SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 2012 episodi

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Visita il sito del podcast e sostieni chi lo crea: www.sbs.com.au

Autore

SBS

Categoria

News

Sito del podcast

www.sbs.com.au

Ultimo episodio

25 nov 2026

Dove ascoltare?

I podcast nell'app Replaio Radio In arrivo

I podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast

Scaricala su Google Play Installala gratis Android 10 mln+ di download · valutazione 4,7+ iOS in arrivo

Episodi

කාලීන විග්‍රහය: වෙනිසුලා ජනපති අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇමරිකාව වෙනිසියුලාව පාලනය කරන බව ට්‍රම්ප් කියයි 05.01.2026

වෙනිසියුලාවට විශාල ප්‍රමාණයේ හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට තමන් නියෝග කල බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. එහිදී වෙනිසුලා ජනපති Nicolás Maduro සහ ඔහිගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුනට මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි සම්බන්ධ චෝදනා ගොනුකර තිබෙනවා. ට්‍රම්ප් හිතවාදීන් මේ ප්‍රහාරය අගය කර සිටින අතර තවත් රටවල් මෙම ප්‍රහාරය හෙලා දැක තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන...

ජාත්‍යන්තර පුරුෂ දින සැමරුමක් සිදු කල එකම කාන්තා සංවිධානය අපියි - නාලිකා පද්මසේන 05.01.2026

ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර ප්‍රාන්ත රජය පසුගිය දා සංවිධාන කර තිබුණු Windows to the World ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව තිබුණා. මේ එම ප්‍රදර්ශනයට සහභාගි වූ ශ්‍රී ලාංකික-ඕස්ට්‍රේලියානු කාන්තා ජාලයේ (Sri Lankan Australian Women’s Network) සභාපතිනි නාලිකා පද්මසේන මහත්මිය SBS සිංහල සේවයට දැක්වූ අදහස්.

මව්බිමෙන් පුවත්: අලුත් විෂය මාලාව ක්‍රියාත්මක කරනවා - අගමැති / ප්‍රතිසංස්කරණ වලට අධ්‍යාපනඥයින් වෙනුවට දේශපාලන කමිටු වල අය දාගෙන - ලංකා ගුරු සංගමය 05.01.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාව පුරා දැඩි තාප තරංග අනතුරු ඇඟවීම් 05.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 5 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: නව රොබෝ තාක්ෂණික දැනුමෙන් අතුරුදහන් වූ MH370 ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් යළි ඇරඹේ 04.01.2026

MH370 ගුවන් යානය අතුරුදහන් වී දශකයකට වැඩි කාලයකට පසු, එම ගුවන් යානය සෙවීමේ මෙහෙයුමක් නැවත ආරම්භ වී තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, දෙසැ 29 - ජන 02 02.01.2026

දෙසැම්බර් 29 වන දා සිට ජනවාරි 02 වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

තරුෂි එක්ක තරු කතා: 2026 ඕස්ට්‍රේලියාවේ මුල්ම සිංහල ගීත ප්‍රසංගය සමඟ එන ජගත් 02.01.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.

ක්‍රීඩා විග්‍රහය: නිත්තවෙල ක්‍රීඩාංගණය ට රග්බි තරග තහනමක්? 02.01.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: රනිල්ගෙන් සජිත්ට නව අවුරුදු සුබ පැතුමක් / ලංවිම වත්කම් අලුත් සමාගම් හයකට පවරයි 02.01.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: 2026 දී නිවාස මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ වැටෙන බවට වාර්තාවක් 01.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 2 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

අලුත් අවුරුද්දේ ඔබේම ව්‍යාපාරයක් අරඹන්න සිහින දකිනවානම් මේ ගැනත් දැනගන්න 01.01.2026

ව්‍යවසායකත්වය, එහෙම නැතිනම් 'Entrepreneurship' කියන වචනය අපිට මේ දිනවල බොහෝ අවස්ථාවල අහන්න ලැබෙනවා. කුඩාවට හෝ තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න, එහෙම නැතිනම් රැකියාවට අමතරව තවත් ආදායම් මාර්ගයක් ගොඩනගා ගන්න බොහෝ දෙනෙක්ට උනන්දුවක් තියෙනවා කියල අපිට පෙනෙන්නට තිබෙනවා. ඉතිං ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන්න අද දවසේ SBS සිංහල සේවය කටයුතු කළා. අලුත් අවුරුද්දේ ව්‍යාපාරයක් අරඹන්න ඔබ සිහින දක...

අපේ වහරේ කතා අහුරක්: උපදෙස් දෙන්න ගිහින් අමාරුවෙ වැටුණ උපදේශක 01.01.2026

සමහර මෝඩකම් කෝවේ දැම්මාත් අරින්න බෑ කියනවා නෙ. ඒ වගේම සමහර නුවණැත්තොත් මෝඩකම් කරනවා. අපේ ජන වහරේ ඔය මෝඩකම් ගැන විවිධ කතා තියෙනවා. සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ඒ වගේ උපදේශ දෙන්න ගිහින් අමාරුවෙ වැටුණ උපදේශකයෙක් ගැන කතාවක්.

නව වසරක ආරම්භය ජනවාරි පළමු වැනිදා ලෙස යොදා ගන්න තීරණය කළේ කවුද? 01.01.2026

ජනවාරි පළමු වැනිදා කියන්නේ අපට නව බලාපොරොත්තු අරමුණු සහ ඉලක්ක පිළිබඳ අදිටනක් සිතුවිල්ලක් ඇති වන දිනයක්. නමුත් ජනවාරි පළමු වැනි දා අලුත් අවුරුද්දක උදාව විදිහට යොදා ගන්න හේතු වුණේ ඇයි සහ ඒ සම්ප්‍රදාය පටන් ගැනුණෙ කොහොම ද කියලා දැන ගන්න කැමති නම් මේ විශේෂාංගයට සවන් දෙන්න.

ලොව විශාලතම ජනගහන සංක්‍රමණය පාදක කරගත් සිනමා පටයකින් නව අවුරුද්ද අරඹමු: Last Train Home 31.12.2025

නව වසර උදා වුණා. 31වෙනිදා රාත්‍රියේ සැමරුම්වලින් අනතුරුව නිවාඩු පාඩුවේ නිවසට වී සිටින ඔබට SBS On Demand ඔස්සේ නැරඹිය හැකි චිත්‍රපට ත්‍රිත්වයක් පිළිබඳවයි මේ විශේෂාංගයෙන් අවධානය ලබා දෙන්නේ.

හැම අලුත් අවුරුද්දකම මුළු ලෝකයේම වැඩිම පිරිසක් නරඹන Sydney Harbor Bridge fireworks පටන්ගත්තේ මෙහෙමයි 31.12.2025

සෑම වසරකම දෙසැම්බර් 31 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් ලොව කොහේ සිටි හෝ මනස්කාන්ත Sydney Harbor Bridge ගිනිකෙළි සංදර්ශනය නරඔනවා. නමුත් මෙහි ආරම්භය සහ ඉතිහාසය ඇතැම් විට බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්. Sydney Harbor Bridge ගිනිකෙළි සංදර්ශනයේ ආරම්භය සහ මේ දක්වා සිදු වූ ප්‍රධාන දේ ගැන තොරතුරු ගැන දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.

SBS සිංහල Newsflash දෙසැ 31: සිඩ්නි නුවර පැවැත්වෙන ගිණිකෙලි සංදර්ශනය වෙනුවෙන් 2500කට අධික පොලිස් ආරක්ෂාවක් 31.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 31 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ගෙවී යන 2025 වසරේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ වැදගත් සිදුවීම් සමාලෝචනය 30.12.2025

සංක්‍රමණික විරෝධතා, හදිසිසේවා දුරකථන බිඳවැටීම, කාලගුණික අභියෝග, ඉහළ ගිය ජීවන වියදම්, බොන්ඩායි ප්‍රහාරය ආදී හැලහැප්පීම් රැසක් සිදු වූ 2025 වසර ඕස්ට්‍රේලියාවට අභියෝගාත්මක වසරක් වුණා. අද කාලීන විග්‍රහයෙන් අපි විමසා බලන්නේ 2025 වසරේ දී ඕස්ට්‍රේලියාව මුහුණ දුන් කැපී පෙනෙන සිදුවීම් දෙසයි.

ගෙවී ගිය 2025 වසර පුරා SBS සිංහල සේවය ඔබට තිලිණ කළ විශේෂ වැඩසටහන් කිහිපයක් ගැන මතක ආවර්ජනා 30.12.2025

SBS සිංහල සේවය 2025 වසර තුළ ඔබ වෙත ගෙන ආ විවිධ වැඩසටහන්, සාකච්ඡා සහ විශේෂාංග පිළිබඳ ගෙනෙන වසර අවසාන සමාලෝචනය. ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකේය අපේ ප්‍රජාවට වැදගත් වන කාලීන, හරවත් මෙන්ම රසවත් තොරතුරු ඔබට සමීප කරන්නට උදා වන 2026 නව වසරේ දීත් SBS සිංහල සේවයේ අපි බලාපොරොත්තු වන්නෙමු.

SBS සිංහල Newsflash දෙසැ 30: 'Boxing day' ටෙස්ට් තරඟයෙන් ක්‍රිකට් ආයතනයට ඩොලර් මිලියන ගණනක පාඩුවක් 30.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 30 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ගෙවී ගිය 2025 වසරේ ලොව පුරා සිදු වූ වැදගත් සිදුවීම් සමාලෝචනය 29.12.2025

2025 වසර ජාත්‍යන්තර දේශපාලනය, ස්වභාවික විපත් සහ ලෝකයේ පාලන බලය හා ඉන් ඇතිවන බලපෑම සම්බන්ධව අතිශය තීරණාත්මක සහ විශාල වෙනස්කම් සිදු වූ වසරක් ලෙස ඉතිහාසයට එක් වනවා. අද SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි 2025 වසරේ සිදුවූ වැදගත්ම සිදුවීම් සමාලෝචනයක් ඔබ වෙත ගෙන එනවා.

යුග යුග සිත් සතන් සනසා ජීවන රඟමඩලින් බැස ගිය ලාංකේය ගීත කෝකිලාව - ලතා වල්පොල 29.12.2025

දශක අටක් රසික සිත් සිය ගීතමත් හඬින් සනසාලන්නට හැකි වූ මියුරු ගී කෝකිලාවිය ලතා වල්පොල ගායනවේදිනිය වෙනුවෙන් SBS සිංහල සේවය ගෙන එන මතක සටහන.

ශ්‍රී ලංකාවට යථා තත්ත්වයට ඒමට දීර්ඝ කාලයක් ගත වේවි - ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් SBS සිංහල සේවය සමඟ පැවති සාකච්ඡාව 29.12.2025

ශ්‍රී ලාංකීය ප්‍රජාව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් වූ අවස්ථාවේ දී විවිධ ආකාරයෙන් ආධාර උපකාර ලබා දීමට මුල් අවස්ථාවේ දී ම ඉදිරිපත් වූ රටවල් අතර ඕස්ට්‍රේලියානු රජය සහ ජනතාව ප්‍රමඛත්වයේ පසු වනවා. මේ ව්‍යසනකාරී අවස්ථාවේ දී ලබා දෙන සහයෝගය සහ දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය පිළිබඳ SBS සිංහල සේවය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාව ඇසුරෙන් සැක...

මව්බිමෙන් පුවත්: ත්‍රස්තවාදය නිර්වචනය නොකළ එකම රට ලංකාව - සරත් වීරසේකර / බෙහෙත් ගෙන්නලා තියෙන්නෙ 2024 දීපු ටෙන්ඩරේකින් - අමාත්‍ය වසන්ත 29.12.2025

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල Newsflash දෙසැ 29: ආරක්ෂාව සහතිකයි, බියකින් තොරව නව වසර සමරන්න, නිව් සවුත් වේල්ස් අගමැති ජනතාවට දන්වයි 29.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 29 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සුවිශේෂී ට්‍රෑම් රථ ආසන වල සැඟවුණු කතාව 28.12.2025

මෙල්බර්න් නගරයේ ට්‍රෑම් සේවාවට වසර 140කට වැඩි ඉතිහාසයක් තිබෙනවා. දිනපතා අඩුම තරමින් පුද්ගලයන් ලක්ෂ පහකට ආසන්න පිරිසක් මෙල්බර්න් ට්‍රෑම් රථ භාවිතා කරනවා. අද SBS සිංහල සේවයේ කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ මෙල්බර්න් ට්‍රෑම් රථ වල ඔබ ඉඳගෙන ගමන් කරන මගී ආසන පිළිබඳ සැඟවුණු කතාවයි.

Ascolta il podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන su Replaio

Radio e podcast in un'unica app - gratis e senza registrazione. Installala oggi e non perderti il lancio

Scaricala su Google Play

Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici