SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
මීළඟ සංචාරය සැලසුම් කරන්න කලින් සංචාරක රක්ෂණ වලින් ආවරණය වන නොවන දේවල් දැන ගමු ද? 04.03.2026 4:27
මැදපෙරදිග කලාපයේ උග්රවන ගැටුම් ගෝලීය ගුවන් සේවා ක්ෂේත්රයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතිනවා. බොහෝ ඔස්ට්රේලියානුවන් ඇතුළු විදෙස් සංචාරකයින් දහස් සංඛ්යාත පිරිසක් මේ වන විට මැදපෙරදිග කලාපයේ සිර වී සිටිනවා. මෙවැනි දුෂ්කර අවස්ථාවක දී සංචාරක රක්ෂණ ආවරණයක් ඇතොත් ඉන් ප්රතිලාභයක් හිමිවෙතැයි සිතුවත් වාර්තා වන අන්දමට යම් සංචාරක රක්ෂණ අවාරණ හිඩැස් හෙතුවෙන් මෙවැනි හදිසි යුදමය තත්ත්වයන් ඒවායෙන් ආවරණය නොවන බ...
SBS සිංහල පුවත්: 'ඉන්ධන ලබා ගැනීමට කලබල වෙනු එපා - ප්රමාණවත් සංචිත තිබෙනවා', බලශක්ති අමාත්ය කියයි 03.03.2026 4:28
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 04වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ඉරානයට පහර දුන් නිසා ඇමරිකාවට සහ ජනපති ට්රම්ප් ට නීතිමය ප්රතිවිපාකවලට මුහුණ දෙන්න වෙයිද 03.03.2026 11:50
තම නායකයා ඝාතනය කොට සිවිල් වැසියන් ඉලක්ක කරමින් ප්රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඉරානය, ඇමරිකාවෙන් පලිගන්නා බවට ප්රකාශ කොට තිබෙනවා. කෙසේ නමුත් මේ අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අනතුරු අඟවන්නේ සියලු අරමුණු සපුරා ගන්නා තෙක් ඉරානයට පහර දෙන බවයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්රහයෙන්.
ඕස්ට්රේලියාවේ ජීවත් වන අම්මාලා තාත්තාලාට ලබාගන්න පුළුවන් මේ වැඩිහිටි සේවා ගැන දැන ගෙන හිටියා ද? 03.03.2026 10:06
ඕස්ට්රේලියාවට සංක්රමණය වෙලා ඉන්න අම්මාලා තාත්තාලාට කරන්න දේවල් නැතිව ගෙදරටම කොටු වෙලා ද? රජයෙන් ලබා දෙන මේ විවිධ සේවා පහසුකම් ගැන දැනුම්වත් ද?
නීති පිළිසරණ: දික්කසාද නීතිය - ලංකාවේ දි කසාද බැඳලා ඕස්ට්රේලියාවේ දී දික්කසාද වෙන්න පුළුවන් ද? 03.03.2026 5:12
ඕස්ට්රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ පස්වැනි කොටස.
මැදපෙරදිග යුද්ධය ඕස්ට්රේලියාවේ ජීවත්වන ඔබේ මුදල් පසුම්බියට බලපාන හැටි 03.03.2026 5:28
ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්රායල යුද්ධය ජාත්යන්තර වෙළඳාම අවුල් ජාලයකට ඇද දමා තිබෙනවා. දැනටත් ඉහළ ගොස් ඇති ජීවන වියදම් මේ හේතුවෙන් තවත් වැඩි විය හැකි බවට ඕස්ට්රේලියානුවන්ට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවනවා.
SBS සිංහල පුවත්: මැදපෙරදිග කලාපයේ ඔස්ට්රේලියානුවන්ගේ ආරක්ෂාවට ප්රමුඛතාව හිමි බව අගමැති ඇල්බනීසි කියයි 03.03.2026 5:20
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 03වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සුව මනස: අපේ සංස්කෘතික හා ආගමික පසුබිම මත ඕනෑම මානසික බිඳ වැටීමක් දරා ගන්න පුළුවන් ද? 02.03.2026 5:21
යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන අපේ සංස්කෘතික හා ආගමික පසුබිම අනුව මානසික සෞඛ්ය පිළිබඳ ඇති විශ්වාස හා දුර්මත පිළිබඳවයි.
ඕස්ට්රේලියාවේ Bridging Visa ගැන තොරතුරු සහ කොන්දේසි කඩ කරොත් වෙන දේ මෙන්න 02.03.2026 10:20
ඕස්ට්රේලියාවේ Bridging Visa වර්ග සහ Bridging Visa වල එන කොන්දේසි කඩකළහොත් මුහුණ දෙන්න වෙන ප්රතිවිපාක පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
2026 Mardi Gras උළෙල උත්කර්ෂවත් අයුරින් සැමරේ, ඕස්ට්රේලියානු ජාතික උරුම ලැයිස්තුවත් අලුත් වෙයි 02.03.2026 4:35
පසුගිය සතිඅන්තයේ සිඩ්නි නගරය සමකාමී අභිමානයෙන් සහ වර්ණවත් සැණකෙළි සිරියකින් පිරී ඉතිරී ගියා. ඒ ඔක්ස්ෆර්ඩ් වීදියේ පැවැත්වෙන වාර්ෂික Mardi Gras පාගමනට දහස් ගණන් ජනතාව එක් වීමත් සමඟයි. 2026 වසරේ Sydney Gay and Lesbian Mardi Gras උළෙල පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.
දුප්පත් පවුලකින් පැමිණ ඉරානයේ උත්තරීතර නායකයා වූ අයතුල්ලා අලි හමේනි 02.03.2026 7:20
1939 වසරේ දී ඉරානයේ මෂාඩ් නගරයේ දරුවන් අට දෙනෙකුගෙන් යුත් දුගී පවුලක දෙවැන්නා ලෙස මෙලොව එළිය දුටු අයතුල්ලා අලි හමේනි ලොව දීර්ඝතම කාලයක් රාජ්ය නායකත්වය දැරූවන්ගෙන් කෙනෙක් ලෙස සැලකෙනවා. ඉරාන විප්ලවය හා ඉස්ලාමීය ඉරාන ජනරජය ගොඩනැගීමට ඔහු දුන් නායකත්වය හේතුවෙන් පිරිසකගේ ගරු බුහුමනටත් සිය පාලනයට එරෙහි නැගිටීම් කෲර ලෙස මර්දනය කිරීම හේතුවෙන් තවත් පිරිසකගේ දැඩි වෛරයටත් අලි හමේනි පත් වුණා.
මව්බිමෙන් පුවත්: තෙල් රැස් කළොත් QR ක්රමයට යන්න වේවි - බලශක්ති නි.ඇමති / අපිට ප්රමාණවත් ඉන්ධන තොග තිබෙනවා - සිපෙට්කෝ සභාපති 02.03.2026 9:15
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
කාලීන විග්රහය: මියගිය ඉරාන ආධ්යාත්මික නායකයා පිලිබඳ ශෝකය පළකිරීමක් සිදු නොවනු ඇති බව ඕස්ට්රේලියානු අග්රාමාත්යවරයා පවසයි 02.03.2026 8:49
ඇමරිකාව සහ ඊශ්රායලය ඉරානය වෙත දැඩි ප්රහාර මාලාවක් පසුගියදා එල්ල කළා. මේ ප්රහාරවලින් ඉරාන ආධ්යාත්මික නායකයා ඇතුළු ඉහල පෙලේ නායකයින් ගණනාවක් ජීවිතක්ෂයට පත්වී ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වෙනවා. ඇමරිකාවේ සහ ඊශ්රායලයේ මේ ප්රහාර මාලාවට ඕස්ට්රේලියානු නායකයින්ගේද සහාය මේ වනවිට ඵලවෙලා තියෙනවා. ඇතිවූ මේ යුධමය තත්වය නිසා ඕස්ට්රේලියාවේ අභ්යන්තර ආරක්ෂක තත්වයට බලපෑමක් සිදුවේද යන්න පිළිබඳව සොයා බැ...
SBS සිංහල පුවත්: ඉරානයේ එක්සත් ජනපද හමුදා ක්රියාකාරකම් පිළිබඳ ඕස්ට්රේලියානු පක්ෂ - විපක්ෂ අදහස් 02.03.2026 5:25
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 02වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ජාත්යන්තර සිසුන්ට ඕස්ට්රේලියානු සෞඛ්ය පද්ධතිය සමීප කරවන නව මෙවලමක් දියත් කෙරේ 01.03.2026 6:23
ඕස්ට්රේලියාවේ ජීවත් වන ජාත්යන්තර සිසුන්ට රටේ සෞඛ්ය පද්ධතිය සමහරවිට තේරුම් ගන්න අමාරුයි. එහෙමත් නැත්නම් වියදම් කරන්න අමාරුයි. මේ ගැටලුකාරී තත්ත්වය මග හරවා ගැනීම උදෙසා ජාත්යන්තර ශිෂ්යයන් විසින් ජාත්යන්තර ශිෂ්යයන් උදෙසා නව මෙවලමක් දියත් කර තිබෙනවා. සෞඛ්ය සේවාවලට ඇති පහසු ප්රවේශය වගේ ම ලිංගික සහ මානසික සෞඛ්යය යන කරුණු වටා තිබෙන stigma එක මේ මගින් නැති කරන්න උත්සාහ කරනවා. එනම් මෙවැනි සෞඛ්ය ක...
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, පෙබ 23 - පෙබ 27 27.02.2026 6:41
පෙබරවාරි 23වන දා සිට 27වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: අලුත් නළු නිළියො හැමදාම දකින කුකුළාගේ කරමලේ වගේ උදේ ඉඳන් හවස් වෙනකම් හැම ටීවී චැනල් එකේම ඉන්නවා - අනෝජා වීරසිංහ 27.02.2026 8:37
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
ක්රීඩා විග්රහය: ලංකාවේ ක්රිකට් ගැන බලාපොරොත්තු අත්හැර ගන්න එපා - දසුන් ශානක 27.02.2026 8:39
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: තමිල් සෙල්වන් විනාශ කල සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම හෙලා දකිනවා - අලි සබ්රි / මහජන ආරක්ෂක ඇමතිට සහ නියෝජ්ය ආරක්ෂක ඇමතිට ජීවිත තර්ජන 27.02.2026 7:48
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ග්රේස් ටේම්ගෙන් අගමැති සමාව ඉල්ලයි - බියගුලු පලා යාමකැයි ග්රේස්ගෙන් සටහනක් 27.02.2026 5:02
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 27 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ඔස්ට්රේලියාවේ LGBTIQ+ ප්රජාවේ පිරිස් රැකියා ස්ථානවලදී හිංසනයට ලක්වීමේ සිදුවීම් ඉහලට 26.02.2026 9:25
ඔස්ට්රේලියාවේ වෛරී සහගත ප්රකාශයන් පිළිබඳව වන සිදුවීම් පසුගිය කාලයේ ඉහල ගොස් තිබෙනවා. ඔස්ට්රේලියානු සමාජයේ ඉන්න LGBTIQ+ ප්රජාවන් රැකියා ස්ථාන තුලදී විවිධ හිංසනයන්ට ලක්වන බවටත් මේ වනවිට එම ප්රජාවන්ගෙන් තොරතුරු වාර්තා වනවා. මෙවැනි සිදුවීම් වලක්වන්න නව නීති හඳුන්වාදිය යුතු බවට මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශේෂඥයින්ගේ මතය වෙලා තියෙනවා. මේ ගැන සම්පූර්ණ තොරතුරු දැනගන්න අද කාලීන විග්රහයට සවන් දෙන්න
2023 සහ 2025 අතර වැඩිම ප්රතිශතයකින් ඕස්ට්රේලියාවට සංක්රමණය වූ නිපණතා සහිත වූවන් ශ්රී ලංකාවෙන් 26.02.2026 6:26
ශුද්ධ විදේශ සංක්රමණය දත්ත අනුව 2023-24 සහ 2024-25 වර්ෂ අතර වැඩිම ප්රතිශතයකින් සංක්රමණික සංඛ්යාවක් ඉහළ ගොස් ඇත්තේ ශ්රී ලාංකික නිපුණතා සහිත ප්රජාවයි. 2023-24 මූල්ය වසරේ දී ඔස්ට්රේලියාවට සංක්රමණය වූ ශ්රී ලාංකිකයින් සංඛ්යාව 4688 ක්. නමුත් 2024-25 මූල්ය වර්ෂයේ දී එය 75.7% කින් වැඩි වී 8235 ක ශ්රී ලාංකික නිපුනතා සංක්රමණිකයින් මෙටට පැමිණ තිබෙනවා.
අපේ වහරේ කතා අහුරක්: පොල් මුඩු වෙදා බෙහෙත් දුන්න හැටි දන්නවා ද? 26.02.2026 5:51
අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ පොල් මුඩු වෙදෙක් ගැන කතාවක්.
ලොව වටා: ට්රම්ප් ඇමරිකානු ඉතිහාසයේ වාර්තාවක් තබමින් දිගම කතාව කරද්දී, ජපානයේ Punch තරුවක් වෙයි 26.02.2026 8:01
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: සුපිරි වෙළඳසැල් ජාලයක් විසින් සිදු කරන නොමඟ යැවීමක් පිලිබඳ පාරිභෝගික කොමිසම අධිකරණයට කියයි 26.02.2026 5:29
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 26වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.