SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1876 epizód

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Mindenképp látogasd meg a podcast oldalát, és támogasd a készítőjét: www.sbs.com.au

Szerző

SBS

Kategória

News

A podcast weboldala

www.sbs.com.au

Legutóbbi epizód

2026. okt. 23.

Hol hallgathatod?

Podcastok az alkalmazásban Replaio Radio Hamarosan

A podcastok hamarosan megérkeznek az alkalmazásba. Telepítsd most, és láss elsőként egy teljesen új megközelítést a podcastokhoz

Letöltés a Google Play-ről Telepítsd ingyen Android közel 10 M letöltés · 4,8-as értékelés iOS hamarosan

Epizódok

අපේ වහරේ කතා අහුරක්: ගැට හැත්තෑවක් දාලා මෙල්ල කරපු යකා 24.09.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුන්නාන්සේ කෙනෙකුට යකෙක් නිසා වුන ඇබැද්දියක් ගැන කතාවක්. #sbsaudiopodcast #sbssinhala

ලේබර්, ලිබරල්, වන් නේෂන්, ග්‍රීන්ස් සංක්‍රමණ සැලසුම් සැකෙවින් 24.09.2026

ලේබර් රජය, ලිබරල් සන්ධානය, වන් නේෂන් පක්ෂය සහ ග්‍රීන්ස් පක්ෂය සංක්‍රමණය සම්බන්ධයෙන් දරන ස්ථාවරය පිළිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන්. #sbsaudiopodcast

SBS සිංහල පුවත්: දරාගන්න බැරි ජීවන වියදම් එක්ක නිවාස අහාර සහ රැකියාව ගැන ඕස්ට්‍රේලියානුවන්ගේ බය තවත් වැඩිවෙලා 24.09.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 24වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න #sbssinhala #sbspodcast

What are Indigenous Protected Areas in Australia? - ආදිවාසී ජනතාව රැකබලා ගන්නා ඔස්ට්‍රේලියාවේ මේ විශේෂ භූමි ප්‍රදේශ ගැන ඔබ දැනුවත්ද? 23.09.2026

National parks, nature reserves, marine sanctuaries and Indigenous Protected Areas protect different environments and operate under different rules. What makes an Indigenous Protected Area different, and how can you find out whether you are welcome to visit? - ඔස්ට්‍රේලියාවේ ස්වභාවික සුන්දරත්වය බලන්න යන ගමනකදී, ජාතික වනෝද්‍යාන, ස්වභාවික රක්ෂිත සහ සාගර වගේම 'Indigenous Protected Areas' එහෙමත් නැත්න...

ප්‍රජා ක්‍රීඩාවේ සිට ජාතික කණ්ඩායමක් දක්වා ගමනක් යන ටච් ෆුට්බෝල්, කීත් සහ චරිත් ඔබට කියන කතාව 23.09.2026

ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ ටච් ෆුට්බෝල් මේ වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතින ක්‍රීඩාවක්. ප්‍රජා ක්‍රීඩාවක් ලෙස ද ප්‍රචලිත ටච් ෆුට්බෝල් ඔස්සේ ශරීර සුවතාවට අමතරව නව මිතුරන් හඳුනා ගැනීම ද සිදු කෙරෙනවා. ඒ පිළිබඳව තොරතුරු ගෙන එන මේ විශේෂාංගයේ අදහස් දැක්වීම Sri Lanka Touch Footy Club Sydney සභාපති කීත් රොසයිරෝ සහ ලේකම් චරිත් ෆොන්සේකාගෙන්. ශ්‍රී ලංකාව තුළ ජාතික මට්ටමේ ක්‍රීඩාවක් ලෙස ටච් ෆුට්බෝල් හඳු...

සුව දිවිය: අතදරුවන් සහ වැඩිහිටියන්ට වැඩි අවදානමක් ඇති RSV රෝගයෙන් ආරක්ෂා වෙන්නේ කොහොම ද? 23.09.2026

යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන Respiratory syncytial virus (RSV) රෝගය හා ඉන් ආරක්ෂා වීම සඳහා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳවයි. #sbsaudiopodcast #sbssinhala

සැප්තැම්බර් මාසයේදී තවත් පොලී අනුපාත වැඩිවීමක්? ප්‍රධාන බැංකු හතරම අනාවැකි පළ කරයි 23.09.2026

ඉන්ධන මිල නැවතත් ඉහළ යනවා. නිවාස ණයක් තිබෙනවා නම් එහි වාරිකයට දැනටමත් විශාල පීඩනයක් එල්ල කරනවා. මේ අතර සැප්තැම්බර් මාසයේ පොලි අනුපාත නැවත ඉහල දැමීමක් පිළිබඳව අනාවැකි පළවන්නට පටන් අරන්. මේ මාසයේ ඕස්ට්‍රේලියානු මහා බැංකුව පොලී අනුපාත නැවතත් ඉහල දමයිද? මේ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන්.

SBS සිංහල පුවත්: නිවසක් මිලදී ගැනීමට 'Superannuation' මුදල් යොදාගැනීමේ යෝජනාව ගැන ලිබරල් සන්ධාන විපක්ෂය තුළ පරස්පර අදහස් 22.09.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 23වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන: One Nation පක්‍ෂ ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සීමා වලට, ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල වලින් විරෝධය 22.09.2026

වසර තුනක් තුළ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට ජාත්‍යන්තර සිසුන්ට සහ උපාධිධාරීන්ට ලබා ෙදන ස්ථාන ලක්ෂ ගණනකින් කප්පාදු කිරීමට One Nation පක්ෂ යෝජනා කර තිබෙනවා. කෙසේ නමුත් එම පක්ෂයේ සංක්‍රමණ සැලැස්මට එරෙහිව විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය සිය විරෝධය පළ කරනවා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

ඔස්ට්‍රේලියාවේ ව්‍යවස්ථාව සංශෝධන කරන්න නම් අනිවාර්යයෙන් ම ජනමත විචාරණයකට යොමු කරන්නේ ඇයි? සම්මානිත මහාචාර්ය සූරි රත්නපාල කරන පැහැදිලි කිරීම 22.09.2026

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව යළිත් වතාවක් සංශෝධනය කිරීමට සූදානම් වන පසුබිමක ඔස්ට්‍රේලියාවේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය හා යහපත් ආණ්ඩුකරණයට රටක මූලික නීතියේ ඇති වැදගත්කම පිළිබඳ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ සම්මානිත මහාචාර්ය සූරි රත්නපාල මහතා SBS සිංහල සේවය සමග දැක්වූ අදහස් වලට සවන් දෙන්න. #sbsaudiopodcast #sbssinhala

නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ සම්පූර්ණ වැඩසටහන 22.09.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ කොටස් අටම ඇතුළත් සම්පූර්ණ වැඩසටහන. #sbsaudiopodcast #sbssinhala

ඕස්ට්‍රේලියාවේ BYD Shark රථයක් හැක් කරයි, හැකර්වරයාම කරන භයානක හෙළිදරව්ව මෙන්න 22.09.2026

BYD Shark 6 රථයක් වැඩි වෙහෙසකින් තොරව හැක් කල හැකි බව ABC ආයතනයේ Four Corners මගින් කල නවතම විමර්ශනයකින් හෙළිව තිබේ. මේ ඔස්සේ රථයේ බ්‍රේක්, කැමරා වැනි වඩාත් වැදගත් පද්ධති වලට වඩා ඉතා පහසුවෙන් Headlights පාලනය කිරීම, දොරවල් අගුලු දැමීම වැනි සාමාන්‍ය පාලනය හැකර්වරයකුට ගත හැකි බවත් එය ආරක්ෂාව සහ පුද්ගලිකත්වය ගැන ගැටළුවක් වන බවත් ඔවුන් සඳහන් කරයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

SBS සිංහල පුවත්: ඉහළ යන වයස්ගත ජනගහනය හේතුවෙන් අනාගතයේදී ඔස්ට්‍රේලියානු ආර්ථිකයට වැඩි පීඩනයක් 22.09.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

AI තාක්ෂණයේ වේගවත් දියුණුව අනාගතයේ අපේ ජීවිතවලට තර්ජනයක් වෙයිද? 21.09.2026

අපි හදන කෘත්‍රිම බුද්ධිය, දවසක අපිට වඩා බුද්ධිමත් වෙලා, අපේ පාලනයෙන් ගිලිහෙන්න පුළුවන්ද? මේක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක කතාවක් වගේ ඇහුණත්, අද ලෝකයේ ප්‍රබලම AI පද්ධති හදන පර්යේෂකයන් සහ තාක්ෂණ සමාගම්වල ප්‍රධානීන්ම මේ අවදානම ගැන අනතුරු අඟවන්න පටන් අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම AI තාක්ෂණයට තමන්ගේම හැකියාවන් තව තවත් දියුණු කරගන්න පුළුවන් තත්ත්වයක් ඇතිවුණොත්, මිනිසාට ඒක පාලනය කරන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ...

නින්දෙදි ගොරවන එක ඇත්තටම සාමාන්‍යද නැත්නම් භයානක රෝගයක ලක්ෂණද, හරියටම හොයාගන්නේ මෙහෙමයි 21.09.2026

නින්දේදී ගෙරවීම සහ Sleep Apnoea අතර ඇති සම්බන්ධතාවය මෙන්ම එහි රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර පිළිබඳව වන සාකච්ඡාවට සවන් දෙන්න

SBS සිංහල WorldWatch: ෆීජී රාජ්‍ය HIV ජාතික සෞඛ්‍ය හදිසි අවදානමක් ප්‍රකාශයට පත් කලේ ඇයි? 21.09.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast #sbssinhala

අවුරුදු 187 ක් පැරණි මොකක්ද මේ රාජකීය ඇඩිලේඩ් දැක්ම? - The Royal Adelaide Show 21.09.2026

වාර්ෂිකව සංවිධානය වන රාජකීය ඇඩිලේඩ් දැක්ම The Royal Adelaide Show පිළිබඳ SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද වැඩසටහනට සවන් දෙන්න. #sbsaudiopodcast #sbssinhala

SBS සිංහල පුවත්: එ. ජා. ආරක්ෂක මණ්ඩල අසුනක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාව නිල අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරයි 21.09.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 21වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

SBS On Demand: 'ගාඩි' සහ 'ආකාස කුසුම්', ඕස්ට්‍රේලියාවේ සිනමාලෝලී ඔබට දැන් ඇඟිලි තුඩක දුරින් 20.09.2026

සම්මානනීය සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ විසින් නිම වූ චිත්‍රපට ද්විත්වයක් ඕස්ට්‍රේලියාවේ සිනමාලෝලීන්ට දැන් විවෘතයි. ඒ SBS On Demand වෙතින්. ප්‍රවීණ නළුනිළියන්ගෙන් සැදුම්ලත් 'ගාඩි - Children of the Sun' සහ 'ආකාස කුසුම් - Flowers of the Sky' ඔබත් අදම නොමිලයේ නරඹන්න SBS On Demand සමඟ එක්වන්න. #sbssinhala

පර්ත් තතු මංජරී: ජීවිතය දිනූ ව්‍යවසායක බුද්ධි, කිවිඳු සුනිල් ගෝවින්නගේ මතක සැමරුම, ඉගෙනුමින්, වැයුමෙන්, නැටුමෙන් දිනූ සනුති හා තවත් තොරතුරු මෙවර විශේෂාංගයෙන් 19.09.2026

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී වි‌ජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast #sbssinhala

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය සැප් 14 - සැප් 18 18.09.2026

සැප්තැම්බර් 14වන දා සිට සැප්තැම්බර් 18වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: ලෝකේ හොඳම කැමරාව හැදුවාට ඒකෙන් ලෝකේ හොඳම චිත්‍රපටය හදන්න බෑ - අරුණ ජයවර්ධන 18.09.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast #sbssinhala

ක්‍රීඩා විග්‍රහය: මගේ ඉලක්කය 2028, 2032 සහ 2036 ඔලිම්පික් - රුමේෂ් / අගෝස්තු ICC ක්‍රීඩකයා සොනාල් දිනූෂ / Colombo Marathon 2026 18.09.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast #sbssinhala

කාලීන විග්‍රහය: 'Who Arrives, Who Stays, Who Leaves', ලේබර් රජයේ නව සංක්‍රමණ සැලසුම 18.09.2026

2028 වසර වන විට ඕස්ට්‍රේලියාවේ ශුද්ධ විදෙස් සංක්‍රමණ සංඛ්‍යාව 225,000 දක්වා අඩු කිරීමේ රජයේ සැලැස්ම ඊයේ දිනයේ එළිදැක්වුනා. මේ බොහොමයක් වෙනස්කම් ජාත්‍යන්තර සිසුන්ට, Working Holiday සහ Visitor Visa කාණ්ඩවලට බල පැවැත්වෙනවා. එලෙස ම තාවකාලික වීසා එකිනෙකට මාරු කරමින් රටෙහි රැඳී සිටින කාලය වැඩි කිරීමට යොමු වන 'Visa Hopping' පිළිබඳවත් දැඩි ක්‍රියාමාර්ග ගැනෙන බවට සැලැස්මේ සඳහන්. සැප්තැම්බර් 17වන දින ස්වදේශ...

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති සඳහා පුළුල් වෙනස්කම් රැසක් ෆෙඩරල් රජය එළිදක්වයි 18.09.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 18 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast #sbssinhala

Hallgasd a(z) SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcastot a Replaióban

Rádió és podcastok egy alkalmazásban - ingyen és regisztráció nélkül. Telepítsd még ma, és ne maradj le a premierről

Letöltés a Google Play-ről

A Replaio nem podcastkiadó; a műsorok nevei, borítóképei és hanganyagai a szerzőiket illetik, és nyilvános RSS-csatornákon keresztül terjednek.