SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Visita il sito del podcast e sostieni chi lo crea: www.sbs.com.au
Dove ascoltare?
I podcast nell'app Replaio Radio In arrivoI podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast
Episodi
මෙල්බර්න් නුවර පැවති සූර්ය උදානය 2026 අවුරුදු උළෙල ගැන සහභාගී වූ ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් 27.04.2026 8:33
අප්‍රේල් 26 වෙනිදා මෙල්බර්න් නුවර පැවති සූර්ය උදානය 2026 අවුරුදු උත්සවය ඉතා උත්කර්ෂවත් අයුරින් විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත් වුනා. ළමුන් වෙනුවෙන් අවුරුදු ක්‍රීඩා, අවුරු කුමරිය තේරීමේ තරඟය, මෙන්ම මෝටර් රථ ප්‍රදර්ශනයක්ද මෙයට ඇතුලත් වී තිබුනා. ඒ වගේම සවස් භාගයේ එළිමහන් සංගීත සංදර්ශනයද පැවැත් වුනා. මේ එහිදී SBS සිංහල සේවයට සහභාගී වූ ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස්.
මැදපෙරදිග යුද්ධයේ බලපෑම ඔස්ට්‍රේලියානු වෙළඳපළ තුල ඇති ශ්‍රී ලාංකීය භාණ්ඩ වල මිල ගණන් වලට ඉදිරි මාස වල දැනෙන්න පටන් ගනීවි - ඩෙන්සිල් ජයවීර 27.04.2026 6:31
මැදපෙරදිග අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියාව තුල වෙළඳ කේෂ්ත්‍රයේ නිරතව සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳ ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක ශ්‍රී ලාංකීය නිෂ්පාදන ගෙන්වා බෙදාහරින දෙරණ සමූහ ව්‍යාපාර ජාලයේ සභාපති ඩෙන්සිල් ජයවීර මහතා SBS සිංහල සේවය සමඟ දැක්වූ අදහස්.
හැකර්වරු රාජ්‍ය මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්විය යුතුයි - සජිත් / මෙවැනි දේ ලොව පුරා නිතර සිදුවෙනවා - ඇමති වසන්ත 27.04.2026 12:05
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: සංක්‍රමණය සීමා කළ යුතු බව වන් නේෂන් නායිකා හැන්සන් සංක්‍රමණ විරෝධී රැළියක දී කියයි 27.04.2026 4:52
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: ස්මාර්ට් දුරකතනවලට ඇතුල් වීම තහනම්, ඩිජිටල් ලෝකයට විරාමයක් 26.04.2026 5:50
නූතන ඩිජිටල් යුගයේ ජංගම දුරකතනයෙන් තොරව මොහොතක් ගත කිරීම මොන වගේ අත්දැකීමක් ද? නෙදර්ලන්තයේ අගනුවර ඇම්ස්ටර්ඩෑමයේ කිහිප දෙනෙකු එකතු වෙලා මෙවැනි සුහුරු උපාංගවලින් තොර පරිසරයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ නව මාදිලියේ සමූහයක් වන Offline Club ඔස්සේ. ඕනෑම කෙනෙකුට මේ පරිසරයට ඇතුල් වෙන්න පුළුවන්. නමුත් ජංගම දුරකතන හෝ වෙන යම් ඩිජිටල් උපාංගයක් රැගෙන ඇතුල් වෙන්න බැහැ. නව පරම්පරාව ඩිජිටල් තිරයක් දෙස බලා සිටිනවා ව...
මෙල්බර්න් නගරයේ උතුරු ප්‍රදේශයේ පැවැත්වෙන සූර්ය උදානය 2026 අවුරුදු උළෙලට සියල්ල සූදානම් - උපුල් චන්දන 25.04.2026 11:29
සිංහල දෙමල අලුත් අවුරුද සමරන්න විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ඉතා විශාල උනන්දුවක් දක්වනවා. මෙල්බර්න් නගරයේ උතුරු ප්‍රදේශයේ පැවැත්වෙන සූර්ය උදානය 2026 අවුරුදු උළෙල මෙයට හොඳ උදාහරණයක්
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 20 - අප්‍රේල් 24 24.04.2026 6:51
අප්‍රේල් 20වන දා සිට 24වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: ප්‍රේමකීර්ති අයියා එයාගෙම අත්අකුරෙන් ලියලා දීපු කවි පද දෙක තවම මගේ ළඟ තියෙනවා - තිලකා රණසිංහ 24.04.2026 9:18
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
මේ සතිඅන්තයේ බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සූර්ය මංගල්‍යයට සියල්ල සූදානම් - මංජුල ජයවර්ධන 24.04.2026 9:28
බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය පෙරටු කරගත් සංවිධාන රැසක දායකත්වයෙන් මේ සතිඅන්තයේ අප්‍රේල් 26 වෙනි ඉරිදා පර්ත් සූර්ය මංගල්‍යයට සියල්ල සූදානම් බව SBS සිංහල සේවය හා එක් වෙමින් එම සංගමයේ සංස්කාරක මංජුල ජයවර්ධන මහතා සඳහන් කරනවා.
ක්‍රීඩා විග්‍රහය: ශම්මිට ඉවත් වෙන්න කිව්වද ? / ශ්‍රී ලංකා යෞවනියන්ට ඔස්ට්‍රේලියාවේදී විශිෂ්ට ජයක් / ඔලිම්පික් නිලවරණය හෙට 24.04.2026 9:06
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: හැකර්වරු අතට ගිය මුදල හැකි පමණින් ආපසු ලබා ගන්නවා - මුදල් ලේකම් / මහ බැංකු හොරු අල්ලන්න ආපු අයට භාණ්ඩාගාර හොරු අල්ලන්න වෙලා - මුජිබර් 24.04.2026 8:19
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: Commonwealth බැංකුව මාස දෙකකට පෙර රැකියා 300 ක් අඩු කිරීමෙන් පසු තවත් රැකියා 119 ක් කපා හරියි 24.04.2026 5:09
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 24 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
ඔස්ට්‍රේලියානු හමුදා ශක්තිය නංවන්න දිගුදුර මිසයිල සහ ඩ්‍රෝන තාක්ෂණය වෙනුවෙන් අමතර ඩොලර් බිලියන ගණනක් වෙන්කරන්න ලේබර් රජය සැරසෙයි: කාලීන විග්‍රහය 23.04.2026 7:58
ලොව පුරා යුධමය තත්වයක් පිළිබඳව අවදානමක් පැතිරී ඇති මොහොතක ඔස්ට්‍රේලියාවත් තම ආරක්ෂක කටයුතු සඳහා වන වියදම් ඉහල දැමීමට තීරණය කර තිබෙනවා. යුද්ධයක් නොමැති අවස්තාවක ආරක්ෂක තත්වය උසස් කිරීමට ඉතිහාසයේ වෙන්කළ ඉහළතම අමතර මුදල් ප්‍රමාණය මෙවර වෙන් කරන බව ෆෙඩරල් රජයේ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාර්ල්ස් පවසනවා. මේ අනුව ඩ්‍රෝන තාක්ෂනය, මිසයිල ආරක්ෂණ පද්ධතීන් මෙන්ම මුහුදු පතුලේ හමුදා ක්‍රියාන්විත සඳහා වන තාක්ෂණික ක්...
අපේ වහරේ කතා අහුරක්: මුරුංගා විකුණලා මාලිගාවක් හදපු පෝරිසාදයාගේ කතාව 23.04.2026 5:12
අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ මුරුංගා විකුණලා මාලිගා හදපු තරුණයෙක් ගැන අපූරු කතාවක්.
ලොව වටා: ඇරෙන වැහෙන හෝමූස් / තමිල්නාඩු මැතිවරණය ඇරඹේ 23.04.2026 10:55
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: NDIS යෝජනා ක්‍රමයට ප්‍රවේශ වීම දැඩි කරන බව ඕස්ට්‍රේලියානු රජය පවසයි 22.04.2026 4:32
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 23වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Thinking of a career change? Here are some tips and options to consider - ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ තමන්ගේ රැකියාව වෙනස්කරන්න සිතනවාද? එහෙනම් මේ කරුණු ඔබට වැදගත් වේවි 22.04.2026 9:54
Looking to step into a new career? You're not the only one, the stats suggest. No matter your age, background or whether English is your first language, a career change at some point is almost inevitable nowadays. In Australia, support is available to help you through the process. - ඔබේ රැකියා ක්ෂේශ්ත්‍රය එහෙම නැතිනම් ඔබගේ වෘත්තීය වෙනස් කරන්න ඔබ හිතනවද? ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ඔබ යම් ආකාරයකට ඔබගේ ව...
'සිරිලක් සුවඳ' ලෙස මීට 45 වසරකට පෙර SBS සිංහල සේවය ඇරඹුණේ මෙහෙමයි 22.04.2026 10:44
ඕස්ට්‍රේලියාවේ සිංහල බසින් ක්‍රියාත්මක එකම ජාතික මාධ්‍ය නාලිකාව ලෙස SBS සිංහල සේවය මේ වන විට වසර 45ක් සපුරනවා. මේ ඒ පිළිබඳව SBS සිංහල සේවයේ ආරම්භක සාමාජිකයෙකු වූ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා සිදු කළ මතකාවර්ජනයක්.
ලොව විශාලතම ජන සංගණනයට ඉන්දියාව සැරසෙයි, බ්‍රිතාන්‍ය සමයෙන් පසු පළමු වරට කුලය පිළිබඳ දත්ත එක් කිරීමේ සූදානමක් 22.04.2026 4:35
ඉන්දියාව ලොව විශාලතම ජන සංගණනය සිදු කිරීමට සූදානමෙන් පසු වනවා. ඒ බිලියන 1.4ක් වූ සමස්ත ඉන්දීය වැසියන් ආවරණය වන පරිදියි. කෝවිඩ්-19 ව්‍යාප්තියත් සමඟ මේ සංගණන කටයුතු පස් වසරකින් ප්‍රමාද වුණා. සමස්ත ව්‍යාපෘතිය සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර්වලින් බිලියන 2ක් පමණ වියදම් වනු ඇතැයි අපේක්ෂා කරනවා. අද කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
SBS සිංහල පුවත්: දෙමව්පිය වීසා බලපත්‍ර උදෙසා වන ඉල්ලුම අදාළ ධාරිතාව ඉක්මවන බව ෆෙඩරල් රජය කියයි 22.04.2026 5:02
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 22වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාව පුරා ජාතිවාදය ඉහල යන බවට වාර්තාවක් අනතුරු අඟවයි 21.04.2026 11:44
2023 ඔක්තෝබර් 7 වන දින හමස් සංවිධානයෙන් ඊශ්‍රායාලයට එල්ල වූ ප්‍රහාරවලින් පසු ඕස්ට්‍රේලියාවේ යුදෙව්, මුස්ලිම්, පලස්තීන, අරාබි සහ ඊශ්‍රායල ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් වෙනස්කම් සිදුව තිබේ. මෙම සිදුවන වෙනස්කම් හි බලපෑම් නව මානව හිමිකම් කොමිෂන් වාර්තාවක් ඉස්මතු කර තිබේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න
ඩිජිටල් යුගයේ යළි හිස ඔසවන මුදල් නෝට්ටු සහ කාසි, ඕස්ට්‍රේලියාවේ ගෙවීම් චර්යාවල පළමු වරට වෙනස්කමක් 21.04.2026 5:36
ඕස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටු සහ කාසි භාවිතය යළිත් ඉහළ ගොස් තිබෙනවා. නෝට්ටු සහ කාසි භාවිතයෙන් තොරව දෛනික කටයුතු කිරීම අපහසු බව සෑම ඕස්ට්‍රේලියානුවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකුම කියන බව සමීක්ෂණයකින් හෙළි වෙලා. මේ විදියට මුදල් භාවිතය යල් පැනගිය ක්‍රමයක් කියලයි බොහෝ දෙනා සිතුවේ. යළිත් වරක් හිස ඔසවන මේ ගැනයි අද කෙටි විශේෂාංගය.
ඩාවින් නුවර අවුරුදු උත්සව අසිරියට සියල්ල සූදානම් - සෑම් සුමනරත්න 21.04.2026 8:09
ඔස්ට්‍රේලියාවේ Northern Territory නැතිනම් උතුරු භූමි ප්‍රදේශයේ ඩාවින් නුවරත් සිංහල අලුත් අවුරුදු සිරියෙන් ඇලළෙන්න මේ සතිඅන්තයේ එනම් අප්‍රේල් 25 වෙනි සෙනසුරාදාට සූදානම් බව SBS සිංහල සේවය හා සම්බන්ධ වෙමින් මේ තොරතුරු ගෙන එන්නේ ඩාවින් නුවර ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා මිත්‍රත්ව සංවිධානයේ සභාපති සෑම් සුමනරත්න මහතා.
ඕස්ට්‍රේලියාවෙත් ඉක්මනින් පැතිරෙන Cicada COVID ප්‍රභේදයෙන් ආරක්ෂා වෙන්න මේ දේවල් දැනගන්න 21.04.2026 8:12
මේ වනවිට ඉහල පැතිරීමක් දක්නට තිබෙන Cicada COVID ප්‍රභේදය ගැන සහ එමගින් ආරක්ෂා වීමට දැනගත යුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න
නීති පිළිසරණ: පරිපාලන තීන්දු සමාලෝචන විනිශ්චය සභාව Administrative Review Tribunal (ART) පිළිබඳ සම්පූර්ණ වැඩසටහන 21.04.2026 13:52
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන පරිපාලන තීන්දු සමාලෝචන විනිශ්චය සභාව නැතහොත් Administrative Review Tribunal (ART) හා සම්බන්ධ ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා තුනම ඇතුළත් සම්පූර්ණ වැඩසටහනයි.
Podcast simili
Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici