SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au

Auteur

SBS

Categorie

News

Website van de podcast

www.sbs.com.au

Nieuwste aflevering

16 okt. 2026

Waar luisteren?

Podcasts in de app Replaio Radio Binnenkort beschikbaar

Podcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts

Download het op Google Play Gratis installeren Android bijna 10 mln downloads · beoordeling 4,8 iOS binnenkort

Afleveringen

තරුෂි එක්ක තරු කතා: සත්‍ය සිදුවීමක් ඇසුරෙන් හදපු නිසා මේ චිත්‍රපටයට වැඩි බරක් තියෙනවා - චමින්ද ජයසූරිය 06.02.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.

සුව මනස: ශරීර සෞඛ්‍යය වගේම ඇයි අපි මානසික සෞඛ්‍යයත් යහපත් මට්ටමේ තියෙනවා ද කියලා දැන ගන්න ඕන? 06.02.2026

යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍යය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන මානසික සෞඛ්‍යය බිඳවැටීමකට හේතු හඳුනා ගන්නා ආකාරය පිළිබඳවයි.

ක්‍රීඩා විග්‍රහය: ජනපති NCC ක්‍රීඩාංගණයට ගොස් T20 ලෝක කුසලාන පුහුණුවීම් වල නිරත ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කරයි 06.02.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් / ශ්‍රී ලංකාවේ පළමු විගණාකාධිපතිනිය පත් වේ 06.02.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව අතර අද ඓතිහාසික ආරක්ෂක ගිවිසුමත් අත්සන් තැබේ 06.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 06 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

Public transport in Australia: breaking down the basics - ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන සේවා වල යන ඔබ මේ මූලික කරුණු ගැන දැනුවත්ද? 05.02.2026

Like in most countries, public transport in Australia is the cheapest way to get around. It includes trams, buses, trains and ferry services. And each state or territory has its own transport network. However, navigating Australia’s public transport system with ease requires knowing the basics around how it works and what to expect. - ලෝකයේ බොහෝමයක් රටවල් වල වගේම ගමන් බිමන් යාම සඳහා ඔස්ට්‍රේලියාවේ...

ශ්‍රී ලංකාවෙන් එපිට පළමු වරට නිදහස් දිනය ගත කළ ANU ශ්‍රී ලාංකික සිසු සංසදයේ සභාපතිනිය, පහන්දි සිල්වා 05.02.2026

ඊයේ දිනයේ ශ්‍රී ලංකාව සිය 78වන නිදහස් දිනය සැමරුවා. ඊට සමගාමීව ඕස්ට්‍රේලියාවෙන් එපිට නිදහස් දිනය පළමු වරට ගත කළ ශිෂ්‍යයාවක වන පහන්දි සිල්වා සිය අත්දැකීම් SBS සිංහල සේවය සමඟ බෙදාගත්තා. විවිධ සංස්කෘතිකාංග බහුසංස්කෘතික සමාජයක් තුළ සැමරීම පිළිබඳව ද ඇය සිය අදහස් පළ කළා.

අපේ වහරේ කතා අහුරක්: කොළඹ ඉඳන් දවස් ගණන් පරංගින්ව කෝට්ටේ එක්කන් ගිය හැටි 05.02.2026

අපේ පැරැණ්නෝ දවස් ගාණක් කොළඹ ඉදලා කොට්ටේ ට පරංගි එක්කන් ගිහින් මේ අවුරුද්දට අවුරුදු 424 ක් විතර වෙනවා. සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන අපේ වහරේ කතා අහුරෙන් අද කියන්නේ පරංගි ගිය ඒ කෝට්ටේ ගමන ගැන.

ලොව වටා: Air India සේවය Boeing 787 ගුවන් යානා පරීක්ෂා කරද්දී, Melania Trumpගේ ජීවිතය ගැන චිත්‍රපටියක් එලියට 05.02.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: Capital Gains Tax ක්‍රමයට අදාළ වත්මන් ප්‍රතිපත්තිය වෙනස් නොකරන බවට මුදල් අමාත්‍යවරිය කියයි 04.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 05වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: සමාජ මාධ්‍ය නොමැතිව නිවාඩුව ගත කළ ඕස්ට්‍රේලියානු පාසල් දරුවෝ 04.02.2026

පසුගිය දෙසැම්බර් 10වන දා සිට ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16න් පහළ පරිශීලකයන්ට සමාජ මාධ්‍ය තහනම් වූ බව ඔබ දන්නවා. මෙවැනි තහනමක් පැන වූ පළමූ රට ඕස්ට්‍රේලියාවයි. නව නීතිය බලාත්මක කර මාසයකට වැඩි කාලයක් ගත වෙලා. එහි ඵලදායිතාව පිළිබඳ රජය, සමාජ මාධ්‍ය විෂය ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ තරුණ ප්‍රජාව අතර විවිධ මත තිබෙනවා. ඉතින් සමාජ මාධ්‍යයන්ගෙන් ඈත් වෙලා පාසල් නිවාඩු කාලයේ ඕස්ට්‍රේලියාවේ දරුවන් තමන්ගේ අමතර කාලය...

නිවාස ණය පොලි අනුපාත ඉහල යාම මේ වසරේ නැවතත් සිදුවිය හැකි බවට විශේෂඥයින් මත පල කරයි 04.02.2026

වසර දෙකකට පසුව ඕස්ට්‍රේලියානු මහබැංකුව ඕස්ට්‍රේලියාවේ පොලි අනුපාත ඉහල දමන්න කටයුතු කළා. ඒ අනුව 3.6%ක පැවති පොලී අනුපාතය 3.85%දක්වා ඉහල දමා තිබෙනවා. මේ ඉහල යාම ඍජුවම නිවාස ණය පොලී ඉහල යාමට බලපානු ඇති බවට මේ වන විට පෙනෙන්නට තිබෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ පොලි අනුපාත ඉහල යන චක්‍රයක් ආරම්භ වූ විට අනුපාත ඉහල යාම් කිහිපයක් සඳහාම එය බලපාන බවට විශේෂඥයින් මත පල කර සිටිනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද ක...

SBS සිංහල පුවත්: පෙබරවාරි මාසයේදී නිවාස ණය පොලී අනුපාත ඉහල දැමීමට ප්‍රධාන බැංකු හතරම සූදානම් වේ 04.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 04 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

1948 ලංකාව ඉංග්‍රීසින්ගෙන් නිදහස් කරගන්න, අභීත හෙළයින් කළ නිදහස් අරගලයේ ඉතිහාසය 03.02.2026

ශ්‍රී ලංකාවේ 78 වෙනි නිදහස් සැමරුම වෙනුවෙන් ලක්දිව නිදහස සොයා ගිය ඉතිහාස ගමනේ අමරණීය මංසලකුණු ගැන SBS සිංහල සේවයේ මතක සැමරුම.

ඕස්ට්‍රේලියානු මහ බැංකුව වසර දෙකකට පසු පොලී අනුපාතය සියයට 3.85 දක්වා වැඩි කරයි 03.02.2026

ඩොලර් 600,000 ක ණයක් සහිත හිමිකරු-පදිංචිකරු වන නිවාසයක අවම මාසික ණය වාරිකය ඒ අනුව ඩොලර් 90 කින් වැඩි වනු ඇතැයි පුරෝකතනය කෙරේ.

නීති පිළිසරණ: දික්කසාද නීතිය - ඕස්ට්‍රේලියාවේ දී දික්කසාද වෙන්න ඔප්පු කරන්න ඕන එකම හේතුව දන්නවා ද? 03.02.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ පළමු කොටසයි.

තවමත් එන්නතක් නැති නිසා මාරාන්තික විය හැකි, Nipah වෛරසයෙන් ආරක්ෂා වෙන්න ඔබ දැන සිටියම යුතු දේ මෙන්න 03.02.2026

මේ දිනවල වල ඉන්දියාවෙන් මාරාන්තික වෛරසයක් හඳුනාගෙන තිබෙන අතර එය Nipah වෛරසය ලෙස හැඳින්. මෙම වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව ලෝකයේ බොහෝ රටවල් සහ ඕස්ට්‍රේලියානු බලධාරීන් විශාල අවධානයක් යොමු කර තිබීම හේතුවෙන් ඕස්ට්‍රේලියාව සහ දකුණු ආසියාව අතර සංචාරය කරන පිරිස දැන සිටිය යුතු කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න

SBS සිංහල පුවත්: පොලී අනුපාත ගැන තීරණය කෙරෙන ඕස්ට්‍රේලියානු මහබැංකුවේ රැස්වීම අද 03.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 03 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: 'Child support' දීමනා ලබා දීමේදී අක්‍රමිකතා සිදුවී ඇති බව ඔම්බුඩ්ස්මන්වරයා කියයි 02.02.2026

ළමුන් රැකබලා ගැනීම් වෙනුවෙන් ගෙවන Child Support දීමනා ගෙවීමේදී යම් අක්‍රමිකතා සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වනවා. Services ඔස්ට්‍රේලියා ආයතනය නීතියට පිටින් යමින් වසර හයක් පුරාවට නීති ප්‍රකාරව ළමුන් රැකබලාගන්නා ඇතැම් දෙමාපියන්ට ලැබිය යුතු දීමනා ගෙවීම් පහර ඇති බවට ඔම්බුඩ්ස්මන්වරයා සඳහන් කරනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

ඔස්ට්‍රේලියාවේ ධනවත්කම අතින් ඉහලින්ම ඉන්න වයස් කාණ්ඩ ගැන තොරතුරු මෙන්න 02.02.2026

1946 -1964 කාලයේ ඉපදුන පිරිස් 'baby boomers' පරම්පරාව කියල හඳුන්වනවා. මේ වයස් කාණ්ඩ වල ඉන්න අය තමයි මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම ධනයකට හිමිකම් කියනපරම්පරාව විදියට සැලකෙන්නේ. මේ පරම්පරාවේ පුද්ගලයකුගේ වත්කමේ සාමාන්‍ය ඩොලර් මිලියන $2.375ක් වෙනවා. කොහොම උනත් මීට පස්සේ ඉපදුන 'GenX' කියල හඳුන්වන පරම්පරාව ඒ කියන්නේ 1965ත් -1980ත් අතර කාලයේ ඉපදුනු පරම්පරාව ධනවත් බව අතින් 'baby boomers' පරම්පරාවේ අයට ඉත...

ඕස්ට්‍රේලියාවේ උසස් පෙළ ATAR ඉහළ සාමාර්ථයකින් සමත් නොවුණොත් මොකද කරන්නෙ? 02.02.2026

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විෂය මාලා නවීකරණය කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් මේ දින වල කතාබහ වන පසුබිමක ඕස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක පාසල් අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳ කරුණු සොයා බැලීමට SBS සිංහල සේවය කටයුතු කළා. මේ ඒ පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්තයේ පාඨශාලාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන සහන් ප්‍රනාන්දු මහතා සමඟ අප පැවැත්වූ සාකච්ඡාව.

මව්බිමෙන් පුවත්: ශිරන්ති FCIDය ට නාමල් CIDය ට කැඳවයි / අවම පිරිවැයකින් ජාතික නිදහස් දින සැමරුමට රජයේ අවධානය 02.02.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: පුරස්ථි ග්‍රන්ථි පිළිකා සඳහා ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ සහන මිලට ඖෂධ 01.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 02 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජන 26 - ජන 30 30.01.2026

ජනවාරි 26වන දා සිට ජනවාරි 30වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: සිංහල සිනමාවේ අනාගතය කොයිබට ද? 30.01.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.

Luister naar de podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන in Replaio

Radio en podcasts in één app - gratis en zonder account. Installeer vandaag nog en mis de lancering niet

Download het op Google Play

Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds