SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1835 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Oct 14, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android almost 10M downloads · 4.8 rating iOS soon

Episodes

මෑතකාලීන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීම් සහ අභියාචනා සිදු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් වෙමු 25.02.2026

2026 වසරේ මේ තාක් ඕස්ට්‍රේලියානු අධ්‍යාපන සිහිනය සැබෑ කරගත් ශිෂ්‍ය ප්‍රජාවක් සිටිනවා. ඒ වගේ ම වීසා ප්‍රතික්ෂේප වීම් පිළිබඳවත් සිය අත්දැකීම් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය අවකාශ ඔස්සේ බෙදාගන්නා පිරිස් වැඩි වශයෙන් ගත වූ මාස දෙකට දැකගන්න පුළුවන්. මේ මෑතකාලීන තත්ත්වය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සංක්‍රමණ උපදේශකවරයෙකු සමඟ ගෙන එන සාකච්ඡාවට ඔබත් සවන් දෙන්න.

ATM සහ බැංකු කාඩ්පත් වෙනුවට phone එකෙන් කරන ගෙවීම් නියාමනය කරන්නැයි බැංකු සහ මූල්‍ය සමාගම් ඉල්ලයි 25.02.2026

ඕස්ට්‍රේලියාවේ මූල්‍ය ගෙවීම් පද්ධතිය පිළිබඳ පාර්ලිමේන්තු විමර්ශන සභා රැස්වීමේ දී iPhone මගින් සිදු කරන ඩිජිටල් ගෙවීම් සඳහා Apple සමාගම සතු ඒකාධිකාරය බිඳ දමන ලෙසට රජයට මූල්‍ය හා බැංකු කේෂත්‍රයෙන් පීඩනයක් එල්ල කෙරුණා.

SBS සිංහල පුවත්: ආරක්ෂාව පිළිබඳ එල්ල වූ තර්ජනයක් හේතුවෙන් කැන්බරා නිල නිවසින් ඉවත් වූ අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි යලි ආරක්ෂිතව නිල නිවසට 25.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 25 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල වල ජාතිවාදය දැඩිව පැතිරී ඇති බව හෙළි වෙයි 24.02.2026

ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලවල racism හෙවත් වර්ගවාදය පිළිබඳ පළමු ජාතික වාර්තාව වනවිට නිකුත් කොට තිබෙනවා. මේ ඔස්සේ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවල වර්ගවාදය පුළුල් හා ක්‍රමානුකූල ගැටලුවක් බව සොයාගෙන තිබෙන බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.

ශ්‍රී ලංකාවෙන් ලැබුණු නිදහස් අධ්‍යාපනය නිසයි අද මම මෙතන ඉන්නෙ - Officer of the Order of Australia ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ මහාචාර්ය ඉලියතම්බි අම්බිගරාජා 24.02.2026

SBS Sinhala Exclusive: ඕස්ට්‍රේලියාවේ ඇති ඉහළ ම රාජ්‍ය ගෞරව සම්මාන උළෙල වන ඕස්ට්‍රේලියානු විධානයේ (The Order of Australia) ගෞරව සම්මාන උළෙලේ දී 2026 වසරේ Officer of the Order of Australia AO ගෞරව සම්මානයට පාත්‍ර වූ UNSW හි ප්‍රකට ශ්‍රී ලාංකීය මහාචාර්ය ඉලියතම්බි අම්බිගරාජා මහතා SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස් ඇසුරෙන් සැකසූ විශේෂාංගය.

නීති පිළිසරණ: දික්කසාද නීතිය - ඕස්ට්‍රේලියාවේ දී දික්කසාද නඩු කියන්න කොච්චර කාලයක් යනවා ද? 24.02.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ සිව්වැනි කොටස.

පොලී අනුපාතික ඉහළ යන වෙලාවක ඔබේ ප්‍රතිචාරය මොකද්ද? වියදම් කපනවා ද? පොලිය lock කර ගෙන තව ණය ගන්නවා ද? 24.02.2026

මේ දිනවල පොලී අනුපාතික ඉහළ යන ප්‍රවණතාවයක් තිබියදීත්, ඔස්ට්‍රේලියානුවන් වියදම් අඩු කරනවා වෙනුවට තව තව ණය ගන්න යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු දැනගන්න SBS සිංහල සේවයේ මෙම කෙටි පොඩ්කාස්ට් විශේෂාංගයට සවන් දෙන්න

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ පළමු අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීමේ පූර්ව සංවර්ධන අදියර ඇරඹේ 24.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 24 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

ඉදිරි දින කිහිපයේ මෙල්බර්න්වලට ඇද හැළෙන ඉහළ ම වර්ෂාපතනය අද, සිඩ්නි නුවරට හෙට දිනයේ තද වැසි සහ සුළං 23.02.2026

ගිම්හාන කාලයේ අවසන් දින කිහිපය තමයි මේ ගත වෙන්නේ. ඒත් එක්කම ඕස්ට්‍රේලියාවේ බොහෝ පෙදෙස් තද වැසි සහ අකුණු සහිත කාලගුණ තත්ත්වයකට මුහුණ දෙන්න සූදානම් වෙනවා. හදිසි ගංවතුර, තද සුළං සහ ජන ජීවිතයට බාධා ඇති විය හැකි බවට පුරෝකථනයක් තිබෙනවා. මධ්‍යම ඔස්ට්‍රේලියාවට ඉහළින් නිවර්තන අවපාතයක් මේ අයහපත් කාලගුණය ඇති කරනවා. මේ ගතවන සතිය පුරා ඒ තත්ත්වය පවතිනු ඇති බව කාලගුණික කාර්යාංශය කියනවා. මේ අතර, රටේ ප්‍රධාන භාණ්ඩ...

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ ඉහළ යන බලහත්කාර විවාහ වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පාසල් වල සහාය අවශ්‍යයි 23.02.2026

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන් බලහත්කාරයෙන් විවාහ කර දීම පිළිබඳ පොලිස් වාර්තා ඉහළ ගොස් තිබෙනවා. නව වසරක ආරම්භයේදී සිසුන් පාසල වෙත නැවත පැමිණෙන විට, ඔවුන් බලහත්කාරයෙන් විවාහ කර දීමේ සලකුණු ඇත්දැයි පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය පාසල් වලින් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු SBS සිංහල සේවයේ අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

අපිටත් වඩා අපේ සුරතලුන්ට රස්නේ දැනෙන බව දන්නවද, වැඩි විස්තර මෙන්න 23.02.2026

Heatwaves හෙවත් "තාප තරංග" වල බලපෑම සුරතල් සතුන්ගේ සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන සෑම හිමිකරුවෙකුම දැනගත යුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවේ දෙවන කොටසට සවන් දෙන්න.

සුව මනස: මානසික ගැට‍ළුවක් ආවා ම අපි කාට ද මුලින් ම කතා කරන්න ඕන? 23.02.2026

යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන මානසික සෞඛ්‍ය බිඳවැටීමක දී ඔබ ලබා ගත යුතු වෘත්තීය උපදෙස් හා යොමු විය යුතු ක්‍රියාමාර්ග පිළිබඳවයි.

මව්බිමෙන් පුවත්: බුද්ධාගමට හා මහා සංඝරත්නයට සිදු කරන අපහාස වලට එරෙහිවයි සඟ සමුළුව පැවැත්වුණේ - මන්ත්‍රී මාදුගොඩ / පටු අරමුණින් කරන සමුළු වල අරමුණු ඉටු වෙන්නෙ නෑ - නි.ඇමති වටගල 23.02.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ලිබරල් සන්ධාන රජයක් යටතේ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කරන බව විපක්ෂ නායක ටේලර් කියයි 23.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 23වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: දශක දෙකක සාකච්ඡා වලින් පසුව ඉන්දියාව යුරෝපය සමග සුවිශේෂී වෙළඳ ගිවිසුමකට එළඹෙයි 22.02.2026

යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර ඉතාම සුවිශේෂී වෙළඳ ගිවිසුමක් පසුගියදා ඇති උනා. මේ සඳහා වසර දෙකක පමණ කාලයක ඉඳලා දෙපාර්ශවය සාකච්ඡා පැවැත් වූවා. ඇමරිකානු සම්බාධක හේතුවෙන් වෙළඳ ගනුදෙනු සඳහා වන එකඟතා ඇතිකර ගැනීම සඳහා මේ ප්‍රබල ආර්ථිකයන් දෙකම මේ වනවිට කටයුතු කරමින් ඉන්නවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

ලෝක මව් භාෂා දින විශේෂාංගය - අවුරුදු 36 ට අධික කාලයක් දරුවන්ට මව්බස ඉගැන්වූ අපේ කාලේ දුයිෂෙන් ගුරු යුවළ 20.02.2026

ජාත්‍යන්තර මව් භාෂා දිනය පෙබරවාරි 21 වෙනිදා ට යෙදෙනවා. දශක තුනකට අධික කාලයක් සිංහල භාෂා ගුරුවරු ලෙස ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ගුරු සේවයේ නිරත වූ ජනහිත විජයබණ්ඩාර මහතා සහ තමරා ගුණතිලක මහත්මිය SBS සිංහල සේවය සමඟ මව් භාෂාවේ වටිනාකම සහ සිය ගුරු ජීවිතය පිළිබඳ දැක්වූ අදහස්.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, පෙබ 16 - පෙබ 20 20.02.2026

පෙබරවාරි 16වන දා සිට 20වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: අඩුවෙන් අවස්ථාව ලැබෙන නිසා ද මන්දා මම ගායනයට වඩා රංඟනයට තමා වඩාත්ම කැමති - අමන්ද්‍යා 20.02.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.

පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ගාස්තු අප්‍රේල් 01 වැනිදා සිට ඉහළ යන්නේ මෙන්න මෙහෙමයි 20.02.2026

2017 වසරෙන් පසු විශාලතම සෞඛ්‍ය රක්ෂණ වාරික වැඩි වීම ෆෙඩරල් රජය විසින් අනුමත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සියයට 4.41 ක සාමාන්‍ය අගයකින් වාරික වැඩි වීම අප්‍රේල් 1 වන දින සිට ක්‍රියාත්මක වනවා.

ක්‍රීඩා විග්‍රහය: අන්තිම පන්දු වාරය යැවීමට මහීශ් තීක්ෂණ යොදාගැනීමට නායකයා ගත් තීරණය නිවැරදියි - කුසල් මෙන්ඩිස් 20.02.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: ඝාතනය වූ නීතිඥවරයා ගැන පොලිස් විමර්ශනයක් සිදු වෙමින් තිබුණා - අමාත්‍ය විජේපාල / රක්ෂිත බන්ධනාගාරය වෙනුවට සැකකරුවන් නිවාස අඩස්සියට 20.02.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: පෝලීන් හැන්සන්ට රාමසාන් සමයේ දී සිඩ්නි ලකෙම්බා ප්‍රදේශයට පැමිණෙන්නයි මුස්ලිම් ප්‍රජාව ඉල්ලයි 20.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

How to recover from bushfires - ඔස්ට්‍රෙලියාව්දී ලැව්ගිනි තත්වයකට ඔබ මුහුණ දුන්නොත් නැවත ජීවිතය ගොඩනගා ගන්නේ කොහොමද? 19.02.2026

Australia’s hot, dry climate and unique landscapes make it one of the most bushfire-prone countries in the world. As climate change drives higher temperatures and drier conditions, we can expect more frequent and more intense bushfires in the future. But once the fire is out, how do you return home safely, find support, and look after yourself? - ඕස්ට්‍රේලියාවේ පාරිසරික තත්වයන් සහ උණුසුම් කාලගුණික...

සමාජ මාධ්‍ය සැබෑ රේඩියෝ කලාවට තර්ජනයක් නෙවෙයි - ලෝක රේඩියෝ දිනය වෙනුවෙන් SBS සිංහල ගුවන්විදුලියට ආ DJ අරා අරවින්ද ලොකුගේ 19.02.2026

Exclusive: ශ්‍රී ලාංකේය වාණිජ ගුවන්විදුලි කේෂ්ත්‍රයේ යුග පෙරළියකට දායක වූ වසර ගණනාවක් අඛණ්ඩව ජනප්‍රියම නිවේදකයාට හිමි ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ නිවේදක අරවින්ද ලොකුගේ SBS සිංහල සේවයේ සජීව ගුවන්විදුලි වැඩසටහන සමඟ සිදු කල කතාබහ.

Superannuation විශ්‍රාම අරමුදල් කිහිපයක් පවත්වාගෙන යාමෙන් කීයක් පාඩු වෙනවා ද කියලා දන්නවා ද? 19.02.2026

ඕස්ට්‍රේලියානුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට තමන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල නැතිනම් Superannuation ගිණුමේ නම කුමක් දැයි මතකයෙන් පිළිතුරු දිය නොහැකි බව නවතම සමීක්ෂණයක් හෙළි කරනවා.

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.