SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Husk å besøke podkastens nettsted og støtte skaperen: www.sbs.com.au
Hvor kan du lytte?
Podkaster i appen Replaio Radio Kommer snartPodkaster kommer snart til appen. Installer nå, og bli den første som ser en helt ny tilnærming til podkaster
Episoder
පොලී අනුපාත වැඩිවීමත් එක්ක නිවාස කුලී මිලගණන් නැවතත් ඉහල යයිද? 18.03.2026 8:22
පොලී අනුපාත වැඩිවීමත් එක්ක ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම ඉදිරිදී තම නිවාස නය පොලි අනුපාත ඉහල දමන්න සූධානම් වනවා. පසුගිය කාලයේ ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී මිලගණන් සීග්‍රයෙන් ඉහත යමින් පැවතුනා. නිවාස හිඟයත් මේ සඳහා තදින්ම බලපානවා. මේ වනවිට ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොල තුල පවතින තත්වය ගැන සොයා බලන්න SBS සිංහල සේවය සිදුකල මේ සාකච්ඡාවට සවන් දෙන්න.
මතු පිටින් නොපෙන්නුවාට මැදපෙරදිග ජනසමාජය යුද්ධය නිසා දැඩි තැතිගැන්මකින් ඉන්නෙ - කටාර් රාජ්‍යයේ සිට අමල් ලක්මිණ SBS සිංහලට දැක්වූ අදහස් 18.03.2026 7:41
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කරන ලද යුද්ධය මේ වන විට සති දෙකකට අධික කාලයක් තිස්සේ ඇදී යමින් පවතිනවා. මැදපෙරදිග කලාපයම මේ නිසා දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත්ව තිබෙනවා. පවතින තත්ත්වය පිළිබඳ කටාර් රාජ්‍යයේ සේවය කරන හිටපු මාධ්‍යවේදියෙක් වන අමල් ලක්මිණ මහතා SBS සිංහල සේවයට දෝහා නුවර සිට දැක්වූ අදහස්.
SBS සිංහල පුවත්: නිවාස ණය සඳහා වන පොලී අනුපාත ඉහල දැමීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම සූදානම් වේ 18.03.2026 4:54
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 18වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
ඕස්ට්‍රේලියාවේ සෘතු වෙනස රාමසාන් උපවාස සමයට බලපාන්නේ මෙහෙමයි, ඉෆ්තාර් ගැන ඔබට කියන ආකිල් හනිෆා 17.03.2026 8:45
රාමසාන් උපවාස සාමය ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවට ආගමික සහ සංස්කෘතික වශයෙන් ඉතා වැදගත් චාරිත්‍රාංගයක්. රාමසාන් මාසයේ දෛනික උපවාසය අවසන් කරන්නේ ඉෆ්තාර් සම්ප්‍රදායයෙන්. ඉෆ්තාර් පිළිබඳව දකුණු ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකේය මුස්ලිම් සංසදයේ සභාපති ආකිල් හනිෆා සමඟ කළ කතාබහට ඔබත් සවන් දෙන්න.
නීති පිළිසරණ: දික්කසාද නීතිය - සම්පූර්ණ වැඩසටහන 17.03.2026 16:38
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡා කොටස් හයම ඇතුළත් සම්පූර්ණ වැඩසටහනයි.
ඕස්ට්‍රේලියාවේ දැන් අංක එකේ මාරාන්තික පිළිකාවෙන් බේරෙන්න මේ ගැන දැනගන්න 17.03.2026 10:10
ඕස්ට්‍රේලියාවේ මාරාන්තික පිළිකාව තවදුරටත් පෙනහළු පිළිකා නොවන බව හෙළිව තිබෙනවා. මේ වනවිට මෙම මාරන්තිකම පිළිකා Upper gastrointestinal (GI) cancer වශයෙන් හැඳින්වෙන අතර මේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ දිගු කාලීන බලශක්ති සුරක්ෂිතතාව ගැන ගැටළු මතු වෙයි 17.03.2026 7:01
ලොව පුරා රටවල් රැසක් වගේම ඔස්ට්‍රේලියාවත් මේ වනවිට යම් ආකාරයක තීරණාත්මක ඉන්ධන හිඟයකට මුහුණ දෙමින් සිටිනවා. මෙලෙස තීරණාත්මක ඉන්ධන හිඟයකට මුහුණ දෙන ප්‍රාදේශීය ප්‍රජාවන්ට ඉහළ සල්ෆර් සහිත පෙට්‍රල් ලබාදීම සඳහා ෆෙඩරල් රජය දින 60ක තාවකාලික සල්ෆර් ප්‍රමිතීන් ලිහිල් කිරීමට අවසර දී තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
ඕස්ට්‍රේලියාවේදී ඔබ course එක වෙනස් කරනවා නම්, මේ දේවල් ගැනත් මුලින්ම දැනගන්න 17.03.2026 8:46
ඕස්ට්‍රේලියාවේදී ඔබේ පාඨමාලාව හෝ සැපයුම්කරු "Education Provider" වෙනස් කිරීමට සිතනවා නම් ඒ ගැන ජාත්‍යන්තර සිසුන් වශයෙන් දැනගතයුතු දේවල් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ඉන්ධනවල ගුණාත්මක බව පහත හෙලීමට රජය ගත් තීරණයට විවේචන එල්ල වේ 17.03.2026 5:19
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 17වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: රැප් ගායකයකු වන බාලේන්ද්‍ර ෂා නේපාලයේ නව නායකයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්වේ 16.03.2026 9:08
නේපාලයේ පැවති උද්ඝෝෂණ රැල්ල හේතුවෙන් එරට රජය පෙරලා දැමීමට අරගල කරුවන් කටයුතු කළා. ඉන් මාස 6 කට පමණ පසුව පැවතුන මහා මැතිවරණයෙන් 35 හැවිරිදි රැප් ගායකයකුවන බාලේන්ද්‍ර ෂා එරට නායකත්වයට තේරී පත් වී තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය කේ. පි ශර්මා ඔලී පරාජය කරමින් විශාල ජයග්‍රහණයක් ලබන්න මේ තරුණ රැප් ගායකයා ඇතුළු ඔහුගේ පක්ෂය සමත් වුනා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: පෝලිම් හදන්න උත්සහ කරන නිසයි QR ක්‍රමය යළි ගෙනාවේ - තෙල් සංස්ථාව / ඉරාන නැවට ඉන්දීය සාගරයේ පහර දීම කලාපීය ස්ථාවරත්වයට බලපෑමක් - මන්ත්‍රී නාමල් 16.03.2026 9:02
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ තෙල් හිඟයක් නොමැති බව ෆෙඩරල් භාණ්ඩාගාරික කියයි 16.03.2026 5:13
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 16වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සුව මනස: යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගන්න අපි මොනවා ද කරන්න ඕන? 15.03.2026 6:34
යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන මානසික සෞඛ්‍ය යහපත් කර ගැනීම පිළිබඳවයි.
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 09 - මාර්තු 13 13.03.2026 6:22
මාර්තු 09වන දා සිට 13වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: වයසට නොයන රහස බිරිඳගේ ආදරේ වැඩිකමයි - නලින් පෙරේරා 13.03.2026 9:03
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
ක්‍රීඩා විග්‍රහය: ක්ලිෆර්ඩ් කුසලානය CR & FC පිලට - මලල ක්‍රීඩා නව සභාපති බිමල් - සවි එසවීමේ ශූර රන්සිළු ඇමරිකාවේදී රනින් දිනයි 13.03.2026 8:45
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: 2026 කාන්තා දිනයේ දී සිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙළ ගැසුණු දස දහස් ගණනක ස්ත්‍රී හඬ 13.03.2026 4:31
මාර්තු 8වන දා ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබුණා. ලොව පුරා කාන්තාවන් මේ දිනය සමරනු වස් නොයෙක් ක්‍රියාකාරකම්වල නිරත වුණා. ඒ අතර අසමානතාව සහ වෙනස් කොට සැලකීමට එරෙහිව වීදි බසිනු දකින්න ලැබුණා. මේ විරෝධතාවලට එක් වූ අය වැටුප්වල වෙනස්කම්, ප්‍රජනන අයිතිවාසිකම් සහ කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය වැනි කරුණු පිළිබඳ අවධාරණය කළා. මේ ගැනයි අද කාලීන විග්‍රහය.
මව්බිමෙන් පුවත්: අපි ගොඩක් අඩුවෙනුයි තෙල් මිල වැඩි කලේ - ඇමති වසන්ත / මේ යන විදිහට පාස්කු ප්‍රහාරයේ දිනය පෙන්නුවේ අහවලා කියලාත් කියයි - හිටපු මන්ත්‍රී සංජීව 13.03.2026 8:29
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව දේශීය වශයෙන් බෙදාහරින ඉන්ධන තත්ත්ව ප්‍රමිතීන් සංශෝධනය කරයි 13.03.2026 5:11
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 13 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඔස්ට්‍රේලියාවෙන් ඔත්තු බලන ගුවන් යානක් සහ හමුදා භට කණ්ඩායමක් 12.03.2026 7:37
මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් තිබෙන යුධමය තත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාව යුධමය වශයෙන් ආධාර යවා තිබෙනවා. මේ අනුව E-7-A වෙජ්ටේල් (Wedgetail) වර්ගයේ ඔත්තු බලන යානයක් සහ හමුදා බටයින් 85 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත යැවීමට කටයුතු කර තිබෙනවා . මෙහිදී කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පමණක් මේ යුධමය සහාය ලබා දෙන බව රජය පවසනවා. කෙසේඋවත් ජාත්‍යන්තර යුධ නීති උල්ලංගනය වෙමින් සිදුවෙන යුද්ධයකට ඔස්ට්‍රේල...
ශ්‍රී ලංකාවේත් ඕස්ට්‍රේලියාවෙත් කාන්තාවට ඉහළ අධ්‍යාපන පසුබිමක් තිබෙනවා, සුධර්මා කරුණාරත්න 12.03.2026 13:11
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වත්මන් අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරන සුධර්මා කරුණාරත්න Australia Awards ශිෂ්‍යත්වය ලැබ ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් (Australian National University) මහජන ප්‍රතිපත්ති විෂය ක්ෂේත්‍රයේ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා. ඒ ප්‍රතිපත්ති සම්පාදනය සහ ආණ්ඩුකරණය පිළිබඳ ලොව ප්‍රකට අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් වන Crawford School of Public Policy පාසලේදියි. මාර්තු 8වන දාට යෙදුණු ජාත්‍යන...
Superannuation විශ්‍රාම වැටුප් සඳහා රජය ගෙනෙන මේ වෙනස්කම් ඔබට බලපාන්නෙ කොහොම ද? 12.03.2026 5:01
Superannuation එහෙම නැතිනම් ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදයට ෆෙඩරල් රජය ගෙන ආ වෙනස්කම් සෙනෙට් සභාව විසින් සම්මත කර තිබෙනවා.
අපේ වහරේ කතා අහුරක්: කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි! 12.03.2026 4:59
අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ‘කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි’ කියන යෙදුම හැදුන හැටි ගැනයි.
ලොව වටා: ඉරානයෙන් ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපයට තවදුරටත් ප්‍රහාර / නේපාල අගමැති පුටුවට එන රැප් ගායක Balendra Shah 12.03.2026 8:12
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: අයථා ලෙස ඉන්ධන මිල ඉහළ දැමූවන්ට එරෙහිව පියවර, භාණ්ඩාගාරිකගෙන් ප්‍රකාශයක් 12.03.2026 4:51
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Lignende podkaster
Replaio er ikke podkastutgiver; programnavn, omslag og lyd tilhører opphavspersonene og distribueres via offentlige RSS-feeder.