SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1869 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Oct 22, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android almost 10M downloads · 4.8 rating iOS soon

Episodes

ඕස්ට්‍රේලියාවේ 'partner visa' ලබාගැනීමට ගතවන කාල වකවානු ගැන තොරතුරු මෙන්න 25.06.2025

තම සහකරුවා හෝ සහකාරිය ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට ඔබ අයදුම්කළ යුතු වීස කාණ්ඩයක් තමයි partner visa කාණ්ඩය. ඉතින් මේ partner visa සඳහා අයදුම් කිරීමේදී බොහෝ දෙනෙක්ට තිබෙන ගැටළුවක් තමයි මේ සඳහා ගතවන කාලය. 2025 වසරේ ජුනි මාසයේදී මේ සඳහා ගතවන කාලසීමාවන් පිළිබඳව තොරතුරු අපි ඔබ වෙත ගෙන එන්න මේ විශේෂාංගයෙන් බලාපොරොත්තු වනවා

2026 දී ඕස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉහළ යන්නේ මෙහෙමයි 25.06.2025

ඕස්ට්‍රේලියාවේ තවත් නගරයක නිවාස මිල ගණන්වල සාමාන්‍ය අගය ඩොලර් මිලියනය ඉක්මවීමට ආසන්න වී තිබෙනවා. එමෙන්ම පහළ වැටීමකට ලක් වී තිබු තවත් නගරයක නිවාස මිල නැවත ඉහළ යමින් පවතිනවා. ඒ පිළිබඳ සහ ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල ගණන් පිළිබඳ මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.

SBS සිංහල Newsflash ජූනි 25: යුද්ධය නිසා ඊශ්‍රායලයේ සිරවී සිටි ඕස්ට්‍රේලියානුවන් 119ක් බදාදා අළුයම මුදවා ගැනේ 25.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 25 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඔස්ට්‍රේලියාවට අලුතින් එන අයට ස්වේච්ඡා සේවයේ යෙදීමේ ඇති වැදගත්කම ගැන තොරතුරු මෙන්න 24.06.2025

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන නව සංක්‍රමණිකයින්ට ඕස්ට්‍රේලියාව තුලදී ස්වේච්ඡා සේවයේ යෙදීමේ ඇති වැදගත් කම ගැන SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න

How home and contents insurance works in Australia - ඕස්ට්‍රේලියාවේ නිවාස රක්ෂණ ක්‍රියාත්මක වන්නේ කෙසේද: Australia Explained 24.06.2025

Home and contents insurance is a safety net many households expect to rely on during difficult times. But it’s also a financial product that even experts can find challenging to navigate. Whether you own or rent your home, understanding your level of cover, knowing what fine print to look out for, and learning how to manage rising premiums can help you make more informed choices as a consumer. - ඔ...

ඇමරිකානු ආධාර කපා හැරීම නිසා ඕස්ට්‍රේලියාවේ මිලියන ගණනක වැඩසටහන් වැසේ: කාලීන විග්‍රහය ජූනි 24 24.06.2025

ඇමරිකාවේ ආධාර කපා හැරීම ඕස්ට්‍රේලියානු ආයතන විසින් පවත්වාගෙන යනු ලබන මිලියනයකට අධික ජනතාවක් ළඟා වන වැඩසටහන් 100 කට වඩා සෘජුවම බලපා ඇති බව නව වාර්තාවකින් සොයාගෙන තිබෙනවා. මේ පිළිබඳ මේ විශේෂාංගයෙන් අවධානය යොමු කරනවා.

SBS සිංහල Newsflash ජූනි 24: ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයකට එකඟ වූ බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසයි 24.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 24වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

Alfred and Clinton are unlikely friends. Their friendship can teach migrant communities about reconciliation - SBS Examines: බහුසංස්කෘතික ප්‍රජාව සංහිඳියාවේ කොටස්කරුවන් වීමේ වැදගත්කම 24.06.2025

Alfred is an Indonesian migrant, and Clinton is an Aboriginal man from Western Australia. Their friendship changed the way Alfred understood his identity as a migrant Australian. - ඕස්ට්‍රේලියාවේ ජාතික සංහිඳියා සතිය මැයි 27 සිට ජූනි 3වන දා දක්වා යෙදී තිබුණා. ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්, ඔවුන්ගේ සංස්කෘතීන්, සහ ප්‍රජාව පිළිබඳ ස්වදේශික නොවන ජනතාවට ඉගෙනීමට, අවබෝධය ලබා ගැනීමට සහ ඇහුම්ක...

වීසා බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කළොත් ලැබෙන 'Notice of intention to consider cancellation' ගැන දැනුවත් වෙමු 23.06.2025

ඕස්ට්‍රේලියාවේ වීසා බලපත්‍රයක් ඇති ඕනෑම කෙනෙකු දැනුවත්ව සිටිය යුතු Notice of intention to consider cancellation යනු පුද්ගලයෙකුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට සලකා බැලීමක් සිදු කෙරෙන බව ලිඛිතව දැනුම්දීමයි. මෙවැනි ලිපියක් ලැබීමට හේතු සහ ගත යුතු පියවර පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.

ශිෂ්‍ය වීසා ක්‍රමවේදයේ වෙනස්කම් නිසා වෘත්තීය අධ්‍යාපන ආයතන වැනි ස්වාධීන අංශ අර්බුදයක: කාලීන විග්‍රහය ජූනි 23 23.06.2025

ෆෙඩරල් රජය විසින් 2024 සිට ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව සීමා කිරීම උදෙසා වීසා අයදුම්පත් ගාස්තු වැඩි කිරීම සහ වීසා සැකසීම මන්දගාමී කිරීම වැනි ප්‍රතිපත්ති හඳුන්වා දී තිබෙනවා. ඉංග්‍රීසි භාෂාව සහ වෘත්තීය අධ්‍යාපන ආයතන වැනි ස්වාධීන අධ්‍යාපන අංශවලට මෙම වෙනස්කම් දැඩි ලෙස බලපා ඇති අතර සමහර ඒවා වැසී යාමට ද හේතු කාරණා වී තිබෙනවා. ඒ පිළිබඳ මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.

SBS සිංහල Newsflash ජූනි 23: ඇමරිකාවේ ඉරාන ප්‍රහාරය ගැන ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිචාරයට විපක්ෂයෙන් විරෝධය 23.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 23වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

'කෙහෙළිය ලෙඩ්ඩුයි වෛද්‍යවරුනුයි දෙගොල්ලම රවට්ටලා', සෞඛ්‍ය ඇමති නලින්ද කියයි: මවුබිමෙන් පුවත් ජූනි 23 22.06.2025

අද - ජූනි මස 23 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයිි

ඕස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම පිළිකාව වන බඩවැල් පිළිකාවෙන් ආරක්ෂා වෙන්න මේ ගැනත් දැනගන්න 22.06.2025

මේ ගෙවීගෙන යන ජුනි මාසය වන Bowel Cancer Awareness Month හෙවත් "බඩවැල් පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයට" සමගාමීව, බඩවැල් පිළිකා පිළිබඳව සහ එමගින් ආරක්ෂා වීමට දැන සිටිය යුතු කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජුනි 16 - ජුනි 20 20.06.2025

ජුනි 16 වනදා සිට ජුනි 20 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන සුවිශේෂී පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

ඉදිරියේදී හොඳ නවක ක්‍රීඩකයෝ ලංකා කණ්ඩායමට එයි, ටෙස්ට් පිටියට සමුදෙමින් මැතිව්ස් කියයි: ක්‍රීඩා විග්‍රහය 20.06.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

'පැරණි දේශපාලනය පරිවර්තනය කරන අභියෝගෙට අපි හොඳින් මුහුණ දෙනවා', ජනපති අනුර කියයි: මවුබිමෙන් පුවත් ජූනි 20 20.06.2025

අද - ජූනි මස 20 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

සරණාගතයන් සහ රැකවරණ පතන්නන් අතර අනෙකුත් ප්‍රජාවට වඩා මානසික සෞඛ්‍ය ගැටලු ඉහළයි, පර්යේෂණ පවසයි: කාලීන විග්‍රහය 20.06.2025

ඕස්ට්‍රේලියාවේ සිටින සරණාගත ප්‍රජාව සහ රැකවරණ පතන්නන් අතර සියදිවි නසාගැනීම්, පසු කම්පන ආතති තත්ත්වයන් සහ මානසික සෞඛ්‍ය ගැටළු අනෙකුත් ප්‍රජා කණ්ඩායම්වලට වඩා බෙහෙවින් වැඩි බව පර්යේෂණවලින් පෙන්නුම් කරනවා. ඔවුන්ගේ සංස්කෘතියට හෝ භාෂාවට ගැළපෙන පරිදි මානසික සේවා සත්කාර හෝ තොරතුරු වෙත ප්‍රවේශ විය නොහැකි නිසා මානසික සෞඛ්‍ය ගැටලු බොහෝ විට නරක අතට හැරෙනවා. Wesley LifeForce යනු මෙම තත්ත්වය මග හැරවීම සඳහා ක්‍ර...

SBS සිංහල Newsflash ජූනි 20: ඊශ්‍රායලයේ සහ ඉරානයේ සිටින ඕස්ට්‍රේලියානුවන් මුදවා ගැනීමේ කටයුතු දිගටම 20.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 20 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඔබ රැකියාවකට අයදුම් කල විට ඔබේ සුදුසුකම් පරීක්ෂා කිරීමට AI තාක්ෂනය භාවිතා වන ආකාරය ගැන තොරතුරු මෙන්න 19.06.2025

ඔබ රැකියාවකට අයදුම් කල විට ඔබගේ සුදුසුකම් පිළිබඳව අධ්‍යයනය කුත්‍රිම බුද්ධිය එනම් AI තාක්ෂනය භාවිතා වීම බහුලව අපට දක්නට ලැබෙනවා. වර්තමානය වන විට රැකියාවකට සුදුස්සකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය තුල ආයතන විසින් AI තාක්ෂනය භාවිතා කිරීම පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න

මත්ද්‍රව්‍ය වල ඇති අනතුරුදායක රසායනික ද්‍රව්‍ය පරීක්ෂාකර ගැනීමට වික්ටෝරියාවේ නව මධ්‍යස්ථානයක්: කාලීන විග්‍රහය 19.06.2025

නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතාව තහනම් උවත් ඇතැම් පිරිස් අනවසරයෙන් මේවා භාවිතාවට පෙළඹී තිබෙනවා. මෙම මත්ද්‍රවය වල ඇති රසායනික ද්‍රව්‍ය පිළිබඳව බොහෝවිට මේවා භාවිතා කරන අයට දැනුමක් නොමැති වනවා. මේ නිසා විශාල සෞඛ්‍ය අවධානමකට මේවා භාවිතා කරන්නන් මුහුණ දෙනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට එම මත්ද්‍රව්‍ය වල ඇති රසායනික සංයුතිය පරීක්ෂා කරගත හැකි ස්ථිර ස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර සිටින බව වික්ට...

සීත කාලයේ දී වැඩිහිටියන්ගේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට වන බලපෑම් සහ කල් තියා කළ යුතු දේ පිළිබඳ දැනුවත් වෙමු 19.06.2025

සීත කාලයේ දී වැඩිහිටි ප්‍රජාවගේ ආහාර ජීර්ණය වීමේ ක්‍රියාවලියට වන බලපෑම්, සැලකිලිමත් විය යුතු කරුණු සහ යහපැවැත්ම වෙනුවෙන් කල් තියා කළ යුතු දේ පිළිබඳ SBS සිංහල සේවය විසින් කළ සාකච්ඡාවට සවන් දෙන්න.

SBS සිංහල Newsflash ජූනි 19: ආර්ථික අභියෝගවලට මුහුණ දීමට බදු වෙනස්කම් අත්‍යවශ්‍ය බව භාණ්ඩාගාරික චාමර්ස් පවසයි 19.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 19වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඊශ්‍රායල ඉරාන යුද්ධය තවත් අවුළුවමින් ඉරානයෙන් ඊශ්‍රායලයට Hypersonic මිසයිල ප්‍රහාර: 'ලොව වටා' 19.06.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

SBS සිංහල Newsflash ජූනි 18: ඕස්ට්‍රේලියානු ආර්ථිකය ගැන ඉදිරි සැලසුම් භාණ්ඩාගාරිකවරයා විසින් අද ඉදිරිපත් කරයි 18.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 18 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

සමුද්‍ර දූෂණය වැලක්වීමට ජාත්‍යන්තර වශයෙන් නව නීති ගෙන ඒමට ඔස්ට්‍රේලියාවත් සහාය දක්වයි: කාලීන විග්‍රහය ජූනි 17 17.06.2025

සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රංශයේ පැවති එක්සත් ජාතීන්ගේ සමුළුවේදී සමුද්‍ර දූෂණය පිටුදැකීමට නව එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 96ක් එකඟ වී තිබෙනවා. ජාත්‍යන්තර මුහුදු කලාපවල සමුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීම පිළිබඳව ඉතා වැදගත් එකඟතාවයකට මේ වසර අගදී පැමිණීමට මෙම රටවල් බලාපොරොත්තු වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.