SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
කාලීන විග්රහය: ලෝක ගුවන් විදුලි දිනය අදයි, ඕස්ට්රේලියාවේ බහුභාෂා සන්නිවේදක සඟයා වන SBS ආ ගමන් මග මෙහෙමයි 13.02.2026 5:45
අද ලෝක ගුවන් විදුලි දිනය. වර්තමානයේ රූප මාධ්යයන් සහ අනෙකුත් ඩිජිටල් මෙවලම් සමඟ සන්නිවේදනය නව යුගයක් කරා එළැඹ තිබෙනවා. නමුත් තවමත් නොවෙනස්ව ගුවන් විදුලිය ඔබේ සමීපතමයෙකු වෙලා ඉන්නවා. අද දවසේ කතා කරන්නේ SBS පිළිබඳවයි. SBS පසුගිය වසරේ සිය 50වෙනි උපන්දිනයත් සැමරුවා. SBS, ඕස්ට්රේලියාවේ රජයට අනුබද්ධිත බහුසංස්කෘතික සහ බහුභාෂා මාධ්ය ආයතනයයි. ඉතින් ඒ භාෂා සමූහයට SBS සිංහල සේවයත් අයත්. අද ලෝක ගුවන්විදුලි...
SBS සිංහල පුවත්: ලිබරල් පක්ෂයේ සහ ෆෙඩරල් විපක්ෂයේ නව නායකයා ඇන්ගස් ටේලර් - නියෝජ්ය නායිකාව ජේන් හියුම් 12.02.2026 5:13
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 13 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: පොලිස් සෝදිසි කිරීම් වලට ඔස්ට්රේලියාවේ බහුසංස්කෘතික ප්රජාවන් වැඩිවශයෙන් ලක්වන බවට තොරතුරු 12.02.2026 6:28
ඔස්ට්රේලියාවේ පොලිසිය වරෙන්තු රහිතව සිදුකරන සෝදිසි කිරීම් වලදී සුදු ජාතිකක ප්රජාවට වඩා වැඩිවශයෙන් වෙනත් සංස්කෘතික පසුබිම් වලින් එන පිරිස් සෝදිසි කිරීමට පෙළඹෙන බවට නවතම අධ්යයනයකින් තොරතුරු හෙළිවෙනවා. සුදු ජාතිකයකුට වඩා ඔස්ට්රේලියාවේ ඉන්න වෙනත් ජාතිකයකු පොලිසිය විසින් සෝදිසි කිරීමේ හැකියාව තුන්ගුනයකටත් වඩා වැඩි බව මේ අධ්යයනයෙන් තොරතුරු හෙළි කරනවා. විශේෂයෙන්ම වික්ටෝරියා ප්රාන්තයේ සුදුජාතික බහුත...
අපේ වහරේ කතා අහුරක්: තිරුවා නැති වෙලේ ගෙට රිංගන්න ගිය රජතුමාට වෙච්ච දේ 12.02.2026 5:04
අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ තිරුවා අඹගමු ගිය කතාව ගැනයි.
ලොව වටා: Epstein හෙළිදරව්ව නිසා බ්රිතාන්ය අගමැතිට බලපෑම් එද්දී, ජපාන අගමැතිනිය වැඩි කැමැත්තෙන් යලි ධූරයට 12.02.2026 8:00
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ඕස්ට්රේලියාවේ නිවාස කුලී ගාස්තුව දැරිය නොහැකි තත්ත්වයක 12.02.2026 5:23
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
ඕස්ට්රේලියාවේ සරම්ප වැළඳීමේ ඉහළ යාමක්, විශේෂඥයන්ගෙන් එන්නත්කරණය පිළිබඳ අවධාරණයක් 11.02.2026 5:03
ඕස්ට්රේලියාවේ සරම්ප වැළඳීමේ ඉහළ යාමක් පිළිබඳව සෞඛ්ය විශේෂඥයන් අවධාරණය කරනවා. 2026 වසරේ පමණක් මේ වන විට සරම්ප රෝගී තත්ත්වයන් 22ක් වාර්තා වී තිබෙනවා. වැඩිම සංඛ්යාවක් ක්වීන්ස්ලන්තයෙන් ද, දෙවනුව නිව් සවුත් වේල්ස් ප්රාන්තයෙන් ද තෙවනුව වික්ටෝරියාවෙන් ද පිළිවෙලින් රෝගීන් 8ක් 7ක් සහ 5ක් හඳුනා ගෙන තිබෙනවා. බටහිර සහ දකුණු ඕස්ට්රේලියා ප්රාන්තවලින් එක් රෝගියෙකු බැගිනුයි වාර්තා වී ඇත්තේ. සෞඛ්ය බලධාරීන්...
අභියෝග ඉදිරියේ සිහිනය අත නොහැර ඉලක්ක කරා යාමට හැකි බව මම අත්දැකීමෙන් දන්නවා, ANSTO විද්යාඥ රුවිනි ඒකනායක 11.02.2026 7:49
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පෙබරවාරි 11වන දා International Day of Women and Girls in Science ලෙස නම් කර තිබෙනවා. ඒ විද්යා සහ තාක්ෂණ ක්ෂේත්රයේ නිරත කාන්තා පිරිස වෙනුවෙනුයි. ඊට සමගාමිව SBS සිංහල සේවය විසින් ඕස්ට්රේලියාවේ පර්යේෂණ කටයුතුවල නියැලෙන විද්යාඥවරියක සමඟ කතාබහක නිරත වුණා. ඇය නමින් ආචාර්ය රුවිනි ඒකනායක. රජයේ පර්යේෂණ මධ්යස්ථානයක් වන Australian Synchrotronහි රුවිනි විද්යාඥවරියක ලෙස සේ...
මෙන්න ඕස්ට්රේලියාවේ ඉහළම වැටුප් ගෙවන රැකියා සහ ප්රාන්ත ගැන විස්තර 11.02.2026 5:54
ඕස්ට්රේලියාවේ ජීවත් වන රැකියා කරන ඔබේ වැටුප කීය ද? කොයි තරම් මහන්සි වෙලා වැඩ කලත් ලැබෙන වැටුප මදි ද? නැත්නම් ඔබ කරන රැකියාවේ හැටියට, ජීවත් වෙන ප්රාන්තය, නගරය හැටියට ඔබට ලැබෙන වැටුප හරි ද කියලා හිතිලා තියෙනවා ද? අපි මේ හොයලා බලන්න යන්නෙ ඕස්ට්රේලියාවේ ඒ ඒ ප්රාන්ත අනුව සහ කරන රැකියාව අනුව ලැබෙන වේතනය කීයක් වෙනවා ද කියලා.
SBS සිංහල පුවත්: ඔස්ට්රේලියාවේ ශිෂ්ය වීසා ක්රමවේදය අවභාවිතා වන බවට සෙනට් සභික මැට් කැනවන්ගෙන් චෝදනා 11.02.2026 5:49
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 11 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
ගොඩක් රස්නේ දවසට සුරතලා ගැන ලොකු අවධානයක් යොමු කරන එක කොයිතරම් වැදගත්ද, තොරතුරු මෙන්න 10.02.2026 10:19
Heatwaves හෙවත් "තාප තරංග" වල බලපෑම සුරතල් සතුන්ගේ සෞඛ්යයට බලපාන ආකාරය ගැන සෑම හිමිකරුවෙකුම දැනගත යුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවේ පළමු කොටසට සවන් දෙන්න.
කාලීන විග්රහය: ළමුන්ගේ ළමා කාලය සොරාගන්නා, රුධිර පිළිකා වලින් පිඩා විඳින ඕස්ට්රේලියානු ළමුන් ගණන ඉහලට 10.02.2026 10:08
ඉදිරි දශකය වනවිට වසරකට ළමුන් 400 කට වැඩි පිරිසකට රුධිර පිළිකා රෝග තත්වයකට මුහුණ දිය හැකි බව Leukaemia Foundation අනතුරු අඟවනවා. රුධිර පිළිකාවෙන් පීඩාවට පත් පවුල් වලට පර්යේෂණ සහ සහාය සේවා සඳහා අරමුදල් ලබා දෙමින් World's Greatest Shave Campaign ව්යාපෘතිය හරහා ඩොලර් මිලියන 12 ක් රැස් කිරීමට පදනම මේ වනවිට උත්සහ කරමින් සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්රහයෙන්.
How does IVF work in Australia? - සාර්ථක දරු පිළිසිඳ ගැනීමකට උදව් වෙන 'IVF' තාක්ෂණය ඔස්ට්රේලියාවේදී භාවිතා වෙන්නේ මෙහෙමයි 10.02.2026 10:50
Did you know that IVF is not the first, but in fact the last step in a sequence of fertility treatments? In Vitro Fertilisation is regulated by state and territory laws. It can also be expensive and emotionally challenging. Here’s what to expect when aiming to start a pregnancy with IVF in Australia. - 'In Vitro Fertilisation' එහෙම නැතිනම් IVF ලෙස කෙටියෙන් හඳුන්වන මේ තාක්ෂණය දරුවන් අපේක්ෂාවෙන් ඉන...
සිවු හැවිරිදි Gus Lamont දරුවාගේ අතුරුදහන් වීමට සම්බන්ධ සැකකරු හඳුනා ගනී 10.02.2026 2:57
දකුණු ඕස්ට්රේලියාවේ දුරස්ථ නගරයක ජීවත් වූ සිවු හැවිරිදි ගස් ලැමොන්ට් දරුවාගේ අතුරුදහන් වීම මේ වන විට අපරාධ පරීක්ෂණයක් බවට පත් කර තිබෙනවා. දරුවා දැනට ජීවතුන් අතර නොමැති බවට විශ්වාස කරන බවත් පොලීසිය නිවේදනය කළා.
නීති පිළිසරණ: දික්කසාද නීතිය - අනියම් සබඳතාවක් හෙළි වුණා කියලා ඕස්ට්රේලියාවේ දී දික්කසාද වෙන්න පුළුවන් ද? 10.02.2026 6:36
ඕස්ට්රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ දෙවැනි කොටස.
SBS සිංහල පුවත්: ඔස්ට්රේලියාවේ ජාතික ධජයට හානි සිදුකරන පුද්ගලයින්ට සිරදඬුවම් දෙන්න යෝජනාවක් 09.02.2026 5:15
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: හිටපු ඕස්ට්රේලියානු ක්රිකට් ක්රීඩක ශ්රීමත් දොන් බ්රැඩ්මන්ගේ හිස් වැසුම ඩොලර් ලක්ෂ ගණනකට වෙන්දේසි වේ 09.02.2026 7:31
හිටපු ඔස්ට්රේලියානු ක්රිකට් ක්රීඩක ශ්රීමත් ඩොනල්ඩ් බ්රැඩ්මන් (ඩොන් බ්රැඩ්මන්) පැලඳී හිස්වසුමක් පසුගියදා පැවති වෙන්දේසියකදී ඩොලර් 460,000ක මුදලකට අලෙවි වී තිබුනා. ඔස්ට්රේලියානු ක්රිකට් ක්රීඩකයින් පළඳින මේ හිස්වසුම බැගී ග්රීන් කියල හඳුන්වනවා. මේ වගේ ක්රීඩාවට සම්බන්ධ විශේෂ මතක සටහන් විශාල මුදල් ප්රමාණයන්ට ලොව පුරා අලෙවි වනවා අපට දැකගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔස්ට්රේලියානු සුපිරි දඟපන්දු යව...
ඕස්ට්රේලියාවෙන් ඇවිත් ලංකාවේ ත්රිරෝද 800 ට වඩා හසුරුවන Tom Cornish ගේ කතාව 09.02.2026 9:15
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් මුදා ගැනීමේ හා සහන සේවා කටයුතු වල ස්වේච්ඡාවෙන් නිරත වූ ඕස්ට්රේලියානු ජාතික තරුණ ව්යවසායකයෙක් වන Thomas Cornish සමඟ SBS සිංහල සේවය කළ කතාබහක් ඇසුරෙන් ගෙනෙන විශේෂාංගය.
මව්බිමෙන් පුවත්: මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීමට දෙමළ මන්ත්රීවරුන්ගේ විරෝධය / ටිල්වින් හා ජයශංකර් අතර හමුවක් 09.02.2026 8:40
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ලිබරල් පක්ෂය සහ නැෂනල්ස් පක්ෂය නැවත එක් වෙයි 09.02.2026 5:05
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 09වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: සියවැනි උපන්දිනය සමරන රූපවාහිනි යන්ත්රයේ කතාන්දරය 08.02.2026 7:13
රූපවාහිනිය සොයා ගත්තේ ජෝන් ලොගී බෙයාර්ඩ් නම් ස්කොට්ලන්ත ජාතික මහත්මයෙකු බව අපි පාසල් යන කාලේ දී ඉගෙන ගත්තා. ඒ නිපදවීමට අවුරුදු 100ක් ගත වෙලා. අද ඔබේ ආලින්දයේ තිබෙන විවිධ මාදිලිවලට අයත් රූපවාහිනී යන්ත්ර සියවසකට පෙර ජෝන් ලොගී බෙයාර්ඩ් හැඳින්වූයේ ටෙලිවයිසර් යන නමින්. පළමු වරට මේ තිරයේ පෙන්වා තියෙන්නේ බෝනික්කෙකුගේ හිසක්. නූතන රූපවාහිනී තිරයක ඇති සුපැහැදිලි දසුනක් විදියට නම් නෙවෙයි මේ බෝනික්කව පෙනිලා...
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, පෙබ 02 - පෙබ 06 06.02.2026 5:38
පෙබරවාරි 02වන දා සිට පෙබරවාරි 06වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: සත්ය සිදුවීමක් ඇසුරෙන් හදපු නිසා මේ චිත්රපටයට වැඩි බරක් තියෙනවා - චමින්ද ජයසූරිය 06.02.2026 7:41
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
සුව මනස: ශරීර සෞඛ්යය වගේම ඇයි අපි මානසික සෞඛ්යයත් යහපත් මට්ටමේ තියෙනවා ද කියලා දැන ගන්න ඕන? 06.02.2026 5:35
යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්යය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන මානසික සෞඛ්යය බිඳවැටීමකට හේතු හඳුනා ගන්නා ආකාරය පිළිබඳවයි.
ක්රීඩා විග්රහය: ජනපති NCC ක්රීඩාංගණයට ගොස් T20 ලෝක කුසලාන පුහුණුවීම් වල නිරත ශ්රී ලංකා කණ්ඩායම දිරිමත් කරයි 06.02.2026 8:49
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.