඥයන්ගෙන් විවිධ මත 16.02.2026 8:40
මෑතක සිදු වූ පොලි අනුපාත ඉහළ යාමත් සමඟ ෆෙඩරල් රජය වෙත වෘත්තීය සමිති සහ ආර්ථික විශේෂඥයන්ගෙන් යම් පීඩනයක් එල්ල වෙමින් පවතිනවා. ඒ ප්රාග්ධන ලැබීම් මත වූ බදු ක්රමය හෙවත් Capital Gains Tax සතු 50%ක බදු ප්රතිලාභය වෙනස් කරන ලෙසටයි. එම ප්රතිපත්තිය ධනවත් ඕස්ට්රේලියානුවන්ගේ වාසියට පවතින බවත් එය බදු ගෙවීම මග හරවන ක්රමවේදයක් බවත් විචාරකයන් පවසනවා. නිවාස සැපයුම ඉහළ දැමීම කෙරෙහි රජය අවධානය යොමු කරන බව භාණ්...
ඕස්ට්රේලියාවට හරි Visitor කෙනෙක් විදියට එන්නේ මෙහෙමයි 16.02.2026 10:26
ඔබ ඕස්ට්රේලියාවට පැමිණෙද්දී 'Genuine Visitor ' කෙනෙක් බව ඔප්පු කිරීමට දන සිටිය යුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
පාතාල ක්රියාකාරකම් නිසා ජනතාව පීඩා විඳින බවට සජිත් ගෙන් චෝදනා/ IMF සංවිධානයේ කළමණාකාර අධ්යක්ෂකවරිය ලංකාවේ සංචාරයක 16.02.2026 9:21
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ඔස්ට්රේලියාවේ සංක්රමණ වැඩසටහන විශාල ප්රතිසංසකරණ වලට ලක්කිරීමට ලිබරල් පක්ෂයෙන් සැලැස්මක් 16.02.2026 5:11
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 16 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
සුව මනස: මානසික සෞඛ්යය බිඳ වැටෙනවා කියලා දැන ගන්නෙ කොහොම ද? 15.02.2026 5:15
යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන මානසික සෞඛ්ය බිඳවැටීමක් හඳුනා ගන්නා ආකාරය පිළිබඳවයි.
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, පෙබ 09 - පෙබ 13 13.02.2026 7:33
පෙබරවාරි 09වන දා සිට 13වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: තව අවුරුදු 100 කින් රේඩියෝවට මොනවා වෙයි ද? ගුවන්විදුලි තරු අපිට කිව්ව දේ 13.02.2026 9:39
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
ක්රීඩා විග්රහය: කුසල් මෙන්ඩිස් T20 ලකුණු 2500 පසු කරයි - දසුන් ශානකගේ වේගවත් අර්ධ ශතක වාර්තාවක් 13.02.2026 8:39
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: ඓතිහාසික කැන්ගරු ගමන්මග සිහි කරමින් Qantas ලංකාවට / ආකර්ශනීය පොදු ප්රවාහන සේවාවකට Lanka Metro Transit අගෝස්තුවේ දී 13.02.2026 8:52
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
කාලීන විග්රහය: ලෝක ගුවන් විදුලි දිනය අදයි, ඕස්ට්රේලියාවේ බහුභාෂා සන්නිවේදක සඟයා වන SBS ආ ගමන් මග මෙහෙමයි 13.02.2026 5:45
අද ලෝක ගුවන් විදුලි දිනය. වර්තමානයේ රූප මාධ්යයන් සහ අනෙකුත් ඩිජිටල් මෙවලම් සමඟ සන්නිවේදනය නව යුගයක් කරා එළැඹ තිබෙනවා. නමුත් තවමත් නොවෙනස්ව ගුවන් විදුලිය ඔබේ සමීපතමයෙකු වෙලා ඉන්නවා. අද දවසේ කතා කරන්නේ SBS පිළිබඳවයි. SBS පසුගිය වසරේ සිය 50වෙනි උපන්දිනයත් සැමරුවා. SBS, ඕස්ට්රේලියාවේ රජයට අනුබද්ධිත බහුසංස්කෘතික සහ බහුභාෂා මාධ්ය ආයතනයයි. ඉතින් ඒ භාෂා සමූහයට SBS සිංහල සේවයත් අයත්. අද ලෝක ගුවන්විදුලි...
SBS සිංහල පුවත්: ලිබරල් පක්ෂයේ සහ ෆෙඩරල් විපක්ෂයේ නව නායකයා ඇන්ගස් ටේලර් - නියෝජ්ය නායිකාව ජේන් හියුම් 12.02.2026 5:13
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 13 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: පොලිස් සෝදිසි කිරීම් වලට ඔස්ට්රේලියාවේ බහුසංස්කෘතික ප්රජාවන් වැඩිවශයෙන් ලක්වන බවට තොරතුරු 12.02.2026 6:28
ඔස්ට්රේලියාවේ පොලිසිය වරෙන්තු රහිතව සිදුකරන සෝදිසි කිරීම් වලදී සුදු ජාතිකක ප්රජාවට වඩා වැඩිවශයෙන් වෙනත් සංස්කෘතික පසුබිම් වලින් එන පිරිස් සෝදිසි කිරීමට පෙළඹෙන බවට නවතම අධ්යයනයකින් තොරතුරු හෙළිවෙනවා. සුදු ජාතිකයකුට වඩා ඔස්ට්රේලියාවේ ඉන්න වෙනත් ජාතිකයකු පොලිසිය විසින් සෝදිසි කිරීමේ හැකියාව තුන්ගුනයකටත් වඩා වැඩි බව මේ අධ්යයනයෙන් තොරතුරු හෙළි කරනවා. විශේෂයෙන්ම වික්ටෝරියා ප්රාන්තයේ සුදුජාතික බහුත...
අපේ වහරේ කතා අහුරක්: තිරුවා නැති වෙලේ ගෙට රිංගන්න ගිය රජතුමාට වෙච්ච දේ 12.02.2026 5:04
අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ තිරුවා අඹගමු ගිය කතාව ගැනයි.
ලොව වටා: Epstein හෙළිදරව්ව නිසා බ්රිතාන්ය අගමැතිට බලපෑම් එද්දී, ජපාන අගමැතිනිය වැඩි කැමැත්තෙන් යලි ධූරයට 12.02.2026 8:00
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ඕස්ට්රේලියාවේ නිවාස කුලී ගාස්තුව දැරිය නොහැකි තත්ත්වයක 12.02.2026 5:23
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Liknande poddar
Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden