SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Visita il sito del podcast e sostieni chi lo crea: www.sbs.com.au
Dove ascoltare?
I podcast nell'app Replaio Radio In arrivoI podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast
Episodi
වික්ටෝරියානු මැතිවරණයේ බල පෙරළියක් වෙයිද? මෙවර ඡන්දදායකයන්ගේ තීරණයට බලපාන ප්‍රධාන කරුණු මොනවාද? 25.11.2026 26:07
වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයට තවත් දින කිහිපයක් පමණක් ඉතිරිව තිබෙන අතර, මේ වන විට පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමත් සිදුවෙමින් පවතිනවා. මෙවර මැතිවරණයේදී කම්කරු පක්ෂයට සහ ලිබරල්–ජාතික සන්ධානයට හිමිවිය හැකි ජනතා සහයෝගය මෙන්ම, One Nation පක්ෂය සහ දක්ෂිණාංශික දේශපාලන ප්‍රතිපත්ති කෙරෙහි ඇති අවධානය පිළිබඳවත් විවිධ අදහස් පළවෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් සහ දේශපාලන විශ්ලේෂණ ඉදිරිපත්...
සුව දිවිය: ලිංගික අවයවයේ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් ද? පිරිමින්ට වඩා ගැහැණුන්ට සුරතාන්තය වැදගත් ද? 25.11.2026 6:54
යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ සිව්වැනි කොටස. #sbsaudiopodcast
අනියම් සබඳතා චෝදනාවෙන් ඉල්ලා අස්වූ Nvidia ප්‍රධානියා යළි පුටුවට: සමාගමේ කොටස් මිලත් ඉහළ පහළ යයි 25.11.2026 3:54
ලෝකයේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛ සමාගමක් වන Nvidia සමාගම මේ දිනවල දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. චීන ඔත්තු සේවාවලට සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ බවට මාධ්‍ය වාර්තා පළවීමෙන් පසු ධුරයෙන් ඉල්ලා අස්වූ එහි ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාන් යළි එම ධුරයට පත් කර තිබෙනවා. ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් අනතුරුවයි. නමුත් මෙම තීරණය දැන් අ...
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ නිවාස ණය පොලී අඩුවෙයිද? ANZ බැංකුවෙන් නව පුරෝකථනයක් 24.11.2026 5:18
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 25 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ ගැටලුව ගැන හැම පක්ෂෙකම ලොකුම අවධානය වෙයි 24.11.2026 9:38
මෙම වසරේ අවසන් වරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර තම ව්‍යවස්ථාදායක න්‍යාය පත්‍රය සම්මත කර ගැනීම සඳහා වත්මන් ඕස්ට්‍රේලියානු රජය දැඩි සටනකට මුහුණ දී සිටී. මෙවර කාලීන විග්‍රහය මේ පිළිබඳවයි. #sbsaudiopodcast
යුරෝපය හරහා පාපැදියෙන් ගිය හිමාල කඳු ශිඛර තරණය කල වෛද්‍ය සරත් සේනාධීරගේ ත්‍රාසජනක අත්දැකීම් 24.11.2026 19:30
කඳු නැගීමට පාපැදි ධාවනයට පෙම් බැඳි විශේෂඥ වෛද්‍ය සරත් සේනාධීර මහතා සමඟ මෙම කතාබහ SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast #sbssinhala
නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ අන්තිම කැමති පත්‍රයට ලංකාවේ දේපළ මිල මුදල් හෝ superannuation අරමුදල ඇතුළු කරන්න පුළුවන් ද? 24.11.2026 9:22
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ වැඩසටහන ඔස්ට්‍රේලියාව තුල අවසන් කැමති පත්‍රය සකස් කිරීමේ දී බලපැවැත්වෙන නීති සහ ක්‍රමවේද පිළිබඳ පැහැදිලි කරන සිව්වැනි සහ අවසාන වැඩසටහන. #sbsaudiopodcast
ලෝකෙම පිස්සුවෙන් වගේ කතා කරන GTA 6 පසුබිම් කතාව මෙන්න, මුල් දවසෙම ඩොලර් බිලියන 3 පැනපු අදායමක් 24.11.2026 3:17
'Grand Theft Auto' වීඩියෝ ක්‍රීඩා මාලාවේ නවතම නිකුතුව "GTA 6" පසුගියදා එළිදැක්වූ අතර, ඒ පිළිබඳව ලොව පුරා විශාල පිරිසකගේ දැඩි උද්යෝගයක් පවතුනා. බොහෝ කලක සිට රසිකයන් බලා සිටි ක්‍රීඩාවක් ලෙස මෙය හැඳින්විය හැකියි. මේ කෙටි විශේෂාංගය ඒ පිළබඳව #sbsaudiopodcast
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ නිවාස කුලී අර්බුදය දරුණු අතට, සාමාන්‍ය ආදායමක් ලබන පවුල්වලටත් කුලී ගෙවීමට අපහසු තත්ත්වයක් 23.11.2026 6:02
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 24 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
වැලි කඩදාසියකට සීරී යන ඔස්ට්‍රේලියාවේ මහත්වරුන්ගේ ක්‍රීඩාවේ අභිමානය 23.11.2026 6:36
ඕස්ට්‍රේලියානු පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල උස්මන් කවාජා නිකුත් කල සිය ස්වයං චරිතාපදානය මගින් හෙළි කල ආන්දෝලනාත්මක තොරතුරක් නිසා සමස්ත ක්‍රිකට් ලෝකයටම කම්පනයක් ඇති කර තිබෙනවා. ඒ 2018 වසරේදී, කේප්ටවුන්හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදී වැලි කඩදාසි භාවිතයෙන් පන්දුව පළුදු කිරීමේ කුමන්ත්‍රණයට එවක සමස්ත ඔස්ට්‍රේලියානු කණ්ඩායමම දැන සිටි බවට හෙළි කරමින්. මේ හෙළිදරව්ව සමග ඔස්ට්...
මම හොඳින් කියන පිරිමි ඇත්තටම හොඳින්ද, පිරිමින් නොසලකා හරින සෞඛ්‍ය අවදානම් ගැන හරිම තොරතුරු මෙන්න 23.11.2026 16:35
Movember ව්‍යාපාරයට සමගාමීව පුරුෂ සෞඛ්‍යය ගැන අප දැනගත යුතු දේ, මානසික සෞඛ්‍ය ගැටලු හඳුනාගන්නේ කෙසේද සහ පිළිකා ඇතුළු බරපතළ සෞඛ්‍ය ගැටලු කල්තියා හඳුනාගැනීමේ වැදගත්කම පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න #sbsaudiopodcast
SBS සිංහල WorldWatch: ආලෝක දිනයක් පසු කරමින් ඈත අභ්‍යවකාශයේ හුදකලා ගමනක යෙදෙන Voyager 1 යානයට ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවරට ඇති සබඳකම 23.11.2026 20:22
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast
කැන්බරාවට 'සඳ සිසිල' රැගෙන එන රුවන්මලී 23.11.2026 11:19
ඔස්ට්‍රේලියා අගනුවර භූමි ප්‍රදේශයේ නැගී එන ගායන ශිල්පිනී රුවන්මලී ආරච්චිගේ සිය කුළුඳුල් ඒක පුද්ගල ගීත ප්‍රසංගය කැන්බරා නුවර දී එළඹෙන නොවැම්බර් 28 වෙනිදා පැවැත්වීමට සූදානමින් සිටිනවා. #sbsaudiopodcast
ඔස්ට්‍රේලියානු ජාතික යුද ස්මාරකය ගැන මේ තොරතුරු දන්නවා ද? 23.11.2026 4:56
ඔස්ට්‍රේලියා අගනුවර භූමි ප්‍රදේශයේ කැන්බරා හි පිහිටුවා ඇති ජාතික යුද ස්මාරකය පිළිබඳ මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS සිංහල පුවත්: මාව තේරුවොත් මෙල්බර්න් වල පළවෙනිම සීක් පාසල හදනවා, බෙන් කැරොල්ගෙන් ලොකු පොරොන්දුවක් 22.11.2026 5:11
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 23 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
සංක්‍රමණිකයන්ගේ දෙමාපියන්ට ලැබෙන Parent Visa නවත්තන්න One Nation සංක්‍රමණික ප්‍රතිපත්ති යෝජනාවක් 22.11.2026 4:17
One Nation පක්ෂය ඉදිරිපත් කර ඇති අලුත්ම සංක්‍රමණික ප්‍රතිපත්ති යෝජනාවෙන් , සරණාගත වීසා සහ Parent වීසා ගැන යෝජනා කර ඇති නවතම කප්පාදුව ගැනත්, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන නියෝජිතයන්ගෙන් ඊට එල්ල වූ දැඩි විරෝධය ගැනත් වැඩි දුර තොරතුරු දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය නොවැ 16 - 20 20.11.2026 6:30
නොවැම්බර් 16 වන දා සිට නොවැම්බර් 20 වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. #sbsaudiopodcast
පර්ත් තතු මංජරී: අපේ රස මවන දමිත්, කවි ගී මිහිර ගෙනෙන වත්සලා, ඉංජිනේරු රැකියා ගැන කියන තරිඳු සහ තවත් තොරතුරු මෙවර විශේෂාංගයෙන් 20.11.2026 47:56
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී විජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast
තරුෂි එක්ක තරු කතා: රටේ තිබුණු තත්ත්වය නිසා අපේ තරුණ කාලේ ලැබෙන්න තිබුණු බොහෝ අවස්ථා නැති වෙලා ගියා - කෞෂල්‍යා ප්‍රනාන්දු 20.11.2026 8:58
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast
ක්‍රීඩා විග්‍රහය: ICC නැගී එන T20 කුසලානයේ සුපිරි 6 ට යන සිංහ ධේනුවන් / මෙල්බර්න් එන රුමේෂ් තරංග / 'ඔලිම්පික් පදක්කමකට මිලියන 100ක් දෙනවාමයි' - ක්‍රීඩා ඇමති 20.11.2026 8:59
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast
ශක්තිමත් පිරිමියෙක් වීම කියන්නේ හැඟීම් සඟවාගෙන ජීවත් වීම නොවෙයි 20.11.2026 3:53
සෑම වසරකම නොවැම්බර් 19 වැනිදා ලොව පුරා සමරන ජාත්‍යන්තර පිරිමි දිනය (International Men's Day) වෙනුවෙන් SBS සිංහල ගෙන එන මේ විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය වසර පහකට පසු ඉහළම මට්ටමට 19.11.2026 5:02
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
සංක්‍රමණිකයන් සහ බහුසංස්කෘතිකත්වය පිළිබඳ ඕස්ට්‍රේලියානුවන්ගේ ආකල්ප වෙනස් වෙමින් තිබෙනවාද? නවතම සමීක්ෂණයකින් හෙළි වූ දේ මෙන්න 19.11.2026 7:21
බහුසංස්කෘතිකත්වයට ඇති ජනතා සහයෝගය පහත වැටීම, සංක්‍රමණය පිළිබඳ විරෝධය ඉහළ යාම සහ විවිධ ආගමික ප්‍රජාවන් කෙරෙහි අයහපත් ආකල්ප වර්ධනය වීම වැනි කරුණු ඕස්ට්‍රේලියාවේ සමාජ සහජීවනය පිළිබඳ නවතම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා. මෙම තත්ත්වයට බලපා ඇති හේතු පිළිබඳව SBS සිංහල සේවය සකස් කළ මෙම විශේෂාංගයෙන් දැනගන්න. #sbsaudiopodcast
බදු අඩු කරගන්න වාහන මිලදී ගැනීම සහ පවුලේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම ඇත්තටම වාසිදායකද? නීත්‍යනුකූලද? 19.11.2026 12:18
ගෙවිය යුතු බදු මුදල් අඩු කරගැනීම සඳහා වාහන මිලදී ගැනීම, බිරිඳට හෝ දරුවන්ට වැටුප් ගෙවීම වැනි ක්‍රම ඇතැම් ව්‍යාපාරිකයන් අනුගමනය කරනවා. මෙවැනි ක්‍රම කොතරම් ඵලදායීද සහ ඒවායේදී සැලකිලිමත් විය යුතු නීතිමය කරුණු මොනවාද යන්න පිළිබඳව මෙල්බර්න් නුවර බදු උපදේශිකාවක් ලෙස කටයුතු කරන චාගා රත්නවීර මහත්මිය සමඟ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.
අපේ වහරේ කතා අහුරක්: කොකාට වාරයක් ආවාට තිත්තයාට වාරයක් ආවා ද කියලා දන්නවා ද? 19.11.2026 3:00
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ කොක්කු සහ තිත්තයෝ අතර තියෙන පරණ කෝන්තර කතාව ගැනයි. #sbsaudiopodcast
Podcast simili
Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici