SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
මව්වරුන්ගේ දින විශේෂාංගය: ඔබේ දරුවාගේ සමීපතම විශ්වාසදායක මිතුරා ඔබ ද නැතිනම් ස්මාට් ෆෝන් එක ද? 08.05.2026 9:49
සෑම වසරකම මැයි මස දෙවන ඉරු දිනය මව්වරුන්ගේ දිනය ලෙස ඔස්ට්‍රේලියාවේ දීත් ශ්‍රී ලංකාවේ දීත් සැමරෙනවා. දිනෙන් දින දියුණු වෙන තාක්ෂණය සමග හැදී වැඩෙන දරුවන් සහිත මව්වරුන් මේ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේ ද? මෙල්බර්න්හි ගුරුවරියක් ලෙස සේවය කරන ස්වේතකී මුණසිංහ මේ සම්බන්ධයෙන් SBS සිංහල සමග කළ කතා බහට සවන් දෙන්න.
වෙසක් සැමරුම් අසිරියෙන් ඇඩිලේඩ් නුවර ඒකාලෝක වෙන්නේ මෙන්න මෙහෙමයි 08.05.2026 3:32
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් නුවර පැවැත්වෙන වෙසක් සැමරුම් පිළිබඳ SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා වාර්තාකාරිය කුමුදිණි සිල්වා ගෙනෙන මේ විශේෂාංගයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: සමාජයේ අපිට වඩා වැරදි කරන කට්ටිය සද්ද නැතිව ඉද්දි අපේ පොඩි වැරැද්දත් ලොකු කරලා පෙන්නනවා - දිල්හානි ඒකනායක 08.05.2026 8:21
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
ක්‍රීඩා විග්‍රහය: අපි ජාතිය, ආගම, පක්ෂය සලකන්නෙ නෑ - ක්‍රීඩා ඇමති / හෙල්ල විසි කර රිදියෙන් දිනූ සුමේධ සහ නදීෂා / ඔස්ට්‍රේලියාවේ දී ස්කොෂ් පිටිය ජයගත් සිතුම්ලි 08.05.2026 8:48
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: වියට්නාම ජනපති ලංකා පාර්ලිමේන්තුවට / මුදල් ලේකම් ලංකාවේ පුරවැසියෙක් නොවන කල්ලතෝනියෙක් ද? - දයාසිරි 08.05.2026 7:47
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: සිරියාවේ සිට ඔස්ට්‍රේලියාවට ළඟා වූ පිරිසෙන් කාන්තාවන් තිදෙනෙක් ෆෙඩරල් පොලිස් අත්අඩංගුවට 08.05.2026 5:04
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 08 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: මෙවර ඉදිරිපත් කරන්නට සැරසෙන ඔස්ට්‍රේලියානු අය වැය පිලිබඳව භාණ්ඩාගාරිකවරයාගෙන් ප්‍රකාශයක් 07.05.2026 7:00
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ මෙවර අය වැය පිළිබඳව විශේෂ අවධානයක් වී තිබෙනවා. වඩා වගකීම් සහගත අයවැයක් මෙවර තමන් ඉදිරිපත් කරන බවට භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා. රාජ්‍ය වියදම් කපාහරිමින් අස්ථාවර ගෝලීය ආර්ථිකයට මුහුණදීම සඳහා වගකීම් සහගතව පිළියෙළ කරන ලද අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා. මේ පිලිබඳව ඔහු සහ විපක්ෂ මන්ත්‍රී වරුන් දැක්වූ අදහස් අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එ...
Negative gearing වෙනස්කම් ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවත් වැඩි කරයිද, විස්තරේ මෙන්න 07.05.2026 7:36
Negative gearing යනු කුමක්ද සහ මේ සඳහා වන වෙනස්කම් ඕස්ට්‍රේලියාවේ දේපල වෙළඳපොළට බලපාන්නේ කෙසේද යන්න ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.
මව්බිමේ ගැමි සුවඳ යළිත් සිඩ්නි හදවත් වල අවදි කරන ඕස්ට්‍රේලියාවේ තිළිණි, ‘අපේ ගම් ගොඩේ’ ගැන අපට කියූ දේ 07.05.2026 10:01
සාම්ප්‍රදායික ගැමි ජීවිතයේ චමත්කාරය, ගැමි ජීවිතයේ අභාෂය ලබමින් මවුබිමෙන් බොහෝ දුරින් ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ව යළිත් සංස්කෘතිය, උරුමය සහ ප්‍රජාව සමඟ එක් කරන Sri Lanka Dance Academy Sydney සංවිධානය කරන "අපේ ගම් ගොඩේ 2026" උත්සවය පිලිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.
ලොව වටා: බොරු ප්‍රචාර කල ඇපල් සමාගම නඩුව ගොඩින් බේරා ගනී, කොවිඩ් වැනි වෛරසයක් පැතිර යාමක් ගැන බියක් 07.05.2026 8:30
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
අපේ වහරේ කතා අහුරක්: උපාසකයා සහ ගැරඬියා 07.05.2026 4:13
අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ උපාසක ඇත්තෙක් බණකට ගිහින් හිටිය වෙලාවෙ ගැරඬියෙක් දැකලා වුණු අපූරු කතාවක්.
SBS සිංහල පුවත්: ජාතික සංක්‍රමණික ස්මාරකයට අලුත් නම් එකතුවක්, මීළඟ වසර සඳහා නම් කැඳවීම දැන් විවෘතයි 07.05.2026 5:22
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 07වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
The overlooked story: Aboriginal and Torres Strait Islander service on Anzac Day - ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සටන්බිමට ගිය ඔස්ට්‍රේලියානු ස්වදේශික හමුදා සෙබළුන්ගේ අමිහිරි අත්දැකීම් ගැන තොරතුරැ මෙන්න 06.05.2026 8:22
Each year Australians gather on Anzac Day to remember those who served in wars, conflicts and peacekeeping missions. But whose stories are we remembering? Are there stories we don’t always hear? In this episode we explore an important part of Australia’s history that has often been overlooked—the service of Aboriginal and Torres Strait Islander peoples. - ඔස්ට්‍රේලියානු ආදිවාසි ජනතාව ඔස්ට්‍රේලියාන...
'අපි ලෝකේ කොහේ හිටියත් හදවතින්ම ලාංකිකයි' - කැන්බරා අගනුවර සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුමට එක්වූවන් දැක්වූ අදහස් 06.05.2026 8:22
ඔස්ට්‍රේලියා අගනුවර භූමි ප්‍රදේශයේ (Australian Capital Territory ACT) කැන්බරා අගනුවර ශ්‍රී ලංකා සංවිධානය ප්‍රමුඛව තවත් ප්‍රජා සහ ක්‍රීඩා සංගම් රැසකගේ දායකත්වයෙන් අප්‍රේල් 18 වෙනි දා පැවැත්වුණු සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට SBS සිංහල සේවයත් එක් වුණා. මේ එහිදී අප සමග අදහස් බෙදා ගත් කැන්බරා නුවර ශ්‍රී ලාංකිකයින්.
ඔස්ට්‍රේලියාවේ ඉහළ යන බැංකුව පොලී අනුපාතය ඔබේ නිවාස ණය වාරිකයට බලපාන්නෙ කොහොම ද? 06.05.2026 4:53
ඔස්ට්‍රේලියානු මහ බැංකුව පොලී අනුපාත යළිත් වරක් ඉහළ දැමුවා. ඒ අනුව සියයට 4.1 ලෙස පැවති අනුපාතය දැන් සියයට 4.35 ක් ලෙස ඉහළ යනවා. මේ වැඩි වීම ඔබේ නිවාස ණය වාරික සඳහා බලපාන ආකාරය පිළිබඳ මූල්‍ය විශ්ලේෂණ ආයතන පල කරන පුරෝකථන පිළිබඳ දැනුවත් වන්න.
SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ළමුන් සඳහා ප්‍රථම වරට නාසය හරහා ලබා දිය හැකි ඉන්ෆ්ලුවෙන්සා එන්නතක් 06.05.2026 5:48
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 06වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: වික්ටෝරියා ප්‍රාන්තයේ Bushmaster හදන්න, ඕස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන ගණනක් වෙන් කරයි 05.05.2026 6:57
ඕස්ට්‍රේලියානු රජය ආරක්ෂක වියදම් සඳහා ඩොලර් බිලියන 1.2 ක් ලබාදෙන බව පවසයි. මේ ඔස්සේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හි නව Bushmaster ආරක්ෂිත වාහන 268 ක් නිෂ්පාදනය කිරීම සඳහා ඩොලර් මිලියන 750 ක් යොදවා තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
'BTS නව ගීත ඇල්බමය සංස්කෘතික මූලයන් සොයා යනවා', ඕස්ට්‍රේලියාවේ සිට දකුණු කොරියාව බලා ගිය රසික ගමනක් 05.05.2026 5:50
කොරියානු පොප් සංගීතය (K-Pop) ලොව පුරා රසික උන්මාදයක් ඇති කළ ගීත කලාවක්. මේ කොරියානු ගායක ගායිකාවන් අතරේ මේ වන විට ජනප්‍රියත්වයේ ඉහළින් ම වැජඹෙන්නේ BTS සංගීත කණ්ඩායමයි. ඔවුන්ගේ නව ගීත ඇල්බමය Arirang. දකුණු කොරියාවේ සිය හමුදා සේවය නිම කිරීමෙන් අනතුරුව මේ කණ්ඩායම් සාමාජිකයන් සත් දෙනා පළමු වරට නිකුත් කළ ගීත එකතුවයි මේ. ඒත් සමඟ ම ඔවුන් ලොව වටා සිදු කරන සංගීත ප්‍රසංග මාලාව දැන් අරඹා තිබෙනවා. මේ ගීතමය සං...
තමිල්නාඩු මහ ඇමති පුටුවට එන ‘තලපති විජේ’ කච්චතිව් ආපහු ඉන්දියාවට පවරා ගනීවි ද? 05.05.2026 4:57
ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් දෙමළ සිනමාවේ ජනකාන්ත නළු සී. ජෝසප් විජේ නැතහොත් තලපති විජේ විශිෂ්ට ජයක් ලබා ගෙන තිබෙනවා. විජේගේ මැතිවරණ පොරොන්දුවල ඉහළින්ම තිබූ කරුණක් වූයේ කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගැනිමයි. මේ මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ SBS සිංහල ගෙන එන කෙටි විශේෂාංගයක්.
SBS සිංහල පුවත්: පොලී අනුපාත ඉහල දැමීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඔස්ට්‍රේලියානු මහබැංකුව අද රැස්වේ 05.05.2026 5:29
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 05වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ සමාජ සහජීවනත්වයේ ගැටළු සොයාබැලීමට පත්කළ කමිටුවෙන් නිර්දේශ 14ක් යෝජනා කරයි 04.05.2026 8:14
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිදුවූ බෝන්ඩායි වෙඩිතැබීමේ සිදුවීමෙන් යුදෙව් ජනතාව පමණක් නොව සමස්ත ඔස්ට්‍රේලියාවම දැඩි කම්පනයකට පත් වුනා. මේ සිදුවීමෙන් අනතුරුව සමාජ සහජීවනය සහ යුදෙව් විරෝධය පිළිබඳව සොයා බැලීමට පත්කළ 'Royal Commission' කමිටුවේ ප්‍රථම වාර්තාව ඉදිරිපත් වී තිබෙනවා. සමාජ සහජීවනයට විශාල තර්ජනයක් හෝ හදිසි ක්‍රියාමාර්ග ගැනීමට තරම් අවශ්‍යතාවයක් ඇතිබවට තමන්ට පෙනෙන්නට නොමැති බව මෙම කමිටුවේ ප්‍රධ...
ඉන්ධන අර්බුදයෙන් පස්සෙ ඔස්ට්‍රේලියාවට ආහාර අර්බුදයකුත් ඒවිද? - ආචාර්ය තිලක් මල්ලවාරච්චි සිදු කරන පැහැදිලි කිරීම 04.05.2026 6:21
පවතින ගෝලීය ප්‍රවණතා හමුවේ ඔස්ට්‍රේලියාව තුල ආහාර සුරක්ෂිතතාව කොතරම් දුරට සහතික ද? SBS සිංහල සේවය මේ පිළිබඳ කෘෂි ආර්ථිකය හා ප්‍රතිපත්ති සැකසුම් පිළිබඳ විශේෂඥ, ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය තිලක් මල්ලවාරච්චි මහතාගෙන් විමසා සිටියා.
ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීමේ ලැයිස්තුවේ හතර වෙනි තැන ශ්‍රී ලංකාවට 04.05.2026 8:31
ඕස්ට්‍රේලියාවට අයැදුම් කරන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර වීසා අයැදුම් පත් ප්‍රතික්ෂේප වීමේ ලැයිස්තුවේ හතර වෙනි තැනට ශ්‍රී ලාංකීය අයැදුම්කරුවන් පත්ව සිටිනවා. මේ SBS සිංහල ඒ පිළිබඳ ගෙන එන කෙටි විශේෂාංගයක්.
මව්බිමෙන් පුවත්: මහින්ද රාජපක්ෂගෙන් කටඋත්තර ගන්න කෙනෙක්ව බය කරලා ප්‍රකාශ ලියවා ගන්න තැනට වැටිලා - නාමල් / අපිට ඕන මෙවැනි හැකර් සිදුවීම් යළි ඇති නොවන තැනට වැඩ කරන්න - ඇමති නලින්ද 04.05.2026 7:21
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ඉන්ධන සැපයුම් අතින් ඕස්ට්‍රේලියාව ශක්තිමත් ස්ථාවරයක පසු වන බව බලශක්ති ඇමති කියයි 04.05.2026 5:00
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 04වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds