SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
අලුත් අවුරුද්දේ ඔබේම ව්‍යාපාරයක් අරඹන්න සිහින දකිනවානම් මේ ගැනත් දැනගන්න 01.01.2026 12:02
ව්‍යවසායකත්වය, එහෙම නැතිනම් 'Entrepreneurship' කියන වචනය අපිට මේ දිනවල බොහෝ අවස්ථාවල අහන්න ලැබෙනවා. කුඩාවට හෝ තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න, එහෙම නැතිනම් රැකියාවට අමතරව තවත් ආදායම් මාර්ගයක් ගොඩනගා ගන්න බොහෝ දෙනෙක්ට උනන්දුවක් තියෙනවා කියල අපිට පෙනෙන්නට තිබෙනවා. ඉතිං ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන්න අද දවසේ SBS සිංහල සේවය කටයුතු කළා. අලුත් අවුරුද්දේ ව්‍යාපාරයක් අරඹන්න ඔබ සිහින දක...
අපේ වහරේ කතා අහුරක්: උපදෙස් දෙන්න ගිහින් අමාරුවෙ වැටුණ උපදේශක 01.01.2026 6:00
සමහර මෝඩකම් කෝවේ දැම්මාත් අරින්න බෑ කියනවා නෙ. ඒ වගේම සමහර නුවණැත්තොත් මෝඩකම් කරනවා. අපේ ජන වහරේ ඔය මෝඩකම් ගැන විවිධ කතා තියෙනවා. සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ඒ වගේ උපදේශ දෙන්න ගිහින් අමාරුවෙ වැටුණ උපදේශකයෙක් ගැන කතාවක්.
නව වසරක ආරම්භය ජනවාරි පළමු වැනිදා ලෙස යොදා ගන්න තීරණය කළේ කවුද? 01.01.2026 7:12
ජනවාරි පළමු වැනිදා කියන්නේ අපට නව බලාපොරොත්තු අරමුණු සහ ඉලක්ක පිළිබඳ අදිටනක් සිතුවිල්ලක් ඇති වන දිනයක්. නමුත් ජනවාරි පළමු වැනි දා අලුත් අවුරුද්දක උදාව විදිහට යොදා ගන්න හේතු වුණේ ඇයි සහ ඒ සම්ප්‍රදාය පටන් ගැනුණෙ කොහොම ද කියලා දැන ගන්න කැමති නම් මේ විශේෂාංගයට සවන් දෙන්න.
ලොව විශාලතම ජනගහන සංක්‍රමණය පාදක කරගත් සිනමා පටයකින් නව අවුරුද්ද අරඹමු: Last Train Home 31.12.2025 12:02
නව වසර උදා වුණා. 31වෙනිදා රාත්‍රියේ සැමරුම්වලින් අනතුරුව නිවාඩු පාඩුවේ නිවසට වී සිටින ඔබට SBS On Demand ඔස්සේ නැරඹිය හැකි චිත්‍රපට ත්‍රිත්වයක් පිළිබඳවයි මේ විශේෂාංගයෙන් අවධානය ලබා දෙන්නේ.
හැම අලුත් අවුරුද්දකම මුළු ලෝකයේම වැඩිම පිරිසක් නරඹන Sydney Harbor Bridge fireworks පටන්ගත්තේ මෙහෙමයි 31.12.2025 10:27
සෑම වසරකම දෙසැම්බර් 31 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් ලොව කොහේ සිටි හෝ මනස්කාන්ත Sydney Harbor Bridge ගිනිකෙළි සංදර්ශනය නරඔනවා. නමුත් මෙහි ආරම්භය සහ ඉතිහාසය ඇතැම් විට බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්. Sydney Harbor Bridge ගිනිකෙළි සංදර්ශනයේ ආරම්භය සහ මේ දක්වා සිදු වූ ප්‍රධාන දේ ගැන තොරතුරු ගැන දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.
SBS සිංහල Newsflash දෙසැ 31: සිඩ්නි නුවර පැවැත්වෙන ගිණිකෙලි සංදර්ශනය වෙනුවෙන් 2500කට අධික පොලිස් ආරක්ෂාවක් 31.12.2025 5:40
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 31 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: ගෙවී යන 2025 වසරේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ වැදගත් සිදුවීම් සමාලෝචනය 30.12.2025 8:35
සංක්‍රමණික විරෝධතා, හදිසිසේවා දුරකථන බිඳවැටීම, කාලගුණික අභියෝග, ඉහළ ගිය ජීවන වියදම්, බොන්ඩායි ප්‍රහාරය ආදී හැලහැප්පීම් රැසක් සිදු වූ 2025 වසර ඕස්ට්‍රේලියාවට අභියෝගාත්මක වසරක් වුණා. අද කාලීන විග්‍රහයෙන් අපි විමසා බලන්නේ 2025 වසරේ දී ඕස්ට්‍රේලියාව මුහුණ දුන් කැපී පෙනෙන සිදුවීම් දෙසයි.
ගෙවී ගිය 2025 වසර පුරා SBS සිංහල සේවය ඔබට තිලිණ කළ විශේෂ වැඩසටහන් කිහිපයක් ගැන මතක ආවර්ජනා 30.12.2025 14:31
SBS සිංහල සේවය 2025 වසර තුළ ඔබ වෙත ගෙන ආ විවිධ වැඩසටහන්, සාකච්ඡා සහ විශේෂාංග පිළිබඳ ගෙනෙන වසර අවසාන සමාලෝචනය. ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකේය අපේ ප්‍රජාවට වැදගත් වන කාලීන, හරවත් මෙන්ම රසවත් තොරතුරු ඔබට සමීප කරන්නට උදා වන 2026 නව වසරේ දීත් SBS සිංහල සේවයේ අපි බලාපොරොත්තු වන්නෙමු.
SBS සිංහල Newsflash දෙසැ 30: 'Boxing day' ටෙස්ට් තරඟයෙන් ක්‍රිකට් ආයතනයට ඩොලර් මිලියන ගණනක පාඩුවක් 30.12.2025 5:17
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 30 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: ගෙවී ගිය 2025 වසරේ ලොව පුරා සිදු වූ වැදගත් සිදුවීම් සමාලෝචනය 29.12.2025 9:32
2025 වසර ජාත්‍යන්තර දේශපාලනය, ස්වභාවික විපත් සහ ලෝකයේ පාලන බලය හා ඉන් ඇතිවන බලපෑම සම්බන්ධව අතිශය තීරණාත්මක සහ විශාල වෙනස්කම් සිදු වූ වසරක් ලෙස ඉතිහාසයට එක් වනවා. අද SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි 2025 වසරේ සිදුවූ වැදගත්ම සිදුවීම් සමාලෝචනයක් ඔබ වෙත ගෙන එනවා.
යුග යුග සිත් සතන් සනසා ජීවන රඟමඩලින් බැස ගිය ලාංකේය ගීත කෝකිලාව - ලතා වල්පොල 29.12.2025 9:44
දශක අටක් රසික සිත් සිය ගීතමත් හඬින් සනසාලන්නට හැකි වූ මියුරු ගී කෝකිලාවිය ලතා වල්පොල ගායනවේදිනිය වෙනුවෙන් SBS සිංහල සේවය ගෙන එන මතක සටහන.
ශ්‍රී ලංකාවට යථා තත්ත්වයට ඒමට දීර්ඝ කාලයක් ගත වේවි - ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් SBS සිංහල සේවය සමඟ පැවති සාකච්ඡාව 29.12.2025 10:00
ශ්‍රී ලාංකීය ප්‍රජාව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් වූ අවස්ථාවේ දී විවිධ ආකාරයෙන් ආධාර උපකාර ලබා දීමට මුල් අවස්ථාවේ දී ම ඉදිරිපත් වූ රටවල් අතර ඕස්ට්‍රේලියානු රජය සහ ජනතාව ප්‍රමඛත්වයේ පසු වනවා. මේ ව්‍යසනකාරී අවස්ථාවේ දී ලබා දෙන සහයෝගය සහ දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය පිළිබඳ SBS සිංහල සේවය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාව ඇසුරෙන් සැක...
මව්බිමෙන් පුවත්: ත්‍රස්තවාදය නිර්වචනය නොකළ එකම රට ලංකාව - සරත් වීරසේකර / බෙහෙත් ගෙන්නලා තියෙන්නෙ 2024 දීපු ටෙන්ඩරේකින් - අමාත්‍ය වසන්ත 29.12.2025 8:52
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල Newsflash දෙසැ 29: ආරක්ෂාව සහතිකයි, බියකින් තොරව නව වසර සමරන්න, නිව් සවුත් වේල්ස් අගමැති ජනතාවට දන්වයි 29.12.2025 4:48
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 29 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සුවිශේෂී ට්‍රෑම් රථ ආසන වල සැඟවුණු කතාව 28.12.2025 9:03
මෙල්බර්න් නගරයේ ට්‍රෑම් සේවාවට වසර 140කට වැඩි ඉතිහාසයක් තිබෙනවා. දිනපතා අඩුම තරමින් පුද්ගලයන් ලක්ෂ පහකට ආසන්න පිරිසක් මෙල්බර්න් ට්‍රෑම් රථ භාවිතා කරනවා. අද SBS සිංහල සේවයේ කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ මෙල්බර්න් ට්‍රෑම් රථ වල ඔබ ඉඳගෙන ගමන් කරන මගී ආසන පිළිබඳ සැඟවුණු කතාවයි.
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, දෙසැ 22 - දෙසැ 26 26.12.2025 8:05
දෙසැම්බර් 22වන දා සිට දෙසැම්බර් 26වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න
තරුෂි එක්ක තරු කතා: නත්තල ගැන කලා ලෝකයේ තරු දැක්වූ අදහස් 26.12.2025 9:10
අද තරු කතාව වෙන්වන්නේ අසිරිමත් නත්තල වෙනුවෙන් ශ්‍රී ලාංකීය කලා ලෝකයේ තරු දැක්වූ අදහස් සහ සුබ පැතුම් වෙනුවෙනුයි.
ක්‍රීඩා විග්‍රහය: මේ වෙලාවේ ලොකු ලොකු වෙනස්කම් කරන එක සුදුසු නෑ - නව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය 26.12.2025 8:56
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: නත්තල වෙළඳ උත්සවයක් නෙවෙයි - අගරදගුරු / සුනාමි ව්‍යසනයේ 21 වෙනි ජාතික සුරක්ෂිත දින සැමරුම පැරෑලියේ දී 26.12.2025 9:26
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල Newsflash දෙසැ 26: ඉදිරි සති දෙකක කාලයක් සඳහා සිඩ්නි නාගරික ප්‍රදේශවල විරෝධතා තහනම් 25.12.2025 5:09
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 26 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
'ආගමක් තියෙන්නේ ආරක්ෂා කරන්න නෙමෙයි, මිනිසුන්ව ජීවත් කරවන්න' ඕස්ට්‍රේලියාවේ ටෙරන්ස් පියතුමන්ගේ නත්තල් පණිවිඩය 25.12.2025 12:18
සාමයේ කුමරු ලෙස හඳුන්වන ජේසු තුමන්ගේ උපත සමරන මේ නත්තලේ බහු සංස්කෘතික සමාජයක් තියෙන ඔස්ට්‍රේලියාව වගේ රටක වර්තමානයේ පවතින සාමය සහ සංහිඳියාව පිලිබඳ කතා කිරීම ඉතාම වැදගත් වනවා. ආගමකින් විය යුත්තේ මිනිසුන් ජීවත් කරවීම බව වික්ටෝරියා ප්‍රාන්තයේ ශාන්ත බෙනඩික් දේවස්ථානයේ වගේම ශාන්ත ස්කොලස්ටිකා දේවස්ථානයේද සහකාර පූජක තුමන් ලෙස කටයුතු කරන ටෙරන්ස් ශානක පියතුමන් SBS සිංහල සේවයට පවසා සිටියා. ඒ වගේම ඕස්ට්‍රේලි...
අපේ වහරේ කතා අහුරක්: නත්තල් ගහට කුරුමානම් අල්ලපු පූසාගේ කතාව 25.12.2025 5:28
අද නත්තල්. ජාති ආගම් භේදයක් නැතිව හැම ගෙදරකම වගේ නත්තල් ගස් හැදිලා ඇති. සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ නත්තල ගැන රස කතාවක්.
ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමේ දී නිරෝධායනයට ලක් වූ පිණි මුවන් නිසා තෑගි කරත්තය අදින්න නත්තල් සීයාට කැන්ගරුවන්ගේ උදව් ලැබුණා ලු 25.12.2025 9:02
ලොව පුරා අති විශාල පිරිසක් සමරනු ලබන අසිරිමත් නත්තල ලෝකේ දකුණු අර්ධ ගෝලයේ ඉන්න ඕස්ට්‍රේලියානුවන් සමරන අකාරය ගැන රසවත් තොරතුරු මේ විශේෂාංගයෙන් දැන ගන්න.
ඕස්ට්‍රේලියාවේ නත්තල් කෑම මේසය ශ්‍රී ලංකාවේ සැමරුමට සාපේක්ෂව වෙනස් වන අයුරු සූපවේදී ඇසකින් 24.12.2025 12:54
විවිධ ආහාරපාන වර්ග නත්තල් සැමරුමේ අනිවාර්ය අංගයක්. මේ ආකාරයට පිළියෙළ කරන නත්තල් ආහාරපාන රටවල අනුව වෙනස් වීමට පුළුවන්. ඉතින් ඕස්ට්‍රේලියාවේ නත්තල් කෑම වර්ග සහ ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නත්තල් කෑම පිළිබඳ SBS සිංහල සේවය ගෙන එන කතාබහට ඔබත් සවන් දෙන්න.
අපි හැමෝම දකින නත්තල් ගහ ගැන අපි නොදන්නා රසවත් ඉතිහාස කතාව මෙන්න 24.12.2025 12:19
හැම දෙසැම්බර් මාසයකම අපේ නිවෙස්වල, සාප්පු සංකීර්ණ වල නගර චතුරශ්‍රවල වල වගේම අපගේ වෙරළ තීරයන්හි පවා නත්තල් ගස අපට දිස්වන දෙයක්. නමුත් මේ නත්තල් ගසේ අප නොදන්නා වසර දහස් ගණනක ඉතිහාසය ගැන දැනගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.