SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1835 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Oct 14, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android almost 10M downloads · 4.8 rating iOS soon

Episodes

නීති පිළිසරණ: දික්කසාද නීතිය - සම්පූර්ණ වැඩසටහන 17.03.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡා කොටස් හයම ඇතුළත් සම්පූර්ණ වැඩසටහනයි.

ඕස්ට්‍රේලියාවේ දැන් අංක එකේ මාරාන්තික පිළිකාවෙන් බේරෙන්න මේ ගැන දැනගන්න 17.03.2026

ඕස්ට්‍රේලියාවේ මාරාන්තික පිළිකාව තවදුරටත් පෙනහළු පිළිකා නොවන බව හෙළිව තිබෙනවා. මේ වනවිට මෙම මාරන්තිකම පිළිකා Upper gastrointestinal (GI) cancer වශයෙන් හැඳින්වෙන අතර මේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ දිගු කාලීන බලශක්ති සුරක්ෂිතතාව ගැන ගැටළු මතු වෙයි 17.03.2026

ලොව පුරා රටවල් රැසක් වගේම ඔස්ට්‍රේලියාවත් මේ වනවිට යම් ආකාරයක තීරණාත්මක ඉන්ධන හිඟයකට මුහුණ දෙමින් සිටිනවා. මෙලෙස තීරණාත්මක ඉන්ධන හිඟයකට මුහුණ දෙන ප්‍රාදේශීය ප්‍රජාවන්ට ඉහළ සල්ෆර් සහිත පෙට්‍රල් ලබාදීම සඳහා ෆෙඩරල් රජය දින 60ක තාවකාලික සල්ෆර් ප්‍රමිතීන් ලිහිල් කිරීමට අවසර දී තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

ඕස්ට්‍රේලියාවේදී ඔබ course එක වෙනස් කරනවා නම්, මේ දේවල් ගැනත් මුලින්ම දැනගන්න 17.03.2026

ඕස්ට්‍රේලියාවේදී ඔබේ පාඨමාලාව හෝ සැපයුම්කරු "Education Provider" වෙනස් කිරීමට සිතනවා නම් ඒ ගැන ජාත්‍යන්තර සිසුන් වශයෙන් දැනගතයුතු දේවල් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ඉන්ධනවල ගුණාත්මක බව පහත හෙලීමට රජය ගත් තීරණයට විවේචන එල්ල වේ 17.03.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 17වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: රැප් ගායකයකු වන බාලේන්ද්‍ර ෂා නේපාලයේ නව නායකයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්වේ 16.03.2026

නේපාලයේ පැවති උද්ඝෝෂණ රැල්ල හේතුවෙන් එරට රජය පෙරලා දැමීමට අරගල කරුවන් කටයුතු කළා. ඉන් මාස 6 කට පමණ පසුව පැවතුන මහා මැතිවරණයෙන් 35 හැවිරිදි රැප් ගායකයකුවන බාලේන්ද්‍ර ෂා එරට නායකත්වයට තේරී පත් වී තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය කේ. පි ශර්මා ඔලී පරාජය කරමින් විශාල ජයග්‍රහණයක් ලබන්න මේ තරුණ රැප් ගායකයා ඇතුළු ඔහුගේ පක්ෂය සමත් වුනා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: පෝලිම් හදන්න උත්සහ කරන නිසයි QR ක්‍රමය යළි ගෙනාවේ - තෙල් සංස්ථාව / ඉරාන නැවට ඉන්දීය සාගරයේ පහර දීම කලාපීය ස්ථාවරත්වයට බලපෑමක් - මන්ත්‍රී නාමල් 16.03.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ තෙල් හිඟයක් නොමැති බව ෆෙඩරල් භාණ්ඩාගාරික කියයි 16.03.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 16වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

සුව මනස: යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගන්න අපි මොනවා ද කරන්න ඕන? 15.03.2026

යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන මානසික සෞඛ්‍ය යහපත් කර ගැනීම පිළිබඳවයි.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 09 - මාර්තු 13 13.03.2026

මාර්තු 09වන දා සිට 13වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: වයසට නොයන රහස බිරිඳගේ ආදරේ වැඩිකමයි - නලින් පෙරේරා 13.03.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.

ක්‍රීඩා විග්‍රහය: ක්ලිෆර්ඩ් කුසලානය CR & FC පිලට - මලල ක්‍රීඩා නව සභාපති බිමල් - සවි එසවීමේ ශූර රන්සිළු ඇමරිකාවේදී රනින් දිනයි 13.03.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: 2026 කාන්තා දිනයේ දී සිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙළ ගැසුණු දස දහස් ගණනක ස්ත්‍රී හඬ 13.03.2026

මාර්තු 8වන දා ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබුණා. ලොව පුරා කාන්තාවන් මේ දිනය සමරනු වස් නොයෙක් ක්‍රියාකාරකම්වල නිරත වුණා. ඒ අතර අසමානතාව සහ වෙනස් කොට සැලකීමට එරෙහිව වීදි බසිනු දකින්න ලැබුණා. මේ විරෝධතාවලට එක් වූ අය වැටුප්වල වෙනස්කම්, ප්‍රජනන අයිතිවාසිකම් සහ කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය වැනි කරුණු පිළිබඳ අවධාරණය කළා. මේ ගැනයි අද කාලීන විග්‍රහය.

මව්බිමෙන් පුවත්: අපි ගොඩක් අඩුවෙනුයි තෙල් මිල වැඩි කලේ - ඇමති වසන්ත / මේ යන විදිහට පාස්කු ප්‍රහාරයේ දිනය පෙන්නුවේ අහවලා කියලාත් කියයි - හිටපු මන්ත්‍රී සංජීව 13.03.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව දේශීය වශයෙන් බෙදාහරින ඉන්ධන තත්ත්ව ප්‍රමිතීන් සංශෝධනය කරයි 13.03.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 13 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඔස්ට්‍රේලියාවෙන් ඔත්තු බලන ගුවන් යානක් සහ හමුදා භට කණ්ඩායමක් 12.03.2026

මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් තිබෙන යුධමය තත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාව යුධමය වශයෙන් ආධාර යවා තිබෙනවා. මේ අනුව E-7-A වෙජ්ටේල් (Wedgetail) වර්ගයේ ඔත්තු බලන යානයක් සහ හමුදා බටයින් 85 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත යැවීමට කටයුතු කර තිබෙනවා . මෙහිදී කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පමණක් මේ යුධමය සහාය ලබා දෙන බව රජය පවසනවා. කෙසේඋවත් ජාත්‍යන්තර යුධ නීති උල්ලංගනය වෙමින් සිදුවෙන යුද්ධයකට ඔස්ට්‍රේල...

ශ්‍රී ලංකාවේත් ඕස්ට්‍රේලියාවෙත් කාන්තාවට ඉහළ අධ්‍යාපන පසුබිමක් තිබෙනවා, සුධර්මා කරුණාරත්න 12.03.2026

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වත්මන් අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරන සුධර්මා කරුණාරත්න Australia Awards ශිෂ්‍යත්වය ලැබ ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් (Australian National University) මහජන ප්‍රතිපත්ති විෂය ක්ෂේත්‍රයේ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා. ඒ ප්‍රතිපත්ති සම්පාදනය සහ ආණ්ඩුකරණය පිළිබඳ ලොව ප්‍රකට අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් වන Crawford School of Public Policy පාසලේදියි. මාර්තු 8වන දාට යෙදුණු ජාත්‍යන...

Superannuation විශ්‍රාම වැටුප් සඳහා රජය ගෙනෙන මේ වෙනස්කම් ඔබට බලපාන්නෙ කොහොම ද? 12.03.2026

Superannuation එහෙම නැතිනම් ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදයට ෆෙඩරල් රජය ගෙන ආ වෙනස්කම් සෙනෙට් සභාව විසින් සම්මත කර තිබෙනවා.

අපේ වහරේ කතා අහුරක්: කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි! 12.03.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ‘කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි’ කියන යෙදුම හැදුන හැටි ගැනයි.

ලොව වටා: ඉරානයෙන් ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපයට තවදුරටත් ප්‍රහාර / නේපාල අගමැති පුටුවට එන රැප් ගායක Balendra Shah 12.03.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: අයථා ලෙස ඉන්ධන මිල ඉහළ දැමූවන්ට එරෙහිව පියවර, භාණ්ඩාගාරිකගෙන් ප්‍රකාශයක් 12.03.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

More than style: How First Nations fashion is growing in Australia - විලාසිතාවකට එහා ගිය ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවට අනන්‍ය වූ ඇඳුම් විලාසිතා ගැන තොරතුරු මෙන්න 11.03.2026

If you’ve spent any time in Australia, you’ve probably noticed how relaxed the style is. You might notice activewear, surf brands and casual clothes everywhere. But there’s another side to Australian fashion. Aboriginal and Torres Strait Islander designers have been creating clothes and accessories for thousands of years — and that work is very much alive today. You’ll see it on runways, in global...

ශ්‍රී ලංකාවේ අනන්‍යතාව බහුසංස්කෘතික සබඳතා හරහා විදහා දැක්වීමට අඛණ්ඩව කැප වෙනවා - දකුණු ඔස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා ගරු කොන්සල් දිමුතු සමරනායක 11.03.2026

දකුණු ඔස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා ගරු කොන්සල් ලෙස දිමුතු සමරනායක මහතා පත් වීම් ලැබුවා. මේ SBS සිංහල සේවය වෙනුවෙන් ඇඩිලේඩ් නුවර සිට කුමුදිණි සිල්වා ඔහු සමඟ පැවති කෙටි කතාබහ ඇසුරෙන් ‍සැකසූ විශේෂාංගයක්.

ඕස්ට්‍රේලියාවේ සිට අන්තර්ජාලයෙන් කාමුක දර්ශන බැලීමට 18+ වැඩි බව තහවුරු කරන නීති තද කරද්දී VPN බාගත කිරීම් තුන් ගුණයකින් ඉහළට 11.03.2026

ඕස්ට්‍රේලියානුවන් වෙත සිය අන්තර්ජාල පිවිසීම් අවහිර කිරීමට ලොව ප්‍රමුඛ පෙළේ කාමුක දර්ශන බෙදාහරින සමාගම් මේ වන විට කටයුතු කර තිබෙනවා. ඒ පසුගිය දෙසැම්බර් මාසයේ දී ක්‍රියාත්මක වීම ඇරඹුන වයස අවුරුදු 16 ට අඩු නව යොවුන් වියේ දරුවන්ට පැන වූ සමාජ මාධ්‍ය භාවිත තහනමේ දිගුවක් ලෙසයි.

SBS සිංහල පුවත්: ඉහල යන ඉන්ධන මිල හේතුවෙන් මේ සතියේදී තම ගුවන් ගමන් ප්‍රවේශපත් ගාස්තු ඉහල යනු ඇති බව කොන්ටාස් ආයතනය පවසයි 10.03.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 11වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.