SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Mindenképp látogasd meg a podcast oldalát, és támogasd a készítőjét: www.sbs.com.au
Hol hallgathatod?
Podcastok az alkalmazásban Replaio Radio HamarosanA podcastok hamarosan megérkeznek az alkalmazásba. Telepítsd most, és láss elsőként egy teljesen új megközelítést a podcastokhoz
Epizódok
සංක්රමණය අඩු කළොත් ඔස්ට්රේලියාවේ නිවාස ගැටලුව විසඳෙයිද, නැතිනම් ආර්ථිකය අවදානමකට ලක් වෙයිද? 17.09.2026 7:38
ඔස්ට්රේලියාවේ සංක්රමණ සංඛ්යාව වසර තුනක් ඇතුළත හත්ලක්ෂ පනස්දහසකට වැඩි ප්රමාණයකින් අඩු කළොත්, නිවාස සහ ජීවන වියදම් ගැටලුවට විසඳුමක් ලැබෙයිද? නැත්නම් රටේ ආර්ථිකයට COVID සමයේ වගේ දැඩි කම්පනයක් ඇතිවෙයිද? ඉදිරි ෆෙඩරල් මැතිවරණයට 'One Nation' පක්ෂය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති නව සංක්රමණ ප්රතිපත්තිය මේ වනවිට විශාල දේශපාලන සහ ආර්ථික විවාදයක් ඇති කර තිබෙනවා. ලේබර් රජයත් සංක්රමණිකයින් අඩුකිරීමට තම න...
'ඩොලර් ලක්ෂයකටත් වඩා වැඩි මුදලකට අපිව මිලදී ගන්න හැදුවා' - 'The Road to Australia' Facebook සමූහයේ නිර්මාතෘවරු 17.09.2026 20:07
‘The Road to Australia – ඔස්ට්රේලියාවට මග’ Facebook ප්රජාවේ නිර්මාතෘ සහ වර්තමානයේ ඇඩ්මින්වරුන් ලෙස කටයුතු කරන වන වරුණ සෙනෙවිරත්න සහ සුරංග ප්රසාද් සමඟ SBS සිංහල සේවය ඉදිරිපත් කරන මේ විශේෂ සාකච්ඡා මාලාවේ පළමු කොටසයි මේ. ඔස්ට්රේලියාවට පැමිණෙන්න සිහින දකින බොහෝ පිරිසකට තමන්ගේ අත්දැකීම් බෙදාගන්න අවස්තාව උදාකරදෙන මේ කණ්ඩායමේ ආරම්භය සිදුවූ ආකාරය සහ එහිදී ඔවුන් මුහුණ දුන් අභියෝග සම්බන්ධයෙන් තොරතුරු 'ඔ...
කැන්බරාවට මුල්ම වෙස් සහ පාහිම්පත් මංගල්යය ගෙනා නර්තනාචාරිනී - භාග්යා පලිහවඩන 17.09.2026 8:14
ශ්රී ලාංකේය නර්තන සාම්ප්රදායේ එන වෙස් සහ පාහිම්පත් පැලඳවීමේ මංගල්යයක් පළමු වරට කැන්බරා අගනුවර දී පැවැත්වූ නර්තන ආචාරිනී භාග්යා පලිහවඩන මහත්මිය සමඟ ඕස්ට්රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ’ මාසික විශේෂාංගය වෙනුවෙන් කල පිළිසඳර ඇසුරෙන් සම්පාදනය කල වැඩසටහන. #sbsaudiopodcast #sbssinhala
අපේ වහරේ කතා අහුරක්: මුදලාලි පස්සේ පන්නන්න කලබලේට කිරිමුදියා මාමා අමුඩේ ගහපු හැටි 17.09.2026 4:08
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ඉක්මන් කේන්තිකාර කිරිමුදියා උන්නැහේටයි කපටි මුදලාලි කෙනෙකුටයි වුනු රස කතාවක්. #sbsaudiopodcast #sbssinhala
SBS සිංහල පුවත්: ඕස්ට්රේලියානු ෆෙඩරල් රජයේ නව සංක්රමණ සැලැස්ම අද එළිදකියි 17.09.2026 5:29
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 17වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න #sbsaudiopodcast
දැන් තියෙන ආර්ථිකෙත් එක්ක බය නැතුව විශ්රාම යන්න ඕනේ ඩොලර් ගාන මෙන්න 16.09.2026 4:34
මේ වනවිට ඕස්ට්රේලියාවේ මූලික අවශ්යතා පමණක් සපුරාලන විශ්රාම දිවියක් සහ සුවපහසු විශ්රාම දිවියක් අතර පරතරය වර්ධනය වෙමින් තිබේ. ජීවන වියදම ඉහළ යාම නිසා විශ්රාම දිවිය සැපපහසුව ගත කිරීමට නම් ඕස්ට්රේලියානුවන්ට තම විශ්රාම අරමුදල් වශයෙන් පෙරට වඩා වැඩි මුදලක් අවශ්ය වී තිබේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
Travelling safely in rural and remote Australia - ඔස්ට්රේලියාවේ ග්රාමීය සහ දුරස්ථ ප්රදේශවල ආරක්ෂිතව සංචාරය කරන්නේ කොහොමද? 16.09.2026 8:55
Australia is a vast and diverse country to explore, but driving in rural and remote areas can involve conditions you may not encounter in cities. Knowing what to expect and how to prepare can help you travel more safely and confidently. - ඔස්ට්රේලියාවේ ග්රාමීය සහ දුරස්ථ ප්රදේශ හරහා යන මාර්ග චාරිකාවක් අමතක නොවන අත්දැකීමක් විය හැකියි. නමුත් නගරයේදී සාමාන්යයෙන් මුහුණ නොදෙන මාර්ග තත්ත්ව, දිගු දුර,...
1882 දී ඩෙවන්ෂයර් නැවෙන් ඔස්ට්රේලියාවට ආපු ලාංකික මුල් සංක්රමණික කලු අප්පු, බාමිස් සිංඤෝ, සාරා සොයා ගිය සිදත් චන්ද්රසේනගේ ගවේෂණය 16.09.2026 14:52
ඔස්ට්රේලියාවට මහා පරිමාණයෙන් සංක්රමණය වූ මුල් ම ලාංකිකයින් ගැන තොරතුරු ගවේෂණය කළ සිදත් චන්ද්රසේන සමග කල පිළිසඳර. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්රේලියා ප්රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast
'ඔස්ට්රේලියාවේ සාහිත්ය කේෂ්ත්රයට ලාංකීය සලකුණු සහිත කෘති දායාද කරන්න ලැබීම මම ලබපු ඉහළම ජයග්රහණයක්' - අයේෂා ඉනූන් 16.09.2026 13:15
ශ්රී ලාංකික පසුබිමක් සහිත හිටපු මාධ්යවේදිනී අයේෂා ඉනූන් ඔස්ට්රේලියාවේ දී නවකතා කතුවරියක් ලෙස සාහිත්යකරණයට පිවිසීම සහ එම ගමන්මගේ දුෂ්කරතා, අභියෝග හා ඇගේ නවකතා සම්මානයට පාත්ර වීම ආදී අත්දැකීම් පිළිබඳ SBS සිංහල සමඟ ඇය බෙදා ගත් අදහස් වලට සවන් දෙන්න. #sbsaudiopodcast #sbssinhala
ආර්ථික විමසුම: ඕස්ට්රේලියාවේ ඉඳලා ලංකාවට මුදල් යවන නිවැරදි විදිය මොකක්ද ? 16.09.2026 7:37
ඔස්ට්රේලියාවේ ආර්ථික සහ මූල්ය කේෂ්ත්රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඔස්ට්රේලියාවේ සිට මුදල් ප්රේෂණ සිදු කිරීමේ නිවැරදි ක්රමවේද පිළිබඳවයි. #sbsaudiopodcast #sbssinhala
නිවාස මිල පහළ යාම ඔස්ට්රේලියාව ආර්ථික අවපාතයකට ගෙන යයිද? 16.09.2026 4:17
ඔස්ට්රේලියාවේ නිවාස මිල දැන් පහළ යමින් තිබෙනවා. නිවසක් මිලදී ගන්න බලාගෙන ඉන්න කෙනෙකුට නම් ඒක හොඳ ආරංචියක් වගේ පෙනෙන්නට පුළුවන්. නමුත් මේ මිල පහළ යාම දීර්ඝකාලීනව සිදු උවහොත්, එය නිවාස වෙළෙඳපොළට පමණක් නොව සමස්ථ ඔස්ට්රේලියානු ආර්ථිකයටම බලපෑම් කල හැකි බවට පුරෝකථන ඉදිරිපත් වනවා. මේ හේතුවෙන් නිවාස මිල පහළ යාම හරහා ඔස්ට්රේලියාව ආර්ථික අවපාතයකට යන්න පුළුවන්ද? මේ විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳව තොරතරු විමසා...
SBS සිංහල පුවත්: මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඔස්ට්රේලියාවේ ඉන්ධන සහ ජීවන වියදම් තවත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම් 16.09.2026 6:17
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 16වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න
කාලීන: මෙම වසන්තයේදී සෘතුමය රෝග ගැන ඔබ දැනගත යුතුම දේවල් 15.09.2026 11:51
ඕස්ට්රේලියාව මේ වනවිට වසන්ත සමයට අවතීර්ණ වෙමින් සිටින අතර මේ නිසා seasonal illnesses හෙවත් සෘතුමය රෝග සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් හා ආරක්ෂාකාරීව සිටින ලෙස විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙවර කාලීන විග්රහය ඒ පිළිබඳවයි.
අවුරුදු පතා වැළඳෙන විවිධ influenza රෝග ප්රභේද වලින් දරුවන් සහ වැඩිහිටියන්ව ආරක්ෂා කරගන්නේ කොහොමද? 15.09.2026 11:03
පසුගිය මාස වල දී ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් ඔස්ට්රේලියාව පුරාම වාර්තා වුනා. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවයේ උතුරු භූමි ප්රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්’ මාසික විශේෂාංගය වෙත වෛද්ය නිර්මලා ගොඩවිතාරණ සමඟ සිදු කල සාකච්ඡාවක් ඇසුරෙන් සම්පාදනය කල වැඩසටහනක්. #sbsaudiopodcast #sbssinhala
නීති පිළිසරණ: ලංකාවේ රියදුරු බලපත්රයෙන් ඔස්ට්රේලියාවේ කොතරම් කාලයක් රිය පදවන්න පුළුවන් ද? වාහන modify කරන්න අවසර තියෙනවා ද? මොනවා ද මේ penalty units? 15.09.2026 6:44
ඕස්ට්රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ අටවෙනි සහ අවසාන වැඩසටහන. #sbsaudiopodcast #sbssinhala
ලොව ප්රධාන පෙළේ තාක්ෂණික බලවතුන් අමනාප කරමින් ඕස්ට්රේලියාවේ ATO එකෙන් තීරණයක් 15.09.2026 2:03
ඕස්ට්රේලියාව ඇපල්, ගූගල්, මයික්රොසොෆ්ට් සහ ඇමේසන් වැනි තාක්ෂණික දැවන්තයින්ට බදු අයකිරීම සිද්ධ කරන අතර ඕස්ට්රේලියානු බදු දෙපාර්තමේන්තු තීරණ ගැන ප්රධාන පෙළේ තාක්ෂණික සමාගම් මේ වනවිට එතරම් කැමැත්තක් නොදක්වන බවට වාර්තා වේ.මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
දෙමව්පිය සෞඛ්ය රක්ෂණාවරණය ආශ්රිතව මෙල්බර්න්වලින් ඇසෙන කතාවක්, 'ඕස්ට්රේලියාවට මග' සමූහයේ වරුණ සෙනවිරත්න 15.09.2026 11:58
ඕස්ට්රේලියාවට පැමිණෙන ඔබේ දෙමව්පියන්ගේ සෞඛ්ය රක්ෂණාවරණය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ ඇයි? 'ඕස්ට්රේලියාවට මග' ෆේස්බුක් සමූහයේ ඇඩ්මින් කෙනෙකු ලෙස කටයුතු කරන වරුණ සෙනවිරත්න ඔහුගේ දෙමව්පියන් මුහුණ දුන් පෞද්ගලික අත්දැකීමක් SBS සිංහල සේවය සමඟ බෙදා ගත්තේ මේ ලෙසින්. #sbsaudiopodcast
SBS සිංහල පුවත්: යෝජිත 'One Nation' පක්ෂ ශිෂ්ය වීසා කප්පාදුවෙන් ඔස්ට්රේලියාවට ඩොලර් බිලියන 53ක ආර්ථික පාඩුවක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් 15.09.2026 5:41
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 15වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
ඔස්ට්රේලියාවේ 'Social Media' නීති තද වෙයිද? ඒවා ජනතා නිදහස සීමා කරයිද? 14.09.2026 6:33
ඔබ 'Facebook', 'Instagram' හෝ 'TikTok' හරහා වැඩසටහන් නැරඹීමේදී ඒ සමාජ මාධ්ය ජාලා ඔබට පෙන්වන්නේ මොනවාද කියලා තීරණය කරන්නේ ඇත්තටම ඔබද? නැත්නම් ඒ අදාළ සමාජමාධ්ය ජාලයේ ඇති 'algorithm' එකද? දැන් ඔස්ට්රේලියානු රජය ගෙන එන්න සූදානම් වන 'Digital Duty of Care' නව නීති යෝජනාවෙන්, social media සමාගම් අපට පෙන්වන වැඩසටහන් 'content' සම්බන්ධයෙන් විශාල වෙනසක් කරන්න යෝජනා කර තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් විපක්ෂය...
අපේ ඇස් ගැන මේ දේවල් නොසලකා හැරියොත්, පැය කීපයකින් පවා අපේ පෙනීම අහිමි වෙන්න පුළුවන්, හරිම විස්තරේ මෙන්න 14.09.2026 13:05
අපගේ ඇස් සම්බන්ධයෙන් කිසිවිටෙකත් නොසලකා නොහැරිය යුතු අනතුරු ඇඟවීම් සංඥා පිළිබඳව වන සාකච්ඡාවට සවන් දෙන්න
SBS සිංහල WorldWatch: ලෝක දේශපාලනයේ මීළඟ දිශානතිය තීරණය කරන්නේ BRICS ද? 14.09.2026 17:24
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast #sbssinhala
‘Superannuation’ මුදල් කලින් ලබාගැනීමට ඉඩ සැලසීමට One Nation පක්ෂය ගෙනා යෝජනාව ගැන ඔබ දැනුවත්ද? 14.09.2026 6:00
ඔබේ නිවාස කුලිය හෝ නිවාස ණය ගෙවාගන්න අමාරු නම්, ඔබේ විශ්රාම කාලය වෙනුවෙන් එකතු වන ඔබේ Superannuation මුදල්වලින් කොටසක් දැන්ම ලබාගන්න කැමතිද? One Nation පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති අලුත් යෝජනාවකින් කියන්නේ, වසර තුනක් දක්වා ඔබේ අනාගත Superannuation මුදල් වලින් කොටසක් කෙළින්ම ඔබේ අතට ලබාදිය යුතු බවයි. මේ යෝජනාව ගැන තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
SBS සිංහල පුවත්: 750,000කට වැඩියෙන් සංක්රමණය අඩු කරන වන් නේෂන් සැලැස්ම එළිදකියි 14.09.2026 5:11
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 14වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
කාලීන විග්රහය: විශ්වයේ රහස් සොයමින් නැන්සි ග්රේස් රෝමන් දුරේක්ෂය අභ්යවකාශයට 13.09.2026 5:20
අපි මේ විශ්වයේ තනි වෙලා ද? ඒ පැනයට පිළිතුරු සෙවීමේ තවත් පියවරක් නාසා ආයතනය ඉදිරියට තබා අවසන්. ඒ නව අභ්යවකාශ දුරේක්ෂයක් දියත් කිරීමත් සමඟින්. මෙවර කාලීන විග්රහය ඒ පිළිබඳවයි. #sbsaudiopodcast
ක්වීන්ස්ලන්ත සැරිසර: පළමු වැනි QCE සිංහල විභාගයට සූදානම් වන සිසුන්, Gladstone හි ඔනෙලි, නිකිණි හා නිතිකගේ අත්දැකීම් සහ 'සරලාංග 2026' ගැන මෙවර විශේෂාංගයෙන් 12.09.2026 27:53
ක්වීන්ස්ලන්ත ප්රාන්තයේ ශ්රී ලාංකේය ප්රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast
Hasonló podcastok
A Replaio nem podcastkiadó; a műsorok nevei, borítóképei és hanganyagai a szerzőiket illetik, és nyilvános RSS-csatornákon keresztül terjednek.