SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

A beginner’s guide to owning a pet in Australia - ඕස්ට්‍රේලියාවේ සුරතල් සතෙකුගේ හිමිකරුවෙකු වෙන්න සිතනවා නම් ඔබ දැනගත යුතු සියල්ල: Australia Explained 19.08.2025

Bringing a pet into your home can fill it with joy and companionship – but it also comes with important responsibilities. In Australia, new pet owners need to be aware of legal requirements, along with essential tips for training and caring for their animals. - සුරතල් සතුන් බොහෝ ඕස්ට්‍රේලියානුවන්ගේ ජීවිතයේ ආදරණීය කොටසක් වනවා, ඕස්ට්‍රේලියාවේ සෑම නිවාස තුනෙන් දෙකක පමණ පිරිසට ඔවුන්ගේ නිවසේ සුරතල් සතක...

ප්‍රණීත අල ව්‍යංජනයකට ඕස්ට්‍රේලියානු වෙළඳපොළෙන් ගත හැකි අල වර්ගය පිළිබඳ National Potato Day අබියස දැනගමු 18.08.2025

අගෝස්තු 19 වෙනිදා ඕස්ට්‍රේලියාව National Potato Day සමරනවා. ඒ හා සමගාමිව ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ අල ආශ්‍රිත ආහාර කලාව, වෙනස්කම්, අල ඉවීමේ දී භාවිත කළ හැකි රස රහස් සහ ඕස්ට්‍රේලියානු වෙළඳපොළෙන් මිල දී ගත හැකි අල වර්ග පිළිබඳ කළ සාකච්ඡාවට සවන් දෙන්න.

සමාජ මාධ්‍ය Scroll කිරීමෙන් අපේ මොළයේ ක්‍රියාකාරිත්වය අවම විය හැකි බවට හෙළිවෙයි 18.08.2025

සමාජ මාධ්‍ය භාවිත කර මිනිත්තු කිහිපයක් ඇතුළත මොළයේ වැදගත් ක්‍රියාකාරිත්වය අවම විය හැකි බව නව අධ්‍යයනයක් කියා සිටිනවා. සමාජ මාධ්‍ය යෙදවුමක ඉහළ පහළ යාමෙන් හෙවත් scroll කිරීමෙන් පසු චින්තනය, හැඟීම් සහ අවධානය යොමු කිරීම වැනි ක්‍රියාකාරකම්වල පහත වැටීමක් එම අධ්‍යයනයෙන් පෙන්නුම් කර තිබෙනවා. කෙසේ වෙතත්, විශේෂඥයන් පවසන්නේ දුරකතන හෝ පරිගණක වැනි උපාංගවල තිර දෙස බලමින් ගත කරන කාලය හෙවත් screen time මොළයට බලපා...

ඕස්ට්‍රේලියාවට ආවේනික 'වොම්බැට්' ගැන ඔබ නොදන්නා අපූරු තොරතුරු 18.08.2025

ඔස්ට්‍රේලියාව යනු ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මෙම රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්‍රේලියාව නිවහන වේ. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවෙන් හමුවන ඕස්ට්‍රේලියාවට ආවේනික 'වොම්බැට්' සතුන් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව

'අපි මේ ආණ්ඩුවේ කකුලෙන් අදින්නේ නැහැ', හිටපු ඇමති සුසිල් සහ අනුර කියයි: මවුබිමෙන් පුවත් අගෝ 18 18.08.2025

අද - අගෝස්තු මස 18 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

SBS සිංහල Newsflash අගෝ 18: වික්ටෝරියා ප්‍රාන්තයෙන් වසර මිලියන 25ක් පැරණි තල්මස් ෆොසිලයක් 18.08.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 18 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

විදුලියෙන් දිවෙන බයිසිකල් සහ ස්කූටර් ආශ්‍රිත බැටරි ගිනි ගැනීම් පිළිබඳ විශේෂඥ අනතුරු ඇඟවීම්: කාලීන විග්‍රහය 18.08.2025

බැටරි ගිනි ගැනීමෙන් සිදු විය හැකි අවදානම් පිළිබඳව විශේෂඥයෝ අනතුරු අඟවනවා. 2023 මුල් භාගයේදී පමණක් ලොව පුරා විදුලි බලයෙන් ක්‍රියා කරන බයිසිකල් හෙවත් ඊ-බයික්ස්, ස්කූටර්ස් සහ ස්කේට්බෝඩ්වල බැටරි ගිනි ගැනීම් 500කට වඩා සිදුවී තිබෙනවා. එමෙන් ම එමඟින් තුවාල 138ක් සහ මරණ 36ක් සිදු වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අගෝ 11 - අගෝ 15 15.08.2025

අගෝස්තු 11 සිට අගෝස්තු 15 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

වැඩකරන සතිය දින 4ක් දක්වා අඩු කිරීමට ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයෙන් රජයට යෝජනාවක් 15.08.2025

ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය වැඩ කර සතියක් දින හතරකට අඩු කරන්න ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය විසින් යෝජනා කර සිටිනවා. මේ හරහා ඵලදායීතාවය ඉහළ යන අතර සේවකයින්ගේ ජීවන තත්වය තවදුරටත් උසස් වන බව ඔවුන් පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

කොරල් විරංජනයට ප්‍රධාන හේතුව කාබන් විමෝචනය නිසා උෂ්ණත්වය ඉහළ යාම බව විද්‍යාඥයෝ පවසති: කාලීන විග්‍රහය 15.08.2025

ඕස්ට්‍රේලියානු සමුද්‍ර විද්‍යා ආයතනයේ නව වාර්තාවකට අනුව, පසුගිය ගිම්හාන කාලයේ දී බටහිර ඕස්ට්‍රේලියාවේ ඇති වූ marine heatwave හෙවත් සාගර තාප තරංගය මෙතෙක් වාර්තා වූ විශාලතම හා වඩාත්ම තීව්‍ර තාපතරංගය ලෙස වාර්තා වනවා . දිගු කාලීනව පැවති උණුසුම හේතුවෙන් කලාපයේ කොරල්පර හරහා දරුණු coral bleaching හෙවත් කොරල් විරංජන තත්ත්වයක් ඇති වුණා. මේ මගින් කොපමණ හානියක් සිදුවී ඇත්දැයි සම්පූර්ණයෙන් වටහා ගැනීමට මාස කිහ...

SBS සිංහල Newsflash අගෝ 15: ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර සබඳතා ක්‍රමයෙන් හීනවී යන බව විපක්ෂ නායිකාව පවසයි 15.08.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 15වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

වමත්කරුවන් ඇත්තටම දකුණත්කරුවන්ට වඩා ගොඩක් වෙනස්ද, හරිම විස්තරේ මෙන්න 14.08.2025

සෑම වසරකම අගෝස්තු මස 15 වැනිදාට International Left-Handers Day හෙවත් ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනය යෙදෙනවා. මේ 2025 වසරේ ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනයට සමගාමිව, දකුණත්කරුවකු වීම වෙනුවට වමත්කරුවකු බවට පත්වීම පිටුපස "මානසික" හෝ "ස්නායු විද්‍යාත්මක" හේතු පිළිබඳව අප නොදන්නා දේ ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

'ලංකාවේ මළල ක්‍රීඩාව දියුණු කරන්න අපි අලුත් ධාවන පථ හදනවා', ක්‍රීඩා ඇමති කියයි: අගෝ 15: ක්‍රීඩා විග්‍රහය 14.08.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

'ලංකාවේ ඉන්න නිවට අපරාධකරුවන්ට අපෙන් බේරෙන්න බැහැ', අලුත් පොලිස්පති ප්‍රියන්ත කියයි: මවුබිමෙන් පුවත් අගෝ 15 14.08.2025

අද - අගෝස්තු මස 15 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

උපත් පාලනය පිලිබඳ වැරදි තොරතුරු TikTok වැනි සමාජමාධ්‍ය හරහා ප්‍රචාරය වීම ගැන අධ්‍යයනයක්: කාලීන විග්‍රහය 14.08.2025

වැඩිවියට පා තබා ඇති තරුණ පිරිස් තුල ඇති විශ්වාසයන් සහ සමාජ මාධ්‍ය තුල ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව මහජන සෞඛ්‍ය නිලධාරීන් තම කනස්සල්ල පළ කර සිටිනවා. ලාට්‍රෝබ් විශ්ව විද්යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් උපත්පාලනය සම්බන්ධයෙන් ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලය තුල පැතිරී යන දුර්මතයන් සම්බන්ධව අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල Newsflash අගෝ 14: පොලී කප්පාදු සිදු වුණත් නිවාස මිල දී ගැනීම පිළිබඳ තරුණ ඕස්ට්‍රේලියානුවන් චකිතයෙන් 14.08.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 14වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඕස්ට්‍රේලියාවේ සිටින ලොව මාරාන්තික විෂ සහිත මකුළුවා ගැන තොරතුරු මෙන්න 14.08.2025

ඔස්ට්‍රේලියාව යනු ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මෙම රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්‍රේලියාව නිවහන වේ. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවෙන් හමුවන මාරාන්තික විෂ සහිත Sydney Funnel Web පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව

දෙරටේම ඉදිරි සහයෝගය ගැන රුසියානු සහ උතුරු කොරියානු නායකයින් අතර කතා බහක්: 'ලොව වටා' 14.08.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

මහ බැංකුවේ පොලී අනුපාත කප්පාදුව නිවාස ණයක් හිමි ඔබට බලපාන ආකාරය ගැන තොරතුරු මෙන්න 13.08.2025

ඕස්ට්‍රේලියානු මහ බැංකුව (RBA) ඊයේ දිනයේදී, එනම් අගෝස්තු 12 වෙනිදා පොලී අනුපාත කප්පාදුවක් සිදුකිරීමට කටයුතු කළා. මේ හරහා නිවාස ණය හිමියෙක් ලෙස ඔබට ලැබෙන ප්‍රතිලාභය මොන වගේද? ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන්

SBS සිංහල Newsflash අගෝ 13: ඉදිරියේදී තවත් පොලී අනුපාත කප්පාදු අපේක්ෂා කල හැකි බවට මහ බැංකුවෙන් ඉඟියක් 13.08.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 13වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ණය හිමියන්ට සහනයක් වෙමින් තවත් පොලී අනුපාත කප්පාදුවක් ලබාදීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව කටයුතු කරයි 12.08.2025

ඕස්ට්‍රේලියානු මහ බැංකුව බොහෝ දෙනා අපේක්ෂා කල පරිදි පොලී අනුපාත කප්පාදුවක් ලබාදීමට අද, එනම් අගෝස්තු 12 වෙනිදා කටයුතුකර තිබෙනවා.

2026 වසරේ සිට ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ප්‍රමාණය ඉහල දමන්න ඕස්ට්‍රේලියානු රජය ගෙනා යෝජනාව ගැන තොරතුරු මෙන්න 12.08.2025

2026 වසරේ සිට අන්තර්ජාතික සිසුන්ගේ ප්‍රමාණය වසරකට 295000 දක්වා ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා. 2025 වසරේ මෙම ප්‍රමාණය 270000 සීමාවේ පැවතුනා. මෙය ක්‍රියාත්මක උවහොත් ස්ථාන 25000කින් අන්තර්ජාතික සිසුන්ගේ ප්‍රමාණය 2026 වසරේ සිට ඉහල යනවා. මේ හරහා ශිෂ්‍ය වීසා ලබාදීමේ ක්‍රියාවලියට සිදුවන බලපෑම සහ ඕස්ට්‍රේලියාවේ මේවනවිට අධ්‍යාපනය ලබන සිසුන්ට මේ හරහා යම් බලපෑමක් සිදුවන්නේද වැනි කාරණා පිළිබඳව SBS සිංහල සේවය සි...

SBS සිංහල Newsflash අගෝ 12: 'පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ඕස්ට්‍රේලියාව සූදානම්,' අගමැති කියයි 12.08.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 12වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

බලහත්කාරයෙන් සේවක ශ්‍රමය ගනිමින් නිමකළ භාණ්ඩ ඔස්ට්‍රේලියාවට ආනයනය කල බවට Kmart වෙත චෝදනා: කාලීන විග්‍රහය 12.08.2025

Australian Uyghur Women’s Association නම්වූ සංවිධානය විසින් Kmart සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැරසෙනවා. Kmart ආයතනය චීනයේ බලහත්කාරයෙන් සේවක ශ්‍රමය ගන්නා සේවකයින් අතින් නිමවෙන භාණ්ඩ ආනයනයට කටයුතු කරන බවට මෙහිදී චෝදනා එල්ල වනවා. කෙසේ වුවත් තමන් සදාචාරාත්මකව සම්මත ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කරන කර්මාන්ත ශාලාවලින් භාණ්ඩ ආනයනය සඳහා කටයුතු කරන බව Kmart සමාගම ප්‍රකාශ කර සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර...

අපේ පරිසර පද්ධතියේ ඉංජිනේරුවන් වන අලි ඇතුන් ගැන සහ ඔවුන් සංරක්ෂණය කිරීමේ වැදගත්කම ගැන කතා බහක් 12.08.2025

අලි ඇතුන් පිළිබඳව කතා බහ කරන්නටම වෙන්වුණ අගෝස්තු 12 වැනිදාට යෙදෙන The world elephants day වෙනුවෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos