SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1822 avsnitt

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au

Skapare

SBS

Kategori

News

Poddens webbplats

www.sbs.com.au

Senaste avsnittet

12 okt 2026

Var kan du lyssna?

Poddar i appen Replaio Radio Kommer snart

Poddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar

Ladda ned på Google Play Installera gratis Android nästan 10 mn nedladdningar · betyg 4,8 iOS snart

Avsnitt

වසර 50 ක SBS ඉතිහාසය තුල කළමනාකාර අධ්‍යක්ෂ තනතුරට පත් පළමු කාන්තාව ජේන් පැල්ෆ්‍රේමන් 20.05.2026

විශේෂ විකාශන සේවය නැතහොත් Special Broadcasting Service SBS හි නව කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස ජේන් පැල්ෆ්‍රේමන් වසර 5 ක කාලයක් දක්වා පත් කෙරුණා. මැයි 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කරන ලද්දේ SBS පාලක මණ්ඩලය විසිනුයි.

'A massive reality check': AI-generated disinformation about war in the Middle East is even tricking experts - SBS Examines: විශේෂඥ ඇසත් රවටමින් මැදපෙරදිග යුද තත්ත්වය පිළිබඳ AI තාක්ෂණයෙන් සාවද්‍ය පුවත් ගෙන එන අයුරු 20.05.2026

As war in Iran and the broader Middle East continues, real and fake videos of the conflict are proliferating on social media — and it's getting harder to tell the difference. - මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය දෙස සති ගණනක් මුළුල්ලේ අප බලා සිටිනවා. කලාපය පිලිබඳ සාවද්‍ය සහ නොමඟ යන සුළු තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරීමත් සමඟ සත්‍ය සහ අසත්‍ය අතර වෙනස පිළිබඳ ගැටලු මතු වී තිබෙනවා.

SBS සිංහල පුවත්: දේපළ මත පදනම් වීමෙන් ඔබ්බට ආයෝජන විවිධාංගීකරණය ප්‍රවර්ධනය කිරීමට සූදානම් - ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් 20.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: වැඩිහිටියන් සඳහා නොමිලේ ලබා දෙන මාත්‍රාවක් ‌ඩොලර් 300 ක් පමණ වන RSV එන්නත පමා නොවී අරගන්න 19.05.2026

ශ්වසන සමමුහුර්ත වෛරසය නොහොත් Respiratory Syncytial Virus RSV යනු සෙම්ප්‍රතිශ්‍යාව හෝ ඉන්ෆ්ලුවෙන්සා ලෙස වරදවා වටහා ගත හැකි සුලභ හා බහුල ලෙස බෝවන ශ්වසන වෛරසයක්. මාත්‍රාවක් ඩොලර් 300 ක් පමණ වන මෙහි ප්‍රතිශක්තිකරණ එන්නත මැයි 15 වෙනිදා සිට වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට නොමිලේ ලබා දෙනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.

යුද බිමෙන් පුවත් ගෙනා අමල් සමන්ත රණබිමේ මතක SBS සිංහලට අවදි කරයි 19.05.2026

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් යුද පෙරමුණේ පුවත් වාර්තාකරණයේ යෙදුණු ජ්‍යෙෂ්ඨ රූපවාහිනී මාධ්‍යවේදී අමල් සමන්ත මහතා ඉතාලියේ සිට SBS සිංහල සේවය සමඟ සිය රණබිමේ මතක සටහන් මෙසේ සිහිපත් කලා.

ඉබෝලා පැතිරීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි 19.05.2026

කොංගෝ රාජ්‍යයේ සියයකට අධික පිරිසක් දුර්ලභ ඉබෝලා ප්‍රභේදයකින් ජීවිතක්ෂයට පත් වීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ජාත්‍යන්තර සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කාලීන විග්‍රහය: 1993 පසු ඕස්ට්‍රේලියාවේ නරකම අයවැය මෙයයි, නව මතවිමසුමකදී ඕස්ට්‍රේලියානුවන් කියයි 19.05.2026

ෆෙඩරල් අයවැයෙන් පසුව ඕස්ට්‍රේලියාවේ බදු ක්‍රමයේ අනාගතය පිළිබඳව වන තරඟය දිගටම පවතී. බදු සහ නිවාස සම්බන්ධයෙන් ලිබරල් සන්ධානය තමන්ගේම නිර්භීත ප්‍රතිපත්ති ප්‍රකාශ කර ඇති අතර මේ අතර ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරිකවරයා negative gearing, capital gains සහ trusts කෙරෙහි බලපාන වෙනස්කම් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටී. නමුත් නව මත විමසුම් දෙකකින් පෙනී යන්නේ ඔහුගේ ෆෙඩරල් අයවැය ඡන්දදායකයින් විසින් දුර්වල ලෙස පිළිගෙන...

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය නොමැති සංක්‍රමණිකයන්ගේ සුබසාධන ප්‍රතිලාභ සීමා කිරීමේ යෝජනාවට ලිබරල් පක්ෂය තුළින්ම විරෝධයක් 19.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 19වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න

සංක්‍රමණ වංචා වැළැක්වීමටත්, සංක්‍රමණ පද්ධතියේ විශ්වාසනීයත්වය ශක්තිමත් කිරීමටත් ඔස්ට්‍රේලියානු රජයෙන් මිලියන ගණනක ආයෝජනයක් 18.05.2026

මෙවර අයවැයේ එක් ප්‍රධාන අවධානයක් යොමු වී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර සංක්‍රමණ පද්ධතියට සිදුකරන වෙනස්කම් වෙතයි. රට තුළ පවතින සේවක හිඟයට පිළියම් ලෙස, වඩාත් උසස් අධ්‍යාපනයක් ඇති, වැඩි කුසලතා සහිත, තරුණ සංක්‍රමණිකයන්ට ප්‍රමුඛතාව ලබා දෙන ස්ථිර සංක්‍රමණ වැඩසටහනේ මුළු ස්ථාන සංඛ්‍යාව 185,000ක් ලෙසම පවත්වාගෙන යන්න රජය තීරණය කර තිබෙනවා. ඒ අතරින් සියයට 70කට වැඩි ප්‍රමාණයක් කුසලතා සහිත සංක්‍රමණිකයන් සඳහා වෙන්...

ඕස්ට්‍රේලියාවේ හිටියත් අපේ මුල් තියෙන්නේ ලංකාවේ සංස්කෘතියත් එක්ක... සිඩ්නි ලාංකිකයින්ගේ අදහස් 18.05.2026

ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩව සිංහල සංස්කෘතිය රැගෙන යාම ගැන සිඩ්නි හි වෙසෙන ලාංකික තරුණ සහ ජ්‍යෙෂ්ඨ ප්‍රජාව සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණයට වසර 17 යි - සිඩ්නි හි නියඟලා මල් ස්මාරකයක් එළිදකී 18.05.2026

බටහිර සිඩ්නි පෙන්ඩල් හිල්ස් ප්‍රදේශයේ මහජන උද්‍යානයක දී දෙමළ ප්‍රජා ස්මාරකයක් විවෘත කෙරුණා. දෙමළ අනන්‍යතාවයේ සංකේතයක් වන කාර්තිගෛ පූ නැතහොත් නියඟලා මලෙහි හැඩයෙන් මෙම ස්මාරකය නිර්මාණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා හමුදා සහ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය අතර වසර තිහකට ආසන්න කාලයක් පැවැති ගැටුම යුද ජයග්‍රහණයකින් අවසන් වී මේ වසරේ මැයි 18 වෙනි දා ට වසර 17 ක් සපිරෙන පසුබිමක දී වීම සුවිශේෂී වනවා. මේ ඒ පිළි...

2027දී එන Capital Gains Tax සංශෝධන නිසා ඔස්ට්‍රේලියාවේ නිවාස මිල පහළ වැටෙයිද? 18.05.2026

ඔස්ට්‍රේලියාවේ දේපළ ආයෝජකයන්ට ලබන වසරේ පැමිණෙන වැදගත් බදු සංශෝධන හේතුවෙන්, ඊට පෙර බොහෝ ආයෝජකයින් තම දේපළ විකිණීමට කටයුතු කරයිද යන්න පිළිබඳ ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා. පසුගිය ෆෙඩරල් අයවැයෙන් negative gearing ක්‍රමවේදය සම්බන්ධ වෙනස්කම් වලට අමතරව, 2027 ජූලි 1 සිට වසරකට වැඩි කාලයක් දේපළක් තබාගන්නා ආයෝජකයන්ට Capital Gains Tax (CGT) වට්ටම් නීතිවල ප්‍රතිලාභ ලබාදෙන ආකාර වෙනස් වනවා. මෙම වෙනස්කම් ක්‍රියාත්මක...

මව්බිමෙන් පුවත්: වාහන ආනයන අධි භාරයෙන් මිල වැඩි වෙන්නෙ නෑ - නි.අමාත්‍ය අනිල් ජයන්ත / විහිළු කතා නැතිව රටේ ආර්ථික ජනතාවාදීව හසුරුවන්න - විපක්ෂ නායක 18.05.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: 'ඉතිහාසයේ විශාලතම සංක්‍රමණ කප්පාදුව ලිබරල් සන්ධානයෙන්' - විපක්ෂ නායක පිළිතුරු කතාවේ දී කියයි 18.05.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 18වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: විරැකියාව ඇති පසුබිමක විශ්වාසී ආදායම් මාර්ගයක් හිමි කෙන්යාවේ වෘත්තිමය හඬා වැළපෙන්නෝ 17.05.2026

අවමංගල්‍යයකට සහභාගී වන පිරිස වැඩි කරගන්නේ කොහොම ද? දේහයක් භූමදාන කෙරෙන අවස්ථාව සංවේදියි. පවුලේ නෑදෑ හිතමිතුරන් සිය අවසන් සමුගැනීම සිදු කරනවා. නමුත් තවත් පිරිසකට මේ සිය රැකියාවේ කොටසක් පමණයි. කෙන්යාවේ වෘත්තිමය හඬා වැළපෙන්නන් පිළිබඳවයි අද කාලීන විග්‍රහය.

'Navigation භාවිතය Voice Prompt ඔස්සේ සිදු කරන්න', ජාතික මාර්ග ආරක්ෂණ සතියේ රිය උපදේශකවරයෙකුගෙන් උපදෙස් 17.05.2026

ඕස්ට්‍රේලියාවේ ජාතික මාර්ග ආරක්ෂණ සතිය අදින් ඇරඹෙනවා. එයට සමගාමිව ඕස්ට්‍රේලියාවේ රිය උපදේශකවරයෙකු සමඟ කළ මේ සාකච්ඡාවට ඔබත් සවන් දෙන්න. වාහන දෙකක් අතර නිසි පරතරය, වේග සීමා සහ රිය ධාවනයේ දී වැදගත් වන දේ පිළිබඳ දැනුවත් වෙන්න.

'කවදා හරි දවසක ජීවිතේ මතක හිටින්නේ විභාග, පාඩම් වැඩ නෙවෙයි, පවුලේ අයත් එක්ක සතුටින් කරපු කියපු හරියට මේ අලුත් අවුරුදු සැමරුම් වගේ දේවල්' - කැන්බරා අගනුවරින් ඇසෙන අනාගත පරපුරේ අදහස් 16.05.2026

ඔස්ට්‍රේලියාවේ ඉපදුණු සහ හැදී වැඩෙන අපේ දරුවන්ට අපේ අලුත් අවුරුදු සැමරුම් දැනෙන්නේ කොහොම ද? ඔස්ට්‍රේලියාවේ අගනුවර භූමි ප්‍රදේශයේ (Australian Capital Territory ACT) කැන්බරා නුවර පැවැත්වුණු සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයේ දී SBS සිංහල සේවය සමග කතාබහ කල ශ්‍රී ලාංකීය පසුබිමක් සහිත මේ දු පුතුන් දැක්වු අදහස් වලට සවන් දෙන්න.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 11 - මැයි 15 15.05.2026

මැයි 11වන දා සිට මැයි 15වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: මට ආපු එකම අභියෝගය මගේ පියා මාධ්‍ය කේෂ්ත්‍රයේ දැවැන්තයෙක් වීම නිසා ආපු කැපිලි කෙටිලියි - උරේෂා රවිහාරි 15.05.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.

අයවැයෙන් යෝජිත ස්ථිර පදිංචි අවස්ථා ලබා ගන්න මීළඟ ට කල යුත්තේ කුමක් ද? - සංක්‍රමණ නීතිඥ සුසන්ත කටුගම්පල කරන පැහැදිලි කිරීම 15.05.2026

ෆෙඩරල් අයවැය මගින් ස්ථිර සංක්‍රමණ අගය ඒ අයුරින්ම පවත්වා ගැනීමටත් ඉන් වැඩි කොටස නිපුණතා සංක්‍රමණිකයින්ට ලබා දීමටත් යෝජිතයි. ඔස්ට්‍රේලියා ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සංක්‍රමණ පිළිබඳ ස්ථාවර කමිටුව හමුවේ ඒ පිළිබඳ යෝජනා සහ අදහස් ලබා දීමට සංක්‍රමණ නීතිඥ දොන් සුසන්ත කටුගම්පල මහතා එක් වී සිටියා. SBS සිංහල සේවය සමග කැන්බරා නුවර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඒ පිළිබඳ ඔහු පල කල අදහස් වලට සවන් දෙන්න.

ක්‍රීඩා විග්‍රහය: එක්දින නායකයා කුසල් මෙන්ඩිස්? උප නායකත්වයේත් වෙනසක්?/ ශම්මි ඉල්ලා අස් වූ හේතුව / රත්මලාන බිහිරි විදුහලට ඓතිහාසික පැසිපන්දු ජයක් 15.05.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

කෝල්ස් සුපිරි වෙළඳසැල් ජාලය ව්‍යාජ වට්ටම් ප්‍රවර්ධනය කර පාරිභෝගිකයින් නොමඟ යවලා - ෆෙඩරල් අධිකරණයෙන් තීන්දුවක් 15.05.2026

කෝල්ස් සුපිරි වෙළඳසැල් ජාලය සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා (14) උදෑසන අධිකරණය තීන්දුවක් ලබා දුන්නා. 'Down Down' නමින් භාණ්ඩ මිල පහළ දමා කළ වට්ටම් ප්‍රචාරණය පාරිභෝගිකයන් නොමඟ යැවීමක් බවටයි එලෙස ෆෙඩරල් අධිකරණ විනිශ්චය කළේ. ඒ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: වැඩි වෙන ගංවතුර අවදානම / මල්වානේ ගෙට පැන්න අන්තරේ 15.05.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඉදිකර ඇති නිවාස ගණන මත පදනම්ව අනාගත ලිබරල් රජයක් යටතේ සංක්‍රමණය සීමා කරනවා - විපක්ෂ නායක 15.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 15 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියානු රජයේ නව බදු සංශෝධන හේතුවෙන් පළමු නිවාස ගැනුම් කරුවන්ට සැබවින්ම සහනයක් ලැබෙනවද? 14.05.2026

මෙවර අයවැය ඉදිරිපත් කිරීමට පෙර, නිවාස ආයෝජකයන්ට බලපාන වෙනස්කම් මොනවාද යන්න පිළිබඳව බොහෝ අනුමාන පැතිර ගියා. භාණ්ඩාගාරික ජිම් චාමර්ස් විසින් 'capital gains tax' බදුසහනය සහ 'negative gearing' බදු සහනය සම්බන්ධයෙන් ගෙන එන සැලසුම් මේවනවිට පැහැදිලි වී තිබෙනවා. කෙසේ උවත් මේ නව සංශෝධන හේතුවෙන් ආයෝජකයින් නිවාස වෙළඳපොලෙන් ඉවත්වීමක් සිදුවිය හැකිද? කුලී නිවාස සඳහා ඉල්ලුම ඉහල ගොස් කුලී මිල ගණන් ඉහල යමක් සිදුවේව...

Lyssna på podden SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio och poddar i en och samma app - gratis och utan konto. Installera redan idag och missa inte premiären

Ladda ned på Google Play

Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden