SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 2014 episodi

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Visita il sito del podcast e sostieni chi lo crea: www.sbs.com.au

Autore

SBS

Categoria

News

Sito del podcast

www.sbs.com.au

Ultimo episodio

26 nov 2026

Dove ascoltare?

I podcast nell'app Replaio Radio In arrivo

I podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast

Scaricala su Google Play Installala gratis Android 10 mln+ di download · valutazione 4,7+ iOS in arrivo

Episodi

'ලංකාවේ දේශපාලන තත්වය ගැන රටේ ජනතාව ඉන්නේ නොසතුටෙන්', හිටපු ජනපති මෛත්‍රී කියයි: මවුබිමෙන් පුවත් අගෝ 22 22.08.2025

අද - අගෝස්තු මස 22 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

වසර 76ක් පැරණි ඊශ්‍රායල ඔස්ට්‍රේලියා මිතුදම් පළුදු වන ලකුණු: කාලීන විග්‍රහය 21.08.2025

ඔස්ට්‍රේලියාව සහ ඊශ්‍රායලයේ වසර 76 පුරා පවතින සබඳතාවලට හානි පැමිණෙන තත්වයක් ඇතිවී තිබෙනවා. පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තීරණය කිරීම සහ ඊශ්‍රායල දේශපාලකයකුට විසා ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්වය උද්ගත වී තිබෙනවා. යුදෙව් විරෝධී මත ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයට ඊශ්‍රායලය චෝදනා එල්ල කර සිටිනවා. වෙස්ට් බෑන්ක් ප්‍රදේශයේ රාජතාන්ත්‍රික සේවයේ නියුතු ඕස්ට්‍රේල...

විද්‍යා හා තාක්ෂණ අංශයෙන් පර්යේෂණ උපාධියකට ඕස්ට්‍රේලියාව තෝරා ගැනීම පිළිබඳ පර්යේෂිකාවක් SBS සිංහලට කියූ දේ 21.08.2025

පර්යේෂණ අංශයේ උපාධි සඳහා ලොව පුරා ශිෂ්‍යයන් සහ පර්යේෂකයන්ගේ ඉහළ තේරීමක් ලෙස ඕස්ට්‍රේලියාව අනාදිමත් කාලයක සිට පවතිනවා. මෙහි දී කලා, වාණිජ සහ විද්‍යා යන සියලු ක්ෂේත්‍රවලට අදාළ පර්යේෂණ සිදු කෙරෙනවා. විද්‍යා හා තාක්ෂණ අංශයෙන් සිය ආචාර්ය උපාධිය සඳහා ඕස්ට්‍රේලියාව තෝරා ගත් ශිෂ්‍යාවියක මේ සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීමකට සවන් දෙන්න.

SBS සිංහල Newsflash අගෝ 21: ඕස්ට්‍රේලියාවේ මාර්ග අනතුරු මරණ සංඛ්‍යාව ඉහළට 21.08.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 21වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

අපි රුසියා යුක්‍රේන සටන් විරාමය ගුවනින් නිරීක්ෂණය කරනවා, ඇමරිකා ජනපති ට්‍රම්ප් කියයි: 'ලොව වටා' 21.08.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

ශිෂ්‍ය වීසා ලබාදීමේ ක්‍රියාවලියේ ඇති ප්‍රමාදයන් ගැන ඇතැම් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම් කරුවන් කලකිරීමෙන් 20.08.2025

ඔස්ට්‍රේලියාවට වසරකට පැමිණෙන අන්තර්ජාතික ශිෂ්‍යයින්ගේ ප්‍රමාණය ඉහල දැමීමට රජය කටයුතු කරන බවට පසුගියදා නිවේදනය කර තිබුනා. කෙසේ උවත් ශිෂ්‍ය වීසා ලබා දීමේදී මේ වන විටත් යම් ප්‍රමාදයක් දක්නට ලැබෙන බව ඇතැම් ශිෂ්‍යයින් පවසනවා. මේ තත්වය පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

සිල්ලර භාණ්ඩ බිල්පත් අගය අඩුම ප්‍රාන්තය නොදර්න් ටෙරිටරියයි, වැඩිම අගය ටස්මේනියාවෙන්: වාර්තාවක් කියයි 20.08.2025

ඔබ වෙළඳපොළෙන් මිල දී ගන්නා බඩු භාණ්ඩවල මිල පෙරට වඩා වැඩි බවක් ඔබට හැඟෙනවා ඇති. පසුගිය වසර තුළ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක සතියක සිල්ලර භාණ්ඩ බිලෙහි සාමාන්‍ය අගය 11% කින් ඉහළ ගොස් ඇති බවත්, එය ඩොලර් 216 සිට ඩොලර් 240 දක්වා වැඩිවීමක් බවත් මෑත කාලීනව කරන ලද Canstar Blue සමීක්ෂණයකින් පෙන්නුම් කරනවා. එම වියදම වසරකට ඩොලර් 12,480ක් දක්වා අගයක් ගන්නා අතර එය 2021දී එවැනි පවුලක් විසින් ගෙවූ මුදලට වඩා ඩොලර් 3...

SBS සිංහල Newsflash අගෝ 20: ඊශ්‍රායලයට එරෙහිවූ බවට ඊශ්‍රායල අගමැතිගෙන් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාට චෝදනා 20.08.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 20වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

වීසා මාරු කරමින් ඕස්ට්‍රේලියාවේ දිගු කලක් රැඳී සිටීම වැලක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන තොරතුරු මෙන්න 19.08.2025

විවිධ වීසා වලට මාරු වෙමින් ඔස්ට්‍රේලියාව තුල දිගු කලක් රැඳී සිටීමට ඇතැම් පිරිස් කටයුතු කරනවා. ඉතින් මේ තත්වය වලක්වන්න ඕස්ට්‍රේලියානු රජය නව නීති හඳුන්වා දීමට පසුගිය කාලයේ කටයුතු කළා. මේ සම්බන්ධයන් පවතින වර්තමාන තත්වය පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න

SBS සිංහල Newsflash අගෝ 19: E- bikes පදින බොහෝ පිරිසක් නිසි වේග සීමාව ඉක්මවන බවට අනාවරණයක් 19.08.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 19වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

විෂාදය සඳහා ගන්නා ඖෂධ නැවත්වීමේදී ඇතිවන අතුරු ආබාධ ගැන අධ්‍යනයකින් තොරතුරු හෙළි කරයි: කාලීන විග්‍රහය 19.08.2025

විෂාදය එහෙම නැතිනම් Depression කියන තත්වය සඳහා ඖෂධ ලබා ගන්නා රෝගියකු එම ඖෂධ ලබා ගැනීම නැවත් උවහොත් ඇතිවන විවිධ අතුරු අබාධ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. 17,828 පමණ පිරිසක් යොදා ගෙන සිදුකල පරීක්ෂණ 50ක පමණ දත්ත උපයෝගී කරගෙන මෙම අධ්‍යයනය කිරීමට කටයුතු කර තිබෙනවා. මෙයට සහභාගී වූ පිරිසෙන් වැඩි දෙනා කාන්තාවන් වන අතර මෙම පිරිසේ සාමාන්‍ය වයස් සීමාව අවුරුදු 44ක් ලෙස සඳහන් වනවා. මෙහිදී හඳුනාගත් කරුණ...

ඕස්ට්‍රේලියාවට ආවේනික 'Laughing Kookaburra' ගැන ඔබ නොදන්නා අපූරු තොරතුරු 19.08.2025

ඔස්ට්‍රේලියාව යනු ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මෙම රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්‍රේලියාව නිවහන වේ. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවෙන් හමුවන ඕස්ට්‍රේලියාවට ආවේනික 'Laughing Kookaburra' පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව

A beginner’s guide to owning a pet in Australia - ඕස්ට්‍රේලියාවේ සුරතල් සතෙකුගේ හිමිකරුවෙකු වෙන්න සිතනවා නම් ඔබ දැනගත යුතු සියල්ල: Australia Explained 19.08.2025

Bringing a pet into your home can fill it with joy and companionship – but it also comes with important responsibilities. In Australia, new pet owners need to be aware of legal requirements, along with essential tips for training and caring for their animals. - සුරතල් සතුන් බොහෝ ඕස්ට්‍රේලියානුවන්ගේ ජීවිතයේ ආදරණීය කොටසක් වනවා, ඕස්ට්‍රේලියාවේ සෑම නිවාස තුනෙන් දෙකක පමණ පිරිසට ඔවුන්ගේ නිවසේ සුරතල් සතක...

ප්‍රණීත අල ව්‍යංජනයකට ඕස්ට්‍රේලියානු වෙළඳපොළෙන් ගත හැකි අල වර්ගය පිළිබඳ National Potato Day අබියස දැනගමු 18.08.2025

අගෝස්තු 19 වෙනිදා ඕස්ට්‍රේලියාව National Potato Day සමරනවා. ඒ හා සමගාමිව ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ අල ආශ්‍රිත ආහාර කලාව, වෙනස්කම්, අල ඉවීමේ දී භාවිත කළ හැකි රස රහස් සහ ඕස්ට්‍රේලියානු වෙළඳපොළෙන් මිල දී ගත හැකි අල වර්ග පිළිබඳ කළ සාකච්ඡාවට සවන් දෙන්න.

සමාජ මාධ්‍ය Scroll කිරීමෙන් අපේ මොළයේ ක්‍රියාකාරිත්වය අවම විය හැකි බවට හෙළිවෙයි 18.08.2025

සමාජ මාධ්‍ය භාවිත කර මිනිත්තු කිහිපයක් ඇතුළත මොළයේ වැදගත් ක්‍රියාකාරිත්වය අවම විය හැකි බව නව අධ්‍යයනයක් කියා සිටිනවා. සමාජ මාධ්‍ය යෙදවුමක ඉහළ පහළ යාමෙන් හෙවත් scroll කිරීමෙන් පසු චින්තනය, හැඟීම් සහ අවධානය යොමු කිරීම වැනි ක්‍රියාකාරකම්වල පහත වැටීමක් එම අධ්‍යයනයෙන් පෙන්නුම් කර තිබෙනවා. කෙසේ වෙතත්, විශේෂඥයන් පවසන්නේ දුරකතන හෝ පරිගණක වැනි උපාංගවල තිර දෙස බලමින් ගත කරන කාලය හෙවත් screen time මොළයට බලපා...

ඕස්ට්‍රේලියාවට ආවේනික 'වොම්බැට්' ගැන ඔබ නොදන්නා අපූරු තොරතුරු 18.08.2025

ඔස්ට්‍රේලියාව යනු ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මෙම රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්‍රේලියාව නිවහන වේ. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවෙන් හමුවන ඕස්ට්‍රේලියාවට ආවේනික 'වොම්බැට්' සතුන් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව

'අපි මේ ආණ්ඩුවේ කකුලෙන් අදින්නේ නැහැ', හිටපු ඇමති සුසිල් සහ අනුර කියයි: මවුබිමෙන් පුවත් අගෝ 18 18.08.2025

අද - අගෝස්තු මස 18 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

SBS සිංහල Newsflash අගෝ 18: වික්ටෝරියා ප්‍රාන්තයෙන් වසර මිලියන 25ක් පැරණි තල්මස් ෆොසිලයක් 18.08.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 18 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

විදුලියෙන් දිවෙන බයිසිකල් සහ ස්කූටර් ආශ්‍රිත බැටරි ගිනි ගැනීම් පිළිබඳ විශේෂඥ අනතුරු ඇඟවීම්: කාලීන විග්‍රහය 18.08.2025

බැටරි ගිනි ගැනීමෙන් සිදු විය හැකි අවදානම් පිළිබඳව විශේෂඥයෝ අනතුරු අඟවනවා. 2023 මුල් භාගයේදී පමණක් ලොව පුරා විදුලි බලයෙන් ක්‍රියා කරන බයිසිකල් හෙවත් ඊ-බයික්ස්, ස්කූටර්ස් සහ ස්කේට්බෝඩ්වල බැටරි ගිනි ගැනීම් 500කට වඩා සිදුවී තිබෙනවා. එමෙන් ම එමඟින් තුවාල 138ක් සහ මරණ 36ක් සිදු වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අගෝ 11 - අගෝ 15 15.08.2025

අගෝස්තු 11 සිට අගෝස්තු 15 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

වැඩකරන සතිය දින 4ක් දක්වා අඩු කිරීමට ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයෙන් රජයට යෝජනාවක් 15.08.2025

ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය වැඩ කර සතියක් දින හතරකට අඩු කරන්න ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය විසින් යෝජනා කර සිටිනවා. මේ හරහා ඵලදායීතාවය ඉහළ යන අතර සේවකයින්ගේ ජීවන තත්වය තවදුරටත් උසස් වන බව ඔවුන් පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

කොරල් විරංජනයට ප්‍රධාන හේතුව කාබන් විමෝචනය නිසා උෂ්ණත්වය ඉහළ යාම බව විද්‍යාඥයෝ පවසති: කාලීන විග්‍රහය 15.08.2025

ඕස්ට්‍රේලියානු සමුද්‍ර විද්‍යා ආයතනයේ නව වාර්තාවකට අනුව, පසුගිය ගිම්හාන කාලයේ දී බටහිර ඕස්ට්‍රේලියාවේ ඇති වූ marine heatwave හෙවත් සාගර තාප තරංගය මෙතෙක් වාර්තා වූ විශාලතම හා වඩාත්ම තීව්‍ර තාපතරංගය ලෙස වාර්තා වනවා . දිගු කාලීනව පැවති උණුසුම හේතුවෙන් කලාපයේ කොරල්පර හරහා දරුණු coral bleaching හෙවත් කොරල් විරංජන තත්ත්වයක් ඇති වුණා. මේ මගින් කොපමණ හානියක් සිදුවී ඇත්දැයි සම්පූර්ණයෙන් වටහා ගැනීමට මාස කිහ...

SBS සිංහල Newsflash අගෝ 15: ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර සබඳතා ක්‍රමයෙන් හීනවී යන බව විපක්ෂ නායිකාව පවසයි 15.08.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 15වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

වමත්කරුවන් ඇත්තටම දකුණත්කරුවන්ට වඩා ගොඩක් වෙනස්ද, හරිම විස්තරේ මෙන්න 14.08.2025

සෑම වසරකම අගෝස්තු මස 15 වැනිදාට International Left-Handers Day හෙවත් ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනය යෙදෙනවා. මේ 2025 වසරේ ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනයට සමගාමිව, දකුණත්කරුවකු වීම වෙනුවට වමත්කරුවකු බවට පත්වීම පිටුපස "මානසික" හෝ "ස්නායු විද්‍යාත්මක" හේතු පිළිබඳව අප නොදන්නා දේ ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

'ලංකාවේ මළල ක්‍රීඩාව දියුණු කරන්න අපි අලුත් ධාවන පථ හදනවා', ක්‍රීඩා ඇමති කියයි: අගෝ 15: ක්‍රීඩා විග්‍රහය 14.08.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

Ascolta il podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන su Replaio

Radio e podcast in un'unica app - gratis e senza registrazione. Installala oggi e non perderti il lancio

Scaricala su Google Play

Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici