SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1871 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Oct 22, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android almost 10M downloads · 4.8 rating iOS soon

Episodes

SBS සිංහල Newsflash ජූනි 10: NSW සහ වික්ටෝරියා ප්‍රාන්තවල අධික හිම පතන නිසා සිර වී සිටි පිරිස් මුදා ගැනේ 10.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 10වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

වැඩිහිටියන්ගේ අයිතීන් මුල් කරගත් Aged Care පනතේ සිදුවන වෙනස්කම් මෙන්න 10.06.2025

ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තුව විසින් රජයේ ප්‍රතිපාදන මත කෙරෙන වැඩිහිටි සත්කාර සේවා, එහෙමත් නැත්නම් aged care සඳහා නව පනතක් 2024 නොවැම්බර් 25 වන දා සම්මත කරගත්තා. Aged Care Act 2024 විදියට හඳුන්වන මේ පනත, බලාත්මක වීම සිදු වෙන්නේ 2025 නොවැම්බර් 25 වන දා. 2025 ජූලි මාසේ තමයි මේ දේ සිදු වෙන්නට කරුණු කාරණා යෙදිලා තිබුණේ. ජූලි මාසේ ඉඳන් නොවැම්බර් වෙනකන් තිබෙන කාලය, සත්කාර සේවා සපයන්නන් හට නව නීතිව...

ඕස්ට්‍රේලියාවේ කොරල්පර විනාශ වීමේ අවදානමක් ගැන පර්යේෂකයින් අනතුරු අඟවයි: කාලීන විග්‍රහය ජූනි 10 10.06.2025

ජුනි මාසයට යෙදී තිබුන ලෝක සාගර දිනය නිමිත්තෙන් ගෝලීය නායකයින් තුන්වන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුව සඳහා ප්‍රංශය වෙත ගොස් සිටිනවා. ලෝක සාගර දිනය යෙදුන මේ මාසයේ ඕස්ට්‍රේලියානු පර්යේෂකයින් ඕස්ට්‍රේලියාවේ කොරල්පර වල තත්වය ගැන අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

සමාජ සේවා සඳහා ලබාදෙන ඉහලම සම්මානයෙන් පිදුම් ලද ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයා ගැන තොරතුරු මෙන්න 09.06.2025

තම ප්‍රජාවේ අයට සිදුකරන ලද විශිෂ්ට සේවයට හෝ තම ක්ෂේශ්ත්‍රයේ ලබන සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් පිරිනමන ගෞරවණීය සම්මානයක් තමයි The Medal of the Order of Australia සම්මානය. මේ වසරේ මෙම සම්මානය General Division යන කාණ්ඩයෙන් ජයග්‍රහණ කිරීමට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයකු සමත් වී තිබෙනවා. මේ සම්මානයෙන් පිදුම් ලද විද්‍යාසගරන් හරන් රාමචන්ද්‍රන් මහතා සමග සිදුකල සාකච්චාවට සවන් දෙන්න

Superannuation ගිණුම් සඳහා වන යෝජිත නව බදු ප්‍රතිපත්තිය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය ජූනි 09 09.06.2025

ඇතැම් superannuation ගිණුම් සඳහා වන බදු පැනවීම සම්බන්ධයෙන් වන ලේබර් රජයේ යෝජනා ගැන සමාජයේ ඇතැම් පිරිස් අතර යම් කතා බහක් ඇතිවී තිබෙනවා. මෙම බදු පැනවෙන්නේ කොහොමද, බදු පැනවීමේ ප්‍රතිශතය කුමක්ද වැනි කාරණා ගැන වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල Newsflash ජූනි 09: ඕස්ට්‍රේලියාවේ ඛනිජ, ඇමරිකාවේ බදු අඩුකරන්න යොදාගන්නැයි විපක්ෂයෙන් යෝජනාවක් 09.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 09වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

'නීතියට අනුව නිදහස් කරපු බහාලුම් 323 ගැන අපි නැවතත් පරීක්ෂණ කරනවා', ශ්‍රී ලංකා රේගුව කියයි: මවුබිමෙන් පුවත් 09.06.2025

අද - ජූනි මස 09 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජුනි 02 - ජුනි 06 06.06.2025

ඇමරිකානු හරක්මස් ආනයනයට අවසර දීම ගැන සලකා බැලීම, ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව ඒකාබද්ධ යුධ අභ්‍යාසයකට සූදානම් වීම මෙන්ම ටස්මේනියාවේ ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජෙරමි රොක්ලිෆ් විශ්වාසභංග යෝජනාවකින් පරාජය වීම වැනි පුවත් සමග ගතවුණු ජුනි 02 වනදා සිට ජුනි 06 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය

ලාංකික පසුබිමකින් පැමිණ ඕස්ට්‍රේලියාවේ නිරූපිකාවක වූ Onella 06.06.2025

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ලාංකික පසුබිමක් තිබෙන නිරූපිකාවක වන Onella Muralidharan ගැන තොරතුරු දැනගන්න මේ විශේෂන්ගයට සවන්දෙන්න.

'අපි කාටවත් පක්ෂව ගැසට් ගහන්නේ නැහැ', ක්‍රීඩා ඇමති සුනිල් කුමාර කියයි: ක්‍රීඩා විග්‍රහය 06.06.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

'විනාස වුන පරිසරය යළි ගොඩනැගීම හැමෝගෙම පොදු වගකීමක්', පරිසර දිනයේදී ජනපති අනුර කියයි: මවුබිමෙන් පුවත් ජූනි 06 06.06.2025

අද - ජූනි මස 06 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

ටස්මේනියාව හදිසි මැතිවරණයකට සැරසෙයි: කාලීන විග්‍රහය ජූනි 06 06.06.2025

ටස්මේනියා ප්‍රාන්ත ප්‍රධානීට එරෙහිව ප්‍රාන්ත පාර්ලිමේන්තුව ගෙන ආ විශ්වාසභංගය හමුවේ ඔහු පරාජයට පත් වුණා. ඒ අනුව ටස්මේනියාවට හදිසි මැතිවරණයකට එළැඹීමට සිදු වෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.

SBS සිංහල Newsflash ජූනි 06: මේ වසරේ පළමු කාර්තුවේදී ඕස්ට්‍රේලියානු ආර්ථිකයේ වර්ධනය 0.2%ක් පමණක් බව වාර්තා වේ 06.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 06 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Facebook Marketplace එකේ සිදුවන වංචා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින්ගේ අත්දැකීම් කිහිපයක් මෙන්න 05.06.2025

Facebook Marketplace එකේ සිදුවන වංචා ගැන ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක්ගේ අත්දැකීම් අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

ස්වභාවික විපත්වලට මුහුණ දෙන්න ඕස්ට්‍රේලියාව Nature-Based Solutions යොදා ගන්නේ මෙහෙමයි 05.06.2025

පරිසරය පාදක කරගනිමින් මනුෂ්‍ය වර්ගයා ඇතුළු මුළුමහත් පරිසර පද්ධතියටම අභියෝග ජයගැනීමට උපකාර වන විසඳුම් nature-based solutions විදියට සරලව හඳුන්වන්න පුළුවන්. මෑතක දී ඕස්ට්‍රේලියාව මුහුණ දුන් ස්වාභාවික ව්‍යසනවලට මුහුණ දීමට මේ nature-based solutions භාවිත කිරීම පිළිබඳ දැනගන්න මේ සාකච්චාවට සවන්දෙන්න..

ඕස්ට්‍රේලියාවේ ආයතන සම්මුඛ පරීක්ෂණ වලට AI තාක්ෂණය යොදා ගැනීමෙන් ඇතැම් සංක්‍රමණිකයින්ට අසාධාරණයක් සිදුවනවාද 05.06.2025

ඕස්ට්‍රේලියාවේ ආයතන වලින් තුනෙන් දෙකක් පමණ වර්තමානය වනවිට සේවකයින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය සඳහා AI තාක්ෂණය එහෙම නැතිනම් කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම සිදු කරනවා. මෙම ක්‍රියාවලිය තුල සංක්‍රමණිකයින් ඇතුළු ඇතැම් පිරිස් සඳහා යම් අසාධාරණ තත්වයක් ඇතිවන බවටද මතයක් පවතිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාන්ගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

ස්වභාවික විපත් නිසා ඕස්ට්‍රේලියානු ආර්ථිකයට සෑම වසරකම ඩොලර් බිලියන ගණනක පාඩුවක් 05.06.2025

පසුගිය කාලයේ වාර්තා වූ ඇල්ෆ්‍රඩ් සුළි කුණාටු තත්වය මෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගංවතුර හේතුවෙන් සිදුවූ අලභානිය ඩොලර් බිලියන 2.2ක් පමණ වන බව ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරය ප්‍රකාශ කර සිටිනවා. මේ සම්බන්දයෙන් ඔස්ට්‍රේලියාව රටක් වශයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවට ප්‍රජා නායකයින්, ආර්ථික විද්‍යාඥයින් සහ දේශගුණික විපර්යාස පිලිබඳ පර්යේෂකයින් පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර ත...

SBS සිංහල Newsflash ජූනි 05: විශ්වාසභංගයක් හේතුවෙන් ටස්මේනියාව හදිසි මැතිවරණයකට එළැඹෙන ලකුණු 05.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 05වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ශීත ඍතුවේදී අපේ සම දැඩි ලෙස වියලෙන්නේ ඇයි සහ ඒ සඳහා කල හැකි ප්‍රතිකාර ගැන දැනගනිමු 05.06.2025

ශීත ඍතුවේදී සම වියලීමට ලක්වීම පිළිබඳව සහ එය වලක්වාගැනීමට අපට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දැනගන්න මේ සාකච්චාවට සවන්දෙන්න

'මම මින් ඉදිරියට උතුරු කොරියාවත් එක්ක මිත්‍රව කටයුතු කරනවා', අලුත් දකුණු කොරියානු ජනපති කියයි: 'ලොව වටා' 05.06.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

ඔස්ට්‍රේලියාවේදී ඔබේ දරුවාට හොඳ පාසලක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මෙන්න 04.06.2025

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔබ විසින් ඔබේ දරුවාට සුදුසු පාසලක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න

ඕස්ට්‍රේලියාවේ ශීත කාලයට ගැලපෙන්න තමන්ගේ ගෙවතු වගා සකස් කර ගන්නේ මෙහෙමයි 04.06.2025

ශීත කාලයට ගැලපෙන්නට තම ගෙවත්තේ සිදු කළ යුතු ප්‍රධාන වෙනස්කම් සහ ශීත කාලයේදී ඵලදායී ලෙස වගා කළ හැකි බෝග සහ ගිම්හාන කාලයේ අතිරික්ත අස්වැන්න කල්තබා ගන්න ක්‍රම ගැන දැනගන්න මේ සාකච්චාවට සවන්දෙන්න

SBS සිංහල Newsflash ජූනි 04: මිලියන තුනකට ආසන්න අඩු වැටුප් ලබන සේවකයින්ට 3.5%ක වැටුප් වැඩිවීමක් 04.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 04වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

මේ සීත කාලයේදී ක්‍රියාශීලීව හිඳිමින් ශරීර සුවතාව පවත්වා ගන්න ඔබට වැදගත්ම වෙන තොරතුරු මෙන්න 03.06.2025

ජූනි මාසයේ ආරම්භයත් සමඟ ඕස්ට්‍රේලියාව නිල වශයෙන් සීත සෘතුව පිළිගත්තා. මේ කාලගුණ වෙනසට එළිමහනේ දී ශරීර සුවතාව උදෙසා කරන ව්‍යායාම සහ ක්‍රියාකාරකම්වලට බලපෑමක් ඇති කිරීමේ හැකියාව තිබෙනවා. සීත කාලයේ දී ශරීරයේ නිරෝගී පැවැත්ම උදෙසා ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීම පිළිබඳ SBS සිංහල සේවය විසින් මෙල්බර්න් හි වෙසෙන ශරීර සුවතා පුහුණුකරුවෙකු සහ ව්‍යායාම සම්බන්ධ විශේෂඥයෙකු හෙවත් Exercise Scientist කෙනෙකු වන ගයත් ජ...

Parent visa අයදුම්කරුවන්ට immi ගිණුම හරහා සේවාවන් ලබා ගැනීමේ හැකියාව ගැන තොරතුරු මෙන්න 03.06.2025

Parent වීසා අයදුම්කරුවන්ට තමන්ගේ "ඉමි ගිණුම" හරහා වීස අයදුම් කරන ක්‍රියාවලියේ සේවාවන් ඔන්ලයින් ක්‍රමවේදය හරහා ලබා ගැනීමේ හැකියාව දැන් තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.