SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

මව්බිමෙන් පුවත් - සැප් 19: මෙවර අයවැයේ වැඩිම වෙන්කිරීම මුදල් අමාත්‍යංශයට, දෙක පළාත් පාලනයට 19.09.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.

'ඕස්ට්‍රේලියානුවෙකු ලෙස මගේ පළමු කාර්යය ඡන්දය පළ කිරීමට ලියාපදිංචියයි', නව පුරවැසියෙකු කියයි: කාලීන විග්‍රහය 19.09.2025

සැප්තැම්බර් 17වන දින යෙදුණු ඕස්ට්‍රේලියානු පුරවැසි දිනයේ දී පුරවැසිභාවය ලද දහස් ගණනක් නව ඕස්ට්‍රේලියානුවන් සිය සතුට සැමරුවා. පුරවැසිභාවය පිරිනැමීමේ උත්සව රට පුරා ප්‍රාන්ත පාලන ආයතනවල ද පැවැත්වුණා. නව පුරවැසියන් කිහිප දෙනෙකු SBS සමඟ සිය අදහස් බෙදාගත්තා. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.

SBS සිංහල Newsflash සැප් 19: Kmart ආයතනය නීතිවිරෝධී ලෙස පාරිභෝගිකයින්ගේ මුහුණු ස්කෑන් කර ඇතිබව හෙළිවේ 19.09.2025

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 19 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඕස්ට්‍රේලියාවේ හොඳම පේස්ට්‍රි සූපවේදි වශයෙන් කිරුළු පැළඳි සෙබෙස්තියන් වීරසිංහ සිය වෘත්තීය ගමන පිළිබඳ කියූ දේ 18.09.2025

ඕස්ට්‍රේලියාව වාර්ෂිකව සිදු කරන Fine Food Australia ප්‍රදර්ශනය මෙවර සිඩ්නි නුවර දී පැවැත්වුණා. එහි දී ඕස්ට්‍රේලියාවේ හොඳම පේස්ට්‍රි නිෂ්පාදන සිදු කරන සූපවේදියා (Most Outstanding Pastry Chef) ලෙස කිරුළ හිමි කරගත් ශ්‍රී ලාංකිකයා සිය වෘත්තීය චාරිකාව මෙනෙහි කරමින් SBS සිංහල සේවය සමඟ කළ පිළිසඳරට සවන් දෙන්න.

නේපාලයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා වලින් මියගිය ගණන 70 ඉක්මවයි: 'ලොව වටා' 18.09.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

වයස 16ට අඩු ළමුන්ට දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක සමාජ මාධ්‍ය තහනම ක්‍රියාත්මකයි: කාලීන විග්‍රහය 18.09.2025

ඕස්ට්‍රේලියාව දෙසැම්බර් 10 වන දින සිට වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතාව තහනම් කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන කොමසාරිස්වරිය මෙම තහනම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. මෙවැනි තහනමක් ක්‍රියාත්මක වන්නේ ලොව ප්‍රථම වතාවටයි. මේ පිලිබඳ තොරතුරු අද කාලීන විග්‍රහයෙන්

SBS සිංහල Newsflash සැප් 18: ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලැබූවන්ගේ සැමැරුම් රට පුරා 18.09.2025

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 18වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඔස්ට්‍රේලියාවේ නැගී එන සුපිරි ධාවන ශූරයා වන 'ගවුට් ගවුට්' අද ජපානයේදී මීටර 200 තරඟ ඉසව්ව සඳහා සහභාගී වේ 17.09.2025

2025 වසරේ ටෝකියෝ හි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඔස්ට්‍රේලියාවේ නව යොවුන් වියේ පසුවන Gout Gout දෙස බොහෝ දෙනාගේ අවධානය යොමුවෙමින් පවතිනවා. ක්වීන්ස්ලන්ත වාසී මෙම කෙටිදුර ධාවන ශූරයා වයස අවුරුදු 17දීම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමග සිය මංගල ජාත්‍යන්තර තරගයට සූදානම් වෙමින් සිටිනවා. ඒ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල Newsflash සැප් 17: ඕස්ට්‍රේලියානුවන් සුභසාධන දීමනා මත යැපීම අඩුකරන්න විපක්ෂ නායිකාවගෙන් යෝජනාවක් 17.09.2025

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 17 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ඕස්ට්‍රේලියාවේ පාසල් වලදී ගුරු සහායක වරුන්ගෙන් ලැබෙන සේවාව ගැන තොරතුරු මෙන්න 16.09.2025

ඕස්ට්‍රේලියාවේ පාසල් තුල අධ්‍යාපනය ලබන ඔටිසම් සහ අනෙකුත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා Learning Support Officers එහෙම නැතිනම් ගුරු සහයකයින්ගෙන් ඉටුවන කාර්ය භාරය ගැන මේ සාකච්ඡාවේදී අප අවධානය යොමු කරනවා. ඒ වගේම එහිදී ඔවුන් මුහුණ දෙන අභියෝග ගැන මෙන්ම පාසැල, දෙමාපියන් සහ ප්‍රජාවක් විදියට අප සැලකිලිමත් විය යුතු කාරනා ගැනත් මෙහිදී අප අවධානය යොමු කරනවා.

How to respond when encountering wildlife on your property - අපේ ගෙවත්තේ හමුවන වන සතුන්ට ප්‍රවේශමෙන් ප්‍රතිචාර දක්වන්නේ කොහොමද: Australia Explained 16.09.2025

Australia is home to an array of diverse and beautiful wildlife, and knowing how to respond when you encounter wildlife in your home or on your property will help protect our precious wildlife species whilst keeping you, your family and your pets safe. - අප‍ නිවසේ හෝ ගෙවත්තේ සිටින වනජීවීන්ට ප්‍රතිචාර දක්වන ආකාරය දැන ගැනීම ඔස්සේ අපගේ වටිනා වනජීවී විශේෂ ආරක්ෂා කිරීමට සහ අප, අපගේ පවුල සහ අපේ සුරතල් ස...

ස්වදේශික සහ පරිසර කණ්ඩායම් වල විරෝධය මැද විශාල ගෑස් පහසුකමට ඕස්ට්‍රේලියානු රජයේ අනුමැතිය: කාලීන විග්‍රහය 16.09.2025

Woodside North West Shelf gas project ව්‍යාපෘතිය සඳහා ෆෙඩරල් රජය විසින් කොන්දේසි මාලාවක් සමඟ අවසාන අනුමැතිය ලබා දී තිබෙනවා. වත්මන් ලේබර් රජය 2035 වසර වන විට ඔවුන්ට තිබෙන ශුන්‍ය කාබන් විමෝචන ඉලක්ක ප්‍රකාශයට පත් කිරීමට පෙර මේ සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා විවිධ විරෝධතාද මේ වනවිට එල්ල වෙමින් තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

SBS සිංහල Newsflash සැප් 16: ඔස්ට්‍රේලියාව තුල ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වල ඉහල යාමක් 16.09.2025

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 16 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

'අපි මන්ත්‍රී විශ්‍රාම වැටුපත් නැති කරනවා' - ඇමති නලින්ද : සැප් 15 'මව්බිමෙන් පුවත්' 15.09.2025

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

පුරස්ථි ග්‍රන්ථ පිළිකා කලින් හඳුනාගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස වෛද්‍ය වරුන් ඉල්ලා සිටී: කාලීන විග්‍රහය 15.09.2025

පුරස්ථි ග්‍රන්ථ පිළිකා හේතුවෙන් මේ වන විට විශාල ඕස්ට්‍රේලියානුවන් පිරිසක් පීඩාවට පත්වී සිටිනවා. සෑම දිනකම පුරස්ථි ග්‍රන්ථ පිළිකා රෝගීන් 72කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනෙන බව වාර්තා වනවා. මින් 95% ක්ම වසර 5ක කාලයක් හෝ අවම වශයෙන් ජීවත් වනවා. කෙසේ උවත් පසුගිය වසරේ පමණක් පිරිමින් 4000ක් පමණ මේ හේතුවෙන් මියගොස් තිබෙනවා. සංක්‍රමණික ප්‍රජාව ඇතුළු ඕස්ට්‍රේලියවේ ජීවත්වන සියලුම පිරිමින් මේ පිලිබඳ විශේෂ අවධානය...

SBS සිංහල Newsflash සැප් 15: NSW ප්‍රාන්තයේ පුද්ගලයින් 9 දෙනෙකුට ළමා ලිංගික අපයෝජන චෝදනා 15.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 15 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, සැප් 08 - සැප් 12 12.09.2025

සැප්තැම්බර් 08 සිට සැප්තැම්බර් 12 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

අග්‍රාණ්ඩුකාරවරිය ඉදිරියේ ගී ගැයූ ඩියානා, මෙතුක, තිවේන් සහ බොනුලි එක්ක කතාබහක්! 12.09.2025

ඕස්ට්‍රේලියාවේ අගනුවර භූමි ප්‍රදේශයේ (ACT) ජාතික යොවුන් ගායන කණ්ඩායමේ සාමාජික ශ්‍රී ලාංකීය පසුබිමක් සහිත දරුවන් සිවුදෙනා සමග SBS සිංහල සිදු කල කතාබහ.

බ්‍රැඩ්බි පළිහ රාජකීයන්ට: 'ක්‍රීඩා විග්‍රහය' 12.09.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මානව හිමිකම් වගවීම දේශීය යාන්ත්‍රණයෙන් පමණයි -ඇමති විජිත මානව හිමිකම් සැසියට කියයි: සැප් 12 'මව්බිමෙන් පුවත්' 12.09.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.

ඩිමෙන්ෂියා තත්ත්වයන් ඕස්ට්‍රේලියාවේ කාන්තා මරණවලට ප්‍රධාන හේතුවයි, වාර්තාවක් කියයි: කාලීන විග්‍රහය 12.09.2025

Australian Institute of Health and Welfare ආයතනය විසින් කාන්තාවන්ගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ කෙටි වාර්තාවක් නිකුත් කර තිබෙනවා. පසුගිය වසර 25 තුළ කාන්තාවන්ගේ පිළිකා අනුපාතය අඩු වී ඇතත්, තරුණ කාන්තාවන් තවමත් මානසික අවපීඩනයට සහ අනෙකුත් මානසික සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දෙන බව එහි සඳහන් වෙනවා. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.

SBS සිංහල Newsflash සැප් 12: නම හෙළි නොකළ තවත් ළමාසුරකුම් මධ්‍යස්ථාන සේවකයකුට ළමා අපචාර චෝදනා 12.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 12වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

දරුවන්ට කොන්දේසි විරහිතව ආදරය කරන්න - මේ ජාතික ළමා ආරක්ෂණ සතියයි! 11.09.2025

ළමා ආරක්ෂණයේ ඇති වැදගත්කම සහ ඊට අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාව තුල ඇති අවධානය පිළිබද මේ කාලීන විග්‍රහයෙන් විමසා බැලෙනවා.

නේපාලයේ ගිනිදැල් නිවමින් රට යථාතත්වයට පත් කිරීමට හමුදාව මැදිහත් වේ: 'ලොව වටා' 11.09.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

විරෝධී රැලිවලදී සංක්‍රමණිකයින්ගෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වය අමතක කර ඇති බව විශේෂඥයන් පවසයි: කාලීන විග්‍රහය 11.09.2025

අගෝස්තු 31 වෙනිදා ඔස්ට්‍රේලියාව පුරා සංක්‍රමණික වලට එරෙහි විරෝධතා පැවැත්වෙනු දැකගන්නට ලැබුනා. මේ සඳහා දහස් ගණනින් ඔස්ට්‍රේලියානුවන් එක්වී සිටියා. මෙහිදී ඔස්ට්‍රේලියාවේ වර්තමානයේ පවතින නිවාස ගැටලුව සහ ජීවනවියදම් ගැටළු සඳහා විශාල වශයෙන් සිදුවන සංක්‍රමණ හේතුවී ඇති බවට විරෝධතා කරුවන් ප්‍රකාශ කර සිටියා. සංක්‍රමණ සීමා කිරීමට මෙහිදී යෝජනා උවත් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සංක්‍රමණිකයින් විශාල දායකත්වයක් ලබා ද...

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos