SINHALA TIPITAKA

සිංහළ බසින් ත්‍රිපිටකය ලියන්නට කල වෑයමක්

Besuch unbedingt die Website des Podcasts und unterstütze die Macher: sinhalatipitaka.wordpress.com

Kategorie

Uncategorized

Neueste Folge

16. Okt 2026

Wo hören?

Podcasts in der App Replaio Radio Bald verfügbar

Podcasts kommen bald in die App. Installiere sie jetzt und erlebe als Erster einen ganz neuen Blick auf Podcasts

Bei Google Play herunterladen Kostenlos installieren Android fast 10 Mio. Downloads · Bewertung 4,7+ iOS bald

Folgen

DN 01-08 16.10.2026

DN 01-08 -01අචෙල කස්සප වත්ථුDN 01-08 -02. සමනුයුඤ්ජාපනකථාDN 01-08 -03. අරියො අට්ඨඞ්ගිකො මග්ගො DN 01-08 -04 තපොපක්කම කථාDN 01-08 -05 තපොපක්කමනිරත්ථකථාDN 01-08 -06. සීල සමාධි පඤ්ඤා සම්පදාDN 01-08 -07. සීහනාද කථාDN 01-08 -08. තිත්ථිය පරිවාසකථා § 01.මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උජුඤ්ඤා නම් නුවර සමීපයෙහිවූ කණ්ණත්ථල189 මිගදාය නම්වූ තැනක වාසය කළහ. එකල […]

DN 01-13   05.10.2026

§  1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් භික්ෂූන්ගෙන් යුත් මහා භික්ෂු සංඝ පිරිසක් සමග කොසොල් රට චාරිකාවේ යන අතර මනසාකට නම් කොසොල් රට වැසියන්ගේ බමුණු ගමට පැමිණියෝය. එහි භාග්‍යවතුන් වහන්සේ මනසාකට බමුණු ගමට සමීපවූ උතුරු පැත්තෙහි අචිරවතී ගංගා ඉව්රෙහිවූ අඹවනයෙහි වාසය කල සේක. [මනසාකටං ඒ ගමෙහි නම. උත්තරෙන මනසා කටස්ස මනසාකට ගමට නුදුරෙහි […]

DN 01-10 04.10.2026

සුභමානවක වත්ථු § 1. මා විසින් මෙසේ අසනලදී. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පා නොබෝකලක් වූ කල ආයුෂ්මත් ආනන්දතෙරුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඩු මහසිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරයි. එකල තොදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුත්‍රවූ සුභ මානවකයා යම් කටයුත්තක් සඳහා සැවැත් නුවරට පැමිණ සිය මිත්‍රයකුගේ නිවසේ ලැගුම් ගත්තේය. [ අචිර පරිනිබ්බුතෙ පිරිනිවනින් නොබෝ කලකින්. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි ප...

AN 05-10 30.09.2026

AN 05-10-01. පඨම පඤ්ච සම්පදා සූත්‍රයAN 05-10-02. දුතිය පඤ්ච සම්පදා සූත්‍රයAN 05-10-03. අඤ්ඤාව්‍යාකරණ සූත්‍රයAN 05-10-04. ඵාසු විහාර සූත්‍රයAN 05-10-05. අකුප්පටි විජ්ඣාන සූත්‍රයAN 05-10-06. සුත සන්නිචය සූත්‍රයAN 05-10-07. දසකථාලාභී සූත්‍රයAN 05-10-08. පත්තසේනාසනික සූත්‍රයAN 05-10-09. සීහොපම තථාගත සූත්‍රයAN 05-10-10. කකුධ කොලියපුත්ත සූත්‍රය AN 05-10-01. පඨම පඤ්ච සම්පදා සූත්‍රය “මහණෙනි, මේ සම්පත් පසක...

AN 05-09 25.09.2026

මිනිහෙක් ගෘහස්තව ජීවත් වේ. ඕහු රැකියාවක් කර මිල මුදල් උපයා ගෙන සුදුසු ගැහැනියක් විවාහ කරගෙන දරූ මුණුබුරන් ඇති කරගෙන “සැපවත් “, ප්‍රීතිමත්, ජීවිතයක් ගෙවයි. සමහර මිනිසුන් මේ සැපවත් ජීවිතයෙන්, අගුවේ ඉන්නා බල්ලගේත් ජීවිතවල කිසි වෙනසක් නැති බව දකියි, මිනිසත්ව ඉපදීමෙන් මීට වඩා කිසි යම් ප්‍රයෝජනයක් ඇත්දැයි සොයයි. එසේ සොයත්දී සිවුරක් හැඳගෙන පිණ්ඩපාත යේ වඩිනා මහණෙකු […]

AN 05-04 21.09.2026

මෙම සුත්‍ර වග්ගයේ ඇත්තේ දානය කෙතරම් වැදගත් ක්‍රියාවක් බවට සාක්ෂිය. බෞද්ධ ප්‍රතිපදාව සමථ හා විපස්සනා භාවනා මගින් සන්තානය නොහොත් චිත්තය ටියුන් කර ගැනීමය. භාවනාවලින් වෙන්නේ චිත්ත පාරිශුද්ධිය යි. එසේ කරගන්නට නම් චිත්තය අල්වාගෙන ඉන්නා ලෝබය නැති කර ගන්නට හැමෝම වේර දැරිය යුතුය මම සහ මගේ ලෙස අපි අල්ලා ගෙන ඉන්නා සියල්ල නයට ගත් දේ බව […]

AN 05-08 15.09.2026

මෙම සුත්‍ර ගොන්නේ සඳහන්වන්නේ නිර්වාන අවබෝධය පිණිස උගන්වා වදාළ මාර්ගයේ යන්නකුට ප්‍රයෝජනවත්ම වන භාවනා ක්‍රම ගැනය. බොහෝ බෞද්ධයන් මේ භාවනා නමින් දනිති. භාවනා ක්‍රමයක් භාවිතා කරන්නෙකු තම සන්තානය කෙබඳු එකක් දැයි යම් තරමකට දනී. 1. රාග චරිත 2. දෝස චරිත, 3. මෝහ චරිත, 4. සද්ධා චරිත, 5. බුද්ධි චරිත 6. විතක්ක චරිත. ලෙස සය ආකාරයකට […]

AN 05-07 11.09.2026

AN 05-07-01 පඤ්ච සඤ්ඤා සූත්‍රය AN 05-07-02 දුතිය පඤ්ච සඤ්ඤා සූත්‍රය AN 05-07-03. අරියවුද්‍ධි සූත්‍රයAN 05-07-04. දුතිය අරියවුද්‍ධි සූත්‍රයAN 05-07-05. අලංසාකච්ඡා සූත්‍රයAN 05-07-06. අලංසාජීව සූත්‍රයAN 05-07-07. උස්සොළ්හි පඤ්චම සූත්‍රයAN 05-07-08. දුතිය ඉද්ධිපාද/උස්සොළ්හි පඤ්චම සූත්‍රයAN 05-07-09. එකන්තනිබ්බිදා සූත්‍රයAN 05-07-10. ආසවක්ඛය සංවත්තන සූත්‍රය AN 05-07-01 පංච සංඥා සුත්‍රය පුජ්‍ය දන්කන්දේ...

AN 09-05 04.09.2026

AN-09-05-01. පඤ්චාලචණ්ඩ සූත්‍රයAN-09-05-02. කායසක්ඛි සූත්‍රයAN-09-05-03. පඤ්ඤාවිමුත්ත සූත්‍රයAN-09-05-04. උභතොවිමුක්ත සූත්‍රයAN-09-05-05. සන්දිඨිකධම්ම සූත්‍රයAN-09-05-06. සන්‍දිඨිකනිබ්බාණ සූත්‍රයAN-09-05-07. නිබ්බාණපුච්ඡා සූත්‍රයAN-09-05-08. පරිනිබ්බාණ සූත්‍රයAN-09-05-09. තදඞ්ගනිබ්බාණ සූත්‍රයAN-09-05-10. දිට්ඨ ධම්මනිබ්බාණ සූත්‍රය AN-09-05-01. පඤ්චාලචණ්ඩ සූත්‍රය මෙම සංයුක්තයට අඩංගු සුත්‍ර බොහොමයක්ම...

AN 09-03 20.08.2026

 සත්තාවාසා යනු සත්ත්වයන්ගේ ආවාසයෝයි. වසන තැන් යන අරුත්ය. එහි සුද්ධාවසයෝ ද සත්වාවාසයක්මය. සදාකාලික නොවන බැවින් නොගන්නා ලදහ. සත්වාවාසයෝ වනාහි බුදුවරුන්ගේ කඳවුරු තුන් සමාන වෙති. අසංඛ්‍ය කල්පයන්හි බුදුවරුන් නොපහළවන කල්හි ඒ ස්ථානය ශුන්‍ය වෙයි. මෙසේ සදාකාලයෙහිම නොපවත්නා බැවින් නොගන්නා ලදහ. AN 09-03-01. තිඨානසුත්ත /උත්තරකුරු ධම්ම සූත්‍රයAN 09-03-02. අස්සඛළුඞ්ක සුත්ත/ ඛළුඞ්කොපම සූත්‍රයAN 09-03-0...

SN 03-12 13.08.2026

සංයුක්තයේ අඩංගුවන්නේ වච්චගොත්ත නම් බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසු ප්‍රශ්න පෙළකට දෙසා වදාළ පිළිතුරුය. මේ පිළිතුරු සියල්ල සත්වයාගේ සසර දිවීමට හේතුව පංච ස්ඛන්ධය වටහා නොගැනීම නිසා ඒවා උපාදානස්ඛන්ධ කර ගැනීම යන අඥාන කම නිසා වෙන බව කෙටියෙන් දැක්විය හැක. මේ පහෙන් කුමන හෝ එකක් තමාම හොඳින් වටහා ගතහොත් ඔබ මාර්ගයට පැමිණියා වේ. මේ සංයුක්තයේ අග ඇති […]

SN 03-10 30.07.2026

ගන්ධබ්බ ගන්ධබ්බ භුමි තලය ගැන පුජ්‍ය සුජාතෝ ස්වාමින්වහන්සේ ලියා ඇති කෙටි රචනාවක් මේ ලින්කුවෙන් කියවිය හැක මේ කුමන භුමි තලයක උපන්නත් සත්වයා දුක්ඛය දුරු කලා නොවේ. යලි ඉපදීම නැවතුවා නොවේ. ඒ නිසා දෙවි , බ්‍රහ්ම, සුර, අසුර, නාග, සුසපන්, ගන්ධම්බ්බ ආදී නොයෙක් භවයන් පතා ඒ පිණිස කාලය වනසනවා වෙනුවටමේ ලද මිනිස් භවයේ ඉතිරිව ඇති කෙටි […]

SN 02-09 08.07.2026

ඕපම්ම‘ යනු විවිධ ධර්ම කරුණු පැහැදිලි කිරීමට යොදා ගන්නා උපමා (උදාහරණ) සම්බන්ධයෙන් යෙදෙන වචනයකි. ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයට අයත් එක් දේශනා මාලාවක් ඕපම්ම වග්ගය ලෙස හැඳින්වේ. මීට අමතරව සංයුත්ත නිකායේ නිදාන වග්ගයේ ඕපම්ම සංයුත්තය නමින් ඇති කොටස මෙහි අඩංගු වේ. SN 02- 09-01. කූට සූත්‍රයSN 02- 09-02. නඛ සිඛ සූත්‍රයSN 02- 09-03. කුල සූත්‍රයSN […]

SN 02-08 27.06.2026

අපවත්වී වදාළ අතිපුජනීය හොරන වජිරඥාන මහා ස්වාමින්වහන්සේ ලක්ඛණ සංයුක්තයේ – යමෙක් මේ “ආයස්මාච ලක්ඛණො” යනුවෙන් ලක්ඛණ තෙරුන් සඳහා කියන ලදී. උන්වහන්සේ දහසක් ජටිලයන් අතුරින් “ඒහි භික්‍ෂු” මහණ උපසම්පදාව ලබා, ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවසානයේ රහත් බවට පත්වූ එක් මහා ශ්‍රාවකයෙකි. ලක්‍ෂණ සියල්ලෙන්ම, සරවාකාරයෙන්ම බ්‍රහ්මයකු බඳු පිරිපුන් ආත්මභාවයක් ලබන ලද බැවින් ‘ලක්ඛණ’ යන නාමය ගිහි ගෙයිදී ලැබු...

SN 04-01-05 17.06.2026

SN 04-01-05-01 අනිච්ච ධම්ම සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහණෙනි, සියල්ල අනිත්‍ය වෙයි. මහණෙනි, කවර […]

SN 02-07 16.06.2026

සිද්ධාර්ථ ගෞතම කුමරුටද සහ යසෝධරා දේවියටද දාව උපන් එකම දරුවා රාහුල කුමාරයාය. බෞද්ධ ඉතිහාසයට අනුව, සිදුහත් කුමරු තපස් ජීවිතයක් ගත කිරීමට සහ ජීවිතයේ සැබෑ අරුත සහ සංසාර චක්‍රය සෙවීමට තීරණය කර අභිනිෂ්ක්රම්නය කරන විට රාහුල දිනක් දෙකක් වයස බිලිදෙකි රාහුලගේ ගමනපසුව, රාහුල බෞද්ධ භික්ෂුවක් බවට පත් වී බුද්ධත්වයට පත් විය. පුරාවෘත්තයට අනුව, ඔහු බුද්ධත්වයට පත් […]

SN 02-06-03 12.06.2026

සසර බිය දකින නැණවතා පස් කම් සැපයට වහල්ව් ජීවිතය ගිහිව ඉන්නවා වෙනුවට සසරින් මිදෙන මගක් සොයා පැවිද්ද තෝරා ගනී. මේ උත්සාහය නොකඩවා කරගෙන යාමට දැඩි වීරයයක් අවශ්‍ය වේ. පැවිද්දා තුල තිබිය යුතු උත්සාහය ගැනත් ප්‍රඥාව ගැනත් බොහෝ තැන්වල සඳහන් වේ. පැවිදිවූ පසු ලැබෙන කීර්ති ප්‍රසංශා නිසා ගමන නොගොස් වල්මත් වන පැවිද්දෝ එදාත් උන්හ. අදත් සිටී. […]

SN 05-01-15 11.06.2026

ඒසනා වර්ගයඒසනා වර්ගයෙහි – කාමෙසනා = කාමයන් සෙවීම, සොයා බැලීම, පරීක්ෂාව, ප්‍රාර්ථනා කිරිම. භවෙසනා = භවයන් සෙවීම. බ්‍රහ්මචරියෙසනා = මිථ්‍යාදෘෂ්ටි සංඛ්‍යාත බ්‍රහ්මචර්යාව සෙවීම. (විවේක නිශ්‍රිත ආදී වශයෙන් අභිඤ්ඤා, පරිඤ්ඤා, පරික්ඛය, පහාන වශයෙන් ද, එක් එක් සූත්‍රයක් දහසය අයුරින් දහසය අයුරින් කොට එක්සිය සැට සූත්‍ර දේශනාවන් විස්තර කළ යුත්තේය.) SN 05-01-15-01. ඒසනා සූත්‍රSN 05-01-15-02. විධා සූත්‍රSN...

Höre den Podcast SINHALA TIPITAKA in Replaio

Radio und Podcasts in einer App - kostenlos und ohne Anmeldung. Installiere sie noch heute und verpasse den Start nicht

Bei Google Play herunterladen

Replaio ist kein Herausgeber von Podcasts; die Namen der Sendungen, Cover und Audioinhalte gehören ihren Autoren und werden über öffentliche RSS-Feeds verbreitet