SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1824 avsnitt

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au

Skapare

SBS

Kategori

News

Poddens webbplats

www.sbs.com.au

Senaste avsnittet

12 okt 2026

Var kan du lyssna?

Poddar i appen Replaio Radio Kommer snart

Poddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar

Ladda ned på Google Play Installera gratis Android nästan 10 mn nedladdningar · betyg 4,8 iOS snart

Avsnitt

SBS සිංහල පුවත්: සිරියාවේ සිට ඔස්ට්‍රේලියාවට ළඟා වූ පිරිසෙන් කාන්තාවන් තිදෙනෙක් ෆෙඩරල් පොලිස් අත්අඩංගුවට 08.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 08 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: මෙවර ඉදිරිපත් කරන්නට සැරසෙන ඔස්ට්‍රේලියානු අය වැය පිලිබඳව භාණ්ඩාගාරිකවරයාගෙන් ප්‍රකාශයක් 07.05.2026

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ මෙවර අය වැය පිළිබඳව විශේෂ අවධානයක් වී තිබෙනවා. වඩා වගකීම් සහගත අයවැයක් මෙවර තමන් ඉදිරිපත් කරන බවට භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා. රාජ්‍ය වියදම් කපාහරිමින් අස්ථාවර ගෝලීය ආර්ථිකයට මුහුණදීම සඳහා වගකීම් සහගතව පිළියෙළ කරන ලද අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා. මේ පිලිබඳව ඔහු සහ විපක්ෂ මන්ත්‍රී වරුන් දැක්වූ අදහස් අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එ...

Negative gearing වෙනස්කම් ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවත් වැඩි කරයිද, විස්තරේ මෙන්න 07.05.2026

Negative gearing යනු කුමක්ද සහ මේ සඳහා වන වෙනස්කම් ඕස්ට්‍රේලියාවේ දේපල වෙළඳපොළට බලපාන්නේ කෙසේද යන්න ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.

මව්බිමේ ගැමි සුවඳ යළිත් සිඩ්නි හදවත් වල අවදි කරන ඕස්ට්‍රේලියාවේ තිළිණි, ‘අපේ ගම් ගොඩේ’ ගැන අපට කියූ දේ 07.05.2026

සාම්ප්‍රදායික ගැමි ජීවිතයේ චමත්කාරය, ගැමි ජීවිතයේ අභාෂය ලබමින් මවුබිමෙන් බොහෝ දුරින් ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ව යළිත් සංස්කෘතිය, උරුමය සහ ප්‍රජාව සමඟ එක් කරන Sri Lanka Dance Academy Sydney සංවිධානය කරන "අපේ ගම් ගොඩේ 2026" උත්සවය පිලිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.

ලොව වටා: බොරු ප්‍රචාර කල ඇපල් සමාගම නඩුව ගොඩින් බේරා ගනී, කොවිඩ් වැනි වෛරසයක් පැතිර යාමක් ගැන බියක් 07.05.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

අපේ වහරේ කතා අහුරක්: උපාසකයා සහ ගැරඬියා 07.05.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ උපාසක ඇත්තෙක් බණකට ගිහින් හිටිය වෙලාවෙ ගැරඬියෙක් දැකලා වුණු අපූරු කතාවක්.

SBS සිංහල පුවත්: ජාතික සංක්‍රමණික ස්මාරකයට අලුත් නම් එකතුවක්, මීළඟ වසර සඳහා නම් කැඳවීම දැන් විවෘතයි 07.05.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 07වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

The overlooked story: Aboriginal and Torres Strait Islander service on Anzac Day - ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සටන්බිමට ගිය ඔස්ට්‍රේලියානු ස්වදේශික හමුදා සෙබළුන්ගේ අමිහිරි අත්දැකීම් ගැන තොරතුරැ මෙන්න 06.05.2026

Each year Australians gather on Anzac Day to remember those who served in wars, conflicts and peacekeeping missions. But whose stories are we remembering? Are there stories we don’t always hear? In this episode we explore an important part of Australia’s history that has often been overlooked—the service of Aboriginal and Torres Strait Islander peoples. - ඔස්ට්‍රේලියානු ආදිවාසි ජනතාව ඔස්ට්‍රේලියාන...

'අපි ලෝකේ කොහේ හිටියත් හදවතින්ම ලාංකිකයි' - කැන්බරා අගනුවර සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුමට එක්වූවන් දැක්වූ අදහස් 06.05.2026

ඔස්ට්‍රේලියා අගනුවර භූමි ප්‍රදේශයේ (Australian Capital Territory ACT) කැන්බරා අගනුවර ශ්‍රී ලංකා සංවිධානය ප්‍රමුඛව තවත් ප්‍රජා සහ ක්‍රීඩා සංගම් රැසකගේ දායකත්වයෙන් අප්‍රේල් 18 වෙනි දා පැවැත්වුණු සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට SBS සිංහල සේවයත් එක් වුණා. මේ එහිදී අප සමග අදහස් බෙදා ගත් කැන්බරා නුවර ශ්‍රී ලාංකිකයින්.

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන බැංකුව පොලී අනුපාතය ඔබේ නිවාස ණය වාරිකයට බලපාන්නෙ කොහොම ද? 06.05.2026

ඔස්ට්‍රේලියානු මහ බැංකුව පොලී අනුපාත යළිත් වරක් ඉහළ දැමුවා. ඒ අනුව සියයට 4.1 ලෙස පැවති අනුපාතය දැන් සියයට 4.35 ක් ලෙස ඉහළ යනවා. මේ වැඩි වීම ඔබේ නිවාස ණය වාරික සඳහා බලපාන ආකාරය පිළිබඳ මූල්‍ය විශ්ලේෂණ ආයතන පල කරන පුරෝකථන පිළිබඳ දැනුවත් වන්න.

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ළමුන් සඳහා ප්‍රථම වරට නාසය හරහා ලබා දිය හැකි ඉන්ෆ්ලුවෙන්සා එන්නතක් 06.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 06වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: වික්ටෝරියා ප්‍රාන්තයේ Bushmaster හදන්න, ඕස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන ගණනක් වෙන් කරයි 05.05.2026

ඕස්ට්‍රේලියානු රජය ආරක්ෂක වියදම් සඳහා ඩොලර් බිලියන 1.2 ක් ලබාදෙන බව පවසයි. මේ ඔස්සේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හි නව Bushmaster ආරක්ෂිත වාහන 268 ක් නිෂ්පාදනය කිරීම සඳහා ඩොලර් මිලියන 750 ක් යොදවා තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

'BTS නව ගීත ඇල්බමය සංස්කෘතික මූලයන් සොයා යනවා', ඕස්ට්‍රේලියාවේ සිට දකුණු කොරියාව බලා ගිය රසික ගමනක් 05.05.2026

කොරියානු පොප් සංගීතය (K-Pop) ලොව පුරා රසික උන්මාදයක් ඇති කළ ගීත කලාවක්. මේ කොරියානු ගායක ගායිකාවන් අතරේ මේ වන විට ජනප්‍රියත්වයේ ඉහළින් ම වැජඹෙන්නේ BTS සංගීත කණ්ඩායමයි. ඔවුන්ගේ නව ගීත ඇල්බමය Arirang. දකුණු කොරියාවේ සිය හමුදා සේවය නිම කිරීමෙන් අනතුරුව මේ කණ්ඩායම් සාමාජිකයන් සත් දෙනා පළමු වරට නිකුත් කළ ගීත එකතුවයි මේ. ඒත් සමඟ ම ඔවුන් ලොව වටා සිදු කරන සංගීත ප්‍රසංග මාලාව දැන් අරඹා තිබෙනවා. මේ ගීතමය සං...

තමිල්නාඩු මහ ඇමති පුටුවට එන ‘තලපති විජේ’ කච්චතිව් ආපහු ඉන්දියාවට පවරා ගනීවි ද? 05.05.2026

ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් දෙමළ සිනමාවේ ජනකාන්ත නළු සී. ජෝසප් විජේ නැතහොත් තලපති විජේ විශිෂ්ට ජයක් ලබා ගෙන තිබෙනවා. විජේගේ මැතිවරණ පොරොන්දුවල ඉහළින්ම තිබූ කරුණක් වූයේ කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගැනිමයි. මේ මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ SBS සිංහල ගෙන එන කෙටි විශේෂාංගයක්.

SBS සිංහල පුවත්: පොලී අනුපාත ඉහල දැමීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඔස්ට්‍රේලියානු මහබැංකුව අද රැස්වේ 05.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 05වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ සමාජ සහජීවනත්වයේ ගැටළු සොයාබැලීමට පත්කළ කමිටුවෙන් නිර්දේශ 14ක් යෝජනා කරයි 04.05.2026

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිදුවූ බෝන්ඩායි වෙඩිතැබීමේ සිදුවීමෙන් යුදෙව් ජනතාව පමණක් නොව සමස්ත ඔස්ට්‍රේලියාවම දැඩි කම්පනයකට පත් වුනා. මේ සිදුවීමෙන් අනතුරුව සමාජ සහජීවනය සහ යුදෙව් විරෝධය පිළිබඳව සොයා බැලීමට පත්කළ 'Royal Commission' කමිටුවේ ප්‍රථම වාර්තාව ඉදිරිපත් වී තිබෙනවා. සමාජ සහජීවනයට විශාල තර්ජනයක් හෝ හදිසි ක්‍රියාමාර්ග ගැනීමට තරම් අවශ්‍යතාවයක් ඇතිබවට තමන්ට පෙනෙන්නට නොමැති බව මෙම කමිටුවේ ප්‍රධ...

ඉන්ධන අර්බුදයෙන් පස්සෙ ඔස්ට්‍රේලියාවට ආහාර අර්බුදයකුත් ඒවිද? - ආචාර්ය තිලක් මල්ලවාරච්චි සිදු කරන පැහැදිලි කිරීම 04.05.2026

පවතින ගෝලීය ප්‍රවණතා හමුවේ ඔස්ට්‍රේලියාව තුල ආහාර සුරක්ෂිතතාව කොතරම් දුරට සහතික ද? SBS සිංහල සේවය මේ පිළිබඳ කෘෂි ආර්ථිකය හා ප්‍රතිපත්ති සැකසුම් පිළිබඳ විශේෂඥ, ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය තිලක් මල්ලවාරච්චි මහතාගෙන් විමසා සිටියා.

ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීමේ ලැයිස්තුවේ හතර වෙනි තැන ශ්‍රී ලංකාවට 04.05.2026

ඕස්ට්‍රේලියාවට අයැදුම් කරන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර වීසා අයැදුම් පත් ප්‍රතික්ෂේප වීමේ ලැයිස්තුවේ හතර වෙනි තැනට ශ්‍රී ලාංකීය අයැදුම්කරුවන් පත්ව සිටිනවා. මේ SBS සිංහල ඒ පිළිබඳ ගෙන එන කෙටි විශේෂාංගයක්.

මව්බිමෙන් පුවත්: මහින්ද රාජපක්ෂගෙන් කටඋත්තර ගන්න කෙනෙක්ව බය කරලා ප්‍රකාශ ලියවා ගන්න තැනට වැටිලා - නාමල් / අපිට ඕන මෙවැනි හැකර් සිදුවීම් යළි ඇති නොවන තැනට වැඩ කරන්න - ඇමති නලින්ද 04.05.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඉන්ධන සැපයුම් අතින් ඕස්ට්‍රේලියාව ශක්තිමත් ස්ථාවරයක පසු වන බව බලශක්ති ඇමති කියයි 04.05.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 04වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියාවේ News Bargaining Code අලුත්ම වෙනස, 'ජනමාධ්‍ය යනු ඕස්ට්‍රේලියානු සමාජය නිර්වචනය කරන්නක්' -අගමැති 03.05.2026

ඔබ අද දවසේ ප්‍රවෘත්ති ගැන දැනුවත් වෙන්නේ කොහොමද? රූපවාහිනී, ගුවන්විදුලි, සහ පුවත්පත් වැනි සාම්ප්‍රදායික මාධ්‍යයන් ඔස්සේ ද? නැත්නම් ඇඟිලි තුඩක දුරින් තිබෙන සමාජ මාධ්‍ය ඔස්සේ ද? ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් නව නීති කෙටුම්පතක් පිළිබඳව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියානු පුවත් සමාජ මාධ්‍යයන්ගේ පළ වනවා නම් ඒ වෙනුවෙන් වැඩි මුදලක් ගෙවන්න සමාජ මාධ්‍ය ආයතනවලට සිදු වේවි. නමුත් ජනමාධ්‍ය ආයත...

ඕස්ට්‍රේලියාවේ අනිත් Rental application වලට වඩා හොඳ අයදුම්පතක් හදල, ගේ ඉක්මනට ගන්න මේ දේවල් දැනගන්න 03.05.2026

ඕස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් තමාට කුලී නිවසක් සෙවීමේදී සලකා බැලිය යුතු දෑ සහ ඔවුන් කුලී නිවසකට අයදුම් කිරීමේදී තරඟකාරීව කටයුතු කලයුතු අයුරු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.

පුරවැසි අයිතීන් නොලැබුනත් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් යුධ වැදි ඔස්ට්‍රේලියානු ස්වදේශික සොල්දාදුවන් පිලිබඳ කතාව 03.05.2026

පළමු ලෝක යුධ සමයේ සිට ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා සමග එක්ව හමුදා සේවයේ නිරත වී තිබෙනවා. අතීතයේදී ඔස්ට්‍රේලියාවේ මුල් පුරවැසියන්ගේ අයිතීන් පිළිගැනීමට ඔස්ට්‍රේලියානු රජයන් කටයුතු නොකලත් ඔවුන් මේ ආකාරයට තම දායකත්වය ආරක්ෂක අංශ වෙත ලබා දී තිබෙනවා. තම පවුලේ සාමාජිකයින් හමුදා සේවයේ නිරතවීම ගැන මයිකල් බෙල් නම් වූ ස්වදේශික කාන්තාව සමග SBS මාධ්‍ය ආයතනයේ NITV නාලිකාවේ කෙරී ලී බැ...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 27 - මැයි 01 01.05.2026

අප්‍රේල් 27වන දා සිට මැයි 01වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියාව පුරා වෙසක් සැමරුම් පැවැත්වෙන්නෙ මෙහෙමයි! 01.05.2026

ඔස්ට්‍රේලියාව තුල මෙවර වෙසක් නිල සැමරුම් මැයි 01 වෙනි දා ට යෙදී තිබුණා. ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජයේ බහු සංස්කෘතික අමාත්‍යවරිය, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිවරයා, විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව මෙන්ම පාලක කම්කරු පක්ෂයේ නිල මුහුණුපොත ගිණුම් ඔස්සේ වෙසක් සැමරුමට සුබ පැතුම් එක් කර තිබුණා. SBS සිංහල සේවය ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය බෞද්ධ වෙහෙර විහාරස්ථාන වල සංවිධාන වන වෙසක් සැමරුම් පිළිබඳ සැකසූ ම...

Lyssna på podden SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio och poddar i en och samma app - gratis och utan konto. Installera redan idag och missa inte premiären

Ladda ned på Google Play

Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden