SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Husk å besøke podkastens nettsted og støtte skaperen: www.sbs.com.au
Hvor kan du lytte?
Podkaster i appen Replaio Radio Kommer snartPodkaster kommer snart til appen. Installer nå, og bli den første som ser en helt ny tilnærming til podkaster
Episoder
Think before you pack: Australia’s customs and biosecurity rules explained - ඕස්ට්‍රේලියාවට ගෙන එන ගමන් බෑගයේ පෙර සූදානම: රේගු සහ ජෛව ආරක්ෂණ රීති පිළිබඳ දැනුවත් වෙමු 25.03.2026 10:14
Customs is generally the first point of contact for people entering Australia. Our Border Force Officers are there waiting. They ensure that we don’t bring in prohibited goods that could threaten Australia’s unique environment, economy and communities. Before you zip up your suitcase, here’s what you need to know about what can—and can’t—cross the border, and what’s at stake if biosecurity rules a...
ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අගයන AAUT ජාතික උළෙලේ සම්මාන ලද ආචාර්ය චමිත් විජේනායක 25.03.2026 14:00
ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉගැන්වීම වෙනුවෙන් ජාතික මට්ටමෙන් ඇගයීම් සහ සම්මාන පිරිනැමීම් සිදු වෙනවා. එවැනි සම්මානයක් ලෙහෙසියෙන් විශ්වවිද්‍යාලයක ඉගැන්වීමේ කර්තව්‍යයේ නිරත වන්නෙකුට හිමි වෙන්නෙ නැහැ. ඉගැන්වීම් රටා තුළින් විද්‍යාර්ථීන් තුළ වෙනසක් ඇති කළ, තමන්ට වඩා පියවර කිහිපයක් ඔවුන්ව ඉහළින් ඔසවා තැබූ ආචාර්යවරුන්ටයි එවැනි ගෞරවයක් හිමි වන්නේ. ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල පද්ධතිය තුළ එවන්...
උසස් අධ්‍යාපනයට ඔස්ට්‍රේලියාවට එන්න අවස්තාව ලැබෙන 'Australia Awards' ශිෂ්‍යත්වය ගැන තොරතුරු මෙන්න 25.03.2026 7:02
ඔබ විදෙස් රටක උසස් අධ්‍යාපනය ලබන්න සිහින දකින කෙනෙක්ද ? එසේනම් Australia Awards කියන මේ ශිෂ්‍යත්ව ඔබට ඉතා වටිනා අවස්තාවක් වෙන්න පුළුවන්. ඔස්ට්‍රේලියානු රජයෙන් 2027 වසර සඳහා පිරිනමන මේ ශිෂ්‍යත්ව ශ්‍රී ලාංකික වෘත්තිකයන් සඳහාද මේ වනවිට විවෘත කර තිබෙනවා. මෙය පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රධානයක් ලෙස තමයි ක්‍රියාත්මක වන්නේ. ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන කටයුතු සඳහා දායකත්වයක් ලබා දිය හැකි වෘත්තිකයන් නිර්මාණය කිරීමට...
SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් 24.03.2026 4:59
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 25වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
නීති පිළිසරණ: මොකක්ද පරිපාලන තීන්දු සමාලෝචන විනිශ්චය සභාව Administrative Review Tribunal (ART) කියලා කියන්නෙ? 24.03.2026 6:16
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන පරිපාලන තීන්දු සමාලෝචන විනිශ්චය සභාව නැතහොත් Administrative Review Tribunal (ART) හා සම්බන්ධ ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡාවේ පළමු වැඩසටහනයි.
SBS සිංහල පුවත්: වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවල රජයේ පාසල් ගුරුවරු අද වැඩ වර්ජනයක 24.03.2026 5:13
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 24වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: ස්වදේශික සහ බහු සංස්කෘතික ප්‍රජාවේ එකමුතුවට ලොකු සේවයක් කල Auntie Rhoda ජීවිත සැරියට සමු දෙයි 23.03.2026 9:20
SBS මාධ්‍ය ආයතනයේ සේවය කල ස්වදේශික වැඩිහිටියෙකු වූ Auntie Rhoda Roberts පසුගියදා තම ජීවන දිවියට සමු දුන්නා. Widjabul Wia-bal කාන්තාවක් වන Auntie Rhoda මියයන විට 66 වැනි වියේ පසු වුණා. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: ළමුන් සමාජ මාධ්‍ය භාවිතාවෙන් මුදවාගන්න ඔස්ට්‍රේලියාව ගෙන ආ නීති තවත් රටවල් ක්‍රියාත්මක කරන්න සැරසෙයි 23.03.2026 8:43
2025 දෙසැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාව බාල වයස්කාර ළමුන්ගේ සමාජමාධ්‍ය භාවිතාව අවම කිරීමේ අරමුණින් ඒ සඳහා තහනමක් පනවන්න කටයුතු කළා. මේ ආකාරයට තහනමක් පනවපු ලොව පලවෙනි රට විදියට ඔස්ට්‍රේලියාව සැලකෙනවා. කොහොම උනත් මේ වනවිට ලොව අනෙකුත් රටවල් මේ ආකාරයේ තහනම් කිරීම් හඳුන්වා දෙන්න සූදානම් වෙනවා. ස්පාඤ්ඤය, ඩෙන් මාර්කය වගේම ඉන්දුනීසියාවත් මේ වගේ තහනමක් හඳුන්වා දෙන්න කටයුතු කරමින් සිටිනවා. මේ ගැන වැඩිදුර තොරතු...
සුව මනස: ශ්‍රී ලාංකීය ප්‍රජාව තුල ඇති ඇතැම් වැරදි මත හා පිළිගැනීම් නිසාත් මානසික සෞඛ්‍ය බිඳ වැටෙන්න පුළුවන් 23.03.2026 5:01
යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන අපේ ජන ප්‍රජාව තුල පවතින ඇතැම් වැරදි මත හා පිළිගැනීම් නිසා මානසික සෞඛ්‍ය අයහපත් විය හැකි ආකාරය පිළිබඳවයි.
මව්බිමෙන් පුවත්: සම්පූර්ණ ඉන්ධන මිල ඉහළයාම ජනතාව මත පැටෙව්වේ නෑ, ඇමති නලින්ද කියයි/ පම්පෝරි නැතුව දැන් ඉඳලම පැයක් දෙකක් විදුලිය කපන්න, විපක්ෂයෙන් ඉල්ලීමක් 23.03.2026 9:51
ගෙවුණු සති අන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවට තෙල් ගෙන එන ඉන්ධන ටැංකි 6ක පැමිණීම නවතියි 23.03.2026 5:26
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 23වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවට පැමිණීම නවතන නීතියට විශේෂඥ විවේචන, ස්වදේශ කටයුතු ඇමතිගෙන් පැහැදිලි කිරීමක් 22.03.2026 7:11
ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීති කාලානුරූපීව වෙනස් වෙනවා. ඕස්ට්‍රේලියාවට පැමිණෙන තාවකාලික විසා බලපත්‍රයක් ඇති ප්‍රජාවට අදාළව ෆෙඩරල් රජය විසින් හඳුන්වා දුන් නීතිය මෑතක වූ එවැනි වෙනස්කමක්. මේ මගින් සමහර රටවලට සහ වීසා කාණ්ඩවලට අයත් ප්‍රජාවට තාවකාලික තහනමක් බල පැවැත්වෙනවා. අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ විශේෂඥයන් මේ ක්‍රියාව දැඩි විවේචනයකට ලක් කරනවා. ඔවුන්ගේ මතවාද සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා...
රටෙන් පිට වුණොත් එන්න බැරි වෙයි ද? සංක්‍රමණ පනතේ නව වෙනස ඔබට බලපාන අයුරු නීතිවේදියෙකුගෙන් අසා දැනගමු 22.03.2026 9:12
'ලංකාවට යන්න ටිකට් අරන් තියෙන්නේ... මට යන්න බැරි වෙයි ද?' ඕස්ට්‍රේලියාවේ සිටින තාවකාලික වීසා බලපත්‍ර හිමි බොහෝ දෙනෙකු මේ දවස්වල මේ ප්‍රශ්නයට පිළිතුරු සොයනවා. ඒ සංක්‍රමණ පනතට ආ නව සංශෝධනයට අනුව රටට ඇතුල් වීම වළකන Arrival Control Determination බලය නිසා. මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ බලාපොරොත්තුවෙන් SBS සිංහල සේවය ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීති උපදේශකවරයෙකු සහ විශේෂඥයෙකු වන නීතිඥවරයෙකු සමඟ කතාබහක නිරත ව...
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 16 - මාර්තු 20 20.03.2026 6:50
මාර්තු 16වන දා සිට 20වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: ජීවිතේ මොන ප්‍රශ්න තිබුණත් මගේ ප්‍රශ්න අනිත් කෙනාගේ ප්‍රශ්නයක් කරන්නෙ නැතිව හිනා වෙලා ඉන්න එකයි මගේ විදිහ - වීණා ජයකොඩි 20.03.2026 7:19
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
ක්‍රීඩා විග්‍රහය: ලෝක ශූරතාව දිනා වසර 30 යි - නවක වේග පන්දු යවන්නන් සොයන මාලිංග - අන්තර් පාසල් රග්බි අවසන් පූර්ව වටයේ තරග හෙට සිට 20.03.2026 8:46
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: අල්ලස් කොමිසමේ ප්‍රධානියා බියවද්දායි කපිලගෙන් ප්‍රකාශ ලබාගත්තේ - ලේකම් සාගර / උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබා දෙනවා - ඇමති වසන්ත 20.03.2026 8:20
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ඇති විය හැකි ඕනෑම ඉන්ධන හිඟයක් කළමනාකරණය කිරීමට ඕස්ට්‍රේලියාවට දැඩි පූර්ව සූදානමක අවශ්‍යතාව අගමැති අවධාරණය කරයි 19.03.2026 5:22
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
ශ්‍රී ලාංකිකයෝ විදිහට හැමෝම එකමුතු වන දවසට අපිත් මේ රටවල් දාලා ආපහු ලංකාවට යනවා - සිංහල බසට තවමත් පෙම් බඳින කැන්බරා නුවර රෙස්මි වහබ් 19.03.2026 10:00
මේ රාමසාන් සමය මුස්ලිම් ප්‍රජාවට වැදගත් වන ආකාරයත්, සංක්‍රමණික අත්දැකීම් සහ සිංහල භාෂාවට ඇති ලෙංගතුකම ගැනත් කැන්බරා නුවර දී SBS සිංහල සේවයට මුණගැසුනු රෙස්මි වහබ් මහතා දැක්වූ අදහස්.
කුඩා තැන්පතු මුදලකින් පළමු නිවාස ගැනුම් කරුවන්ට ඔස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න තියෙන අවස්ථා මොනවාද? 19.03.2026 8:21
බොහොමයක් පළමු නිවාස ගැනුම් කරුවන්ට තියෙන විශාල ගැටළුවක් තමයි නිවසක් මිලදී ගන්න අවශ්‍ය වෙන මූලික තැම්පතුව, 'deposit' එක සොයා ගන්න එක. කෙසේ උවත් වර්තමානය වෙනවිට 2%ක් 5%ක් වගේ අඩු තැන්පතු මුදලකින් නිවසක් මිලදී ගන්න බොහෝ පළමු නිවාස ගැනුම් කරුවන්ට අවස්ථාව තියෙනවා. නමුත් මේ ක්‍රමවේදවල වාසි මෙන්ම අවාසිත් තියෙනවා. අඩු තැන්පතු මුදලකින් නිවසක් ගන්න තියෙන අවස්ථා ගැන අද විශේෂාංගයෙන් අපි තොරතුරු ගෙන එනවා.
කාලීන විග්‍රහය: පොලී අනුපාත වැඩි කිරීම් සහ රජයෙන් ලබාදීමට බලාපොරොත්තු වෙන සහන ගැන භාණ්ඩාගාරික ජිම් චාමර්ස් අදහස් දක්වයි 19.03.2026 7:53
පසුගිය මාස මාස දෙක තුල දෙවන වතාවටත් පොලි අනුපාතය ඉහල දමන්න ඔස්ට්‍රේලියානු මහ බැංකුව කටයුතු කළා. පොලී අනුපාත ඉහල දමන්න රැස්වෙන කමිටුවේ මහ බැංකු නිලධාරීන් 5 ට 4ක් ලෙස මේ සඳහා මනාපය පලකරලා තියෙනවා. මැදපෙරදිග පවතින යුධ ගැටුම් හේතුවෙන් ගෝලීය ආර්ථිකය වැඩිවශයෙන් අස්ථාවර වීමේ ඉඩක් පවතිනවා. මේ තත්වය පොලී අනුපාත ඉහල දමන්න වැඩි වශයෙන් හේතු වුන බව භාණ්ඩාගාරික ජිම් චාමාර්ස් පවසනවා. ජනතාවට සහන ලබාදීම් ගැනත් ඉදි...
අපේ වහරේ කතා අහුරක්: විහිළුවක්වත් දන්නෙ නැති දෙයියොයි මාළුබාන්නාගෙයි කතාව! 19.03.2026 4:22
අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ මාළුබාන්නෙක් දෙවියන්ට වුන භාරයක් ගැනයි.
ලොව වටා: ජ්‍යෙෂ්ඨ ඇමරිකානු ත්‍රස්ත මර්ධන නිලධාරියෙක් අස්වෙයි / චීන නායකයින් රටේ අනාගත ස්ථාවරත්වය ගැන තීරණ ගනී 19.03.2026 8:00
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ හදිසි තෙල් සංචිත නුදුරේ දී මුදා හැරීමේ සූදානමක් 19.03.2026 5:12
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 19වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
How public and community housing works in Australia - ඔස්ට්‍රේලියාවේදී නවාතැනක් සොයා ගන්න අපහසු අයට රජයෙන් ලැබෙන මේ නිවාස ගැන ඔබ දැන සිටියද? 18.03.2026 9:16
In Australia, government-subsidised rental housing is available for eligible households. Assessment is based on need under criteria that vary depending on your state or territory. Here’s what to expect when applying for different types of housing assistance, some common myths around social housing and where to reach out for help. - මේ වන විට ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදයක් පවතිනවා කියල බොහෝ දෙනෙක්...
Lignende podkaster
Replaio er ikke podkastutgiver; programnavn, omslag og lyd tilhører opphavspersonene og distribueres via offentlige RSS-feeder.