SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
2026 Medal of the Order of Australia OAM ගෞරව සම්මානයෙන් පුද ලැබූ ශ්රී ලාංකිකයා - සෑම් අතුකෝරාළ 25.01.2026 9:48
SBS Sinhala Exclusive: ඕස්ට්රේලියානු විධානයේ (The Order of Australia) ගෞරව සම්මාන උළෙල සෑම වසරක දී ම ඕස්ට්රේලියානු දිනයට (The Australia Day) සමගාමීව පවත්වන ඕස්ට්රේලියාවේ ඇති ඉහළ ම රාජ්ය ගෞරව සම්මාන උළෙලයි. ඕස්ට්රේලියානු විධානයේ කවුන්සිලය සහ අග්රාණ්ඩුකාරවර කාර්යාලය මෙම ගෞරව සම්මාන උළෙල සංවිධාන කරයි. මෙවර 2026 වසරේ Medal of the Order of Australia OAM ගෞරව සම්මානයට පාත්ර වූ Shepparton හි ප්රක...
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජන 19 - ජන 23 23.01.2026 6:49
ජනවාරි 19වන දා සිට ජනවාරි 23වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: මගේ පළමු ඇල්බමයේ ගීත දොළහෙන් හයක් ම තහනමට ලක් වුණා - ප්රදීපා ධර්මදාස 23.01.2026 9:04
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
ක්රීඩා විග්රහය: ශ්රී ලංකාවට රැගෙන ආ T20 ලෝක කුසලානය, කොළඹ මහනුවර දඹුල්ල සහ යාපනයේ මහජන ප්රදර්ශනයට 23.01.2026 8:56
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: නීතිපති ගැන ආණ්ඩුවේ මතය / ව්යවස්ථා සංශෝධනය ගැන ආණ්ඩුවට කළින් විපක්ෂය සාකච්ඡාවක් කැඳවයි 23.01.2026 9:05
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: පුද්ගල ඝාතන තුනක් වාර්තා වූ නිව් සවුත් වේල්ස් ප්රාදේශීය නගරයේ වෙඩි තැබීමට අදාළ සැකකරු හඳුනා ගනී 23.01.2026 5:02
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 23 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ඉතා සූක්ෂමව AI තාක්ෂණය භාවිතයෙන් ඕස්ට්රේලියාව තුල සිදුවන වංචා ගැන අනතුරු ඇඟවීමක් 22.01.2026 11:25
අන්තර්ජාලය හරහා සිදුවන විවිධ වංචා හඳුනා ගැනීම සම්බන්ධයෙන් බොහෝ ඕස්ට්රේලියානුවන් අධි තක්සේරුවක සිටින බවට නවතම පරීක්ෂණ වාර්තාවකින් තොරතුරු හෙළි කරනවා. විශේෂයෙන්ම AI තාක්ෂනය භාවිතයෙන් සිදුවන වංචා ඉතා සූක්ෂමව සිදුවන නිසා මේවා පිළිබඳව ඉතා හොඳ අවධානයෙන් සිටිය යුතු බවට විශේෂඥයින් අනතුරු අඟවනවා. අද කාලීන විග්රහයෙන් අපි ඔබ වෙත තොරතුරු ගෙන එන්නේ මේ ගැනයි
අපේ වහරේ කතා අහුරක්: සොළීන් බිය ගැන්වූ නීල මහා යෝධයාගේ කතාව 22.01.2026 6:11
එදා හෙළදිව ජීවත් වු නීල නම් යෝධයාගේ සුරුවිරුකම් ගැන අපේ ජන වහරේ කතා රැසක් තියෙනවා. සාහිත්යවේදී අශෝක පියරත්න අපේ වහරේ කතා අහුරෙන් අද කියන්න යන්නෙ ඒ නීල මහා යෝධයා ගැන රස කතාවක්.
ලොව වටා: ලෝක ආර්ථික සමුළුවේදී ඇමරිකා ජනපතිට විරෝධතා එද්දී, ස්පාඤ්ඤයේ දින දෙකකදී දුම්රිය අනතුරු දෙකක් 22.01.2026 8:25
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: බොන්ඩායි ප්රහාරයෙන් දිවි අහිමි වූවන් සිහිපත් කරමින් අද රාත්රියේ විනාඩියක නිශ්ශබ්දතාවක් 22.01.2026 4:57
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
How to cater for your dietary restrictions - ආහාර නිසා ඔබට ඇතිවිය හැකි ආසාත්මිකතා වැළැක්වීමට ඔස්ට්රේලියාවේ අහාර ඇසුරුම් වල තොරතුරු සඳහන් කරන්නේ මෙහෙමයි 21.01.2026 10:51
Australia is known as the allergy capital of the world. Our diverse population also means that we express our religious beliefs, ethics, health and personal choices through the food we eat. We called on some experts to help us navigate all the labelling, certifications and resources that can inform our food choices. - ඕස්ට්රේලියාවේ ඉන්න ජනතාව අතරේ ආහාර ආසාත්මිකතා ඉතාම ඉහල මට්ටමක තියෙනව කියල ඔබ දැ...
නිවාස ණය පොලී අනුපාත මේ වසරේදී නැවත ඉහල යා හැකිද: 2026 වසරේ ඕස්ට්රේලියානු නිවාස වෙළඳපොළ ගැන විමසීමක් 21.01.2026 7:22
පසුගියදා නිකුත් වුන Cotality වාර්තාවෙන් ඕස්ට්රේලියාවේ නිවාස වෙළඳපොල පිළිබඳව යම් පුරෝකථනයන් කර තිබෙනවා. ඕස්ට්රේලියානු මහා බැංකුව මේ වසර මුලදී පොලි අනුපාත කප්පාදුවක් ප්රකාශයට පත් කිරීම අවිනිශ්චිත බවත් නිවාස වෙළඳපොලේ වර්ධනය අඩු විය හැකි බවටත් යම් අනාවැකි පල වනවා. මේ නිසා වර්තමාන නිවාස වෙළඳපල ගැන කරුණු සොයා බලන්න SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න.
SBS සිංහල පුවත්: ඕස්ට්රේලියාවේ උද්ධමන තත්වය ගැන IMF සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් 21.01.2026 5:09
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 21 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ඕස්ට්රේලියාවේ ප්රධාන තීරණාත්මක ඛනිජ වලට ප්රමුඛත්වය දෙන බව රජය නිවේදනය කරයි 20.01.2026 7:08
ලෝක ජනගහනය ස්මාර්ට් ජංගම දුරකථනවල සිට මෝටර් රථ කොටස් සහ ආයුධ පවා සෑදීම සඳහා අත්යවශ්ය ඛනිජ මත වැඩි වැඩියෙන් මේ වනවිට යැපෙමින් සිටින අතර ඔස්ට්රේලියාවේ මෙම ඛනිජ සම්පත, ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයක් බවට මේ වනවිට පත්ව තිබෙන බව සඳහන් වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්රහයෙන්
ඕස්ට්රේලියානු ශිෂ්ය වීසා ක්රියාවලියේ ලංකාව Level 1 සිට 2 තෙක් පසුබැසීමට හේතු, ඉදිරි වීසා කටයුතුවලට විශේෂයි 20.01.2026 9:41
ඕස්ට්රේලියාවේ ශිෂ්ය වීසා ඇගයුම් රාමුවේ යාවත්කාලින කිරීමක් පසුගිය දා සිදු වුණා. ඒ අනුව රටවල් කිහිපයක ම අදියර වෙනස් වීම් දක්නට ලැබෙනවා. අදියර 1හි රැඳී සිටි ශ්රී ලංකාව අදියර 2 දක්වා පසුබැස තිබෙනවා. මේ වෙනස්වීමට හේතු සහ අනාගත වීසා කටයුතුවල දී සැලකිලිමත් විය යුතු කරුණු රැගත් මේ සාකච්ඡාවට සවන් දෙන්න.
SBS සිංහල පුවත්: පසුගිය උත්සව සමයේ 'Australia Post' විසින් මිලියන 100කට අධික පාර්සල් ප්රමාණයක් බෙදාහරියි 20.01.2026 5:00
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ඔස්ට්රේලියාවේ වයස 16ට අඩු ළමුන්ගේ සමාජ මාධ්ය ගිණුම් මිලියන 4.7ක් අක්රීය කරයි 19.01.2026 8:01
ලොව ප්රථම වතාවට ඔස්ට්රේලියාව වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්ය තහනමක් පනවන්න පසුගියදා කටයුතු කළා. පසුගිය දෙසැම්බර් 12 වෙනිදා මේ තහනම ක්රියාත්මක වීම ආරම්භ උනා. මේ අනුව සමාජ මාධ්ය ගිණුම් මිලියන 4.7ක් අක්රීය කරන්න මේ වන විට අදාළ සමාගම් කටයුතු කරලා තියෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්රහයෙන්
2026දී ඕස්ට්රේලියාවේ student visa වලට දාන බොරු documents අල්ලන්න පරීක්ෂණ දැඩි කරයි, විස්තරේ මෙන්න 19.01.2026 10:26
2026 වසරේදී ඕස්ට්රේලියාව ශිෂ්ය වීසා පරීක්ෂාව දැඩි කිරීමත් සමග ඔස්ට්රේලියාවට ජාත්යන්තර ශිෂ්ය වීසා අයදුම් කරන ශ්රී ලාංකික සිසුන් දැනගත යුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
අලුත් අවුරුද්දේ නව රැකියා ක්ෂේත්රයකට යොමු වීමට ඔබත් සිතනවා නම් මේ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න 19.01.2026 5:13
අලුත් අවුරුද්දක් උදා වීමත් සමඟ ජීවිතේ විවිධ තීරණ ගැනීමට අපි පෙළඹෙනවා. ඔබ කරන රැකියාව සම්බන්ධයෙන් යම් වෙනස්කමක් කරන එකත් එහෙම තීරණයක්. සමහරු රැකියාවේ උසස්වීමක් අපේක්ෂාවන් කටයුතු කරන්න අධිෂ්ඨාන කරගන්නවා. ඒ වගේ ම රැකියා ස්ථානය වෙනස් කර වෙනත් තැනකට යන්න ආසාවෙන් ඉන්නවා. මේ දෙපාර්ශ්වයටම අයත් නොවන කණ්ඩායමක් ඉන්නවා. ඒ තමයි වෙනත් රැකියා ක්ෂේත්රයකට මාරු වෙන්න යොමු වන අය. 2025 නොවැම්බර් වෙනකොට ඕස්ට්රේලියාව...
ලෝකයේ බලවත්ම 'Passports' ගැන තොරතුරු මෙන්න 19.01.2026 6:52
ලෝකයේ විවිධ රටවල 'Passports' එහෙම නැතිනම් ගමන් බලපත්ර වලට ලැබී ඇති වටිනාකම නිරන්තරයෙන්ම ඇගයීමට ලක්වනවා. යම් රටක ගමන් බලපත්රයකින් වීසා ලබා ගැනීමකින් තොරව යන්න පුළුවන් රටවල් ගණන අනුව මේ ගමන් බලපත්රයට කෙතරම් බලයක් තියෙනවද කියන කාරණය තීරණය කෙරෙනවා. ඉතින් ඔස්ට්රේලියාවත් ලොව ප්රබලතම ගමන් බලපත්රයක් තියෙන රටක්. ඔස්ට්රේලියාවට සංක්රමණය උන බොහෝ ශ්රී ලාංකිකයිනුත් පසු කාලීනව ඕස්ට්රේලියානු ගමන් බලපත්...
මව්බිමෙන් පුවත්: මත්ද්රව්ය වලට හවුල් නිලධාරීන්ට ඇත්තේ තෝරා ගැනීම් දෙකයි - ජනපති / ජූලි චං ගේ පිටව යාමට කිරිබත් කෑ ගම්මන්පිල 19.01.2026 7:58
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: සිඩ්නි නුවර ප්රසිද්ධ පිහිනුම් පෙදෙසක මෝර මත්ස්ය ප්රහාරයක් 18.01.2026 5:13
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 19වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ඕස්ට්රේලියානුවන්ගේ පොත් කියවීමේ රුචිකම් පිළිබඳ කතාවක් 18.01.2026 8:34
කතාන්දර කීමට අනාදිමත් කාලෙක සිට මනුෂ්යයන් ප්රිය කරනවා. අපි ලෝකය ගැන එක්තරා විදියක අවබෝධයක් ලබා ගන්නවා කතාන්දරවලින්. මේ කතා හරහා අපට සැබෑ ලෝකය වගේ ම ෆැන්ටසි ලෝකයකයට යන්නත් පාර හැදෙනවා. ඔස්ට්රේලියානුවන්ගේ අවධානය දිනාගෙන ඇත්තේ මොන වගේ කතා ද? මේ කතා ලැයිස්තුවේ ඉහළින් ම ඉන්න බවට පේන්නේ ප්රේම කතා, අපරාධ පිළිබඳ සත්ය වගේ ම ප්රබන්ධ කතා, ජීවිතය ඔප් නවා ගැනීමට ලියවුණු කතා සහ ජීවන සටහන් වගේ කතාන්දර. ඉති...
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජන 12 - ජන 16 16.01.2026 7:10
ජනවාරි 12වන දා සිට ජනවාරි 16වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: මමත් අතහරින්නේ නෑ, තරුණ ළමයි කරන දේවල් මමත් කරනවා - චන්ද්රසේන හෙට්ටිආරච්චි 16.01.2026 8:18
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds