SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1841 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Oct 15, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android almost 10M downloads · 4.8 rating iOS soon

Episodes

SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්ත රාජ්‍ය පාසල් පද්ධතියේ සයිබර් දත්ත උල්ලංඝනයක් 15.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 15වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න

අලුත් සහලින් පිසූ පොංගල් බතින් සූර්ය දෙවියන් පුදන තෛපොංගල් සැමරුම අද යි! 14.01.2026

සිංහල අලුත් සහල් මංගල්ලය හා අලුත් අවුරුදු උත්සව චාරිත්‍ර වාරිත්‍ර සිහිගන්වන තෛපොංගල් සැමරුම ගැන තොරතුරු.

Your guide to camping in Australia - ඔස්ට්‍රේලියාවේ 'Camping' කරන්න යනවනම් මේ තොරතුරු ඔබට වැදගත් වේවි 14.01.2026

Going camping is an incredible way to experience Australia’s great outdoors whilst also taking a break from technology and daily routines. We unpack the benefits of camping, the preparation required, the equipment you should consider taking, and how to be a considerate camper. - 'Camping' එහෙම නැතිනම් කඳවුරු බැඳ, කූඩාරම් අටවා විවිධ ස්ථානවල සංචාරය කිරීම ඕස්ට්‍රේලියාවේ ඉතාමත්ම ප්‍රචලිත දෙයක් වෙලා ති...

SBS සිංහල පුවත්: Neo-Nazi මත දරන ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සංවිධානයක් තම ක්‍රියාකාරකම් අත්හිටුවීමට තීරණය කරයි 14.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 14 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න

කාලීන විග්‍රහය: අන්තර්ජාලයේ දකින විවිධ අහාර රටා අනුගමනය කිරීම ඇත්තටම අපේ සෞඛ්‍යයට හොඳද 13.01.2026

Fodmap, high protein, gluten-free, lowfat, clean eating වැනි වචන ඔබ අසා තිබෙනවා වන්නට පුළුවන්. මේවා විවිධ diets ලෙස හැඳින්වෙන අතර එම උපදෙස් ඇතැම් විට ගැටලුකාරී විය හැකියි. කෙසේ නමුත් multiple diets හෙවත් 'විවිධ ආහාර වේලවල්' අනුගමනය කිරීමෙන් අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇති විය හැකි බවට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අන්ගවිමක් සිදු කරනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන...

පිළිකා ප්‍රතිකාර වඩාත් සාර්ථක කර ගත හැකි ක්‍රමවේදයකට අවශ්‍ය ගෝලීය ප්‍රමුඛ සොයාගැනීමක් සිදු කළ ශ්‍රී ලාංකීය පර්යේෂකයා - සහකාර මහාචාර්ය අරුත කුලසිංහ 13.01.2026

පිළිකා සෛල වල හැසිරීම අනුව නිවැරදි සත්කාර ක්‍රමවේද වලට යොමු විය හැකි පර්යේෂණ ප්‍රතිඵල සොයා ගැනීමකට මුල් වූ ශ්‍රී ලාංකීය පර්යේෂක කුවීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය අරුත කුලසිංහ මහතා සමඟ SBS සිංහල සේවය පැවත්වූ සාකච්ඡාව.

ලබන පෙබරවාරියේ පොලී අනුපාත වෙනස් වෙනවා ද? 13.01.2026

ඕස්ට්‍රේලියාවේ පසුගිය නොවැම්බර් පාරිභෝගික මිල දර්ශක වාර්තා අනුව ප්‍රධාන උද්ධමන අගය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා මදක් අඩු වුණා. නමුත් එයින් පොලී අනුපාත සහනයක් ලැබේවි ද යන්න පිළිබඳ බොහෝ දෙනෙක් උනන්දු වන කරුණක්. මේ ඒ පිළිබඳ ආර්ථික විශේෂඥයින් දක්වන අදහස් ඇසුරෙන් ගෙන එන විමසා බැලීමක්.

SBS සිංහල පුවත්: ඇමරිකාවේ ඕස්ට්‍රේලියානු තානාපති කෙවින් රඩ් එම ධූරයෙන් ඉවත් වන බව නිවේදනය කරයි 13.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 13 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න

කාලීන විග්‍රහය: බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීම ගැන ජාතික මට්ටමේ 'Royal Commission' පරීක්ෂණයක් 12.01.2026

බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීම සහ ඕස්ට්‍රේලියාවේ පැන නැගී ඇති යුදෙව් විරෝධය හා සම්බන්ධයෙන් රාජකීය කොමිසම හරහා පරීක්ෂණයක් සිදු කිරීමට අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනිසි තීරණය කර තිබෙනවා. මෙම කොමිසම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරියක වන Virginia Bell විසින් නායකත්වය ලබාදීමට නියමිත වනවා. ඕස්ට්‍රේලියානු සමාජයේ ඇති අන්තවාදී ගැටළු වලට මුහුණ දීමට සහ සමාජ සහයෝගීතාවය වර්ධනය පිළිබඳව කරුණු සොයා බැලීම මෙම කොමිසම...

රසවත් ශ්‍රී ලාංකීය ආහාරපාන කේෂ්ත්‍රයේ අමිහිරි ව්‍යාපාර අභියෝග ජයගන්නට වෙහෙසෙන ලක්ෂිත හා ප්‍රභාත් 12.01.2026

ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර ප්‍රාන්ත රජය පසුගිය දා සංවිධාන කර තිබුණු Windows to the World ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව තිබුණා. මේ එම ප්‍රදර්ශනයට සහභාගි වූ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් දෙදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස්.

ලැව්ගිනි අනතුරු ඇඟවීම් කල් ඇති ව හඳුනා ගන්නේ කොහොම ද? 12.01.2026

ග්‍රීෂ්ම කාලයේ දී ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත වලට ලැව්ගිනි අවදානමක් ඇති වනවා. ලැව්ගිනි තත්ත්වයකට පෙරසූදානම් විය යුතු ආකාරය සහ අනතුරු ඇඟවීමේ සංඥා සහ අවවාද පිළිබඳ මේ විශේෂාංගයට සවන් දී දැනුම්වත් වන්න.

මව්බිමෙන් පුවත්: අධ්‍යාපන අවුලේ නාභියට එරෙහිව සටනට අපි සූදානම් - විමල් / අගමැතිනියගේ චරිත කෙළසන්නේ මතවාදී දේශපාලනය බැරි අය - ඇමතිනි සරෝජා 12.01.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් සිදු වූ පළමු මරණය වාර්තා වේ 12.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 12 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: නාගරික ඔස්ට්‍රේලියානුවන් මිලියන හතක් පමණ ගිනි ගැනීම් අනතුරු වලට ලක් වීමේ අවදානමක 11.01.2026

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල විහිදෙන නාගරික සීමා ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින් මිලියන හතකට ආසන්න සංඛ්‍යාවක්, පසුගිය වසරේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ සිදුවූ විනාශකාරී නාගරික ගිනි අනතුරු වලට සමාන විපතකට මුහුණ දීමේ දැඩි අවදානමකට ලක්ව සිටින බව නවතම වාර්තාවක් අනතුරු අඟවනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජන 05 -ජන 09 09.01.2026

ජනවාරි 05වන දා සිට ජනවාරි 09 වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: අසල්වැසියෝ සුරංගනී චරිතය තමයි මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය - ප්‍රියා රණසිංහ 09.01.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.

ක්‍රීඩා විග්‍රහය: SSC ක්‍රීඩාංගණය ලෝක කුසලාන තරගාවලියට සුදානම් 09.01.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: ඉවත් කළ මොඩියුල පෙළ පොතට ආ හැටි සොයන බව අගමතිනිය මහ නාහිමිවරුන්ට කියයි / හරිනිට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට 09.01.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: බොන්ඩායි ප්‍රහාරය සොයා බැලීමට ෆෙඩරල් රාජකීය කොමිසමක් 08.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 9 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: සතියට දින තුනක්, 90%ක් දක්වා 'Childcare' දීමනාව ලබාදීම ජනවාරි 5 වනදා සිට ක්‍රියාත්මකයි 08.01.2026

ළමා සුරැකුම් මධ්‍යස්ථාන, එහෙම නැතිනම් 'childcare' මධ්‍යස්ථාන වලට ළමුන් ඇතුලත් කිරීමේදී දින තුනක් දක්වා 90%ක දීමනාවක් සහතික කරන්න රජය දැන් කටයුතු කරලා තියෙනවා. ඒ අනුව මින් පෙර පැවති 'activity test' ලෙස හඳුන්වන සුදුකම් ලැබීමේ පරීක්ෂණයේ අවශ්‍යතාවයද ඉවත්වී, දින තුනක් පුරාවට මෙම දීමනාව ලබා ගැනීමට දෙමාපියන්ට හැකි වෙනවා. මේ වෙනුවෙන් අමතර ඩොලර් මිලියන 430ක පමණ මුදලක් වෙන්කරන්න රජය කටයුතු කරනවා. මේ හරහා දහ...

ශ්‍රී ලාංකීය බතික් කලාව සහ කුළුබඩු නිෂ්පාදන තුලින් ඕස්ට්‍රේලියාව ජය ගන්න‌ට සැරසෙන ව්‍යවසායිකාවන් 08.01.2026

ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර ප්‍රාන්ත රජය පසුගිය දා සංවිධාන කර තිබුණු Windows to the World ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව තිබුණා. මේ එම ප්‍රදර්ශනයට සහභාගි වූ ශ්‍රී ලාංකික ව්‍යවසායිකාවන් දෙදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස්.

අපේ වහරේ කතා අහුරක්: නම්බුවට වඩා ලොකු වුන බඩගින්න 08.01.2026

ඔය සමහරු ලොකු තනතුරු තානාන්තර දරණ කොට නිකම්ම ඔලුවට එන දෙයක් නෙ මාන්නය නැත්නම් නම්බුව කියන්නෙ. ගමේ ආරච්චිලා කිව්වාමත් ඉතින් අන්න ඒ වගේ ගරු ගාම්භීර තනතුරක් නෙ. හැබැයි ඔය මොන ලොකුකමත් යටයි කුසගින්නට. අපේ ජන වහරේ එන රස කතාවකින් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ අන්න ඒ වගේ නම්බුව අමතක කරවපු කුසගින්නක කතාවක්.

ලොව වටා: නිරුවත් රූප ජනනය කළ හැකි Grok AI යෙදවුමට ලොව පුරා විරෝධය / ජපනා මස් කරන්න ආ වළහා මස් වුනු හැටි 08.01.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: සිකුරාදා සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයට ම දැඩි ලැව්ගිනි අවදානමක් 07.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 8 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාකළ පළමු මුස්ලිම් ක්‍රීඩකයා: උස්මාන් කවාජා 07.01.2026

උස්මාන් කවාජා කියන්නේ ඕස්ට්‍රේලියාවේ උපත ලබපු අයෙක් නෙවයි. ඔහු පකිස්ථානු දෙමාපියන්ටදාව පකිස්තානයේ උපත ලබා කුඩා කාලයේදී තම දෙමාපියන් සමග සිඩ්නි නුවරට සංක්‍රමණය වෙලා තියෙනවා. සංක්‍රමණික පවුල්වල බොහෝ දරුවන් මෙන්, ඔහුත් මේ බහුසංස්කෘතික ඕස්ට්‍රේලියානු සමාජය තුල හැදී වැඩුනා. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වීම වගේ විශාල සිහින පසුපස හඹා යාමට ඔහුටද අවශ්‍යතාවයක් තිබුනා. 2011 වසරේදී ඔහු සිඩ්නි ක්‍රිකට් පිටියේදී සි...

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.