SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au
Var kan du lyssna?
Poddar i appen Replaio Radio Kommer snartPoddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar
Avsnitt
කාලීන විග්රහය: අයතුල්ලා අලි කමේනි ගේ පුතා ඉරාන නව නායකයා වීම, මැදපෙරදිග ගැටුම තවත් දරුණු කරන ලකුණු 10.03.2026 10:19
මැදපෙරදිග හටගෙන තිබෙන ගැටුම මේ වනවිට නව හා අවිනිශ්චිත අවධියකට පිවිසෙමින් තිබෙනවා. සටන් තීව්ර වන විට, ඉරානයේ Ayatollah Ali Khamenei ඝාතනය කිරීමෙන් පසු ඉරානය එහි නව නායකයා ලෙස Mojtaba Khamenei පත් කර තිබෙනවා. එමෙන්ම මෙම තත්වයේ ප්රතිපලයක් වශයෙන් ලොව පුරා තෙල් මිල ඉහළ යමින් පවතිනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
ඔස්ට්රේලියාවේ පෙට්රල් මිල තව කොපමණ ඉහළ යාවි ද? තෙල් අරපිරිමසා ගත හැකි මේ ක්රම අට ගැන දැන ගෙන හිටියා ද? 10.03.2026 5:50
මේ වන විට ඔස්ට්රේලියාවේ සියලුම ප්රාන්ත වල පාහේ ඊයම් රහිත පෙට්රල් ලීටරයක සිල්ලර විකුණුම් මිල ඩොලර් 2 ඉක්මවා ගොස් තිබෙනවා. මැදපෙරදිග උත්සන්න වන යුද්ධය ගෝලීය බලශක්ති වෙළඳපොළ දැඩි කැලඹීමකට ලක් කල අතර ඕස්ට්රේලියාව ඇතුළු සියලුම රටවල ඉන්ධන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යෑමට එය බලපා තිබෙනවා.
නීති පිළිසරණ: දික්කසාද නීතිය - නීතිඥ සහාය නැතිව ඕස්ට්රේලියාවේ දී දික්කසාද වෙන්න පුළුවන් ද? 10.03.2026 4:58
ඕස්ට්රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ හය වැනි සහ අවසාන කොටස.
SBS සිංහල පුවත්: ඉරාන පාපන්දු කණ්ඩායමේ ක්රීඩිකාවන්ට මානුෂීය හේතු මත ඕස්ට්රේලියාවේ රැඳී සිටීමට වීසා 10.03.2026 5:28
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ඔස්ට්රේලියාවේ ඉහල යන කාන්තා හිංසන තත්වයන් මැඩලන්න වෙන්කෙරෙන මූල්යමය ප්රතිපාදන ප්රමාණවත් නොවන බවට චෝදනා 09.03.2026 9:08
ගෘහස්ථ හිංසනය හේතුවෙන් කාන්තාවන්ට සිදුවෙන හිංසා ඉතා සීග්රයෙන් ඉහළයාම නිසා ඊට එරෙහිව 2024 වසරේදී ඔස්ට්රේලියාව පුරා විවිධ ප්රාන්ත වල විරෝධතා රැලි සංවිධානය වී තිබුනා. කාන්තාවන්ට එල්ල වන ගෘහස්ථ හිංසනය නිසා මියගිය වැඩිම කාන්තාවන්ගේ ප්රමාණය 2025 වසරේදී නිව් සවුත් වේල්ස් ප්රාන්තයෙන් වාර්තා උනා. මේ පිළිබඳව අප සියලුදෙනා විශේෂ අවධානයක් යොමුකළ යුතු බව මේ සසම්බන්ධ ක්රියාකාරී සංවිධාන පවසනවා. මේ ගැන වැඩිද...
ග්රීක් යෝගර්ට් හිඟයක් ඇති කළැයි කියන ටික්ටොක් චීස් කේක් රැල්ල, protein-maxxing සහ fibre-maxxing ගැනත් දැනගමු 09.03.2026 4:47
මෑතක ඉඳන් ඕස්ට්රේලියාවේ ප්රෝටීන අධික ග්රීක් යෝගර්ට් හිඟයක් දකින්න තිබෙනවා. ඉහළ ඉල්ලුමට සරිලන පරිද්දෙන් සේවා ලබා දීමට සැපයුම්කරුවන් සමඟ කටයුතු කරන බවයි වූල්වර්ත්ස්, කෝල්ස් සහ ඇල්ඩි වෙළඳසැල් කියා සිටින්නේ. මේ හිඟයට හේතුව අන්තර්ජාලයේ දැකිය හැකි චීස් කේක් රැල්ලක් බව සමහරු විශ්වාස කරනවා. මෙහි දී ග්රීක් යෝගර්ට් තුළට බිස්කට් දමා ක්ෂණික අතුරුපසක් සාදා ගැනීමයි සිදු වෙන්නේ. කොටේජ් චීස්වලටත් ඉහළ ඉල්ලුමක්...
