SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

SBS සිංහල Newsflash සැප් 11: නේපාලයට සංචාරය කිරීම පිළිබඳ ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක් 11.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 11වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඕස්ට්‍රේලියාවේ Work Life Balance සංකල්පයට අනුගත වෙමින් රැකියා ආශ්‍රිත ආතතිය මග හරවා ගමු, R U OK? දිනය අදයි 11.09.2025

මානසික සෞඛ්‍යයේ යහපැවැත්ම වෙනුවෙන් වෙන් කළ R U OK? දිනය අදට යෙදී තිබෙනවා. මෙය වාර්ෂිකව ඔස්ට්‍රේලියාව විසින් සිහිපත් කරනවා. එදිනට මානසික සෞඛ්‍යය ආශ්‍රිත විශේෂ දැනුවත්කිරීමේ වැඩසටහන් සිදු කරනවා. ඒ හා සමගාමිව SBS සිංහල සේවය විසින් රැකියා ආශ්‍රිතව සංක්‍රමණ ප්‍රජාවට ඇති විය හැකි ආතතිය සහ ඒ සඳහා ඇති උපකාර සේවා පිළිබඳ කළ සාකච්ඡාවට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියාවේ පාසල් තුල පියවරුන්ගේ දිනය සැමරෙන්නේ මෙහෙමයි 10.09.2025

මෙම සම්මුඛ සාකච්ඡාව හරහා ඔස්ට්‍රේලියානු පාසල් තුල පියවරුන්ගේ දිනය සමරන ආකාරය සහ සංස්කෘතිකමය වශයෙන් විවිධ පසුබිම්වල, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික පවුල්වල දරුවන් එය අත්විඳින ආකාරය ගවේෂණය කරනු ලබනවා. ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකේය පාසල් ගුරුවරියක් සමඟ කතා කරමින් මෙහි ඇති සංස්කෘතික සංවේදීතාව සහ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සංක්‍රමණික ප්‍රජාව මෙම සම්ප්‍රදායට අනුගත වන ආකාරය සොයා බලනවා. මෙම සාකච්ඡාව හරහා ඔස්ට්‍රේලියාව...

කිඹුල් පැටවුන්ට හිරිහැර කරන වීඩියෝ මුදාහල ඇමෙරිකානු සමාජ මාධ්‍යකරුට වැඩ වරදී! 10.09.2025

therealtarzann යන ආදේශ නාමය යටතේ වීඩියෝ පළ කරන ඇමෙරිකානු ජාතික මයික් හොල්ස්ටන් විසින් දුරස්ථ උතුරු ක්වීන්ස්ලන්තයේ ලොක්හාර්ට් ගඟේ තරුණ කිඹුල් පැටවුුුන්ට හිරිහැර කරන අයුරු දැක්වෙන වීඩියෝ පිළිබඳ විමර්ශන අරඹා තිබෙනවා.

මෝරුන්ගේ මාරාන්තික ප්‍රහාරයකින් පසුව වසා දැමූ සිඩ්නි නුවර වෙරළ තීරය නැවත විවෘත කරයි 10.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 10 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

නිපුණතා සහිත සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවය දියයුතු බවට විශේෂඥයින් මත පළකරයි 09.09.2025

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය පිලිබඳ විවාදාත්මක තත්වයක් ඇතිවෙමින් තිබෙනවා. විශේෂඥයින් සහ දේශපාලඥයින් සංක්‍රමණ පද්දතිය සම්බන්ධයෙන් ප්‍රධාන වෙනස්කම් සිදුකරන ලෙසට යෝජනා කර සිටිනවා. විශේෂයෙන් නිපුණ සංක්‍රමණය එහෙම නැතිනම් 'Skilled Migration' සම්බන්ධයෙන් වෙනස්කම් ඉලා සිටීම දක්නට ලැබෙනවා.

ඕස්ට්‍රේලියාවේ මහාමාර්ග රිය අනතුරු වලින් ආරක්ෂිත ද? 09.09.2025

ඕස්ට්‍රේලියාවේ මාර්ග නිර්මාණය, ප්‍රතිසංස්කරණය හා නඩත්තුව සිදු වන ආකාරය පිළිබඳ මේ කාලීන විශේෂාංගයෙන් දැනුවත් වන්න.

ඕස්ට්‍රේලියාවට තිබෙන විශාලතම තර්ජනය දේශගුණික විපර්යාස බවට වාර්තාවක් හෙළි කරයි: කාලීන විග්‍රහය 09.09.2025

ශුන්‍ය කාබන් විමෝචන ඉලක්ක සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මත පවතින අතරතුර ඕස්ට්‍රේලියාවට තිබෙන විශාලතම තර්ජනය දේශගුණික විපර්යාස බවට වාර්තාවක් හෙළි කර තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

The cervical screening test that could save your life - තමන්ටම සිදු කල හැකි ගැබ්ගෙල පිළිකා පරීක්ෂණ ගැන වැදගත් තොරතුරු මෙන්න: Australia Explained 09.09.2025

Cervical cancer is preventable, but only if you catch it early. Cultural and personal barriers have often meant that women avoid cervical cancer testing. But now with the help of a world-leading test, Australia is aiming to eliminate cervical cancer by 2035. The test is a safe and culturally sensitive option for women from all backgrounds. Best of all it could save your life—or that of someone clo...

SBS සිංහල Newsflash සැප් 09: අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසී අද වනුඅටු රාජ්‍යයේ සංචාරයක නිරතවේ 09.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 09 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

"වාහන වල අනවසර උපාංග වලට එරෙහිව අද පටන් නීතිය තදින්" - නි.ඇමති ප්‍රසන්න: සැප් 08 'මව්බිමෙන් පුවත්' 08.09.2025

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

ප්‍රාදේශීය නගර වලට අත්‍යවශ්‍ය සේවකයින් ආකර්ෂණය කරගන්න NSW ප්‍රාන්තයෙන් නව සැලසුම්: කාලීන විග්‍රහය 08.09.2025

ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාදේශීය නගර අත්‍යවශ්‍ය සේවකයින් වන වෛද්‍යවරුන්, ගුරුවරුන් සහ වැඩිහිටි සත්කාර කාර්ය මණ්ඩලය වැනි පිරිස ආකර්ෂණය කර ගැනීමට අරගල කරමින් සිටින බව වාර්තා වනවා. දැරිය හැකි මිලට නිවාස ගැනීමට හෝ කුලියට ගැනීමට නොමැති වීම මේ තත්වය සඳහා ප්‍රධාන සාධකයක් වනවා. කෙසේ නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ පුරා මේ තත්වය වැලැක්වීම සඳහා නව සැලසුම් ක්‍රියාත්මක වීමට නියමිතයි. අද කා...

SBS සිංහල Newsflash සැප් 08: ඕස්ට්‍රේලියාවේ මෝරුන් නැවත්වීම සඳහා වන දැල් භාවිතය ගැන ප්‍රශ්න මතු වෙයි 08.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 08 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

පියවි ඇසින් දැකිය හැකි දුර්ලභ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් හෙට අලුයම් කාලයේ 07.09.2025

සඳුදා අලුයම අහසේ චන්ද්‍රයා රතු පැහැයෙන් දිස් වෙනු දැකගැනීමට පුළුවන්. එය අතිශය දුර්ලභ වන අතර පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් හෙවත් 'බ්ලඩ් මූන්' අවස්ථාවක් ලෙස හැඳින්වෙනවා. මෙම චන්ද්‍ර ග්‍රහණය සමස්ත ඔස්ට්‍රේලියාවට ම පැයක පමණ කාලයක් පුරා දිස් වෙනවා. මෙහි විශේෂත්වය නම් වෙනදාට දකින ප්‍රමාණයට වඩා විශාලව සඳ දැකගැනීමට හැකි වීමයි. ඊට හේතුව සඳ පෘථිවියට සමීප ම ස්ථානයට පැමිණීමයි. මේ කෙටි විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ...

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, සැප් 01 - සැප් 05 05.09.2025

සැප්තැම්බර් 01 සිට සැප්තැම්බර් 05 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

පැතුම් - කමිඳු සුපිරි පිතිහරඹයෙන් සිම්බාව්වේ පරදා පළමු T20 තරඟයෙන් ශ්‍රී ලංකාවට ජය: 'ක්‍රීඩා විග්‍රහය' 05.09.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

"පොලීසියේ ගෞරවය රකින්න බැරි නිලධාරීන් ඉවත් වෙන්න" - ජනපති අනුර: සැප්තැම්බර් 05 'මව්බිමෙන් පුවත්' 05.09.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් අමතර Home Care Package 20,000ක් ලබා දීමට රජය සැරසෙයි: කාලීන විග්‍රහය 05.09.2025

ඕස්ට්‍රේලියාවේ වෙසෙන වයස්ගත ප්‍රජාව වෙත අමතර home care package ප්‍රතිලාභ 20,000ක් ලබා දීමට ෆෙඩරල් රජය සූදානමින් සිටිනවා. ලිබරල් සන්ධානය සමඟ ඇතිකරගත් එකඟතාවක් මත මෙම තීරණය ගෙන තිබෙනවා. මැතිවරණයෙන් නැවත පත් වූ පසු ලේබර් පක්ෂය මුහුණ දුන් පළමු ප්‍රමුඛ පෙළේ අභියෝගය වී ඇත්තේ මෙයයි. සෙනෙට් සභාව තුළින් මතුව ආ ඉල්ලීම් ඔස්සේ සිය aged care ප්‍රතිපත්ති වෙනස් කිරීමට ඔවුන්ට සිදු වීම මෙයට හේතුවයි. අද කාලීන විග්‍...

SBS සිංහල Newsflash සැප් 05: අග්‍රාමාත්‍ය ඇල්බනීසී ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සමග දුරකථන සාකච්ඡාවක් පවත්වයි 05.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 05වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ජුලි මාසයේදී බලාපොරොත්තු නොවූ ලෙස ඔස්ට්‍රේලියාව තුල උද්දමනය ඉහලයි 04.09.2025

පසුගිය ජුලි මාසයේ ඕස්ට්‍රේලියාවේ උද්ධමනය බලාපොරොත්තු නොවූ ලෙස ඉහල ගොස් ඇති බව වාර්තා වනවා. මෙය ඉදිරි පොලී අනුපාත කප්පාදු පිලිබඳ තීරණ සඳහා යම් බලපෑමක් කිරීමේ හැකියාවක්ද පවතින බව ආර්ථික විශේෂඥයන් පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන්

පුටින් හා කිම්ගේ චීන ගමන ගැන ට්‍රම්ප් නොසතුටින්: 'ලොව වටා' 04.09.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

වැරදි මතවලට නොරැවටී යහපත් ලිංගික සෞඛ්‍යයක් පවත්වා ගැනීමට යොමු වෙමු, ලෝක ලිංගික සෞඛ්‍යය දිනය අදයි 04.09.2025

සැප්තැම්බර් 4වන දා ලෝක ලිංගික සෞඛ්‍යය දිනය ලෙස නම් කර තිබෙනවා. එම දිනයට සමගාමීව ලිංගික සෞඛ්‍යය ආශ්‍රිතව සමාජගත වී තිබෙන සාවද්‍ය මත, වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමේ වැදගත්කම සහ වෛද්‍යවරයෙකු හමු වීමට පසුබට වන අයට උපදෙස් ඇතුළත් SBS සිංහල සේවය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.

පළමු නිවාස ගැනුම්කරුවන් සඳහා ඔක්තෝම්බර් මාසයේ සිට ලැබෙන 'Home guarantee scheme' එක ගැන තොරතුරු මෙන්න 04.09.2025

'Home guarantee scheme' එක හරහා පළමු නිවාස ගැනුම් කරුවන්ට 5%ක තැන්පතුවක් පමණක් අතැතිව නිවසක් මිලදී ගැනීමේ අවස්තාව ලැබෙනවා. මෙහිදී රජය අප කරුවකු ලෙස කටයුතු කරන බැවින් නිවාස නය සඳහා වන රක්ෂණ ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවනවා. මෙහිදී සැලකිල්ලට ගැනෙන ආදායම් සීමා ඉවත්කිරීම වැනි වෙනස්කම් කිහිපයක් සමග ලේබර් රජය මෙම ක්‍රමවේදය ඔක්තෝම්බර් පළමුවෙනිදා සිට හඳුන්වා දීමට බලාපොරොත්තු වනවා. ඒ පිලිබඳ SBS සිංහල සේවය සිදුක...

SBS සිංහල Newsflash සැප් 04: ඕස්ට්‍රේලියානු ආර්ථිකය වසර දෙකකට පසු සිදු වූ ඉහළම වර්ධන වේගය අත් කර ගනියි 04.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 04වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

185000 කට මේ මූල්‍ය වර්ෂයේදීද ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාදෙන බවට ෆෙඩරල් රජය තීරණය කරයි 03.09.2025

ඔස්ට්‍රේලියාවේදී සංක්‍රමණ වැඩසටහන ප්‍රශ්න කරමින් විරෝධතා සංවිධානය කිරීමට ඇතැම් පිරිස් අගෝස්තු මස 31 වෙනිදා කටයුතු කර තිබුනා. මෙහිදී ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රමාණය අඩුකළ යුතු බවට ඔවුන් ඉල්ලා සිටියා. කෙසේ උවත් ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩපිළිවෙලේ සීමාවන් නිර්ණය කිරීම සඳහා ප්‍රාන්ත සහ ටෙරිටරි සමග සාකච්චා කිරීමට ෆෙඩරල් රජය කටයුතු කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන්

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos