SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Jul 11, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

කාලීන විග්‍රහය: ඉහල කුලී නිවාස මිලගණන් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් තවදුරටත් පීඩා විඳී 01.12.2025

ඕස්ට්‍රේලියාවේ පොලිඅනුපාත යම් පමණකට ස්ථාවර වීමක් දක්නට ලබුනත් ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස මිල ගණන් තවදුරටත් ඉහල මට්ටමක පවතින බව අපට දක්නට ලැබෙනවා. ඕස්ට්‍රේලියාවේ බොහොමයක් ප්‍රධාන නගර වල ජීවත්වන ජනතාව තම ආදායමෙන් තුනෙන් එකක් පමණ නිවාස කුලී සඳහා වෙන්කරන බවද වාර්තා වනවා. මෙහි බරපතලම තත්වය වාර්තා වෙන්නේ පර්ත් නුවරින්. පවතින මේ තත්වය ගැන වැඩිදුර තොරතුරු අද කාලීන් තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

මව්බිමෙන් පුවත් දෙසැ 01: අවදානම් තත්ත්වය තවදුරටත් - දිස්ත්‍රික්ක 7 ට රතු නිවේදන 01.12.2025

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන විශේෂ ‘මව්බිමෙන් පුවත්’ ප්‍රකාශය.

SBS සිංහල Newsflash දෙසැ 01: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 334 දක්වා ඉහළට 01.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 01 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: නළ දරු උපත් උදෙසා ඩිම්බ පරිත්‍යාග කිරීමට අදාළ ඕස්ට්‍රේලියානු නීතිරීති වෙනස් කිරීමට යෝජනා 30.11.2025

ඩිම්බ පරිත්‍යාගවලට ඇති ඉල්ලුම ඕස්ට්‍රේලියාවේ ඉහල ගොස් තිබෙනවා. ඒ දරුවෙකු අපේක්ෂාවෙන් සිටින බොහෝ දෙනෙකු සරුභාවය පිළිබඳ ගැටලුවලට මුහුණ දී සිටින නිසා. කෙසේ වෙතත් මේ අවශ්‍යතාවට සරිලන ප්‍රමාණවත් ඩිම්බ දායකයන් ඇත්තේ නැහැ. මේ හිඟය නිසා ඔස්ට්‍රේලියාව ඩිම්බ දානය සම්බන්ධයෙන් ඇති නීතිරීති වෙනස් කළ යුතු යැයි විශේෂඥයන් පවසනවා. අද කාලීන විග්‍රහයේ අවධායන ඒ පිළිබඳවයි.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, නොවැ 24 - නොවැ 28 28.11.2025

නොවැම්බර් 24වන දා සිට නොවැම්බර් 28වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: සහන් රන්වලට පෙම්වතිය බලන්න යනවා වගේ දැනෙන දේ දන්නවා ද? 28.11.2025

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.

ක්‍රීඩා විග්‍රහය - 2030 Commonwealth Games සත්කාරකත්වය අහමදාබාද් නුවර ට 28.11.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: කැලඹුණු කාලගුණයෙන් දිස්ත්‍රික්ක 17 ට පීඩා / ආපදා තත්ත්වයට මුහුණ දීමට ජනපති අගමැති විපක්ෂ නායක රැස් වේ 28.11.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල Newsflash නොවැ 28: කැන්බරා, හෝබාර්ට් සහ මිල්දුරා හි QantasLink මධ්‍යස්ථාන වසා දැමෙයි 28.11.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 28 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: Uber Eats, DoorDash වැනි ආයතන වල ආහාර බෙදාහැරීම් කරන රියදුරන්ට වැටුප් වැඩිවීමක් 27.11.2025

Uber Eats සහ DoorDash වැනි ආහාර බෙදා හැරීමේ සේවා සපයන ආයතනවල ආහාර බෙදා හැරීමේ කටයුතු සිදු කරන ඕස්ට්‍රේලියාවේ සේවකයින්ට විශාල වශයෙන් වැදගත් වන යෝජනාවලියක් Fairwork කොමිසමට ඉදිරිපත් කිරීම පසුගියදා සිදුවුනා.

වයස්ගත ප්‍රජාව අතර වැටීම් හෙවත් Elderly Falls සංකූලතා මාලාවකට හේතු වන තත්ත්වයක් වන්නේ මේ නිසයි 27.11.2025

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට වැඩි සෑම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම වසරක් පාසා වැටීමකට ලක් වනවා. වයස්ගත ඔස්ට්‍රේලියානුවන්ගේ තුවාල සහ රෝහල්ගතවීම් වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙයයි. වැටීම්වලට හේතු සහ එහි සංකූලතා පිළිබඳව සිදු කළ වෛද්‍ය සාකච්ඡාවේ පළමු වැඩසටහනට ඔබත් සවන් දෙන්න.

ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලංකේය ව්‍යාපාරිකයන්ට Lankan Fest ලොකු අවස්ථාවක් උදා කරනවා - ව්‍යාපාරික ප්‍රජාවේ අදහස් 27.11.2025

මෙල්බර්න්හි ව්‍යාපාරික උපදේශක ඩෑන් ද සිල්වා සහ අහාරපාන නිෂ්පාදන කේෂ්ත්‍රයේ නිරත ඉෂානි කලටුවගේ සහ අරෝෂ පෙරේරා Lankan Fest උදා කල ව්‍යාපාරික අවස්ථාව පිළිබඳ දැක්වූ අදහස්.

අපේ වහරේ කතා අහුරක්: මේක හතර බීරි කතාවක්! 27.11.2025

දොම්පෙ ට යන පාර අහන්න ගිය තරුණයෙකුට සිද්ධ වුණු මේ රසවත් කතාව අපේ වහරේ එන විවිධ අලංකාර කියුම් කෙරුම් ගැන සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන මේ රස කතා අහුරෙන් අහලා දැන ගන්න.

'ලොව වටා': යුක්‍රේන රුසියා ගැටුම නවතන්න ට්‍රම්ප් පියවර ගද්දී මෙක්සිකෝ රූ රැජින අපහාස මැද විශ්ව රූ රැජින වෙයි 27.11.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල Newsflash නොවැ 27: කුණාටුව හමුවේ නිව් සවුත් වේල්ස් වැසියන් දස දහස් ගණනකට විදුලි සැපයුම ඇණ හිටියි 27.11.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 27වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.

SBS සිංහල Newsflash නොවැ 26: පළමු වර්ගයේ දියවැඩියාව තමන්ට ඇති බව නොදැන සිටින ඕස්ට්‍රේලියානුවන් ගැන වාර්තාවක් 26.11.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 26 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් නොදැනුවත්වම අපරාධ ජාල වලට සම්බන්ධ වෙන වංචා ගැන අනතුරු ඇඟවීම් 25.11.2025

ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව යන ජාත්‍යන්තර සිසුන්ට තම බැංකු ගිණුම් සහ හැඳුනුම්පත් අපරාධකරුවන්ට අලෙවි නොකරන ලෙස හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මේවා අලෙවි කිරීමෙන් ලැබෙන 'quick cash' පිළිගැනීමෙන් ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව යන ජාත්‍යන්තර සිසුන් නිරායාසයෙන්ම අපරාධ ජාල සමඟ සම්බන්ධ වන බවත් ඔවුන් කියා සිටිනවා. අද කාලීන විග්‍රහයේ විමසුම ඒ පිළිබඳවයි.

SBS සිංහල Newsflash නොවැ 25: පෝලින් හැන්සන් මන්ත්‍රීවරිය බුර්කාවකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණේ 25.11.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 25 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

How to plan for your child’s financial future in Australia - Australia Explained: ඕස්ට්‍රේලියාවේදී ඔබේ දරුවාගේ අනාගතය මූල්‍යමය ලෙස ශක්තිමත්ව සැලසුම් කරන්නේ කෙසේද 24.11.2025

Financial planning can feel stressful for any parent. When it comes to saving for your child’s future, knowing your options helps make informed decisions. And teaching your kid healthy money habits can be part of the process. - ඕස්ට්‍රේලියාවේ දෙමාපියන් අවධානය යොමු කල යුතු මූල්‍ය සැලසුම්කරණයේ මූලික කරුණු සහ ඔබේ දරුවන්ට මූල්‍ය සාක්ෂරතාවය ඉගැන්වීම ඔවුන්ගේ අනාගතයට වැදගත් වන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන...

ඇස්බැස්ටෝස් අංශු මිශ්‍ර වී තිබීම නිසා ඕස්ට්‍රේලියාවේ "Play Sand" නිෂ්පාදන නැවත කැඳවයි 24.11.2025

Play Sand ලෙස හැඳින්වෙන කුඩා ළමුන් ක්‍රීඩා කිරීම සඳහා භාවිතා කෙරෙන වර්ණ යොදන ලද කෘතිම වැලි වැනි නිෂ්පාදන වල ඇස්බැස්ටෝස් අංශු මිශ්‍රවී ඇති බවට කරුණු හෙළිවී තිබෙනවා. දකුණු ඔස්ට්‍රියාවේ ස්ථාන 100කින් පමණ මෙය වාර්තා වී තිබෙනවා. මෙම නිෂ්පාදන වහා නැවත කැඳවීමට ජාතික මට්ටමේ නිවේදනයක් නිකුත් කිරීමට මේ නිසා ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම කටයුතු කලා. ආනයනය කරන ලද මෙම "Play Sand" නිෂ්පාදන වල ඇස්බැස්ටෝස් අංශු...

ලොව විශාලතම කේක් තරඟයේ දී ශ්‍රී ලාංකේය සංස්කෘතිය විදහා දක්වමින් ජය ලැබූ ආශිනී විජයනෙත්ති 24.11.2025

පසුගිය දා එක්සත් රාජධානියේ පැවති Cake International තරඟයේ දී ආශිනි විජයනෙත්ති රන් සම්මානය දිනා ගත්තා. ඇය මේ කේක් නිර්මාණයට තේමා කරගෙන ඇත්තේ මහාසම්මත රජු සහ මැණික්පාළි බිසව ආශ්‍රිත වෙස්මුහුණු සම්ප්‍රදායේ උපත පිළිබඳ කතාන්දරයයි. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ඇගේ පළමු ජයග්‍රහණය මෙය නොවෙයි. ආශිනී SBS සිංහල සේවය සමඟ එක්ව සිය සතුට බෙදාගත් කතාබහට ඔබත් සවන් දෙන්න:

ලංකාවේ උත්සවයක් තියෙනවා කියල දැනගෙන නෑවිල්ල ඉන්නෙ කොහොමද? Lankan Fest ගැන ජනතා අදහස් 24.11.2025

Lankan Fest 2025 පරිශ්‍රයේ SBS ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි ප්‍රජාව අප සමග දැක්වූ අදහස් දැන ගන්න සවන් දෙන්න මේ විශේෂාංගයට.

මව්බිමෙන් පුවත්: රජයේ වෛද්‍යවරු 2842 රට අත් හැර ගිහින් - පා.ම. කාවින්ද / සෞඛ්‍යයට අවශ්‍ය වෙනස්කම් අපි කරනවා - නි.අමාත්‍ය හසන්ක 24.11.2025

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල Newsflash නොවැ 24: පක්ෂ නායකත්වයේ සුසන් ලී තව දුරටත් රැඳී සිටිය යුතුයි - නියෝජ්‍ය විපක්ෂ නායක 24.11.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 24 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ළමා කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යවරයෙකු පත් කිරීමට අධ්‍යයන වාර්තාවකින් යෝජනාවක් 23.11.2025

පුරුෂභාවය, එසේත් නැත්නම් masculinity පිළිබඳ සාම්ප්‍රදායික පටු මතවාද අනුගමනය කිරීමට යම් පීඩනයක් බොහෝ ඕස්ට්‍රේලියානු පිරිමි ළමුන් වෙත එල්ල වන බවට හැඟීමක් ඔවුන්ට දැනෙන බව නව වාර්තාවක් කරුණු පෙන්වා දෙනවා. මෙවැනි අපේක්ෂාවන්ට අනුගත වීමේ දී තමන්ට මෙන්ම අනෙකාට ද යම් හානියක් සිදු කිරීමේ හැකියාවක් ඇති බවට වාර්තාව කරුණු අනාවරණය කළා. National Press Club සිට අදහස් දැක්වීමක් කළ විශේෂඥයන් කියා සිටියේ නව යෞවනයන්ග...

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.