සුව මනස: මානසික සෞඛ්ය සාක්ෂරතාව ගොඩනඟා ගන්නේ කොහොම ද? 09.03.2026 5:15
යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන මානසික සෞඛ්ය සාක්ෂරතාව ගොඩනඟා ගැනීම පිළිබඳවයි.
කොග්ගල ජලාශයට පියාසර කළ කැන්ගරුවෙක් ගැන ලියූ ඇඩිලේඩ් නුවර කතුවරිය - කුමුදිණි විද්යාරත්න සිල්වා 09.03.2026 8:47
ඇඩිලේඩ් නුවර හිටපු අධ්යාපන සේවා නිලධාරිනියක් සහ වර්තමානයේ ව්යවසායිකාවක් වන කුමුදිණී විද්යාරත්න සිල්වා මහත්මිය ඇය විසින් රචිත 'කැන්ගරුවෙක් කොග්ගල ජලාශයට පියාසර කල වගයි!' කෘතිය පිළිබඳ SBS සිංහල සේවය සමඟ කළ කතාබහ.
මවුබිමෙන් පුවත්: යුද්ධ වලදී මනුෂ්යත්වයේ කොඩිය අතට ගන්නා ජාතිය ශ්රී ලාංකික ජාතිය බව ජනපති අනුර කියයි/ 'කාන්තා අයිතීන් ගැන කතා කිරීම එක දිනයකට පමණක් සීමා කරන්න එපා' - සජිත් ප්රේමදාස කියයි 09.03.2026 10:33
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ඉන්ධන මිල නිසා ආහාර නිෂ්පාදන මිල ගණන් ඉහළ යන ලකුණු 09.03.2026 5:17
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 09වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: මූල්ය, ඉදිකිරීම් සහ පතල් වැනි ක්ෂේත්රවල තවමත් දැකිය හැකි 'Gender Pay Gap' 08.03.2026 5:51
ඔස්ට්රේලියාව පුරා පුරුෂයෙකු උපයන සෑම ඩොලරයකටම කාන්තාවක් උපයන සාමාන්ය වන්නේ ඩොලර් සත 88.8යි. ස්ත්රී පුරුෂ සමාජභාවී සමතාව වෙනුවෙන් ඇති රජයේ ආයතනය පවසන්නේ මේ අසමානතාව (gender pay gap) අඩු වෙලා කියලා. බොහෝ ක්ෂේත්රවල මේ පිළිබඳ යම් ප්රවණතාවක් තිබෙනවා. නමුත් මූල්ය, ඉදිකිරීම් සහ පතල් වැනි පුරුෂ මූලික ක්ෂේත්රවල තවමත් මේ වෙනස දකින්න පුළුවන්. අද කාලීන විග්රහය මේ පිළිබඳවයි.
ජාත්යන්තර කාන්තා දින විශේෂාංගය: වසරේ යොවුන් විද්යාඥවරිය සම්මානය දිනූ කුෂ්මි ජයරත්න 07.03.2026 5:31
අද ජාත්යන්තර කාන්තා දිනයයි. මේ විශේෂාංගය හෙට දිනයේ ලොව දිනන්නට පූදින යොවුන් දිරිය දියණියක් ගැනයි.
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 02 - මාර්තු 06 06.03.2026 6:47
මාර්තු 02වන දා සිට 06වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
මේ ජීවිතේ එක් වරක් හෝ අත්දකින්න හොඳ සැමරුමක්, වසරක් පාසා Mardi Gras ගමන් යන භානුක බෝදරගම 06.03.2026 10:41
පසුගිය ඉරිදා, මාර්තු 1වන දා 2026 වසරේ Sydney Gay and Lesbian Mardi Gras ගමන උත්සවාකාරයෙන් වීදි සංචාරය කළා. මෙම වීදි නොබෝදා ඕස්ට්රේලියාවේ ජාතික උරුම ලැයිස්තුවටත් ඇතුල් වුණා. මෙවැනි ජාතික. සංස්කෘතික සහ සමාජයීය වශයෙන් වැදගත් සැමරුමක් පිළිබඳ වසර ගණනක් තිස්සේ ඔක්ස්ෆර්ඩ් වීදියේ ඇවිද යන ලාංකේය මිතුරෙකු සමඟ කළ කතාබහට ඔබත් සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: හොඳ හෝ නරක දෙයක් කරලා ප්රසිද්ධ වෙන්න පුළුවන් හැබැයි ජනප්රිය වෙන්නයි ඒක පවත්වා ගෙන යන්නයි ඊට වඩා අමාරුයි - උදාරි වර්ණකුලසූරිය 06.03.2026 9:01
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
ක්රීඩා විග්රහය: ශ්රී ලංකා ක්රීඩිකාවෝ බටහිර ඉන්දීය කොදෙව් ක්රීඩිකාවන්ට එරෙහිව T20 තරගාවලියත් ජය ගනී 06.03.2026 8:52
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: යුද අවස්ථාවක දී තවත් රටක් පීඩාවට පත් කිරීමට ශ්රී ලංකා භූමිය, මුහුද හෝ ගුවන ලබා දෙන්නේ නෑ - ජනපති / සුරේෂ් සලෙයි වෙනුවෙන් ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් 06.03.2026 8:33
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: මැදපෙරදිග යුද වාතාවරණය නිසා කොටු වූ ඔස්ට්රේලියානුවන් මුදා ගැනීමේ කටයුතු අඛණ්ඩව 06.03.2026 4:50
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 06 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ඔස්ට්රේලියාවේ සිදුවන මාරාන්තික රිය අනතුරු ප්රමාණයේ ඉහළයාමක් 05.03.2026 8:33
ඔස්ට්රේලියාවේ මහාමාර්ග අනතුරු නිසා සිදුවන මරණ සංඛ්යාව ඉහළ යමින් තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. පසුගිය වසරේ පමණක් ඔස්ට්රේලියාව තුල මහාමාර්ග අනතුරු නිසා මරණ 1300කට වඩා සිදුවී ඇති බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් කඩිනම් ක්රියාමාර්ග ගතයුතු බවට විවිධ පාර්ශව මේ වනවිට ඉල්ලීම් සිදුකරමින් සිටිනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
ඔස්ට්රේලියාවට වැඩමවූ ජය ශ්රී මහ බෝධියේ අංකුර බෝධීන් වහන්සේට ඔස්ට්රේලියාවෙන් විශේෂ පිලි ගැනීමක් 05.03.2026 9:51
මීට වසර දෙකකට පමණ පෙර ඔස්ට්රේලියාවේ ඉන්න ශ්රී ලාංකිකයින්ට විශේෂයෙන්ම බෞද්ධයන්ට ඉතාම වැදගත් සිදුවීමක් සිදු වුනා. ශ්රිලංකාවේ අනුරාධපුරයේ වැඩසිටිනා ජයශ්රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහ්සේ නමක් ඔස්ට්රේලියාවට වැඩම කරලා ඔස්ට්රේලියාවේ රෝපණය කළා. මෙය සිදු උනේ වික්ටෝරියා ප්රාන්තයේ බෙන්ඩිගෝ නගරයේ තියෙන බෝධි ධම්ම විහාරස්ථානයේ. ඉතින් මේ වනවිට මේ අංකුර බෝධීන් වහන්සේට ඔස්ට්රේලියාවෙන් විශේෂ පිළිගැන...
අපේ වහරේ කතා අහුරක්: ඉබ්බා දියේ දාද්දි ඇන්නෑවේ කියන්නෙ ඇයි? 05.03.2026 4:45
අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ‘ඇන්නෑවේ’ කියලා පැරැණ්නො කියන්න පුරුදු වෙලා තියෙන්නෙ ඇයි කියලායි.
ලොව වටා: අලි කමේනි මැරුනෙ ඊශ්රායල ප්රහාරයකින් යැයි ඇමරිකාව කියද්දී, ChatGPT අවස්ථාවාදී යැයි චෝදනා 05.03.2026 8:19
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: සංක්රමණ කප්පාදුවෙන් නිවාස අර්බුදය විසඳෙන්නේ නැහැ, වාර්තාවක් කියයි 05.03.2026 5:14
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 05වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Your guide to using sunscreen in Australia - ඔස්ට්රේලියාවේදී හිරු එළියෙන් සම ආරක්ෂාකර ගන්න හරි විදියට 'sunscreen' භාවිතා කරන්නේ කොහොමද? 04.03.2026 10:35
Australia’s sun can be harsh. And sunscreen is one key measure protecting us against harmful sun exposure. We asked three scientists about sunscreen facts, myths and choosing the right products. - ඔබ හිරුඑලියෙන් සම ආරක්ෂා කරගන්න ඒ සඳහා වන ආලේපන එහෙම නැතිනම් 'sunscreens' භාවිතා කරනවාද ? ඔස්ට්රේලියාව කියන්නේ සමේ ඇතිවන පිළිකා ඉතා බහුලවම වාර්තා වෙන රටක්. ඕස්ට්රේලියාවේ ජීවත්වෙන ඔබ හිරු එළියෙන් සම ආරක...
ඕස්ට්රේලියාවේ 485 උපාධිධාරී වීසා ගාස්තු දෙගුණ වේ - ශිෂ්ය වීසා ගාස්තු ද ඉහළට 04.03.2026 4:57
උපාධිධාරී වීසා එහෙම නැත්නම් graduate visa අයදුම්පත් ගාස්තු දෙගුණ කිරීමට ෆෙඩරල් රජය නිහඬව කටයුතු කර තිබෙනවා. ඒ අනුව 485 උපාධිධාරී වීසා බලපත්රය සඳහා වන අයදුම්පත් ගාස්තුව ඩොලර් 2,300 සිට ඩොලර් 4,600 දක්වා දෙගුණ කර තිබෙනවා. මීට අමතරව ශිෂ්ය වීසා අයදුම්පත් ගාස්තු ද ඩොලර් 1,600 සිට ඩොලර් 2,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Liknande poddar
Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden