SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
SBS සිංහල පුවත්: තාප තරංග හේතුවෙන් මේ සතියේ ඕස්ට්රේලියාවේ ලැව්ගිනි අවදානම ඉහලට 07.01.2026 4:47
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 7 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: 2026 වසරේ දී ඕස්ට්රේලියාවේ සංක්රමණ නීති රීති කොයි ආකාරයෙන් වෙනස් වේවි ද? 06.01.2026 8:20
ගෙවුණු 2025 වසරේ දී මුහුණ දුන් සංක්රමණ විරෝධතා, ජාත්යන්තර ශිෂ්ය කෝටා සීමා, කුසලතා රැකියා ලැයිස්තු වෙනස්කම් සහ බොන්ඩායි ප්රහාරය ඇතුලු සිදුවීම් සමගින් ඕස්ට්රේලියාව 2026 දී සංක්රමණය ගමනාන්තයක් ලෙස කොයි දිශානතියකට ගමන් කරාවි ද? අද කාලීන විග්රහය විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.
යහපත් සහ ධනාත්මක සිතුවිලි වලින් අපි අලුත් අවුරුද්දේ අපේ හිත් අලුත් කර ගන්නේ කොහොම ද? 06.01.2026 9:21
Mindfulness නැත්නම් සතිමත් බවින් යුතු කෙනෙක් විදියට නිවැරදි සිහිය පවත්වා ගනිමින් අපි මේ අලුත් අවුරුද්දෙ අලුත් අභියෝග ජය ගන්නෙ කොහොමද?
SBS සිංහල පුවත්: බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීමට චෝදනා ලැබූ නවීඩ් අක්රම් අධි ආරක්ෂිත බන්ධනාගාරයකට මාරු කෙරේ 06.01.2026 5:07
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 6 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: වෙනිසුලා ජනපති අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇමරිකාව වෙනිසියුලාව පාලනය කරන බව ට්රම්ප් කියයි 05.01.2026 9:53
වෙනිසියුලාවට විශාල ප්රමාණයේ හමුදා ප්රහාරයක් දියත් කිරීමට තමන් නියෝග කල බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා. එහිදී වෙනිසුලා ජනපති Nicolás Maduro සහ ඔහිගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුනට මත්ද්රව්ය සහ ගිනිඅවි සම්බන්ධ චෝදනා ගොනුකර තිබෙනවා. ට්රම්ප් හිතවාදීන් මේ ප්රහාරය අගය කර සිටින අතර තවත් රටවල් මෙම ප්රහාරය හෙලා දැක තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්රහයට සවන...
ජාත්යන්තර පුරුෂ දින සැමරුමක් සිදු කල එකම කාන්තා සංවිධානය අපියි - නාලිකා පද්මසේන 05.01.2026 8:48
ඕස්ට්රේලියාවේ කැන්බරා අගනුවර ප්රාන්ත රජය පසුගිය දා සංවිධාන කර තිබුණු Windows to the World ප්රදර්ශනය සඳහා ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව තිබුණා. මේ එම ප්රදර්ශනයට සහභාගි වූ ශ්රී ලාංකික-ඕස්ට්රේලියානු කාන්තා ජාලයේ (Sri Lankan Australian Women’s Network) සභාපතිනි නාලිකා පද්මසේන මහත්මිය SBS සිංහල සේවයට දැක්වූ අදහස්.
මව්බිමෙන් පුවත්: අලුත් විෂය මාලාව ක්රියාත්මක කරනවා - අගමැති / ප්රතිසංස්කරණ වලට අධ්යාපනඥයින් වෙනුවට දේශපාලන කමිටු වල අය දාගෙන - ලංකා ගුරු සංගමය 05.01.2026 9:40
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ඕස්ට්රේලියාව පුරා දැඩි තාප තරංග අනතුරු ඇඟවීම් 05.01.2026 5:07
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 5 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: නව රොබෝ තාක්ෂණික දැනුමෙන් අතුරුදහන් වූ MH370 ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් යළි ඇරඹේ 04.01.2026 15:12
MH370 ගුවන් යානය අතුරුදහන් වී දශකයකට වැඩි කාලයකට පසු, එම ගුවන් යානය සෙවීමේ මෙහෙයුමක් නැවත ආරම්භ වී තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, දෙසැ 29 - ජන 02 02.01.2026 6:30
දෙසැම්බර් 29 වන දා සිට ජනවාරි 02 වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න
තරුෂි එක්ක තරු කතා: 2026 ඕස්ට්රේලියාවේ මුල්ම සිංහල ගීත ප්රසංගය සමඟ එන ජගත් 02.01.2026 8:35
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
ක්රීඩා විග්රහය: නිත්තවෙල ක්රීඩාංගණය ට රග්බි තරග තහනමක්? 02.01.2026 8:37
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: රනිල්ගෙන් සජිත්ට නව අවුරුදු සුබ පැතුමක් / ලංවිම වත්කම් අලුත් සමාගම් හයකට පවරයි 02.01.2026 9:14
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: 2026 දී නිවාස මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ වැටෙන බවට වාර්තාවක් 01.01.2026 4:53
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 2 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
අලුත් අවුරුද්දේ ඔබේම ව්යාපාරයක් අරඹන්න සිහින දකිනවානම් මේ ගැනත් දැනගන්න 01.01.2026 12:02
ව්යවසායකත්වය, එහෙම නැතිනම් 'Entrepreneurship' කියන වචනය අපිට මේ දිනවල බොහෝ අවස්ථාවල අහන්න ලැබෙනවා. කුඩාවට හෝ තමන්ගේ ව්යාපාරයක් ආරම්භ කරන්න, එහෙම නැතිනම් රැකියාවට අමතරව තවත් ආදායම් මාර්ගයක් ගොඩනගා ගන්න බොහෝ දෙනෙක්ට උනන්දුවක් තියෙනවා කියල අපිට පෙනෙන්නට තිබෙනවා. ඉතිං ව්යාපාරයක් ආරම්භ කිරීම ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන්න අද දවසේ SBS සිංහල සේවය කටයුතු කළා. අලුත් අවුරුද්දේ ව්යාපාරයක් අරඹන්න ඔබ සිහින දක...
අපේ වහරේ කතා අහුරක්: උපදෙස් දෙන්න ගිහින් අමාරුවෙ වැටුණ උපදේශක 01.01.2026 6:00
සමහර මෝඩකම් කෝවේ දැම්මාත් අරින්න බෑ කියනවා නෙ. ඒ වගේම සමහර නුවණැත්තොත් මෝඩකම් කරනවා. අපේ ජන වහරේ ඔය මෝඩකම් ගැන විවිධ කතා තියෙනවා. සාහිත්යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ඒ වගේ උපදේශ දෙන්න ගිහින් අමාරුවෙ වැටුණ උපදේශකයෙක් ගැන කතාවක්.
නව වසරක ආරම්භය ජනවාරි පළමු වැනිදා ලෙස යොදා ගන්න තීරණය කළේ කවුද? 01.01.2026 7:12
ජනවාරි පළමු වැනිදා කියන්නේ අපට නව බලාපොරොත්තු අරමුණු සහ ඉලක්ක පිළිබඳ අදිටනක් සිතුවිල්ලක් ඇති වන දිනයක්. නමුත් ජනවාරි පළමු වැනි දා අලුත් අවුරුද්දක උදාව විදිහට යොදා ගන්න හේතු වුණේ ඇයි සහ ඒ සම්ප්රදාය පටන් ගැනුණෙ කොහොම ද කියලා දැන ගන්න කැමති නම් මේ විශේෂාංගයට සවන් දෙන්න.
ලොව විශාලතම ජනගහන සංක්රමණය පාදක කරගත් සිනමා පටයකින් නව අවුරුද්ද අරඹමු: Last Train Home 31.12.2025 12:02
නව වසර උදා වුණා. 31වෙනිදා රාත්රියේ සැමරුම්වලින් අනතුරුව නිවාඩු පාඩුවේ නිවසට වී සිටින ඔබට SBS On Demand ඔස්සේ නැරඹිය හැකි චිත්රපට ත්රිත්වයක් පිළිබඳවයි මේ විශේෂාංගයෙන් අවධානය ලබා දෙන්නේ.
හැම අලුත් අවුරුද්දකම මුළු ලෝකයේම වැඩිම පිරිසක් නරඹන Sydney Harbor Bridge fireworks පටන්ගත්තේ මෙහෙමයි 31.12.2025 10:27
සෑම වසරකම දෙසැම්බර් 31 වෙනිදා මධ්යම රාත්රියේ ලොව පුරා මිලියන සංඛ්යාත ජනතාවක් ලොව කොහේ සිටි හෝ මනස්කාන්ත Sydney Harbor Bridge ගිනිකෙළි සංදර්ශනය නරඔනවා. නමුත් මෙහි ආරම්භය සහ ඉතිහාසය ඇතැම් විට බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්. Sydney Harbor Bridge ගිනිකෙළි සංදර්ශනයේ ආරම්භය සහ මේ දක්වා සිදු වූ ප්රධාන දේ ගැන තොරතුරු ගැන දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.
SBS සිංහල Newsflash දෙසැ 31: සිඩ්නි නුවර පැවැත්වෙන ගිණිකෙලි සංදර්ශනය වෙනුවෙන් 2500කට අධික පොලිස් ආරක්ෂාවක් 31.12.2025 5:40
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 31 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ගෙවී යන 2025 වසරේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වූ වැදගත් සිදුවීම් සමාලෝචනය 30.12.2025 8:35
සංක්රමණික විරෝධතා, හදිසිසේවා දුරකථන බිඳවැටීම, කාලගුණික අභියෝග, ඉහළ ගිය ජීවන වියදම්, බොන්ඩායි ප්රහාරය ආදී හැලහැප්පීම් රැසක් සිදු වූ 2025 වසර ඕස්ට්රේලියාවට අභියෝගාත්මක වසරක් වුණා. අද කාලීන විග්රහයෙන් අපි විමසා බලන්නේ 2025 වසරේ දී ඕස්ට්රේලියාව මුහුණ දුන් කැපී පෙනෙන සිදුවීම් දෙසයි.
ගෙවී ගිය 2025 වසර පුරා SBS සිංහල සේවය ඔබට තිලිණ කළ විශේෂ වැඩසටහන් කිහිපයක් ගැන මතක ආවර්ජනා 30.12.2025 14:31
SBS සිංහල සේවය 2025 වසර තුළ ඔබ වෙත ගෙන ආ විවිධ වැඩසටහන්, සාකච්ඡා සහ විශේෂාංග පිළිබඳ ගෙනෙන වසර අවසාන සමාලෝචනය. ඕස්ට්රේලියාවේ වෙසෙන ශ්රී ලංකේය අපේ ප්රජාවට වැදගත් වන කාලීන, හරවත් මෙන්ම රසවත් තොරතුරු ඔබට සමීප කරන්නට උදා වන 2026 නව වසරේ දීත් SBS සිංහල සේවයේ අපි බලාපොරොත්තු වන්නෙමු.
SBS සිංහල Newsflash දෙසැ 30: 'Boxing day' ටෙස්ට් තරඟයෙන් ක්රිකට් ආයතනයට ඩොලර් මිලියන ගණනක පාඩුවක් 30.12.2025 5:17
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 30 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ගෙවී ගිය 2025 වසරේ ලොව පුරා සිදු වූ වැදගත් සිදුවීම් සමාලෝචනය 29.12.2025 9:32
2025 වසර ජාත්යන්තර දේශපාලනය, ස්වභාවික විපත් සහ ලෝකයේ පාලන බලය හා ඉන් ඇතිවන බලපෑම සම්බන්ධව අතිශය තීරණාත්මක සහ විශාල වෙනස්කම් සිදු වූ වසරක් ලෙස ඉතිහාසයට එක් වනවා. අද SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විග්රහයෙන් අපි 2025 වසරේ සිදුවූ වැදගත්ම සිදුවීම් සමාලෝචනයක් ඔබ වෙත ගෙන එනවා.
යුග යුග සිත් සතන් සනසා ජීවන රඟමඩලින් බැස ගිය ලාංකේය ගීත කෝකිලාව - ලතා වල්පොල 29.12.2025 9:44
දශක අටක් රසික සිත් සිය ගීතමත් හඬින් සනසාලන්නට හැකි වූ මියුරු ගී කෝකිලාවිය ලතා වල්පොල ගායනවේදිනිය වෙනුවෙන් SBS සිංහල සේවය ගෙන එන මතක සටහන.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.