SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
ඔස්ට්රේලියාව විසින් ඉරානයේ IRGC සංවිධානය ත්රස්තවාදී සංවිධානයක් බවට නම් කිරීමට පියවර: කාලීන විග්රහය 28.08.2025 6:32
ඉරානයේ ඇති 'the Iranian Revolutionary Guard Corps' සංවිධානය ත්රස්ත සංවිධානයක් ලෙස නම්කිරීම කඩිනම් කරන ලෙසට ඕස්ට්රේලියානු රජයෙන් සන්ධාන විපක්ෂය ඉල්ලා සිටිනවා. IRGC ලෙස හැඳින්වෙන මෙම සංවිධානය ඕස්ට්රේලියාවේ සිදුවූ යුදෙව් විරෝධී ප්රහාර කිහිපයක් පිටුපස සිටින බවට ඕස්ට්රේලියානු බුද්ධි තොරතුරු ඒකකය විසින් හෙළිදරවු කිරීමත් සමග මෙම තත්වය උද්ගත වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්...
ඕස්ට්රේලියාවේ දී බලු සුරතලෙකු ඇති කිරීමට කැමති ඔබ දැනගත යුතු මූලික දේවල් මෙන්න 28.08.2025 10:06
අගෝස්තු 26වන දින ඔස්ට්රේලියාව විසින් National Dog Day ලෙස නම් කර තිබෙනවා. එයට සමගාමිව ඕස්ට්රේලියාවේ සුරතල් බල්ලෙකු ඇතිදැඩි කිරීමේ දී දැනගත යුතු එන්නත්කරණය, පුහුණු කිරීම සහ පශු වෛද්ය සේවා වැනි මූලික කරුණු පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.
SBS සිංහල Newsflash අගෝ 28: ජූලි මාසයේ උද්ධමනය අපේක්ෂිත අගය ඉක්මවයි 28.08.2025 5:02
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 28වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
සංක්රමණ වලට එරෙහිව සංවිධානය කිරීමට යන 'March for Australia' විරෝධතා රැලි ගැන තොරතුරු මෙන්න 27.08.2025 3:38
2025 අගෝස්තු 31 වන දින, ඕස්ට්රේලියාවේ ප්රධාන නගරවල 'March for Australia' නමින් විරෝධතා රැලි පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා. ඔස්ට්රේලියාවට විශාල වශයෙන් සිදුවන සංක්රමණයන් නැවත්වීමට රජය කටයුතු කලයුතු බව ඔවුන් පවසනවා. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙනෙනවා.
පිරිමි පාර්ශවයට ලේ දන්දීමෙන් ලැබෙන විශේෂ වාසි කිහිපයක් ගැන තොරතුරු මෙන්න 27.08.2025 8:33
ලේ දන්දීම කියන්නේ ඉතාම උතුම් ක්රියාවක් . ඕස්ට්රේලියාවේ ඉන්න ශ්රී ලාංකික ප්රජාව අතරේත් මේ ලේ දන්දීමේ වැඩසටහන් ක්රියාත්මක වනවා. ඉතින් මේ ලේ දන්දීමේ ක්රියාවලිය පිරිමි පාර්ශවයට වඩාත් වැදගත් වන්නේ ඇයි කියන කාරනාව සම්බන්ධයෙන් සොයා බලන්න SBS සිංහල සේවයේ අපි හිතුවා. ලේ දන්දීම හරහා පිරිමි පාර්ශවයට ලැබෙන විශේෂ සෞඛය ප්රතිලාභ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න
SBS සිංහල Newsflash අගෝ 27: ඕස්ට්රේලියාවේ ඉරාන තානාපතිවරයාට ඕස්ට්රේලියාවෙන් පිටවන ලෙස දැනුම් දෙයි 27.08.2025 5:04
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 27 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
විද්යාවේ විශිෂ්ටයන් වෙත පිදෙන යුරේකා සම්මානයේ අවසන් වටයට තේරී පත් වූ හසිඳුගෙන් අනාගත පර්යේෂකයන්ට පණිවිඩයක් 26.08.2025 7:30
විද්යා ක්ෂේත්රයෙන් පෙන්වන විශිෂ්ටත්වය වෙනුවෙන් ඕස්ට්රේලියාවේ දී පිරිනැමෙන ඉහළ ම සම්මානය යුරේකා සම්මානයයි. මෙවර එම සම්මාන උළෙලේ අවසන් වටයට තේරී පත් වූ ආචාර්ය හසිඳු ගමාරච්චි මෙතෙක් ආ ගමන් මග, ඔහුගේ පර්යේෂණය පිළිබඳව සහ අනාගත පර්යේෂකයන්ට ඔහුගේ පණිවිඩය රැගත් SBS සිංහල සේවය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.
Understand Aboriginal land rights in Australia - ඕස්ට්රේලියානු ස්වදේශික ප්රජාවට තිබෙන ඉඩම් අයිතිවාසිකම් මොනවාද: Australia Explained 26.08.2025 9:10
You may hear the protest chant, “what do we want? Land rights!” —but what does it really mean? Land is at the heart of Aboriginal and Torres Strait Islander identity, culture, and wellbeing. Known as “Country,” it includes land, waterways, skies, and all living things. In this episode of Australia Explained, we explore Indigenous land rights—what they involve, which land is covered, who can make c...
ලේබර් රජයේ 'First Home Buyer Guarantee' වැඩසටහන කඩිනමින් ආරම්භ කිරීමට තීරණයක්: කාලීන විග්රහය 26.08.2025 7:48
පළමු නිවාස ගැනුම්කරුවන්ට 5%ක තැම්පතුවකින් නිවසක් ගන්න ලේබර් රජයෙන් ලබාදීමට නියමිතව තිබු 'First Home Buyer Guarantee' වැඩසටහන කඩිනමින් ආරම්භ කිරීමට රජය තීරණට කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉතා හොඳ ප්රතිචාර මෙන්ම මේ හරහා නිවාස මිල ඉහල යා හැකි බවටද චෝදනා එල්ල වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්රහයෙන්
SBS සිංහල Newsflash අගෝ 26: කුඩා ව්යාපාරවල සේවකයන්ට රාජකාරි වේලාවෙන් පිට ඇමතුම් නොසලකා හැරීමේ අයිතිය අද සිට 26.08.2025 4:23
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 26වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
වංචාවලින් ආරක්ෂා වීමට අනුගමනය කළ හැකි පහසු පියවර තුනක් පිළිබඳ දැනුවත් වෙමු 25.08.2025 3:40
අගෝස්තු 25 සිට 29වන දා දක්වා කාලය ඔස්ට්රේලියාව විසින් වංචා පිළිබඳ දැනුවත් කිරීමේ සතිය හෙවත් Scam Awareness Week ලෙස නම් කර තිබෙනවා. වංචාවලට හසු නොවී පියවර තුනකින් ආරක්ෂා වීම පිළිබඳ Services Australia වෙබ් අඩවිය තොරතුරු සපයා තිබෙනවා. මෙම කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන් උදෙසා වන නව වැඩසටහනක් පිළිබඳ සෞඛ්ය අමාත්යවරයාගෙන් නිවේදනයක්: කාලීන විග්රහය 25.08.2025 8:43
ඕස්ට්රේලියාවේ ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්යාව වැඩි වෙමින් පවතින අතර ඒ නිසා National Disability Insurance Scheme හෙවත් NDIS වැඩසටහන මත පීඩනයක් ඇති කර තිබෙනවා. මීට ප්රතිචාර වශයෙන් රජය විසින් මෙම දරුවන්ව NDIS සිට "Thriving Kids" නම් නව වැඩසටහනකට මාරු කිරීමේ සැලැස්මක් ප්රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත්, දෙමාපියන් සහ ඔටිසම් වෙනුවෙන් පෙනී සිටින්නන් පවසන්නේ එය ප්රසිද්ධියේ ප්රකාශයට පත් කරන...
SBS සිංහල Newsflash අගෝ 25: ඕස්ට්රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන්ට 5%ක තැම්පතුවකින් නිවසක් ගන්න රජයෙන් සහාය 24.08.2025 5:23
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 25 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
'ලංකාවේ ප්රජාතන්ත්රවාදය ගැන අද ප්රශ්නාර්ථයක් තියෙනවා', හිටපු ජනපති මෛත්රී කියයි: මවුබිමෙන් පුවත් අගෝ 18 24.08.2025 8:20
අද - අගෝස්තු මස 25 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්යවේදී මනෝජ් උදටියාවල ශ්රී ලංකාවේ සිට වාර්තා කරයි
'මේ සතියේ ඔස්ට්රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, අගෝ 18 - අගෝ 22 22.08.2025 8:00
අගෝස්තු 18 සිට අගෝස්තු 22 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න
දින තුනක් පුරා පැවති ෆෙඩරල් රජයේ ඵලදායිතා සමුළුව අවසන් වෙයි: කාලීන විග්රහය 22.08.2025 7:18
ඕස්ට්රේලියාවේ ඵලදායිතාව වැඩි දියුණු කිරීම පිළිබඳ ජාතික සමුළුවක් කැන්බේරා හි දී පැවැත්වුණා. රටේ ප්රමුඛ පෙළේ ආර්ථික විද්යාඥයන්, ව්යාපාරික නායකයන් සහ වෘත්තීය සමිති මේ සඳහා සහභාගී වුණා. අගෝස්තු 19වන දා ඇරඹි මෙම සමුළුව දින තුනක් අවසානයේ, එනම් අගොස්තු 21වන දා අවසන් වුණා. දියුණු ආර්ථිකයක් ඇති අනෙකුත් බොහෝ රටවල මෙන් ඕස්ට්රේලියාවද මෑත දශක කිහිපය තුළ අඩු ඵලදායිතා වර්ධනයක් දැක තිබෙනවා. මෙම සමුළුව අවසානය...
අයිස්, කොකේන් සහ හෙරොයින් වැනි මත්ද්රව්ය භාවිතාව ඔස්ට්රේලියාව පුරා වාර්තාගත ලෙස ඉහල යයි 22.08.2025 4:12
ඕස්ට්රේලියානුවන් තුල අයිස්, කොකේන් සහ හෙරොයින් යන මත්ද්රව්ය භාවිතාව වාර්තාගත ලෙස ඉහල ගොස් ඇති බව වාර්තා වනවා. 2023 සිට 2024 දක්වා වන වර්ෂයක කාලය තුල ඩොරල් බිලියන ගණනක නීති වොරෝධී මත්ද්රව්ය භාවිතා කිරීම ඕස්ට්රේලියානුවන් පෙළඹී ඇති බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
SBS සිංහල Australian highlights අගෝ 22: 'Childcare' වල ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක් අද පැවැත්වේ 22.08.2025 4:59
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 22වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ඕස්ට්රේලියාවේ වීසා වලට PTE සහ IELTS ඇතුළු ඉංග්රීසි භාෂා පරීක්ෂණ ලකුණු අලුතින් වෙනස් වුනේ මෙහෙමයි 22.08.2025 9:23
2025 අගෝස්තු 7 වන දින සිට PTE සහ IELTS ඇතුළු ඕස්ට්රේලියානු වීසා සඳහා වන ඉංග්රීසි ලකුණු මට්ටම වෙනස් වීම සිදු වූ අතර ඉංග්රීසි පරීක්ෂණ අපේක්ෂකයින් මෙම අලුත් වෙනස්කම් ගැන දැනගත යුතු දේ ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
'සමහර නිලධාරීන්ට මැරෙන්නත් ඕනේ වුනේ ක්රීඩා සංගම් ඇතුලෙමයි', නි. ඇමති සුගත් කියයි: අගෝ 22: ක්රීඩා විග්රහය 22.08.2025 8:07
මේ සතියේ ඕස්ට්රේලියාවේ සහ ශ්රී ලංකාවේ ක්රීඩා ක්ෂේස්ත්ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්රීඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්රීඩා විග්රහයට" සවන්දෙන්න
'ලංකාවේ දේශපාලන තත්වය ගැන රටේ ජනතාව ඉන්නේ නොසතුටෙන්', හිටපු ජනපති මෛත්රී කියයි: මවුබිමෙන් පුවත් අගෝ 22 22.08.2025 8:29
අද - අගෝස්තු මස 22 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්යවේදී මනෝජ් උදටියාවල ශ්රී ලංකාවේ සිට වාර්තා කරයි
වසර 76ක් පැරණි ඊශ්රායල ඔස්ට්රේලියා මිතුදම් පළුදු වන ලකුණු: කාලීන විග්රහය 21.08.2025 9:14
ඔස්ට්රේලියාව සහ ඊශ්රායලයේ වසර 76 පුරා පවතින සබඳතාවලට හානි පැමිණෙන තත්වයක් ඇතිවී තිබෙනවා. පලස්තීනය වෙනම රාජ්යයක් ලෙස පිළිගැනීමට තීරණය කිරීම සහ ඊශ්රායල දේශපාලකයකුට විසා ලබාදීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්වය උද්ගත වී තිබෙනවා. යුදෙව් විරෝධී මත ප්රචලිත කිරීම සම්බන්ධයෙන් ඕස්ට්රේලියානු රජයට ඊශ්රායලය චෝදනා එල්ල කර සිටිනවා. වෙස්ට් බෑන්ක් ප්රදේශයේ රාජතාන්ත්රික සේවයේ නියුතු ඕස්ට්රේල...
විද්යා හා තාක්ෂණ අංශයෙන් පර්යේෂණ උපාධියකට ඕස්ට්රේලියාව තෝරා ගැනීම පිළිබඳ පර්යේෂිකාවක් SBS සිංහලට කියූ දේ 21.08.2025 5:33
පර්යේෂණ අංශයේ උපාධි සඳහා ලොව පුරා ශිෂ්යයන් සහ පර්යේෂකයන්ගේ ඉහළ තේරීමක් ලෙස ඕස්ට්රේලියාව අනාදිමත් කාලයක සිට පවතිනවා. මෙහි දී කලා, වාණිජ සහ විද්යා යන සියලු ක්ෂේත්රවලට අදාළ පර්යේෂණ සිදු කෙරෙනවා. විද්යා හා තාක්ෂණ අංශයෙන් සිය ආචාර්ය උපාධිය සඳහා ඕස්ට්රේලියාව තෝරා ගත් ශිෂ්යාවියක මේ සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීමකට සවන් දෙන්න.
SBS සිංහල Newsflash අගෝ 21: ඕස්ට්රේලියාවේ මාර්ග අනතුරු මරණ සංඛ්යාව ඉහළට 21.08.2025 4:21
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 21වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
අපි රුසියා යුක්රේන සටන් විරාමය ගුවනින් නිරීක්ෂණය කරනවා, ඇමරිකා ජනපති ට්රම්ප් කියයි: 'ලොව වටා' 21.08.2025 8:14
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්රවෘති ජාලයේ මාධ්යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.